මට හිතෙන හැටි..

අපේ ආණ්ඩුව-හාමුදුරුවන්ගේ ආණ්ඩුව- පොලීසියේ ආණ්ඩුව සහ හමුදාවේ ආණ්ඩුව.
බත්තරමුල්ලේ පාලං තුන හන්දියේ කලක් තිස්සේ තිබූ බුද්ධ ප්‍රතිමාව කඩා ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පසුගියදා පියවර ගත්තේය.එම මංසන්ධියෙන් පැලවත්ත ප්‍රවිශ්ඨ මාර්ගය ඇති අවහිරතා නිසා , මාර්ගය පුලුල් කිරීමේ අදිටනින්  බෝ ගස ආසන්නයේ තිබූ ප්‍රතිමාව ඉවත් කිරීමට පියවර ගැනීම යහපත් අදහසකි. නගර සංවර්ධනය අවශ්‍යම කාලයක එහි ඇති වැරැද්දක් නැතැයි සිතිය හැක. අබලන් හා අධික මාර්ග තදබදයකට ලක්වන මෙවන් මාර්ග අලුත්වැඩියාව සහ විධිමත් කිරීම අගය කොට යුතුය. අනෙක දිනකට වාහන තදබදය නිසා අහිමිවන තෙල්-කාර්මික වියදම් හැරුණ කොට නිස්කාරනේ අපතේ යන මිනිස් පැය ප්‍රමාණයද කල්පනාවට ගතහොත් මේ කාරණය කොතරම් වැදගත්ද යන්න  පෙනී යයි.

ඒ අපේ ආණ්ඩුවේ (අපේ කියා  කීවේ අපිම වියදං කරගෙන, අපිම නිදිමරාගෙන, පච කතා අහගෙන, උදෙන්ම ගිහින් චන්දය දී පත්කරගත්, අපි වෙනුවෙන් පාර්ලිමේන්තුවේ- පලාත් සභාවේ- නගර- ප්‍රාදේශීය සභාවල දුක් විදින මන්ත්‍රී- මැති-ඇමැති රොත්ත බුරුත්තටය.) නරක දාහක් අතර හොද අතලොස්සෙන් එකකි. ඒ වුනත් හාමුදුරුවන්ගේ ආණ්ඩුවට (හාමුදුරුවන්ගෙ ආණ්ඩුව කියා කීවේ අපේ ආණ්ඩුව පිහිටුවාගන්නට උදේ හවා පන්සල් දේවාල – පිට්ටනි- මලගෙවල් වල සිට රේඩියෝ -රූපවාහිනි- ලවුඩ්ස්පීකර අත නොහැර ධර්ම රාජ්‍ය පවා පන්සලේ බල්ලාට දමා රජෙක්ම ඕනෑ කී අපේ කට්ටියටය.) මෙය ගැලපුනේ නැත. තවත් හාමුදුරුවරුන් කිහිපදෙනෙකුම සමග බෞද්ධ පපු කැනති උනු වූ පිරිසක් අවි අමෝරාගෙන ආවේ මේ මහා සම්බුද්ධ සාසනයේ උන්නතියට “අපේ ආණ්ඩුවෙන්” හා බොදු විරොධී බලවේග වලින් සිදුවන කුමන්ත්‍රණ වලකා ගන්නටය.

වැඩේ හොදය.. “අපේ ආණ්ඩුවේ” වැඩේ වගේම ” හාමුදුරු ආණ්ඩුවේ ” ද වැඩේ ගානට ගැලපුනේය. දැන් ඉතින් මළත් මෙතැනින් පිළිමෙ සිටුවා මිස නොයමි කියා “බොදු සටන් පාඨ ” අතරේ එහෙන් මෙහෙන් බුදුන් වෙනුවෙන් සාසනේ –  සම්බුද්ධ සාසනේ වෙනුවෙන් ” මරාගෙන මැරෙන ” ස්ටයිල් එකේ කිහිපදෙනෙක්ද සිවුරු ඇතුවත් නැතුවත් ඉදිනු පෙනින.  අන්තිමේ කලබලය නිසා සංවර්ධන වැඩේ ඇනහිටි අතර වාහන තදබදයක්ද ඇතිවිය. ඒ අතරේ පොලීසියෙන් කැදවා තිබු නිලධාරීන් අපේ ආන්ඩුවත් – හාමුදුරු ආණ්ඩුවත් සමාදාන කරවීමට උත්සාහ ගත් නමුදු අපේ ආණ්ඩුවට වඩා ඒ කට්ටිය බලවත් වූයෙන් පොලීසියේ ලොකු මහත්තයෙකු ගෙන්වීමට සිදුවිය. ලොකු මහතා අයිති පොලීසියේ ආණ්ඩුවද (මේ තාක් කල් ගමේ ගොඩේ බෝක්කු- බන්ට්, කසිප්පු පොලවල් ගෑනු මිනුස්සුන්ගේ සිල්ලර කරදර හදවතෙන්ම ගෙන මෙතෙක් කල් ලංකාවේ සියයට 80ක් විතර ජනී ජනයා මත ආණ්ඩුවකටත් වඩා ඉහලින් තගරිය දා සිටි කට්ටිය.) දන්නා “තගරි” සිවුරටත් සාසනේටත් දැමිය නොහැකි බැවින්  බෞද්ධ හූ දෙක තුනක් වැඩිවෙන්න කලින් අපට දැන් කෝකටත් තෛලෙට ඉන්නා ” හමුදා ආණ්ඩුව” ( අවාසනාවට ප්‍රභාකරන් මැරිච්ච දා සිට ඉරිදා පොලේ බඩු විකිණිල්ලේ සිට ආච්චිලා සීයලා පාර පැන්නවීම දක්වාත් අපේ ආණ්ඩුව බේරාගැනීම සදහා ඕනෑම දංගෙඩියකට බෙල්ල තියන..) ගෙන්වූයේය. ඒ අස්සේ කඩුවෙල නගරාධිපති තුමාද අපේ ආණ්ඩුව නියෝජනය කරමින් ආවත් උත්තර දෙන්නට තියා ප්‍රශ්නයක් අහන්නටත් ඉඩක් නොදෙමින් හාමුදුරු ආණ්ඩුවෙන් තගක් වැටුණු අතර හෙමින් සීරුවේ මාරු වී යනවා විනා කල හැකි කෙංගෙඩියක් තිබුනේ නැත. දැන් මේ වෙලාවේ හාමුදුරු ආණ්ඩුව බලවත් බව කා කා හටත් තේරුම් යමින් තිබූ නිසා, හොරු අල්ලන්ඩත් හොරුන්ට නඩු දමන්නටත් ට්‍රැෆික් බලන්නටත් ඉන්නා පොලිස් ආණ්ඩුවට බස්නාහිර පලාතේ ඉහලම නිලධාරියෙකුගෙන් ලියුමක් ඉල්ලාගෙන පාර හැදූ පසු අනිවාර්යයෙන්ම තුන් මාසයක් ඇතුලත පිළිමේ යලි සිටවා දෙමී කියා හාමුදුරු ආණ්ඩුවට පොරොන්දුවක් දෙන්නට සිදුවීමෙන් වැඩේ සාදු කාරයක් සමග නිමාවිය. දන්වේල වැරදුනු හාමුදුරුවෝද, බත්වේල වැරදුණු දායකයෝද එදාවේල නැති වූ ලොරි බස් ත්‍රී වීල් කාරයෝද නිව්ස් අ‍යිටම් එකක් ලාවට වැදුනූ චැනල්කාරයෝද තම තමතමන්ගේ කුණුහරුප නොකියා සාධුකාරයක් දී නික්ම ගියේ ඒ වෙලාවේම සම්මාදන් කර ගෙනා බුදු පිළිමයක්ද පිහිටුවා මල් තබා පහන්ද පත්තුකරමිනි.  (සමහර එව්වෝ සියල්ල සතුටින් නිමාකරනු  පිණිස ලගම ඇති ලැවිනියා බාර් එකට රිංගා ගත්තේ හෙට අනින්ද්දාට පිළිමෙ නිසා ඕකත් වහපන් කිව්වොත් කියා වැනි හදිසියකිනි. ප.ලි. නගරාධිපතිතුමාද ෂේප් න්‍යාය දා හිමීට මාරු උනෙත් ඔය හින්දාදැයි නොසිතන්න.)

