ජවිපේ විසින් සැම විටම න්‍යායාත්මකව ඔප්පුකල දේශපාලන ක්‍රමයන් ප්‍රායෝගික භාවිතාවේදී සහමුලින් අමතක කරන හා පසුව තෝරාගන්නා සෑම දේශපාලනික ක්‍රියාවලියක්ම සාධාරිණීකරනය කරන තැනකට තල්ලු වී ගියේය. එකී තීරන ගැනීමේ ක්‍රියාවලියේදී ප්‍රමුක පෙලේ නායකයන් සැමවිටම පක්ෂයට හෝ පක්ෂයේ පසුපෙලේ නායකයන්ට මුහුණ දීමට සිදුවන සමාජ ප්‍රතිවිරෝධයයන් හෝ විවේචන අමතක කල අතර බොහෝ අවන්ක, කැපවිමෙන් කටයුතු කල පිරිස් පක්ෂය හැරදමා යන තත්වයකට පත්කලේය.
එසේම තමන්ගේ වැරදි පිළිබද අවංක විචාරයක් යෙදෙනු වෙනුවට එකී ක්‍රියාවලිය සාධාරණය කිරීමේ හා විවේචනයට පෙරලා පහර දීමේ පිළිවෙතක් අනුගමනය කලේය.
මෙකී වැරදීම් ඇස් පනාපිටම ඔප්පු වෙන පසුබිම තුල පීඩනය දරාගත නොහැකිව පක්ෂය හැර යන සමාජියන් මත වැරද්ද පටවන හා වැරද්දේ පසුබිම සැකසූ පිරිස බේරාගන්නා තැනකට තල්ලු වීම ජවිපෙ ඉතිහාසය පුරාම දකින්නට ලැබේ. මෙකී උදහසට ලක්වන කිහිපදෙනෙකු ජීවිතයෙන් වන්දි ගෙවූ අතර අනෙක් අයට මතවාදී දීර්ඝ අරගල වල යෙදෙමින් තම වීවේචනයේ නිරතව ඉන්නට සිදුවී තිබේ. ඒ නොනවත්වා එල්ලකෙරෙන “පාවාදීමේ” චෝදනාවෙන් ගැලවෙනු පිනිසය.
චන්ද්‍රිකා කුමාරතුන්ගගේ පරිවාස ආණ්ඩුවේ ඇමැතිධූර කිහිපය, වගකීමකින් ඉටුකල හැකි, ජනතාව තුල මහජන නියෝජිතයන් කෙරෙහි පවත්නා විවේචනයන් වෙනස් කල හැකි, පසුබිමක් ගොඩනගනු වෙනුවට, උදේ පාන්දරින් පැමිණ ලයිට් දාන හා හවසට ලයිට් නිවා ගෙදර යන, රෙදි හැට්ට අන්දන ලද ගෑනුන්ගෙන් නෙලුම් කොලේ රතු බත් කා වැව් හදන්නට ගිය අභව්‍ය පරිසරයක් තනාගත්තේය. වියදම් හා අදායම් ශිර්ෂ රැගෙන විපක්ෂය බරපතල චෝදනා එල්ලකරද්දීත් පිළිතුරු වෙනුවට යලි චෝදනා වලින්ම පහරදීමේ පිළිවෙතක් අනුගමනය කරමින් තමන් “ජවිපේ” බව ඔප්පු කලේය.
මේ තත්වයත් පසුකාලීන දේශපාලන තීන්දුත් නිසා “සහෝදර නායකයන්” විසින් මෙහෙයවනු ලබන දරුණු පීඩනයකට ලක්ව තම නිදහස් අදහස් හා විවෙචන එලිදැක්වීමට නොහැකි අලුත් ලෝකය සමග ගනුදෙනු කිරීමට ඉඩක් නොලැබෙන අයුරින් මතවාදී කොටුවක සිරව ඇති “සහෝදර සාමාජිකයන්” දිනෙන් දිනම පක්ෂය හැර යන තැනකට පත්ව තිබේ.
