අපේ ආණ්ඩුව-හාමුදුරුවන්ගේ ආණ්ඩුව- පොලීසියේ ආණ්ඩුව සහ හමුදාවේ ආණ්ඩුව.

 Image

බත්තරමුල්ලේ පාලං තුන හන්දියේ කලක් තිස්සේ තිබූ බුද්ධ ප්‍රතිමාව කඩා ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පසුගියදා පියවර ගත්තේය.එම මංසන්ධියෙන් පැලවත්ත ප්‍රවිශ්ඨ මාර්ගය ඇති අවහිරතා නිසා , මාර්ගය පුලුල් කිරීමේ අදිටනින්  බෝ ගස ආසන්නයේ තිබූ ප්‍රතිමාව ඉවත් කිරීමට පියවර ගැනීම යහපත් අදහසකි. නගර සංවර්ධනය අවශ්‍යම කාලයක එහි ඇති වැරැද්දක් නැතැයි සිතිය හැක. අබලන් හා අධික මාර්ග තදබදයකට ලක්වන මෙවන් මාර්ග අලුත්වැඩියාව සහ විධිමත් කිරීම අගය කොට යුතුය. අනෙක දිනකට වාහන තදබදය නිසා අහිමිවන තෙල්-කාර්මික වියදම් හැරුණ කොට නිස්කාරනේ අපතේ යන මිනිස් පැය ප්‍රමාණයද කල්පනාවට ගතහොත් මේ කාරණය කොතරම් වැදගත්ද යන්න  පෙනී යයි.

ඒ අපේ ආණ්ඩුවේ (අපේ කියා  කීවේ අපිම වියදං කරගෙන, අපිම නිදිමරාගෙන, පච කතා අහගෙන, උදෙන්ම ගිහින් චන්දය දී පත්කරගත්, අපි වෙනුවෙන් පාර්ලිමේන්තුවේ- පලාත් සභාවේ- නගර- ප්‍රාදේශීය සභාවල දුක් විදින මන්ත්‍රී- මැති-ඇමැති රොත්ත බුරුත්තටය.) නරක දාහක් අතර හොද අතලොස්සෙන් එකකි. ඒ වුනත් හාමුදුරුවන්ගේ ආණ්ඩුවට (හාමුදුරුවන්ගෙ ආණ්ඩුව කියා කීවේ අපේ ආණ්ඩුව පිහිටුවාගන්නට උදේ හවා පන්සල් දේවාල – පිට්ටනි- මලගෙවල් වල සිට රේඩියෝ -රූපවාහිනි- ලවුඩ්ස්පීකර අත නොහැර ධර්ම රාජ්‍ය පවා පන්සලේ බල්ලාට දමා රජෙක්ම ඕනෑ කී අපේ කට්ටියටය.) මෙය ගැලපුනේ නැත. තවත් හාමුදුරුවරුන් කිහිපදෙනෙකුම සමග බෞද්ධ පපු කැනති උනු වූ පිරිසක් අවි අමෝරාගෙන ආවේ මේ මහා සම්බුද්ධ සාසනයේ උන්නතියට “අපේ ආණ්ඩුවෙන්” හා බොදු විරොධී බලවේග වලින් සිදුවන කුමන්ත්‍රණ වලකා ගන්නටය.

වැඩේ හොදය.. “අපේ ආණ්ඩුවේ” වැඩේ වගේම ” හාමුදුරු ආණ්ඩුවේ ” ද වැඩේ ගානට ගැලපුනේය. දැන් ඉතින් මළත් මෙතැනින් පිළිමෙ සිටුවා මිස නොයමි කියා “බොදු සටන් පාඨ ” අතරේ එහෙන් මෙහෙන් බුදුන් වෙනුවෙන් සාසනේ –  සම්බුද්ධ සාසනේ වෙනුවෙන් ” මරාගෙන මැරෙන ” ස්ටයිල් එකේ කිහිපදෙනෙක්ද සිවුරු ඇතුවත් නැතුවත් ඉදිනු පෙනින.  අන්තිමේ කලබලය නිසා සංවර්ධන වැඩේ ඇනහිටි අතර වාහන තදබදයක්ද ඇතිවිය. ඒ අතරේ පොලීසියෙන් කැදවා තිබු නිලධාරීන් අපේ ආන්ඩුවත් – හාමුදුරු ආණ්ඩුවත් සමාදාන කරවීමට උත්සාහ ගත් නමුදු අපේ ආණ්ඩුවට වඩා ඒ කට්ටිය බලවත් වූයෙන් පොලීසියේ ලොකු මහත්තයෙකු ගෙන්වීමට සිදුවිය. ලොකු මහතා අයිති පොලීසියේ ආණ්ඩුවද (මේ තාක් කල් ගමේ ගොඩේ බෝක්කු- බන්ට්, කසිප්පු පොලවල් ගෑනු මිනුස්සුන්ගේ සිල්ලර කරදර හදවතෙන්ම ගෙන මෙතෙක් කල් ලංකාවේ සියයට 80ක් විතර ජනී ජනයා මත ආණ්ඩුවකටත් වඩා ඉහලින් තගරිය දා සිටි කට්ටිය.) දන්නා “තගරි” සිවුරටත් සාසනේටත් දැමිය නොහැකි බැවින්  බෞද්ධ හූ දෙක තුනක් වැඩිවෙන්න කලින් අපට දැන් කෝකටත් තෛලෙට ඉන්නා ” හමුදා ආණ්ඩුව” ( අවාසනාවට ප්‍රභාකරන් මැරිච්ච දා සිට ඉරිදා පොලේ බඩු විකිණිල්ලේ සිට ආච්චිලා සීයලා පාර පැන්නවීම දක්වාත් අපේ ආණ්ඩුව බේරාගැනීම සදහා ඕනෑම දංගෙඩියකට බෙල්ල තියන..) ගෙන්වූයේය. ඒ අස්සේ කඩුවෙල නගරාධිපති තුමාද අපේ ආණ්ඩුව නියෝජනය කරමින් ආවත් උත්තර දෙන්නට තියා ප්‍රශ්නයක් අහන්නටත් ඉඩක් නොදෙමින් හාමුදුරු ආණ්ඩුවෙන් තගක් වැටුණු අතර හෙමින් සීරුවේ මාරු වී යනවා විනා කල හැකි කෙංගෙඩියක් තිබුනේ නැත. දැන් මේ වෙලාවේ හාමුදුරු ආණ්ඩුව බලවත් බව කා කා හටත් තේරුම් යමින් තිබූ නිසා, හොරු අල්ලන්ඩත් හොරුන්ට නඩු දමන්නටත් ට්‍රැෆික් බලන්නටත් ඉන්නා පොලිස් ආණ්ඩුවට බස්නාහිර පලාතේ ඉහලම නිලධාරියෙකුගෙන් ලියුමක් ඉල්ලාගෙන පාර හැදූ පසු අනිවාර්යයෙන්ම තුන් මාසයක් ඇතුලත පිළිමේ යලි සිටවා දෙමී කියා හාමුදුරු ආණ්ඩුවට පොරොන්දුවක් දෙන්නට සිදුවීමෙන් වැඩේ සාදු කාරයක් සමග නිමාවිය. දන්වේල වැරදුනු හාමුදුරුවෝද, බත්වේල වැරදුණු දායකයෝද එදාවේල නැති වූ ලොරි බස් ත්‍රී වීල් කාරයෝද නිව්ස් අ‍යිටම් එකක් ලාවට වැදුනූ චැනල්කාරයෝද තම තමතමන්ගේ කුණුහරුප නොකියා සාධුකාරයක් දී නික්ම ගියේ ඒ වෙලාවේම සම්මාදන් කර ගෙනා බුදු පිළිමයක්ද පිහිටුවා මල් තබා පහන්ද පත්තුකරමිනි.  (සමහර එව්වෝ සියල්ල සතුටින් නිමාකරනු  පිණිස ලගම ඇති ලැවිනියා බාර් එකට රිංගා ගත්තේ හෙට අනින්ද්දාට පිළිමෙ නිසා ඕකත් වහපන් කිව්වොත් කියා වැනි හදිසියකිනි. .ලි. නගරාධිපතිතුමාද ෂේප් න්‍යාය දා හිමීට මාරු උනෙත් ඔය හින්දාදැයි නොසිතන්න.)