දැන් එතකොට තුන් මාසෙන් හාමුදුරු ආණ්ඩුව වෙනුවෙන් පිළිමෙ  හදාදෙන්නේ අපේ ආණ්ඩුවද (නගරාධිපතිතුමා ඇතුලු.) ..පොලිස් ආණ්ඩුවද..(ලියුං දුන්) නැත්නං මේ දවස්වල කානු කැපිල්ලේ සිට පිඩැළි  ඇල්ලිල්ල දක්වා සකල කාරනා බාරගෙන ඇති හමුදා ආණ්ඩුවද.. කියා දන්නා කිසිම කෙනෙක් නැත.

එහෙම තියෙද්දී අද ඒ පැත්තේ ගිය අයට ඊයෙ තියපු පිලිමේවත්, ටකරන් මඩුවවත් ,සාධුකාර දුන් එව්වොවත්, පොරොන්දු ගත් එව්වොවත්, දුන් එව්වෝවත් දකින්නට නැත. අවිගත් හමුදා පිරිස් ආරක්ෂාව ඇතිව එක දිගටම වැඩය. එවිට මට හිතුනේ මොන ආණ්ඩුව උනත් හමුදා ආණ්ඩුව නං ටිකක් සැර පාට බවය.

ඒක එහෙම වෙද්දී බණ්ඩාරගම පැත්තේද හාමුදුරු ආණ්ඩුවක් ලමයි හම්බවෙන එක අඩුකරගන්න හදන අම්මලා පිරිසකට සැත්කම් කරන අපේ ආණ්ඩුවට එරෙහිව මොනවාදෝ අමෝරාගෙන තියෙන විත්තියක් පුවත්පත් වල පලකර තිබුණි. එහෙම අමෝරාගෙන තිබුනේ “සිංහල ජාතිය” නැමැති අවියකි. ලමයි එකෙක් දෙන්නෙක් හදන එකත් අමාරු කාලේ, එවුන්ගේ ඉස්කෝල, කෑමබීම, ඇදුං පැලැදුං තියා ඉස්පිරිතාල වියදං පවා අමාරු වී තියෙන කාලෙක සිංහල ජාතිය නගන්නට කියා දුසිමක් විතර ලමයි හදන්න කියා සටන් පාඨ කියන්නේ හාමුදුරු ආණ්ඩුවමය.

මේ ගොල්ලෝ එක්කො අපේ ආණ්ඩුව ළමයි හැදිල්ලයි..පෝෂණ ක්‍රියාවලියයි ගැන කියන හැටි දන්නේ නැත. එහෙම නැත්නං එගොල්ලෝ ළමයි වදන එක කෙසේ වෙතත් හදන එක ගැන දන්නේ නැත. එහෙමමත් නැත්නං අපේ ආණ්ඩුවට වඩා එගොල්ලන්ගේ  බලවත්කමය.

මේ කතාවේ නම් පාලං තුන හන්දියේ පිලිමෙ මෙන් තුන් මාසෙන් හරි ඒ වගේ තුන් ගුනයකින් හරි කල්ගෙන ළමයි හදා දෙන බවක් පොරොන්දුවීමට පොලිස් ආණ්ඩුව කළබල වී නැත. එගොල්ලොත් ලමයි හදාගන්ඩ බැරි අංගෝපාංග ඇති අය මෙන් වැඩේ කම්මුතු වන්නට ආරක්ෂාව දී  විසිර ගොස් තිබේ. අපේ ආණ්ඩුවෙන් සූදානං කල වැඩ සටහන දොස්තර මහතාට තනියෙන් කල නොහැකි නිසාත්, මේ ආණ්ඩු දෙකතුනෙන් මොක  ආණ්ඩු කරතැයි නිච්චියක් නැති නිසාත්, එතැනින්ම බංකොලොත් වන්නට ඇතැයි සිතිය හැකිය.

ඒ වුනත්…

හෙට අනිද්දාට ෆුල් ගාඩ් පිට “වඳ ” කරන වැඩේ පටන්ගතහොත් ඒ ගැනත් මොකක් හරි සිතා ගන්නට පුලුවන.

බලාපොරොත්තු
ජීවිතයේ ඇතිකරගන්නා බලාපොරොත්තු එආකාරයෙන්ම ඉටුවන්නේ නැත. සමහර විටෙක එකී බලාපොරොත්තු බිදී සුනු විසුනු වී යන අතර විටෙක උවමනාවටත් වඩා සාර්ථක ඵල ලැබී ජයග්‍රාහී ස්වරයෙන් නිමා වෙයි…

අපට පාලනය කල නොහැකි සමාජ ධර්මතා නිසා මෙකී බලාපොරොත්තු වල හැකි-බැරි කම් තීරනය වෙතැයි බොහොදෙනෙකුගෙ මතයක්ව පවතී.

නමුත් “බලාපොරොත්තු” ජීවිතයේ නිසඟ අරමුණු කරා ගෙන යන යදමක පුරුක් මෙන් වෙලී පවතී. කෙනෙකු බලාපොරොත්තු අතහරින්නේ නම් එය පරාජිත බවේ සලකුණක් මෙන්ම ජීවිතය හරි හැටි තේරුම් නොගත් අසාර්ථක බවේ ආරම්භයයි.  බිදෙන – බිදෙන හැම බලාපොරොත්තුවකටම උඩින් තවත් බලාපොරොත්තුවක් තබන්නා තම දම්වැලේ පුරුක් හැලෙන්නට නොදී ජීවිතයේ තම අරමුන කරාම යයි.