අහම්බයක් ලෙස පසුගිය පලාත් පාලන මැතිවරනයේදී තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව දිනාගත් ජවිපේ ඒ තුල ගොඩනගා ඇති සුබවාදී ආකල්පයද අමතක කල යුතුව නැතත් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව ගොඩනගනු වෙනුවට “තිස්ස රතු බලකොටුව” ගොඩ නැගීම තවදුරටත් ජවිපේ න්‍යායවාදී ගොඩනැගීම්වල පිළිඹිඹුවක් මිස ප්‍රජාතන්ත්‍රවාදී නැඹුරුවක් නොවේ. ලංකාව පුරාම සිටින ජවිපේ සමාජිකයන්ගේ ශ්‍රමය හා කැපවීම සමග අධාර සමග ගොඩනැගෙන තිස්ස ප්‍රාදේශීය සභාව (තම මන්ත්‍රී වැටුපද වැය කරමින්, ජවිපේ විසින් කොළඹින් එකතුකර එවන අධාරද සමග.) ලංකාවේ හොදම ප්‍රාදේශීය සභාව වන විට කොටස් කිහිපයක බල අරගල මැද්දේ දූෂණ වංචාවලින් ගහන, තනි බල ප්‍රදේශයක, කැපවීම හා සම්පත් සමග අරගල කරන වෙනත් ප්‍රාදේශීය සභාවක් දෙවන තැනට පත්වීම දෙවරක් සිතා බැලිය යුතුය.
මේවර පිළිගත් දේශපාලන පක්ෂ වල නාමයෝජනා ප්‍රතික්ෂේප වීම හේතුවෙන් ජවිපේ යම් ආයතන ප්‍රමාණයක් ජයග්‍රහනය කිරීම පිළිගත හැකි වුවත්, තිස්ස ප්‍රාදේශීය සභාව වෙත ගොනුකල හැකිවූ කැපවීම් හා ශ්‍රමයත් මූල්‍ය පහසුකමුත්, ආයතන කිහිපයක් අතරේ බෙදී ගිය විට තිස්ස මෙන් “අධිෂ්ඨානයේ පුරවර” කරවීමට හැකිවේදැයි සැකයක් තිබේ.
By 47

ane sahodaraya nikkan kale nasthi nokara wadagath deyakliyanna.oya pakshaya podi NGO bussiness company type ekak.Pisuwa hodatama thdawechcha takkadi tikak.dan fedaraluth hodailu.demala minissu heta aniddata okunta hoda padamak ugannavi.oya kiyana diwa deke kathwalata.
Hamadamath JVP eka kale durwalaya balayata genath yatin ugul atawala rajawenna. mahinda withrai e ugulata ahu une naththe.
ල0කාවෙ ම JVP අය ඵකතුවෙලා සල්ල්යි යවලා තිස්සමහාරාමෙ හෑදුව කියන ඵක පිලිගන්න බෑ.
අනෙක් පක්ශවලට වඩා JVPතියෙන කෑපවීම සහ හෑකියාව අගය නොකරන්න තරම් අපි කුහක වෙන්න ඔනෙ නෑනෙ.
”// 70-77 කාලේ මිනිසුන්ට හාල් නැති වුනාට පාලකයින් ට නම් ඇති තරම් තිබ්බ බව මා අසා ඇත.//
පාලකයින්ට පමණක් නෙමෙයි ධනපති සියල්ලන්ටම ඇති තරම් හාල්, පොල්, මිරිස් තිබුණ. තිබිච්ච සොච්චමත් නැතිවෙලා ගියේ දුප්පතාගෙ සාගත මල්ලෙන්.”
දෑනුත් ඵහෙමයි.ස0වර්දනාත්මක දනවාදීයි ක්‍රමය යටතේත් පොල් ගෙඩිය 65යි.
ඵ්දා ගන්න තිබ්බේ නෑහෑ අද ගනන තියනව ඵත සල්ල්යි නෑහෑ.
ඵදා අන්ඩුවෙන් දාපු පොලු අද පාරිබෝගිකයින්ම දාගන්නවා.
ජවිපෙ ඉන්නේ ලංකාවේය..ඇඩ් නැත්නම් කවුද හලෝ ලංකාවෙ චන්දෙ දෙන්නෙ…