දැන් එතකොට තුන් මාසෙන් හාමුදුරු ආණ්ඩුව වෙනුවෙන් පිළිමෙ  හදාදෙන්නේ අපේ ආණ්ඩුවද (නගරාධිපතිතුමා ඇතුලු.) ..පොලිස් ආණ්ඩුවද..(ලියුං දුන්) නැත්නං මේ දවස්වල කානු කැපිල්ලේ සිට පිඩැළි  ඇල්ලිල්ල දක්වා සකල කාරනා බාරගෙන ඇති හමුදා ආණ්ඩුවද.. කියා දන්නා කිසිම කෙනෙක් නැත.

එහෙම තියෙද්දී අද ඒ පැත්තේ ගිය අයට ඊයෙ තියපු පිලිමේවත්, ටකරන් මඩුවවත් ,සාධුකාර දුන් එව්වොවත්, පොරොන්දු ගත් එව්වොවත්, දුන් එව්වෝවත් දකින්නට නැත. අවිගත් හමුදා පිරිස් ආරක්ෂාව ඇතිව එක දිගටම වැඩය. එවිට මට හිතුනේ මොන ආණ්ඩුව උනත් හමුදා ආණ්ඩුව නං ටිකක් සැර පාට බවය.

ඒක එහෙම වෙද්දී බණ්ඩාරගම පැත්තේද හාමුදුරු ආණ්ඩුවක් ලමයි හම්බවෙන එක අඩුකරගන්න හදන අම්මලා පිරිසකට සැත්කම් කරන අපේ ආණ්ඩුවට එරෙහිව මොනවාදෝ අමෝරාගෙන තියෙන විත්තියක් පුවත්පත් වල පලකර තිබුණි. එහෙම අමෝරාගෙන තිබුනේ “සිංහල ජාතිය” නැමැති අවියකි. ලමයි එකෙක් දෙන්නෙක් හදන එකත් අමාරු කාලේ, එවුන්ගේ ඉස්කෝල, කෑමබීම, ඇදුං පැලැදුං තියා ඉස්පිරිතාල වියදං පවා අමාරු වී තියෙන කාලෙක සිංහල ජාතිය නගන්නට කියා දුසිමක් විතර ලමයි හදන්න කියා සටන් පාඨ කියන්නේ හාමුදුරු ආණ්ඩුවමය.  

මේ ගොල්ලෝ එක්කො අපේ ආණ්ඩුව ළමයි හැදිල්ලයි..පෝෂණ ක්‍රියාවලියයි ගැන කියන හැටි දන්නේ නැත. එහෙම නැත්නං එගොල්ලෝ ළමයි වදන එක කෙසේ වෙතත් හදන එක ගැන දන්නේ නැත. එහෙමමත් නැත්නං අපේ ආණ්ඩුවට වඩා එගොල්ලන්ගේ  බලවත්කමය.

මේ කතාවේ නම් පාලං තුන හන්දියේ පිලිමෙ මෙන් තුන් මාසෙන් හරි ඒ වගේ තුන් ගුනයකින් හරි කල්ගෙන ළමයි හදා දෙන බවක් පොරොන්දුවීමට පොලිස් ආණ්ඩුව කළබල වී නැත. එගොල්ලොත් ලමයි හදාගන්ඩ බැරි අංගෝපාංග ඇති අය මෙන් වැඩේ කම්මුතු වන්නට ආරක්ෂාව දී  විසිර ගොස් තිබේ. අපේ ආණ්ඩුවෙන් සූදානං කල වැඩ සටහන දොස්තර මහතාට තනියෙන් කල නොහැකි නිසාත්, මේ ආණ්ඩු දෙකතුනෙන් මොක  ආණ්ඩු කරතැයි නිච්චියක් නැති නිසාත්, එතැනින්ම බංකොලොත් වන්නට ඇතැයි සිතිය හැකිය.

ඒ වුනත්…

හෙට අනිද්දාට ෆුල් ගාඩ් පිට “වඳ ” කරන වැඩේ පටන්ගතහොත් ඒ ගැනත් මොකක් හරි සිතා ගන්නට පුලුවන.

Posted in Uncategorized | Leave a comment

බලාපොරොත්තු

Image

ජීවිතයේ ඇතිකරගන්නා බලාපොරොත්තු එආකාරයෙන්ම ඉටුවන්නේ නැත. සමහර විටෙක එකී බලාපොරොත්තු බිදී සුනු විසුනු වී යන අතර විටෙක උවමනාවටත් වඩා සාර්ථක ඵල ලැබී ජයග්‍රාහී ස්වරයෙන් නිමා වෙයි…

අපට පාලනය කල නොහැකි සමාජ ධර්මතා නිසා මෙකී බලාපොරොත්තු වල හැකි-බැරි කම් තීරනය වෙතැයි බොහොදෙනෙකුගෙ මතයක්ව පවතී.

නමුත් “බලාපොරොත්තු” ජීවිතයේ නිසඟ අරමුණු කරා ගෙන යන යදමක පුරුක් මෙන් වෙලී පවතී. කෙනෙකු බලාපොරොත්තු අතහරින්නේ නම් එය පරාජිත බවේ සලකුණක් මෙන්ම ජීවිතය හරි හැටි තේරුම් නොගත් අසාර්ථක බවේ ආරම්භයයි.  බිදෙන – බිදෙන හැම බලාපොරොත්තුවකටම උඩින් තවත් බලාපොරොත්තුවක් තබන්නා තම දම්වැලේ පුරුක් හැලෙන්නට නොදී ජීවිතයේ තම අරමුන කරාම යයි.