ජීවිතය සාර්ථක කරගත් , තම ඉලක්කයන් කරා ගිය බොහෝ දෙනෙකුගේ ජීවිත කතාවල ඇතුලාන්තයේ ඇත්තේ ඒ තිර අධිෂ්ඨානයයි, අත් නොහරින උත්සාහයයි…

ඒ බැව් පිළිඹිබු කරන කුඩා වීඩියෝ පටයක් අහම්බෙන් නෙත  ගැටුනේ එවන්ම අධිෂ්ඨානශීලී කුඩා මිනිසෙකුගෙ දැවැන්ත චරිතයක් පනපෙවූ Mao`s Last Dancer චිත්‍රපටය පිළිබද තොරතුරු සොයා යන විටෙකය Mao`s Last Dancer චිත්‍රපටය එහිම මුලින් නිකුත්වූ Mao`s Last Dancer පොත වෙනුවෙන් කුමන ආකාරයක සාධාරණයක් ඉටුකර ඇත්ද යන කුතුහලයෙන් සොයද්දී Mega Talent show වර්ගයේ කොරියානු කොපියක් වූ මෙම රූපවාහිනි තරඟයේ, මේ ජීවිතයේ අන්තිම අඩියට වැටුනු එහෙත් නොසැලී ජීවිතයේ ස්වකීය අරමුණ් වෙනුවෙන් ” බලාපොරොත්තු” තබාගත් තවමත් අත්නොහරින මේ සොදුරු තරුණයා හමු විය.

වීඩියෝව බලන්න.

සපත්තු…
සපත්තු…

මගේ පාසල් හැඳි, සපත්තු විවිධාකාරයේ ඒවා වීම මට සතුටක් ගෙන නොදුන්නද ( ඒවා එක්කො කකුලට වඩා කුඩා වූ අතර සමහර විටෙක ලොකු සපත්තුව ගැලවී ඒම නවත්තන්නට සපත්තුවේ ඉදිරිපසට පත්තර ගුලිකොට ඔබන්නට සිදුවිය.) මගේ සමකාලීන මිත්‍රයනට ඒවා අරුමයන් විය. සමහර සපත්තු විවිධ වර්ණයන්ගෙන්ද හැඩවලින්ද අරුමෝසම් හැඩවලින්ද අනූන වීම තනි කලු සපත්තු පැලැද පාසල් ආ මගේ මිතුරන් අතරේ තරමක “ගතියක්” තිබුනද සමහර ගුරුවරුන්ගේ නොරිස්සුම් නිසා ප්‍රසිද්ධියේ අගය කරන්නට ඔවුන් එඩිතර වූයේ නැත. මේ සපත්තු වෙනස් ආකාරයක ඒවා වීමට හේතුව මා සපත්තු ගැන විශාරදයෙකු හෝ අලුත් මෝස්තර සොයන්නෙකු වීම නොව, මගේ වැඩිහිටි ඥාතී සහෝදරයන් පාවිච්චි කර පසෙකලූ ඒවා වීමයි. ඒවා සොයන්නට මගේ අම්මා කකුල් කෙඩෙත්තුව හැදෙනතුරු ඇවිදි හැටි හා ඒවා ඉල්ලාගන්නට බයාදු ගති පෙන්වූ හැටි මට තාම මතකය. ඒ මතකයන් තාමත් මගේ මතක චිත්‍ර පොතේ නොසැලී පවතී.

කෙසේ වුවත් අවසානයේ මගේ ලා කොළ පැහැති ඉරීගිය තැන් මසා විකෘති වී පෙනුන සපත්තු කුට්ටම ශිෂ්‍ය නායකයෙකුට  පින්සිදු වන්නට විදුහල්පතිවරයා දක්වා ඇදී ගියේය. එහි අවසන පන්තිය භාර ගුරුවරයා හමුවේ උත්තර බදින්නට සිදුවූයේ මගෙ අහින්සක අම්මාටමය. ජීවිතයේ නොයේකුත් දුක් කම්කටොලු ඇතත් ඒවා නිරතුරු විදගෙන තම ජීවිත වල නිරන්තර පීඩා වලට සැලුනේ නැති ඇය අවසානයේ පන්තිභාර ගුරුවරයා හමුවේ සිය මැසිවිල්ල කියද්දී මට මගේ ලෝකය කඩා වැටෙනු ඇස් පනා පිටම පෙනින. හෙට සිට මට මගේ පාසල් ගමන නතර කරන්නටත් ගේ ඉදිරිපිටින් පාසල් යනෙන මගේ පාසල් මිතුරන්ගෙන් වහන් වන සැටිත් මගේ මනසේ චිත්‍රපටයක් මෙන් ඇදෙන්නේය. මගේ ජීවිතේ පාසල් ගමන නැමැති දුක්ඛ පරිශ්‍රමයෙන් මිදෙන්නට දැන් පුලුවන. දෙල්කද ප්‍රාථමික පාසලේ හොදම ශිෂ්‍යයන් අතර කිසිදා සපත්තු පැළැද නොසිටි   මට අගනුවර මේ පාසලේ සපත්තුවල පාට ප්‍රශ්නයක් වීමම  සිත රිදුම් දෙයි. ඊටත් වඩා පාසල් ඇරී ගෙදර යන අපට පිගාන පිරෙන්නට “මොකක්” හෝ හදාතියන්නට වෙන අම්මාගේ කාලය දැන් මෙහි ගෙවී ගොස් තිබේ. ඉස්කෝලෙටත්, සපත්තු ලැජ්ජාවටත් වඩා මගේ බඩේ ගින්දර ගැන අම්මාගේ පපුව ගිනි ගෙන ඇතැයි මම හොදාකාරවම දනිමි. අන්තිමේ අම්මා පන්තිකාමරයෙන් එලියට ආවේ සාරි කොනකින් කදුලු පිසදාගනිමිනි. ඇයට දෙන්නට උත්තරයක් හෝ මට සපත්තුව වෙනස් කල හැකි ක්‍රමයක් අප දෙදෙනාටම නැති බව හොදාකාර දනිමි. එහෙත් දැන් ජීවිතයේ මැදි වයස පසුකල  මටත් වඩා -එකල තරුණ -අම්මාට තිබුනේ මහා ආත්ම ශක්තියකි.

“මේ වාරේ ඕකම දාලා..ලබන පාර අලුත් දෙකක් අරන් දෙනවා කියලා මo පොරොන්දු වුනා..”

“ලබන පාර ගන්නේ කොහෙන්ද..”

“මමනෙ ඒක බලාගන්නේ..දැන් ඉස්කෝලේ දන්න නිසා ඔහොම යo”

ඉස්කෝලේ සියල්ලන්ම දැනගැනීම මගේ සිත තවත් අවුල් කරයි. එහෙත් මින් පිට මට අම්මා සමග වාදයක් නැත.මගේ සිත රිදී ඇතැත් අම්මාගේ සිත රිදවීමට  බැරි නිසා මට ඉස්කෝලේ යන්නම වෙයි.

පසුදා වුවද මට ඉස්කෝලය පැත්ත පලාතේ යන්නට සිත නොදෙයි. මගෙ මුලු ලෝකයම කොහෙන් හෝ ඉරී,ගැලැවී, සෝදාපාලුවට ගොස් ඇත්තේය.

“මගෙ ඔලුව කැක්කුමයි..”

