මෙ කෙටි පණිවිඩ කාරයන් නිසා දැන් අපට සිදුව ඇත්තේ අලි කරදර වලට මූන පාන්නටය.මහ දවාලක හෝ ගොම්මන් වෙලාවටත්, පාන්දරය රෑය කිය වෙනසක් නැතුව,වැඩකට නැති පණිවිඩද එවති. අදත් ඒ වගෙම “හෙට හරි කලුවර දවසක්” කියා ලියවුනු කෙටි පණිව්ඩයක් නිසා මගෙ දවසම බංකොලොත් විය.
(පණිවිඩය එවා තිබුනේ කෑල්ලෙන් කෑල්ල ගියත් දාල නොයන විරුද්ද පක්සේ හොද “කෑල්ලක්” නිසා වැඩේ ෂුවර්ය.)
කවුරුන් මොන සෙල්ලං දැම්මත් අන්තිමෙ අපිටම කලුවරේ ඉන්ඩ වෙන නිසා නිදි සරමෙන්ම ගොස් ඉටිපන්දම් දෙකතුනක් අරගන්ට කඩේට ගිය විට, මුදලාලිත් මං දිහා බැලුවෙ නිකං අද පනීද හෙට පනීද වගෙ ඉන්න මන්ත්‍රීකෙනෙක් දිහා බලන බැලිල්ලකි. අපට නං එහෙම වාසියක් වෙන වැඩක් නැති නිසා මාත් නිකං බුද්දික පතිරණ ජාතියෙ බැල්මක් හෙලා ගෙදර ආවේ ගෙදර එක්කෙනා ආණ්ඩු පක්ෂයෙ බව මතක් වීමෙනි.
අතරමගදී හමුවූ පරණ මිත්‍රයෙකුත් කීවෙ බූමිතෙල් බාගයක් ගන්නට කඩේට ගිය විට මුදලාලිත් මොකො මහත්තයා සිරිකොත පැත්තේවත් යන්ඩද කියා ඇසූ බවය.යාලුවාත් නිකන් ඉදලා නැත, කොහෙද යන්නෙ මල් පොල් ජාතියෙ (රන්ජන් රාමනායක ජාතියේ) උත්තරයක් දුන්නේලු.
පරන කතාවකුත් දාගෙන දෙන්නත් එක්ක හන්දිය මැදින් එනවිට රෙදිකඩේ මුදලාලි” මෙච්චර දවසක් කොල පාටයි රතුපාටයි රෙදි විකුන විකුන හිටපු මට කලුරෙදි ඕඩරයක් දී තමුසෙ අනෙක් පැත්තට ගියෙ මොකදැයි” ගාල්ල පැත්තෙ නොම්බරයකට දෙස්දෙවොල් දෙමින් කෙටි පණිවිඩ යවමින් සිටියෙය.
කොහොම උනත් ආයෙත් කොලපාට රෙදි ඕනෑ නැති වෙයි කියූ මගෙ මිත්‍රයාගෙ අවවාදයට අනුකූල වූ මුදලාලි තවත් අවුරුදු තිහකටම ඕඩරය කැන්සල් කලේ එවෙලමය.
අන්තිමට ඉස්කෝලෙ ලග බාර් එකෙන් කාලක් සාක්කුවෙ දාගෙන ගෙදර ආවේ හවසට කලුවර උනාම ගෙදර එක්කෙනාටත් නොපෙනී, 7 ට ITN එකේ බයිලා වැඩසටහනත් බලාගෙන කාලෙකට පස්සෙ කාලක් දාගන්ඩය.
ගෙට ගොඩවෙනකොටම පොඩි එකා මූණ නොරොක් කරගෙන පොතක ගැලී සිටි අතර ” කොච්චර කිව්වත් අහන්නෙ නෑනේ අද සූරියක්ග්‍රහණයක් නෑ කියලා ” ගෙදර එක්කෙනාද කඩං පැන්නාය.
කලුවර සෙල්ලම ගැන දැන් නං මටත් සැක ගතියක් ආවෙන්, කෙටි පණිවිඩය එවපු මිත්‍රයාට කීයක් ගියත් කමක් නෑ කියා ඇමතුමක් ගත්තෙමි.
“පණිවිඩෙ එව්වෙ ඊයෙනෙ මචං, අද මං පක්සෙ මාරු කරා, අද මම අමාත්‍යන්සෙ මාධ්‍යලේකම් නිසා දැන් ටිකක් බිසි .. මට හෙට කෝල් එකක් දීපන් වෙනසක් තිබ්බොත් කියන්නං” කියා මිත්‍රයා දුරකථනය තිබ්බේය.
By 47