ජීවිතය සාර්ථක කරගත් , තම ඉලක්කයන් කරා ගිය බොහෝ දෙනෙකුගේ ජීවිත කතාවල ඇතුලාන්තයේ ඇත්තේ ඒ තිර අධිෂ්ඨානයයි, අත් නොහරින උත්සාහයයි…

ඒ බැව් පිළිඹිබු කරන කුඩා වීඩියෝ පටයක් අහම්බෙන් නෙත  ගැටුනේ එවන්ම අධිෂ්ඨානශීලී කුඩා මිනිසෙකුගෙ දැවැන්ත චරිතයක් පනපෙවූ Mao`s Last Dancer චිත්‍රපටය පිළිබද තොරතුරු සොයා යන විටෙකය Mao`s Last Dancer චිත්‍රපටය එහිම මුලින් නිකුත්වූ Mao`s Last Dancer පොත වෙනුවෙන් කුමන ආකාරයක සාධාරණයක් ඉටුකර ඇත්ද යන කුතුහලයෙන් සොයද්දී Mega Talent show වර්ගයේ කොරියානු කොපියක් වූ මෙම රූපවාහිනි තරඟයේ, මේ ජීවිතයේ අන්තිම අඩියට වැටුනු එහෙත් නොසැලී ජීවිතයේ ස්වකීය අරමුණ් වෙනුවෙන් ” බලාපොරොත්තු” තබාගත් තවමත් අත්නොහරින මේ සොදුරු තරුණයා හමු විය.

වීඩියෝව බලන්න.