“ආ… එක පාරටම..” අම්මාට මගේ සිත ගැන සැකයක් නැත. ඔලුව කැක්කුමට වඩා සපත්තු කැක්කුම ලොකු බව ඈ දනී..

එහෙන0 ඔන්න ඔහේ මේ සුමානෙ ගෙදර ඉන්න.. ම0 කොහොමහරි සපත්තු දෙකක් අරන්දෙන්න0..එතකොට ඔය ප්‍රශ්නේ හරියයිනේ…

ගෙදර ඉන්නා දවස් ගෙවෙන්නෙ පුදුම අපහසුතාවෙනි. ඉස්කෝලේ මා ගැන මොනවා කතා වෙනවා ඇත්ද..සපත්තු ගැන..සපත්තු ගන්නට සල්ලි නැත්තේ ඇයි.. තාත්තා කෙනෙක් නැද්ද..උදව් කරන්නට  කෙනෙක් නැද්ද..  ආයේ ඉස්කෝළේ  එන එකක් නැද්ද…වෙන ඉස්කෝලෙකට යයිද..

අනේක විධ ප්‍රශ්නත් කුතුහලයත් ලැජ්ජාවත් මගේ එදිනෙදා පුරුදු පවා අමතක කර ඇත්තේය. ජම්බු ගහේ රතු පාටින් ගෙඩි පිරී ඇතත්, යාපනේ බට් අඹගහේ “ඇහැගහගෙන ” සිටි හොදම ගෙඩි වවුලන් කා යතත් මට වෙනදා මෙන් ඒවා රස -ප්‍රිය නැත්තේය.

ඉස්කෝලේ නොගිහින් ගෙවී ඇත්තේ තවමත් දෙදිනකි. අම්මාගේ සපත්තු ගැනිල්ලේ සේයාවකුද නැත්තේය. මමද දැන් දැන් ඉරිදාපොලේ රස්තියාදුවටත් බෝල ගහන්නටත් පුරුදුවෙමින් සිටිමි…

“අන්න තමුසෙව හොයන්න ඉස්කෝලෙන් ඇවිත්….” හදිසියේම අසල්වැසියෙකුගෙන් පණිවිඩයකි.

ඉක්මනින් ගෙදර දුවන විට ගෙයි ඉස්තෝප්පුවේ කැඩුනු පුටුවේ වාඩිවී සිටින්නේ ශ්‍රේණී භාර ගුරුවරයාය. ඔහු අප දන්නා දරුණුම එහෙත් හිත හොද, ඉගෙනුමට – ඉගැන්වීමට ආදරය කල ගුරුවරයාය. නුගේගොඩ හන්දියේ  රස්තියාදු ගහන කොල්ලන් ලගටම ගොස් කන් අඩි වලට ගසාකොල්ලන් ඉස්සර කරගෙන එන මේ ගුරුවරයා පිළිබද රසවත් කතා මගේ සමකාලීනයන් ඉතා ආදරයෙන් දැනුදු මතක් කරයි.

“ආ…උඹත් දැන් රස්තියාදු ගහන්න පුරුදුවුනා නේද… යකො බලපන් මේ ගෙදරක හැටි..ඉගෙන්ගන්ඩ බැරිනන් අඩුම ගානේ ගේ- ම්දුලවත් අස්කරගෙන..තොපිට කන්ඩ අදින්ඩ දෙන මේ මනුස්සයාට උදව්වක්වත් කරපන්කො..” ඔහුගේ ස්වර තියුණුය එය මාගේ පපුව විනිවිද යයි. අම්මා කවදත් මෙන් මගේ පැත්තමය.

“නෑ ..සර්..මෙයා මට උදව් කරනවා..මමයි කිව්වෙ ගිහින් ටිකක් සෙල්ලන් කරන්න…” අම්මා කීවේ බොරුවක් නොවේ.. දවල් කෑම වේල පිළිබද විස්වාසයක් නැතිකම අම්මාගෙන් රස්තියාදුවට මට රුකුලක් විය. “ආ හරි..ඒ මොක වුනත් උඹ හෙට ඉදලා ඉස්කෝලේ එන්ඩ ඕනේ…ප්‍රශ්නේ සපත්තු දෙකනේ…එකත් ම0 හරිගස්සලා තියෙන්නේ.. උඹ අදම අම්මත් එක්ක ගිහින් සපත්තු දෙකක් ගනින්…හෙට උදේම ඉස්කෝලේ…නාවොත්..මම එකත් බලාගන්නන්…” ඔහු   තර්ජනාත්මකව මදෙස බලන ගමන්ම අම්මා වෙත ලියුම් කවරයක් දික් කලේය. ..

වතුර වීදුරුවක් පමණක් හිස්කල ඔහු ගෙදරින් යන තුරු මට ඉස්පාසුවක් නැත. අන්තිමේ ඔහු නික්ම ගියෙන් මම දඩි බිඩියේ ලියුම් කවරය ඉරා බැලුවෙමි… කිසිදු සටහනක් නැතුවම එහි රුපියල් දෙසීයකි. එකල සපත්තු ජෝඩුවක් ඕනෑනම් රුපියල් 120-150 පමන විය.

එදා නුගේගොඩ ගොස් අම්මාත් මමත් ආවේ ලොතරැයියක් ඇදුනා ලෙසිනි. මට අලුත් “කලු සපත්තු කුට්ටමක්” එළවලු කිහිපයක් මාලු 250ක් අපේ බඩුමලු අතර විය.එපමනක්ම නොවේ තැපැල් කන්තෝරුව පාමුල බීම කඩෙන් මට සරුවත් එකකි. එදාත් අම්මාගේ බඩ හොදටම පිරී තිබෙන  බැවින් ඈ මගෙ සරුවත් වීදුරුවෙන් උගුරක් බීවාය. මේ අම්මාගේ “බඩ පිරිල්ල” හොද කෑමක්- බීමක් “අපට” ලැබෙන හැම විටම තිබුනාය. ඒ බඩ පිරිල්ල මගේ දරුවන් රස කර කනබොන හැමවිටම මට මතක් වෙයි. දැන් සමහර වෙලාවට මටත් මේ බඩ පිරිල්ලේ රෝගය ඇතිවෙයි. එත් මගේ දරුවන් ඒ ගැන මොනවා හිතනවා ඇද්ද…

පසුදා ඉස්කෝලේ ගමන මට මහා රාජකාරියකි. කලිසමත්, කමිසයත් හේදී දුර්වර්ණ වුව මගේ සපත්තු දෙක අලුත්ය. කිහිප විටක්ම සපත්තු දෙකත් ..ලේස් ගැටේත් ලිහ ලිහා ගැටගැහුවද මට වෙන කිසිවෙකුගේ අවධානය යොමු නොවෙයි. කාටවත් මගේ අලුත් සපත්තු දෙක ගැන උනන්දුවක් නැත. අඩුම තරමේ සපත්තු  ගැනීමට මුදල් දුන් ගුරුවරයාද මා දුටුවත් කතා කලේවත් නැත. අතපසු වූ පාඩම් විවෙක කාලයේ ලියාගනු මිස සෙල්ලමට යනු නැතැයි තර්ජනා0ගුලියක් දැමුවා පමණි. සියල්ලන්ටම මා පාසල් නොආ කාරණය ලෙස උණ සෑදී සිටීම ජීරණය විය. වෙනදාට දවසක් හෝ නොආවොත් පිටු ගනන් පිටපත් කිරීමේ දඩුවමද නැත. සියල්ල සාමාන්‍ය ලෙස ගෙවී ගොස් තිබේ.

සපත්තු දෙක ගැන ඔහුට තුති පුදන ලෙස අම්මා කිහිපවරක්ම කියා සිටියත් ඒ හැම විටම ඔහු මා මගහැරියෙය. එදා සිට පාසලෙන් අස්වනතුරු කිසිදිනෙක මට සපත්තු ප්‍රශ්නයක් ආවේ නැත. අවුරුදු පතා නැතත් මගේ සපත්තු ගෙවී කැඩී තිබෙන හැම විටම අම්මාට ලියුම් කවරයක බහා ආ ඔහුගෙ “දයාභරිත මනුස්සකම” ලැබී තිබුනේය.

මගේ ජීවිතයේ මා තවමත් ඔහුට නයගැතිය. ඒ කෙසේවෙතත් ඒ නය ගෙවීමට තබා ඒ උදාර මනුශ්‍යා බැලීමටවත් යාමට මට මගේ  ජීවිතය  තවමත් ඉඩ දුන්නේ නැත. ඒ කරුමක්කාර හැගීම ජීවිතයේ අවසාන මොහොත දක්වා මා සමගම සැරි සරනු ඇත.

http://sodurumathaka.blogspot.com

දෙනෝ දාහක් අතර තනිවී ..ඔබම සොයමි මම
කාලෙකින් නොදැක්කාවෙන්..

කොහොමදැයි නොදනිම්…

එත් නුඹ නම් -

මo ගැනම හිත හිතා ඉන්න බව නම් දනිමි…

දනිස් කෙඩෙත්තුයි නෙවෙද –   දුක් සැප සොයා ඇවිද..

ආදරේ ගෙනත් දුන් – නෙත් අඳුරුද තවම….

බෙදාදුන් ආදරේ ..නොතියාම කාටත් පිට අයට..

බිඳක්වත් ආයෙමත් ලැබෙනවාද…

පුතෙක් නම් – රජෙක් විය

ඔටුනු පලදා තැනක

පෙරහරින් ගෙනියන්ට දුන් – දුවණියන් නො එයි

අස්සයා පිට නැතුව…

ඒ කොයි – කොහොම උනත් – මට එන්න බැරි උන දුකට

මුකුත් නොකියා හිත මගේ පිරිමදින….

මේ මුකුත් නොදන්නා – මගේ මල් පැටවුන්ට

මo හැදුන හැටි  කියලා දෙන්න..

අම්මේ ඉතින් එන්නේ කවදාද….

By 47

ඉහඳ පණුවා සහ කාක්කා…
ලංකාවේ රාජ්‍ය ආයතන බොහොමයක්ම නව තාක්ෂණය හා දැනුම යොදාගනිමින් ජනතාව වෙත තම සේවා සැපයීම හා ලැබී ඇති යටිතල පහසුකම්වල පිහිටෙන් සතු‍ටුදායක සේවයක් ඇරබී ඇති බව බොහෝදෙනෙකුගෙ මෙන්ම මගේද අදහසයි. ඒ සදහා ඒ ඒ ආයතනවලට පත්වන නවලෝකයේ දැනුම ලත්, අලුතෙන් සිතිය හැකි ඒ සදහා යල්පැනගිය සම්ප්‍රදායන්ගෙන් ඉවත්වියහැකි හෝ වෙනස්විය හැකි රාජ්‍ය සේවකයන්ගේ අවශ්‍යතාවද ඇත්තේය. එසේම එකී ආයතනයට පරිභාහිරව සහභාගී වන සේවා පාර්ශවයන්වල තත්වය හා ගුණය කළමනාකරණය කල යුත්තේද වෙයි. උදාහරණයක් ලෙස කොළඹ පුස්තකාල සේවා මණ්ඩලය යම් ප්‍රමාණයක යටිතල පහසුකම් මැද ඉතා ගුනාත්මක හා ආචාරශීලී සේවාවක යෙදෙන අතර ජාතික ලේඛනාගාරය පත්ව ඇත්තේ ඉතා අවාසනාවන්ත ගතානුගතික සම්ප්‍රදායුනුකූල (“ආණ්ඩුවේ ජොබ් එක”) තත්වයටය. පර්යේෂණයක් හෝ මූලාශ්‍රයක් සොයා එහි එන අයෙකුටත් ඉඩම් බූදල් අර්බුද සදහා ලියකියවිළි සොයා එන අයෙකුටත් වියදම් කල හැකි ප්‍රමාණය අනුව “වැඩේ කරගත හැකි” සම්ප්‍රදායක් එහිද ගොඩනැගී තිබේ.

කිසියම් පරිමාවකට දූෂණ වංචා ඇතත් විදේශ සේවා කාර්යංශය සෙවාදායකයාට පහසු විදියේසේවාවක් සපයන මුත් ඊට සමගාමීව විදේශ සේවා කාර්යංශය කාර්යංශයේම ලියාපදිංචි කිරීම් හා ගුවන්තො‍ටුපොළ ඒකකය සපයන්නේ සේවාදායකයා තුල කිසිදු පිරියක් ඇති සේවාවක් නොවේ. ගුවන්තො‍ටුපලේදී ඔවුන්ගේ සේවාව සතිපොලක “කුලී” එකතු කරන්නාගේ රාජකාරියට වඩා දෙයක් නොවේ.

පුංචි බො‍රැල්ලේ “පාස්පෝට් කන්‍තෝරුව ” ට එන කෙනෙකු එළියට බහින්නේ සතු‍ටු හිනාවකින් නම් ඔහුව හෝ ඇයව පාර පන්නවා මානසික රෝග වාට්‍ටුවට පෙන්වා ප්‍රතිකාර ලබාදිය යුතු බව මගේ මිත්‍රයෙකු කීවේ විහිලුවකට සලකාය. නමුත් එය ලංකාවේ බොහෝ රාජ්‍ය සේවා සපයන ආයතන වලට අදාල බව විහිලුවක් නොවේ.

ඒ තරමටම එකී ආයතන ඇතුලු බොහෝ තැන්වල ඇතුලේ ඉදන් නොපෙනී කන “ඉහඳ පණුවන්” ගෙන් මෙන්ම පිට ඉදන් පෙනි පෙනී කන “කාක්කන්ගෙන්ද” පිරී එහිම පිළිළ වෙමින් තිබේ.

මේ ආයතනයන් සියල්ලේම ක්‍රියාකලාපයනට හේතුව එකී ක්‍රියාදාමයන් පි‍ටුපස සිටින මනුසත්වයාගේ සිතිවිළි වලට ඔවුන්ගේම දැනුම හා විවේචනයේ ඇති වෙනස්කම්වල පරස්පරතාවයි.