Image

Posted in Uncategorized | Leave a comment

සපත්තු…

සපත්තු…

Image

මගේ පාසල් හැඳි, සපත්තු විවිධාකාරයේ ඒවා වීම මට සතුටක් ගෙන නොදුන්නද ( ඒවා එක්කො කකුලට වඩා කුඩා වූ අතර සමහර විටෙක ලොකු සපත්තුව ගැලවී ඒම නවත්තන්නට සපත්තුවේ ඉදිරිපසට පත්තර ගුලිකොට ඔබන්නට සිදුවිය.) මගේ සමකාලීන මිත්‍රයනට ඒවා අරුමයන් විය. සමහර සපත්තු විවිධ වර්ණයන්ගෙන්ද හැඩවලින්ද අරුමෝසම් හැඩවලින්ද අනූන වීම තනි කලු සපත්තු පැලැද පාසල් ආ මගේ මිතුරන් අතරේ තරමක “ගතියක්” තිබුනද සමහර ගුරුවරුන්ගේ නොරිස්සුම් නිසා ප්‍රසිද්ධියේ අගය කරන්නට ඔවුන් එඩිතර වූයේ නැත. මේ සපත්තු වෙනස් ආකාරයක ඒවා වීමට හේතුව මා සපත්තු ගැන විශාරදයෙකු හෝ අලුත් මෝස්තර සොයන්නෙකු වීම නොව, මගේ වැඩිහිටි ඥාතී සහෝදරයන් පාවිච්චි කර පසෙකලූ ඒවා වීමයි. ඒවා සොයන්නට මගේ අම්මා කකුල් කෙඩෙත්තුව හැදෙනතුරු ඇවිදි හැටි හා ඒවා ඉල්ලාගන්නට බයාදු ගති පෙන්වූ හැටි මට තාම මතකය. ඒ මතකයන් තාමත් මගේ මතක චිත්‍ර පොතේ නොසැලී පවතී.
කෙසේ වුවත් අවසානයේ මගේ ලා කොළ පැහැති ඉරීගිය තැන් මසා විකෘති වී පෙනුන සපත්තු කුට්ටම ශිෂ්‍ය නායකයෙකුට  පින්සිදු වන්නට විදුහල්පතිවරයා දක්වා ඇදී ගියේය. එහි අවසන පන්තිය භාර ගුරුවරයා හමුවේ උත්තර බදින්නට සිදුවූයේ මගෙ අහින්සක අම්මාටමය. ජීවිතයේ නොයේකුත් දුක් කම්කටොලු ඇතත් ඒවා නිරතුරු විදගෙන තම ජීවිත වල නිරන්තර පීඩා වලට සැලුනේ නැති ඇය අවසානයේ පන්තිභාර ගුරුවරයා හමුවේ සිය මැසිවිල්ල කියද්දී මට මගේ ලෝකය කඩා වැටෙනු ඇස් පනා පිටම පෙනින. හෙට සිට මට මගේ පාසල් ගමන නතර කරන්නටත් ගේ ඉදිරිපිටින් පාසල් යනෙන මගේ පාසල් මිතුරන්ගෙන් වහන් වන සැටිත් මගේ මනසේ චිත්‍රපටයක් මෙන් ඇදෙන්නේය. මගේ ජීවිතේ පාසල් ගමන නැමැති දුක්ඛ පරිශ්‍රමයෙන් මිදෙන්නට දැන් පුලුවන. දෙල්කද ප්‍රාථමික පාසලේ හොදම ශිෂ්‍යයන් අතර කිසිදා සපත්තු පැළැද නොසිටි   මට අගනුවර මේ පාසලේ සපත්තුවල පාට ප්‍රශ්නයක් වීමම  සිත රිදුම් දෙයි. ඊටත් වඩා පාසල් ඇරී ගෙදර යන අපට පිගාන පිරෙන්නට “මොකක්” හෝ හදාතියන්නට වෙන අම්මාගේ කාලය දැන් මෙහි ගෙවී ගොස් තිබේ. ඉස්කෝලෙටත්, සපත්තු ලැජ්ජාවටත් වඩා මගේ බඩේ ගින්දර ගැන අම්මාගේ පපුව ගිනි ගෙන ඇතැයි මම හොදාකාරවම දනිමි. අන්තිමේ අම්මා පන්තිකාමරයෙන් එලියට ආවේ සාරි කොනකින් කදුලු පිසදාගනිමිනි. ඇයට දෙන්නට උත්තරයක් හෝ මට සපත්තුව වෙනස් කල හැකි ක්‍රමයක් අප දෙදෙනාටම නැති බව හොදාකාර දනිමි. එහෙත් දැන් ජීවිතයේ මැදි වයස පසුකල  මටත් වඩා -එකල තරුණ -අම්මාට තිබුනේ මහා ආත්ම ශක්තියකි.
“මේ වාරේ ඕකම දාලා..ලබන පාර අලුත් දෙකක් අරන් දෙනවා කියලා මo පොරොන්දු වුනා..”
“ලබන පාර ගන්නේ කොහෙන්ද..”
“මමනෙ ඒක බලාගන්නේ..දැන් ඉස්කෝලේ දන්න නිසා ඔහොම යo”
ඉස්කෝලේ සියල්ලන්ම දැනගැනීම මගේ සිත තවත් අවුල් කරයි. එහෙත් මින් පිට මට අම්මා සමග වාදයක් නැත.මගේ සිත රිදී ඇතැත් අම්මාගේ සිත රිදවීමට  බැරි නිසා මට ඉස්කෝලේ යන්නම වෙයි.
පසුදා වුවද මට ඉස්කෝලය පැත්ත පලාතේ යන්නට සිත නොදෙයි. මගෙ මුලු ලෝකයම කොහෙන් හෝ ඉරී,ගැලැවී, සෝදාපාලුවට ගොස් ඇත්තේය.
“මගෙ ඔලුව කැක්කුමයි..”
“ආ… එක පාරටම..” අම්මාට මගේ සිත ගැන සැකයක් නැත. ඔලුව කැක්කුමට වඩා සපත්තු කැක්කුම ලොකු බව ඈ දනී..
එහෙන0 ඔන්න ඔහේ මේ සුමානෙ ගෙදර ඉන්න.. ම0 කොහොමහරි සපත්තු දෙකක් අරන්දෙන්න0..එතකොට ඔය ප්‍රශ්නේ හරියයිනේ…
ගෙදර ඉන්නා දවස් ගෙවෙන්නෙ පුදුම අපහසුතාවෙනි. ඉස්කෝලේ මා ගැන මොනවා කතා වෙනවා ඇත්ද..සපත්තු ගැන..සපත්තු ගන්නට සල්ලි නැත්තේ ඇයි.. තාත්තා කෙනෙක් නැද්ද..උදව් කරන්නට  කෙනෙක් නැද්ද..  ආයේ ඉස්කෝළේ  එන එකක් නැද්ද…වෙන ඉස්කෝලෙකට යයිද..
අනේක විධ ප්‍රශ්නත් කුතුහලයත් ලැජ්ජාවත් මගේ එදිනෙදා පුරුදු පවා අමතක කර ඇත්තේය. ජම්බු ගහේ රතු පාටින් ගෙඩි පිරී ඇතත්, යාපනේ බට් අඹගහේ “ඇහැගහගෙන ” සිටි හොදම ගෙඩි වවුලන් කා යතත් මට වෙනදා මෙන් ඒවා රස -ප්‍රිය නැත්තේය.
ඉස්කෝලේ නොගිහින් ගෙවී ඇත්තේ තවමත් දෙදිනකි. අම්මාගේ සපත්තු ගැනිල්ලේ සේයාවකුද නැත්තේය. මමද දැන් දැන් ඉරිදාපොලේ රස්තියාදුවටත් බෝල ගහන්නටත් පුරුදුවෙමින් සිටිමි…
“අන්න තමුසෙව හොයන්න ඉස්කෝලෙන් ඇවිත්….” හදිසියේම අසල්වැසියෙකුගෙන් පණිවිඩයකි.
ඉක්මනින් ගෙදර දුවන විට ගෙයි ඉස්තෝප්පුවේ කැඩුනු පුටුවේ වාඩිවී සිටින්නේ ශ්‍රේණී භාර ගුරුවරයාය. ඔහු අප දන්නා දරුණුම එහෙත් හිත හොද, ඉගෙනුමට – ඉගැන්වීමට ආදරය කල ගුරුවරයාය. නුගේගොඩ හන්දියේ  රස්තියාදු ගහන කොල්ලන් ලගටම ගොස් කන් අඩි වලට ගසාකොල්ලන් ඉස්සර කරගෙන එන මේ ගුරුවරයා පිළිබද රසවත් කතා මගේ සමකාලීනයන් ඉතා ආදරයෙන් දැනුදු මතක් කරයි.
“ආ…උඹත් දැන් රස්තියාදු ගහන්න පුරුදුවුනා නේද… යකො බලපන් මේ ගෙදරක හැටි..ඉගෙන්ගන්ඩ බැරිනන් අඩුම ගානේ ගේ- ම්දුලවත් අස්කරගෙන..තොපිට කන්ඩ අදින්ඩ දෙන මේ මනුස්සයාට උදව්වක්වත් කරපන්කො..” ඔහුගේ ස්වර තියුණුය එය මාගේ පපුව විනිවිද යයි. අම්මා කවදත් මෙන් මගේ පැත්තමය.
“නෑ ..සර්..මෙයා මට උදව් කරනවා..මමයි කිව්වෙ ගිහින් ටිකක් සෙල්ලන් කරන්න…” අම්මා කීවේ බොරුවක් නොවේ.. දවල් කෑම වේල පිළිබද විස්වාසයක් නැතිකම අම්මාගෙන් රස්තියාදුවට මට රුකුලක් විය. “ආ හරි..ඒ මොක වුනත් උඹ හෙට ඉදලා ඉස්කෝලේ එන්ඩ ඕනේ…ප්‍රශ්නේ සපත්තු දෙකනේ…එකත් ම0 හරිගස්සලා තියෙන්නේ.. උඹ අදම අම්මත් එක්ක ගිහින් සපත්තු දෙකක් ගනින්…හෙට උදේම ඉස්කෝලේ…නාවොත්..මම එකත් බලාගන්නන්…” ඔහු   තර්ජනාත්මකව මදෙස බලන ගමන්ම අම්මා වෙත ලියුම් කවරයක් දික් කලේය. ..
 වතුර වීදුරුවක් පමණක් හිස්කල ඔහු ගෙදරින් යන තුරු මට ඉස්පාසුවක් නැත. අන්තිමේ ඔහු නික්ම ගියෙන් මම දඩි බිඩියේ ලියුම් කවරය ඉරා බැලුවෙමි… කිසිදු සටහනක් නැතුවම එහි රුපියල් දෙසීයකි. එකල සපත්තු ජෝඩුවක් ඕනෑනම් රුපියල් 120-150 පමන විය.
එදා නුගේගොඩ ගොස් අම්මාත් මමත් ආවේ ලොතරැයියක් ඇදුනා ලෙසිනි. මට අලුත් “කලු සපත්තු කුට්ටමක්” එළවලු කිහිපයක් මාලු 250ක් අපේ බඩුමලු අතර විය.එපමනක්ම නොවේ තැපැල් කන්තෝරුව පාමුල බීම කඩෙන් මට සරුවත් එකකි. එදාත් අම්මාගේ බඩ හොදටම පිරී තිබෙන  බැවින් ඈ මගෙ සරුවත් වීදුරුවෙන් උගුරක් බීවාය. මේ අම්මාගේ “බඩ පිරිල්ල” හොද කෑමක්- බීමක් “අපට” ලැබෙන හැම විටම තිබුනාය. ඒ බඩ පිරිල්ල මගේ දරුවන් රස කර කනබොන හැමවිටම මට මතක් වෙයි. දැන් සමහර වෙලාවට මටත් මේ බඩ පිරිල්ලේ රෝගය ඇතිවෙයි. එත් මගේ දරුවන් ඒ ගැන මොනවා හිතනවා ඇද්ද…
පසුදා ඉස්කෝලේ ගමන මට මහා රාජකාරියකි. කලිසමත්, කමිසයත් හේදී දුර්වර්ණ වුව මගේ සපත්තු දෙක අලුත්ය. කිහිප විටක්ම සපත්තු දෙකත් ..ලේස් ගැටේත් ලිහ ලිහා ගැටගැහුවද මට වෙන කිසිවෙකුගේ අවධානය යොමු නොවෙයි. කාටවත් මගේ අලුත් සපත්තු දෙක ගැන උනන්දුවක් නැත. අඩුම තරමේ සපත්තු  ගැනීමට මුදල් දුන් ගුරුවරයාද මා දුටුවත් කතා කලේවත් නැත. අතපසු වූ පාඩම් විවෙක කාලයේ ලියාගනු මිස සෙල්ලමට යනු නැතැයි තර්ජනා0ගුලියක් දැමුවා පමණි. සියල්ලන්ටම මා පාසල් නොආ කාරණය ලෙස උණ සෑදී සිටීම ජීරණය විය. වෙනදාට දවසක් හෝ නොආවොත් පිටු ගනන් පිටපත් කිරීමේ දඩුවමද නැත. සියල්ල සාමාන්‍ය ලෙස ගෙවී ගොස් තිබේ.
සපත්තු දෙක ගැන ඔහුට තුති පුදන ලෙස අම්මා කිහිපවරක්ම කියා සිටියත් ඒ හැම විටම ඔහු මා මගහැරියෙය. එදා සිට පාසලෙන් අස්වනතුරු කිසිදිනෙක මට සපත්තු ප්‍රශ්නයක් ආවේ නැත. අවුරුදු පතා නැතත් මගේ සපත්තු ගෙවී කැඩී තිබෙන හැම විටම අම්මාට ලියුම් කවරයක බහා ආ ඔහුගෙ “දයාභරිත මනුස්සකම” ලැබී තිබුනේය.
මගේ ජීවිතයේ මා තවමත් ඔහුට නයගැතිය. ඒ කෙසේවෙතත් ඒ නය ගෙවීමට තබා ඒ උදාර මනුශ්‍යා බැලීමටවත් යාමට මට මගේ  ජීවිතය  තවමත් ඉඩ දුන්නේ නැත. ඒ කරුමක්කාර හැගීම ජීවිතයේ අවසාන මොහොත දක්වා මා සමගම සැරි සරනු ඇත.
Posted in Uncategorized | Leave a comment