කෙසේ වෙතත් තම ආයතනයෙ හා ඊට පරිභාහිරව හෝ ඊට සමගාමීව සිදුවන සියලුම ක්‍රියාදාමයන් වලට වගකිව යුතු “මනසක්” ඇති විවේචනයේ ගුණදොස් දැකිය හැකි ඒ වෙනුවෙන් පැහැදිළිවම වංචාවට ගසා කෑමට එරෙහිවියහැකි, ඒ සදහා සාපේක්ෂ හෝ වැඩපිළිවෙලක් ඇති ප්‍රධානියෙක් සිටීම වාසනාවක් වන්නේ සේවාව ලබාගන්නා පොදුජනතාවටත්ය. එසේම පරිභාහිරව පොදුමහත් සේවාලාභී ජනතාව වෙනුවෙන් එකී ආයතනවලට හා පුද්ගලයන්ට බලපෑම් එල්ල කිරීම (අදාල ආයතනයේ ප්‍රගතිය හ ආචාරසම්පන්න සේවාවක් ) වෙනුවෙන් අප සැමගේම වගකීමයි.

ඒ බව පසුගියදාක වේරහැර ප්‍රවාහන බලපත්‍ර නිකුත්කිරීමේ කාර්යාලය ට අදාල සේවාවක් ලබාගැනීම උදෙසා ගිය ගමනකදී අත්දැකගන්නට හැකිවිය.

රථ ගාල

මහත්තයා හෙල්මට් තියලා යන්න එපා ..බයිසිකලේ හැන්ඩ්ල් ලොක් කරලා යන්න එපා..

හෙල්මට් නං කමක් නෑ ..හැන්ඩ්ල් එක ලොක් නොකොලොත් බයිසිකලේට වගකියනවද ?

මහත්තයගෙ බයිසිකලේ විතරද මෙතන්ට එන්නේ..මේක ලොක් කරලා ගියාම අනික් බයිසිකල් දාන්නේ ඔලුව උඩද..?

කේන්ති ගන්ඩ එපා ..මේවා දුක්මහන්සියෙන් හම්බ කරපු සල්ලි.. අනික සල්ලි දීලා බයිසිකලේ බලාගන්ඩ දුන්නාම ඔයගොල්ලෝ එකේ වගකීම බාරගන්නෙත් නෑ..සුලු විදියට හරි ලොක් කිරීමෙන් හරි පරෙස්සම් කරගන්ඩ දෙන්නෙත් නෑ.. තමන් ජීවීතේ ගැටගහගන්න ඕනෑම රස්සාවක් කලාට කමක් නෑ .එත් මොකක් හරි මනුස්ස ගතියක ඉන්ඩ…

හරි ..හරි..ඕනෙනං බයිසිකලේ තියලා යන්ඩ නැත්නං පාරේ දාලා යන්ඩ…

රථගාලේ සිට ඇතුල්වීමේ ගේට්‍ටුව දක්වා…

ආ..සර්..ලයිසන් ගන්නද..?

ඔව්..

අලුතෙන්මද..රිනූවල්ද…කාර්ද….මෝටර්සයිකල්ද..?

ආවෙනං මෝටර්සයිකලේ තමයි..බලාගෙන යනකොට යන්ඩ වෙන්නෙ පයින්න් වගෙ මට පේන්නේ..

සර්..ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද..? මෙඩිකල් හරි එක්සැම් හරි අවුලක් නං කරලා දෙන්නං…

ඒ කියන්නෙ ?

මෙඩිකල් එක දැන් අරන් දෙන්නං…සර් ඔහොම්ම ඉන්න..විභාගෙට දවස් විසි එකක් තියල තමයි දිනේ දෙන්නෙ එකත් ඔනෙනං කලින් දාලා දෙන්නං…සර් පොඩි ගානක් වියදං කරනවනං විභාගෙත් සේප් කරලා දෙන්නං…

ඔබතුමා ලොකු මහත්තෙයෙක් වගේ….!නැත්නං ලොකු මහත්තෙයෙක් අදුනනවා වගේ… ඒ වුනත් මමම මේ වැඩේ කරගන්නං පිළිවෙලකට කරගන්ඩ තියෙන වැඩක් මොකටද නිකං සල්ලි වියදං කරන්නේ නේද..? අනෙක ඔය නිරපරාදේ අනුන්ගේ සාක්කුවලට යන කීයක් හරි යන ගමන් පිළිකා රෝහලට දීලා ගියානං හිතටත් හොදයි…..

පුලුවන්නං කරගන්ඩකෝ බලන්ඩ…ඔහේට රස්තියාදුවෙලාම එපා වෙයි. එහෙම උනොත් එන්ඩ මං අඩු ගානකට වැඩේ කරලා දෙන්නං….

ඇතුල්වීමේ ගේට්‍ටුව 01

ඇයි..?

අලුතෙන් සැහැල්ලු වාහන බලපත්‍රයක් ගන්න..

අයි.ඩී..උප්පැන්න.. මෙඩිකල් ..?

හැදුනුම්පත ..උප්පැන්න සහතික තියෙනවා..ඇත්තටම මට ඕනේ ඉල්ලුම් පත්‍රයක් ගන්ඩ.

ඉල්ලුම් පත්‍ර දෙන්ඩ මෙඩිකල් අනිවාර්යයි…!

එත්කොට වෛද්‍ය සහතිකය ගන්ඩ ඉල්ලුම්පතක් ඕනෙම නැද්ද..?

මෙහෙම කරන්ඩ ..ඔය ඉස්සරහම තියෙන ඩිස්පෙන්සරියට ගිහින් මම එව්ව කියන්න..කවුන්ටරේ ලමයට සල්ලි දුන්නම විනාඩියෙන් වැඩේ..

නෑ ..මට ඇතුලට යන්න දෙන්න.. මම ගිහින් කතා කරලා බලන්නම්..අනෙක ඔබතුමා මේ දෙපාර්තමේන්තුවෙ අභ්‍යන්තර සේවකයෙක් නෙමෙයිනෙ..පෞද්ගලික ආරක්ශක සේවයට අදාල කාරනා විතරක් කලාම ඇති..මෙතෙන්ට එන මිනුස්සුන්ව අදාල නැති උප්පරවැට්ටි වලින් අමාරුවෙ දාන්න එපා..අනෙක මෙතෙන්ට මේ විදියට නීත්‍යානුකූල මාර්ගයෙන් එන්නේ අපි ඔයගොල්ලො වගෙ සාමාන්‍ය මිනිස්සු..ඒකත් ටිකක් මතක් කරගන්න…පුලුවන් විදියට උදව් කරනවා මිස ගසාකෑමට තල්ලු කරන්ඩ එපා..

හා ..හා.. එහෙනං ගිහින් කරගන්ඩකො බලන්න…

මා එම ගේට්‍ටුවෙන් ඇතුල්වූ පසු පෞ. ආරක්ශක කතාබහ..

(කොහෙද යන ඉස්කෝලේ මහත්තයෙක්ද කොහෙද බන්..

වැඩේ ලේසී කරලා දෙන්න ගියාම කරේ නගින්ඩයි..බයිලා කියන්ඩයි එනවා…)

දෙවැනි ගේට්‍ටුව..

සර්..කොහෙද යන්නේ..

සැහැල්ලු වාහන පැදවීමේ බලපත්‍රයට…වෛද්‍ය සහතිකයක් ගන්ඩ ඉල්ලුම් පත්‍රයක් ගන්න..

කෝ… ඩොකියුමන්ට්ස්.. ඇප්ලිකේශන් දෙන්න ..නං මෙඩිකල්..අයි.ඩී..උප්පැන්න ඕනේ..එවා හරිද..?

නෑ මට වෛද්‍ය සහතිකෙ ගන්න ඉල්ලුම් පත්‍රයක් ගන්නයි උවමනාව.

ඇයි මුල් ගේට්‍ටුවෙන් කිව්වෙ නැද්ද…මෙඩිකල් ගන්න තැනක් ගැන…

කිව්ව… ඒත් මගේ අදහස අදුරන දොස්තර මහත්තයෙක් හම්බවෙලාම සහතිකය අරගෙන එන්ඩ කියලා..

එහෙනං එව්වා කරගෙනම එන්න…

එතකොට වෛද්‍ය සහතිකයට පෝරමයක් තියනවා නේද…

ඒක තමයි කියන්නේ.. “———” දොස්තර මහත්තයා හම්බවෙලා ගේන්ඩ..සින්හල තේරෙන්නේ නැද්ද..?

මටනං හොදට සිංහල පුලුවන් ඒත් ඔබතුමාට නොතේරෙන නිසා ඉංග්‍රීසියෙන් කියලා දෙන්නද..නැත්නං අමුසිංහලෙන් කියලා දෙන්නද…නැත්නං මෙඩිකල් එකට ඇප්ලිකේෂන් ෆොර්ම් එකක් ගන්ඩ මාව අදාල තැනට යොමු කරනවද..!

අංක 11 අංශෙට යන්ඩ..

අංක 11 අංශය..

පෞ. ආ.නි- මොකක්ද උවමනාව..?

මේ අහන්න.. මං ආවේ සැහල්ලු වාහන බලපත්‍රයක් ගන්ඩ.. වෛද්‍ය සහතිකයක් දිය යුතුය කියලත්, ඒක “—-_”ඩිස්පැන්සරියේ “—-” දොස්තර මහත්තයා ලග සල්ලි ගෙවල ගත හැකිය කියලත් ඒක කවුන්ටරේට නොදී තව කීයක් හරි දීලා විභාගයට (රථවාහන පැදවීමේ බලපත්‍රය සදහා වූ මාර්ග හා සංඥා විභාගය) දිනයක් දාගන්ඩ පුලුවන් කියලත් මම ගේට්‍ටුව ලග ඉදලා මෙතෙන්නට ආපු ටිකට දැනගත්තා…මට ඒ විස්තර මොකවත් නැතුව “ෆෝම් “එක ගන්න හැටි විතරක් කියනවද…

ඔය කවුන්ටරෙන් අහන්න,…

විමසීම් හා අයදුම්පත් කවුන්ටරය-

සැහැල්ලු වාහන සදහා වෛද්‍ය සහතිකයක් අවශ්‍යයයි නේද..?

ඔව්.. මහත්තයට ලයිසන් අලුතෙන්ම ගන්න නං මේ ෆෝම් එක එම් බී බී එස් දොස්තර කෙනෙකුගෙන් සහතික කරවගෙන ජාතික හැදුනුම්පතයි..ඔරිජිනල් උප්පැන්න සහතිකයයි අරගෙන සතියේ දවසක ඇවිත් රෙජිස්ටර් වෙලා විභාගෙට දිනයක් ගන්න.. මෙහේ නාවත් අපේ වෙබ් සයිට් එකෙත් http://www.motortraffic.gov.lk මේ අයදුම්පත ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්…

බොහොම ස්තූතියි…ඔබතුමිය වඩාත් පැහැදිලියි.. තව කාරනයක් ….පුලුවන්නම් ඉහල මට්ටමේ නිලධාරීනට කියලා මේ වගේ සුලු කාරනා මේ ආයතනයේ සේවය ලබාගන්ඩ එන මිනුස්සුන්ට දැනගන්ඩ හැකි විදියක් ඇතිකරනවද..අඩුම ගානෙ ඉල්ලුම්පත් ලබාගැනීම තොරතුරු දැනගැනීම වගේ සුලු දේවල් වලට ගේට්‍ටු කීපයක් පසුකරගෙන එන්ඩ වෙලාතියෙන එකවත් අඩුකරගන්ඩ පුලුවන් වාතාවරණයක් ඇතිවුනොත් ඇති. මොකද මේ “ජරාව කන කාක්කන්ගෙන්” පන බේරාගෙන එන්ඩ තියෙන නිසා…

by 47

මින් පසුව මට ඒ වෙනුවෙන් කුමක් කල හැකිද ?

එහෙමත් රටක……
දෙමලුත් නැති - සිංහලයනුත් නැති
මුස්ලිම් එකෙක්වත් දෑහට නොපෙනී
පන්සල් පල්ලි කොවිල් කිසිත් නැති
යන්තර මන්තර ගුරුකං  මතුරන්නෙ නැති
"ගලවාගන්ඩ" - දෙවියන් යදිනු නැති
කැමති නැති උන්ගෙ කෑලිත් අඩුකරනා ආගමක් නැති
උඩරට - පහතරට - වෙල්ලාලයන් නැති
කලුද සුදුද කියලා වෙනසක්ම නැති...
රටක් තිබුනොත් කොහොම හිටී...

ජනපති - අගමැතිද ලේකම් උනත් නැති
යූඇන්පී - ජේවීපී - ශ්‍රීලංකා කොහෙත් නැති
චන්දය ඉල්ලන්ඩ එන එකෙක් නැති..

මීවැල්ලාවෙ බෝගස් වල රූප නැති
රුවන්වැල්ලේ සෝබිතයන් දකින් නැති
පන එන්නට ගුරුකම් කල කුරුස නැති
එහෙම වුනත් මීක් කියන එවුන් නැති...

පෙට්ට්‍රල් වල වෙන මොකවත් කලවමට නැති
සිමෙන්තියට එස් එල් එස් සහතිකේ නැති
වහ ටික උනත් බිව්වොත් මැරෙන්නැති..
එහෙම වුනත් ඇමැතිතුමා මේ මොකවත් දන්නෙ නැති...

එහෙම තැනක "මිනිසුන්" පමනක්ම ඇති
එහෙමත් රටක ඉපදෙන එක  පමනක්ම ඇති...