දෙනෝ දාහක් අතර තනිවී ..ඔබම සොයමි මම

කාලෙකින් නොදැක්කාවෙන්..

කොහොමදැයි නොදනිම්…

එත් නුඹ නම් -

මo ගැනම හිත හිතා ඉන්න බව නම් දනිමි…

 

දනිස් කෙඩෙත්තුයි නෙවෙද –   දුක් සැප සොයා ඇවිද..

ආදරේ ගෙනත් දුන් – නෙත් අඳුරුද තවම….

 

බෙදාදුන් ආදරේ ..නොතියාම කාටත් පිට අයට..

බිඳක්වත් ආයෙමත් ලැබෙනවාද…

 

 පුතෙක් නම් – රජෙක් විය

ඔටුනු පලදා තැනක

පෙරහරින් ගෙනියන්ට දුන් – දුවණියන් නො එයි

අස්සයා පිට නැතුව…

 

ඒ කොයි – කොහොම උනත් – මට එන්න බැරි උන දුකට

මුකුත් නොකියා හිත මගේ පිරිමදින….

මේ මුකුත් නොදන්නා – මගේ මල් පැටවුන්ට

o හැදුන හැටි  කියලා දෙන්න..

අම්මේ ඉතින් එන්නේ කවදාද….

By 47

Image

Posted in Uncategorized | Leave a comment

ඉහඳ පණුවා සහ කාක්කා…

ලංකාවේ රාජ්‍ය ආයතන බොහොමයක්ම නව තාක්ෂණය හා දැනුම යොදාගනිමින් ජනතාව වෙත තම සේවා සැපයීම හා ලැබී ඇති යටිතල පහසුකම්වල පිහිටෙන් සතු‍ටුදායක සේවයක් ඇරබී ඇති බව බොහෝදෙනෙකුගෙ මෙන්ම මගේද අදහසයි. ඒ සදහා ඒ ඒ ආයතනවලට පත්වන නවලෝකයේ දැනුම ලත්, අලුතෙන් සිතිය හැකි ඒ සදහා යල්පැනගිය සම්ප්‍රදායන්ගෙන් ඉවත්වියහැකි හෝ වෙනස්විය හැකි රාජ්‍ය සේවකයන්ගේ අවශ්‍යතාවද ඇත්තේය. එසේම එකී ආයතනයට පරිභාහිරව සහභාගී වන සේවා පාර්ශවයන්වල තත්වය හා ගුණය කළමනාකරණය කල යුත්තේද වෙයි. උදාහරණයක් ලෙස කොළඹ පුස්තකාල සේවා මණ්ඩලය යම් ප්‍රමාණයක යටිතල පහසුකම් මැද ඉතා ගුනාත්මක හා ආචාරශීලී සේවාවක යෙදෙන අතර ජාතික ලේඛනාගාරය පත්ව ඇත්තේ ඉතා අවාසනාවන්ත ගතානුගතික සම්ප්‍රදායුනුකූල (“ආණ්ඩුවේ ජොබ් එක”) තත්වයටය. පර්යේෂණයක් හෝ මූලාශ්‍රයක් සොයා එහි එන අයෙකුටත් ඉඩම් බූදල් අර්බුද සදහා ලියකියවිළි සොයා එන අයෙකුටත් වියදම් කල හැකි ප්‍රමාණය අනුව “වැඩේ කරගත හැකි” සම්ප්‍රදායක් එහිද ගොඩනැගී තිබේ.
කිසියම් පරිමාවකට දූෂණ වංචා ඇතත් විදේශ සේවා කාර්යංශය සෙවාදායකයාට පහසු විදියේසේවාවක් සපයන මුත් ඊට සමගාමීව විදේශ සේවා කාර්යංශය කාර්යංශයේම ලියාපදිංචි කිරීම් හා ගුවන්තො‍ටුපොළ ඒකකය සපයන්නේ සේවාදායකයා තුල කිසිදු පිරියක් ඇති සේවාවක් නොවේ. ගුවන්තො‍ටුපලේදී ඔවුන්ගේ සේවාව සතිපොලක “කුලී” එකතු කරන්නාගේ රාජකාරියට වඩා දෙයක් නොවේ.
පුංචි බො‍රැල්ලේ “පාස්පෝට් කන්‍තෝරුව ” ට එන කෙනෙකු එළියට බහින්නේ සතු‍ටු හිනාවකින් නම් ඔහුව හෝ ඇයව පාර පන්නවා මානසික රෝග වාට්‍ටුවට පෙන්වා ප්‍රතිකාර ලබාදිය යුතු බව මගේ මිත්‍රයෙකු කීවේ විහිලුවකට සලකාය. නමුත් එය ලංකාවේ බොහෝ රාජ්‍ය සේවා සපයන ආයතන වලට අදාල බව විහිලුවක් නොවේ.
ඒ තරමටම එකී ආයතන ඇතුලු බොහෝ තැන්වල ඇතුලේ ඉදන් නොපෙනී කන “ඉහඳ පණුවන්” ගෙන් මෙන්ම පිට ඉදන් පෙනි පෙනී කන “කාක්කන්ගෙන්ද” පිරී එහිම පිළිළ වෙමින් තිබේ.
මේ ආයතනයන් සියල්ලේම ක්‍රියාකලාපයනට හේතුව එකී ක්‍රියාදාමයන් පි‍ටුපස සිටින මනුසත්වයාගේ සිතිවිළි වලට ඔවුන්ගේම දැනුම හා විවේචනයේ ඇති වෙනස්කම්වල පරස්පරතාවයි.
කෙසේ වෙතත් තම ආයතනයෙ හා ඊට පරිභාහිරව හෝ ඊට සමගාමීව සිදුවන සියලුම ක්‍රියාදාමයන් වලට වගකිව යුතු “මනසක්” ඇති විවේචනයේ ගුණදොස් දැකිය හැකි ඒ වෙනුවෙන් පැහැදිළිවම වංචාවට ගසා කෑමට එරෙහිවියහැකි, ඒ සදහා සාපේක්ෂ හෝ වැඩපිළිවෙලක් ඇති ප්‍රධානියෙක් සිටීම වාසනාවක් වන්නේ සේවාව ලබාගන්නා පොදුජනතාවටත්ය. එසේම පරිභාහිරව පොදුමහත් සේවාලාභී ජනතාව වෙනුවෙන් එකී ආයතනවලට හා පුද්ගලයන්ට බලපෑම් එල්ල කිරීම (අදාල ආයතනයේ ප්‍රගතිය හ ආචාරසම්පන්න සේවාවක් ) වෙනුවෙන් අප සැමගේම වගකීමයි.
ඒ බව පසුගියදාක වේරහැර ප්‍රවාහන බලපත්‍ර නිකුත්කිරීමේ කාර්යාලය ට අදාල සේවාවක් ලබාගැනීම උදෙසා ගිය ගමනකදී අත්දැකගන්නට හැකිවිය.

රථ ගාල
මහත්තයා හෙල්මට් තියලා යන්න එපා ..බයිසිකලේ හැන්ඩ්ල් ලොක් කරලා යන්න එපා..
හෙල්මට් නං කමක් නෑ ..හැන්ඩ්ල් එක ලොක් නොකොලොත් බයිසිකලේට වගකියනවද ?
මහත්තයගෙ බයිසිකලේ විතරද මෙතන්ට එන්නේ..මේක ලොක් කරලා ගියාම අනික් බයිසිකල් දාන්නේ ඔලුව උඩද..?
කේන්ති ගන්ඩ එපා ..මේවා දුක්මහන්සියෙන් හම්බ කරපු සල්ලි.. අනික සල්ලි දීලා බයිසිකලේ බලාගන්ඩ දුන්නාම ඔයගොල්ලෝ එකේ වගකීම බාරගන්නෙත් නෑ..සුලු විදියට හරි ලොක් කිරීමෙන් හරි පරෙස්සම් කරගන්ඩ දෙන්නෙත් නෑ.. තමන් ජීවීතේ ගැටගහගන්න ඕනෑම රස්සාවක් කලාට කමක් නෑ .එත් මොකක් හරි මනුස්ස ගතියක ඉන්ඩ…
හරි ..හරි..ඕනෙනං බයිසිකලේ තියලා යන්ඩ නැත්නං පාරේ දාලා යන්ඩ…

රථගාලේ සිට ඇතුල්වීමේ ගේට්‍ටුව දක්වා…
ආ..සර්..ලයිසන් ගන්නද..?
ඔව්..
අලුතෙන්මද..රිනූවල්ද…කාර්ද….මෝටර්සයිකල්ද..?
ආවෙනං මෝටර්සයිකලේ තමයි..බලාගෙන යනකොට යන්ඩ වෙන්නෙ පයින්න් වගෙ මට පේන්නේ..
සර්..ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද..? මෙඩිකල් හරි එක්සැම් හරි අවුලක් නං කරලා දෙන්නං…
ඒ කියන්නෙ ?
මෙඩිකල් එක දැන් අරන් දෙන්නං…සර් ඔහොම්ම ඉන්න..විභාගෙට දවස් විසි එකක් තියල තමයි දිනේ දෙන්නෙ එකත් ඔනෙනං කලින් දාලා දෙන්නං…සර් පොඩි ගානක් වියදං කරනවනං විභාගෙත් සේප් කරලා දෙන්නං…
ඔබතුමා ලොකු මහත්තෙයෙක් වගේ….!නැත්නං ලොකු මහත්තෙයෙක් අදුනනවා වගේ… ඒ වුනත් මමම මේ වැඩේ කරගන්නං පිළිවෙලකට කරගන්ඩ තියෙන වැඩක් මොකටද නිකං සල්ලි වියදං කරන්නේ නේද..? අනෙක ඔය නිරපරාදේ අනුන්ගේ සාක්කුවලට යන කීයක් හරි යන ගමන් පිළිකා රෝහලට දීලා ගියානං හිතටත් හොදයි…..
පුලුවන්නං කරගන්ඩකෝ බලන්ඩ…ඔහේට රස්තියාදුවෙලාම එපා වෙයි. එහෙම උනොත් එන්ඩ මං අඩු ගානකට වැඩේ කරලා දෙන්නං….
ඇතුල්වීමේ ගේට්‍ටුව 01
ඇයි..?
අලුතෙන් සැහැල්ලු වාහන බලපත්‍රයක් ගන්න..
අයි.ඩී..උප්පැන්න.. මෙඩිකල් ..?
හැදුනුම්පත ..උප්පැන්න සහතික තියෙනවා..ඇත්තටම මට ඕනේ ඉල්ලුම් පත්‍රයක් ගන්ඩ.
ඉල්ලුම් පත්‍ර දෙන්ඩ මෙඩිකල් අනිවාර්යයි…!
එත්කොට වෛද්‍ය සහතිකය ගන්ඩ ඉල්ලුම්පතක් ඕනෙම නැද්ද..?
මෙහෙම කරන්ඩ ..ඔය ඉස්සරහම තියෙන ඩිස්පෙන්සරියට ගිහින් මම එව්ව කියන්න..කවුන්ටරේ ලමයට සල්ලි දුන්නම විනාඩියෙන් වැඩේ..
නෑ ..මට ඇතුලට යන්න දෙන්න.. මම ගිහින් කතා කරලා බලන්නම්..අනෙක ඔබතුමා මේ දෙපාර්තමේන්තුවෙ අභ්‍යන්තර සේවකයෙක් නෙමෙයිනෙ..පෞද්ගලික ආරක්ශක සේවයට අදාල කාරනා විතරක් කලාම ඇති..මෙතෙන්ට එන මිනුස්සුන්ව අදාල නැති උප්පරවැට්ටි වලින් අමාරුවෙ දාන්න එපා..අනෙක මෙතෙන්ට මේ විදියට නීත්‍යානුකූල මාර්ගයෙන් එන්නේ අපි ඔයගොල්ලො වගෙ සාමාන්‍ය මිනිස්සු..ඒකත් ටිකක් මතක් කරගන්න…පුලුවන් විදියට උදව් කරනවා මිස ගසාකෑමට තල්ලු කරන්ඩ එපා..
හා ..හා.. එහෙනං ගිහින් කරගන්ඩකො බලන්න…

මා එම ගේට්‍ටුවෙන් ඇතුල්වූ පසු පෞ. ආරක්ශක කතාබහ..
(කොහෙද යන ඉස්කෝලේ මහත්තයෙක්ද කොහෙද බන්..
වැඩේ ලේසී කරලා දෙන්න ගියාම කරේ නගින්ඩයි..බයිලා කියන්ඩයි එනවා…)

දෙවැනි ගේට්‍ටුව..
සර්..කොහෙද යන්නේ..
සැහැල්ලු වාහන පැදවීමේ බලපත්‍රයට…වෛද්‍ය සහතිකයක් ගන්ඩ ඉල්ලුම් පත්‍රයක් ගන්න..
කෝ… ඩොකියුමන්ට්ස්.. ඇප්ලිකේශන් දෙන්න ..නං මෙඩිකල්..අයි.ඩී..උප්පැන්න ඕනේ..එවා හරිද..?
නෑ මට වෛද්‍ය සහතිකෙ ගන්න ඉල්ලුම් පත්‍රයක් ගන්නයි උවමනාව.
ඇයි මුල් ගේට්‍ටුවෙන් කිව්වෙ නැද්ද…මෙඩිකල් ගන්න තැනක් ගැන…
කිව්ව… ඒත් මගේ අදහස අදුරන දොස්තර මහත්තයෙක් හම්බවෙලාම සහතිකය අරගෙන එන්ඩ කියලා..
එහෙනං එව්වා කරගෙනම එන්න…
එතකොට වෛද්‍ය සහතිකයට පෝරමයක් තියනවා නේද…
ඒක තමයි කියන්නේ.. “———” දොස්තර මහත්තයා හම්බවෙලා ගේන්ඩ..සින්හල තේරෙන්නේ නැද්ද..?
මටනං හොදට සිංහල පුලුවන් ඒත් ඔබතුමාට නොතේරෙන නිසා ඉංග්‍රීසියෙන් කියලා දෙන්නද..නැත්නං අමුසිංහලෙන් කියලා දෙන්නද…නැත්නං මෙඩිකල් එකට ඇප්ලිකේෂන් ෆොර්ම් එකක් ගන්ඩ මාව අදාල තැනට යොමු කරනවද..!
අංක 11 අංශෙට යන්ඩ..

අංක 11 අංශය..
පෞ. ආ.නි- මොකක්ද උවමනාව..?
මේ අහන්න.. මං ආවේ සැහල්ලු වාහන බලපත්‍රයක් ගන්ඩ.. වෛද්‍ය සහතිකයක් දිය යුතුය කියලත්, ඒක “—-_”ඩිස්පැන්සරියේ “—-” දොස්තර මහත්තයා ලග සල්ලි ගෙවල ගත හැකිය කියලත් ඒක කවුන්ටරේට නොදී තව කීයක් හරි දීලා විභාගයට (රථවාහන පැදවීමේ බලපත්‍රය සදහා වූ මාර්ග හා සංඥා විභාගය) දිනයක් දාගන්ඩ පුලුවන් කියලත් මම ගේට්‍ටුව ලග ඉදලා මෙතෙන්නට ආපු ටිකට දැනගත්තා…මට ඒ විස්තර මොකවත් නැතුව “ෆෝම් “එක ගන්න හැටි විතරක් කියනවද…
ඔය කවුන්ටරෙන් අහන්න,…

විමසීම් හා අයදුම්පත් කවුන්ටරය-
සැහැල්ලු වාහන සදහා වෛද්‍ය සහතිකයක් අවශ්‍යයයි නේද..?
ඔව්.. මහත්තයට ලයිසන් අලුතෙන්ම ගන්න නං මේ ෆෝම් එක එම් බී බී එස් දොස්තර කෙනෙකුගෙන් සහතික කරවගෙන ජාතික හැදුනුම්පතයි..ඔරිජිනල් උප්පැන්න සහතිකයයි අරගෙන සතියේ දවසක ඇවිත් රෙජිස්ටර් වෙලා විභාගෙට දිනයක් ගන්න.. මෙහේ නාවත් අපේ වෙබ් සයිට් එකෙත් http://www.motortraffic.gov.lk මේ අයදුම්පත ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්…
බොහොම ස්තූතියි…ඔබතුමිය වඩාත් පැහැදිලියි.. තව කාරනයක් ….පුලුවන්නම් ඉහල මට්ටමේ නිලධාරීනට කියලා මේ වගේ සුලු කාරනා මේ ආයතනයේ සේවය ලබාගන්ඩ එන මිනුස්සුන්ට දැනගන්ඩ හැකි විදියක් ඇතිකරනවද..අඩුම ගානෙ ඉල්ලුම්පත් ලබාගැනීම තොරතුරු දැනගැනීම වගේ සුලු දේවල් වලට ගේට්‍ටු කීපයක් පසුකරගෙන එන්ඩ වෙලාතියෙන එකවත් අඩුකරගන්ඩ පුලුවන් වාතාවරණයක් ඇතිවුනොත් ඇති. මොකද මේ “ජරාව කන කාක්කන්ගෙන්” පන බේරාගෙන එන්ඩ තියෙන නිසා…

by 47
මින් පසුව මට ඒ වෙනුවෙන් කුමක් කල හැකිද ?

Posted in Uncategorized | 1 Comment

එහෙමත් රටක……



දෙමලුත් නැති - සිංහලයනුත් නැති
මුස්ලිම් එකෙක්වත් දෑහට නොපෙනී
පන්සල් පල්ලි කොවිල් කිසිත් නැති
යන්තර මන්තර ගුරුකං  මතුරන්නෙ නැති
"ගලවාගන්ඩ" - දෙවියන් යදිනු නැති
කැමති නැති උන්ගෙ කෑලිත් අඩුකරනා ආගමක් නැති
උඩරට - පහතරට - වෙල්ලාලයන් නැති
කලුද සුදුද කියලා වෙනසක්ම නැති...
රටක් තිබුනොත් කොහොම හිටී...

ජනපති - අගමැතිද ලේකම් උනත් නැති
යූඇන්පී - ජේවීපී - ශ්‍රීලංකා කොහෙත් නැති
චන්දය ඉල්ලන්ඩ එන එකෙක් නැති..

මීවැල්ලාවෙ බෝගස් වල රූප නැති
රුවන්වැල්ලේ සෝබිතයන් දකින් නැති
පන එන්නට ගුරුකම් කල කුරුස නැති
එහෙම වුනත් මීක් කියන එවුන් නැති...

පෙට්ට්‍රල් වල වෙන මොකවත් කලවමට නැති
සිමෙන්තියට එස් එල් එස් සහතිකේ නැති
වහ ටික උනත් බිව්වොත් මැරෙන්නැති..
එහෙම වුනත් ඇමැතිතුමා මේ මොකවත් දන්නෙ නැති...

එහෙම තැනක "මිනිසුන්" පමනක්ම ඇති
එහෙමත් රටක ඉපදෙන එක  පමනක්ම ඇති...

By 47
Posted in Uncategorized | 1 Comment

මුල්ලේරියා නිව් ටවුන්….

ලංකාව බොහෝ දියුණු වී ඇති බවත් තාප්ප නැති, වැටවල් නැති ලස්සන ඉරි ඇදි කාපට් පාරවල් – කොන්ක්‍රිට් අතුරු පාරවල් – තට්‍ටු ගෙවල් – අලුත්ම වාහන – ඇදුම් පැලැදුම් නවීකරණය වීමෙන් නව ලෝකයක් කරා යන අලුත්ම (සමක් පමණක් ඇති ) චින්තනයක් සහිත සමාජ රටාවක් බිහිවී ඇති බවත් අප ලෝකයේ කොයි කවරදාකටවත් වඩා කතාබහට ලක්වන රටක් නියෝජනය කරන ජන කණ්ඩායමක් බවට පත්ව ඇති බවත් ඉදිරියේදී ලෝකයේ බොහොමයක් රටවලට වඩා “ලොකු” දේවල් අපට ලැබෙමින් ඉදිවෙමින් පවතින බවත් සැණකෙළි – ඒකෙළි සහ මේ කෙළිවලින් කිසිම අඩුවක් නැති බවත් ලංකාවේ පත්තර ලෑල්ලකට රූපවාහිනියකට එබී බලන ඕනෑම කෙනෙකුට පෙනී යන කාරණයකි.

ලෝකයේ ප්‍රථම ස්වභාවික වරාය (මේක චීනාගේ අත්හදාබැලීමක්වත්දැයි සිතන්නට උත්සාහ නොකරන්න.) ඇත්තේ අපට පමණකි. ආසියාවේ උසම ගුවන් පාලන මැදිරිය මත්තල ඉදිකිරීමට සූදානමක් පවතී. කෝටි ගනනින් අදායම් උපයා දුන් ක්‍රිකට් ආයතනය වංචා දූෂණ වලින් වැහී අභාවයට යද්දී, බොහෝමයක් ක්‍රීඩා ආයතන අඝාධයේ ගිලෙද්දී ටීක්බෝල කණ්ඩායමක්වත් තරගාවලියකට සූදානම් කරගත නොහැකි පරිපාලනයක් තිබුනද,  පොදුරාජ්‍ය ක්‍රීඩා උළෙල  සදහා බලගතු ඔස්ට්‍රේලියාව හා තරග වැදීමට අපට හැකිය. ඒ සදහා වියහියදම් කිරීමට ඕනෑ තරම් මුදල් අපට තිබේ. ඒවාටත් – (නය) උරුමකරුවන් වීමට චීනයෙන් බැරිනම් වියට්නාමයෙන් හෝ අලුත්ම දකුණු සූඩානයෙන් නය ගැනුම වුවත් අපට ආඩම්බරයකි.

කොළඹ ඇතුලු නගර අලංකරණය කෙරෙන්නේ ඉතා සීඝ්‍රයෙනි. අතිශය වටිනා ඉඩ්කඩම් සංවර්ධනයේ ඉලක්කම් විජ්ජාවලින් තුට්‍ටු දෙකට විකිනෙද්දී නගරාශ්‍රිත තාප්ප කඩන්නේ ඒවා හැදීමට ගිය වියදමටත් වඩා ඉහලින් හා  හදිසියෙනි. හිගන්නන් අතුරුදහන් වන්නේ ආයාලේ යන් බල්ලන්ට වෙනමම නවතැන් හා තුන්වේලට බත් මාලු හැදෙද්දීය. එළවලු පළතුරු ලෑලි සහ පෙට්ටි කඩ කැඩෙන්නේ සියගනනින් වුව නැවත හැදෙන්නේ එක දෙකකි. ඒ එක දෙකත් දන්න අදුරන අයට මිස හිටපු අයට නොවේය.   අසීමිත කප්පම් ගැනීම් හා බියවැද්දවීම් වලට අමතරව  පැන යන්නට හදන පොලිස් අත් අඩංගුවේ සිටි සැකකාරයා නවත්වන්නේ ඔලුවටම උන්ඩ නිදහස් කිරීමෙනි.

එහෙත් ඒ  ලංකාවේ පත්තරවල දැන් දැන්  පි‍ටු පිරෙන්නේ කාන්තාවන් හත්දෙනෙකු දූෂණය කර මරාදමන කොල්ලෙකු ගැන හෝ මහ රෑ ගෙට පැන අතපත ගා යන ග්‍රීස් භූතයෙකු හෝ යට ඇදුමින් ඇගට පැන සූරා පනින අද්භූතයන් පිළිබද තලු මර මර රසවිදින කතාන්දර වලිනි.

නැතිනම් අසූහැවිරිදි අම්මා මරා ඉඩම අයිතිකරගත් පුතා හෝ සැමියා මරන්නට කොන්ත්‍රාත් දෙන ගැහැණුන්ගේ කොන්ත්‍රාත් වල රසබර කතාවලිනි.

මේවා ඉබේ පහල වන්නේ නැත. කාලයක තිස්සේ යුධ මානසිකත්වයෙන් ඔද වැඩී හුන්, තුවක්කු පිස්‍තෝල සංස්කෘතියෙන් වසා දමා තිබුණු මිනිස් අවරෝහණයේ ගතිලක්ෂණයන් තවදුරටත් වසාතබාලිය නොහැකි නිසාවෙන් තැනින් තැන මතුවන්නකි. මෙය මූලාරම්භක ගති ලක්ෂණයන් බව තේරුම්ගන්නේ නම් ඒ සදහා ව්ගකීම් කොටස ඉ‍ටුකලයුතු කාලය මේ දැන්මය…සමාජයේ භෞතික සුවතාවයන් මෙන්ම මානසික සුවතාවය පිළිබදවත් කල්පනා කල යුතු කාලය මේ දැන්මය.

තවදුරටත් සංදර්ශන මායාවෙන් හෝ දුවන්නට කියා පස්සෙන් වෙඩිතැබීමෙන් මේවා නැවැත්විය හැකි හෝ වසා තැබිය හැකි බව සිතන්නේ නම් අපට මහා ලොකු වැඩක් ඉතුරු වී නැත. ඇත්තේ කාට හෝ ලගම හිතවතෙකුට කොන්ත්‍රාත්තුවක් දී,

මුලු  රට වටාම තාප්පයක් බදින එකය.(එහෙම වුනු විට කොළඹ තාප්ප කඩ කඩා ඉන්නට වෙන්නේ නැත.)

එතකොට ජාත්‍යන්තර ප්‍රජාව, ජනමාධ්‍ය, චැනල් 4 – බන්කීමූන් – දරුස්මාන්- අරවා මේවායෙන් බේරී මේක ඇතුලේම පිස්සු කෙළිය හැකිය. වැඩේ කම්මුතුය.

එහෙම බලනවිට අපට මානසික පිස්සන් වෙනුවෙන් ලෝකයේ ලොකුම ඉස්පිරිතාලය සදහා මුල්ගලක් තැබෙන වාර්තාවත් අත ලගය.

By 47

Posted in Uncategorized | 1 Comment