By 47

මුල්ලේරියා නිව් ටවුන්….
ලංකාව බොහෝ දියුණු වී ඇති බවත් තාප්ප නැති, වැටවල් නැති ලස්සන ඉරි ඇදි කාපට් පාරවල් – කොන්ක්‍රිට් අතුරු පාරවල් – තට්‍ටු ගෙවල් – අලුත්ම වාහන – ඇදුම් පැලැදුම් නවීකරණය වීමෙන් නව ලෝකයක් කරා යන අලුත්ම (සමක් පමණක් ඇති ) චින්තනයක් සහිත සමාජ රටාවක් බිහිවී ඇති බවත් අප ලෝකයේ කොයි කවරදාකටවත් වඩා කතාබහට ලක්වන රටක් නියෝජනය කරන ජන කණ්ඩායමක් බවට පත්ව ඇති බවත් ඉදිරියේදී ලෝකයේ බොහොමයක් රටවලට වඩා “ලොකු” දේවල් අපට ලැබෙමින් ඉදිවෙමින් පවතින බවත් සැණකෙළි – ඒකෙළි සහ මේ කෙළිවලින් කිසිම අඩුවක් නැති බවත් ලංකාවේ පත්තර ලෑල්ලකට රූපවාහිනියකට එබී බලන ඕනෑම කෙනෙකුට පෙනී යන කාරණයකි.

ලෝකයේ ප්‍රථම ස්වභාවික වරාය (මේක චීනාගේ අත්හදාබැලීමක්වත්දැයි සිතන්නට උත්සාහ නොකරන්න.) ඇත්තේ අපට පමණකි. ආසියාවේ උසම ගුවන් පාලන මැදිරිය මත්තල ඉදිකිරීමට සූදානමක් පවතී. කෝටි ගනනින් අදායම් උපයා දුන් ක්‍රිකට් ආයතනය වංචා දූෂණ වලින් වැහී අභාවයට යද්දී, බොහෝමයක් ක්‍රීඩා ආයතන අඝාධයේ ගිලෙද්දී ටීක්බෝල කණ්ඩායමක්වත් තරගාවලියකට සූදානම් කරගත නොහැකි පරිපාලනයක් තිබුනද,  පොදුරාජ්‍ය ක්‍රීඩා උළෙල  සදහා බලගතු ඔස්ට්‍රේලියාව හා තරග වැදීමට අපට හැකිය. ඒ සදහා වියහියදම් කිරීමට ඕනෑ තරම් මුදල් අපට තිබේ. ඒවාටත් – (නය) උරුමකරුවන් වීමට චීනයෙන් බැරිනම් වියට්නාමයෙන් හෝ අලුත්ම දකුණු සූඩානයෙන් නය ගැනුම වුවත් අපට ආඩම්බරයකි.

කොළඹ ඇතුලු නගර අලංකරණය කෙරෙන්නේ ඉතා සීඝ්‍රයෙනි. අතිශය වටිනා ඉඩ්කඩම් සංවර්ධනයේ ඉලක්කම් විජ්ජාවලින් තුට්‍ටු දෙකට විකිනෙද්දී නගරාශ්‍රිත තාප්ප කඩන්නේ ඒවා හැදීමට ගිය වියදමටත් වඩා ඉහලින් හා  හදිසියෙනි. හිගන්නන් අතුරුදහන් වන්නේ ආයාලේ යන් බල්ලන්ට වෙනමම නවතැන් හා තුන්වේලට බත් මාලු හැදෙද්දීය. එළවලු පළතුරු ලෑලි සහ පෙට්ටි කඩ කැඩෙන්නේ සියගනනින් වුව නැවත හැදෙන්නේ එක දෙකකි. ඒ එක දෙකත් දන්න අදුරන අයට මිස හිටපු අයට නොවේය.   අසීමිත කප්පම් ගැනීම් හා බියවැද්දවීම් වලට අමතරව  පැන යන්නට හදන පොලිස් අත් අඩංගුවේ සිටි සැකකාරයා නවත්වන්නේ ඔලුවටම උන්ඩ නිදහස් කිරීමෙනි.

එහෙත් ඒ  ලංකාවේ පත්තරවල දැන් දැන්  පි‍ටු පිරෙන්නේ කාන්තාවන් හත්දෙනෙකු දූෂණය කර මරාදමන කොල්ලෙකු ගැන හෝ මහ රෑ ගෙට පැන අතපත ගා යන ග්‍රීස් භූතයෙකු හෝ යට ඇදුමින් ඇගට පැන සූරා පනින අද්භූතයන් පිළිබද තලු මර මර රසවිදින කතාන්දර වලිනි.

නැතිනම් අසූහැවිරිදි අම්මා මරා ඉඩම අයිතිකරගත් පුතා හෝ සැමියා මරන්නට කොන්ත්‍රාත් දෙන ගැහැණුන්ගේ කොන්ත්‍රාත් වල රසබර කතාවලිනි.

මේවා ඉබේ පහල වන්නේ නැත. කාලයක තිස්සේ යුධ මානසිකත්වයෙන් ඔද වැඩී හුන්, තුවක්කු පිස්‍තෝල සංස්කෘතියෙන් වසා දමා තිබුණු මිනිස් අවරෝහණයේ ගතිලක්ෂණයන් තවදුරටත් වසාතබාලිය නොහැකි නිසාවෙන් තැනින් තැන මතුවන්නකි. මෙය මූලාරම්භක ගති ලක්ෂණයන් බව තේරුම්ගන්නේ නම් ඒ සදහා ව්ගකීම් කොටස ඉ‍ටුකලයුතු කාලය මේ දැන්මය…සමාජයේ භෞතික සුවතාවයන් මෙන්ම මානසික සුවතාවය පිළිබදවත් කල්පනා කල යුතු කාලය මේ දැන්මය.

තවදුරටත් සංදර්ශන මායාවෙන් හෝ දුවන්නට කියා පස්සෙන් වෙඩිතැබීමෙන් මේවා නැවැත්විය හැකි හෝ වසා තැබිය හැකි බව සිතන්නේ නම් අපට මහා ලොකු වැඩක් ඉතුරු වී නැත. ඇත්තේ කාට හෝ ලගම හිතවතෙකුට කොන්ත්‍රාත්තුවක් දී,

මුලු  රට වටාම තාප්පයක් බදින එකය.(එහෙම වුනු විට කොළඹ තාප්ප කඩ කඩා ඉන්නට වෙන්නේ නැත.)

එතකොට ජාත්‍යන්තර ප්‍රජාව, ජනමාධ්‍ය, චැනල් 4 – බන්කීමූන් – දරුස්මාන්- අරවා මේවායෙන් බේරී මේක ඇතුලේම පිස්සු කෙළිය හැකිය. වැඩේ කම්මුතුය.

එහෙම බලනවිට අපට මානසික පිස්සන් වෙනුවෙන් ලෝකයේ ලොකුම ඉස්පිරිතාලය සදහා මුල්ගලක් තැබෙන වාර්තාවත් අත ලගය.

By 47

අල්ලපු ගෙදර එකාටත් ගහමුද ?
විදේශීය අධ්‍යාපනය ලබන මගේ මිත්‍රයෙකු පසුගිය දිනෙක ඉන්දියාවේ දිල්ලි නුවර සිට කොළඹ දක්වා එන ගමනේදී දකින්නට ලැබුනු අත්දැකිමක් නිසා මෙවර අපේ මිතුරු සමාගමය වෙනත් අතකට පෙරල ගියේය.

පාසැල් වියේදී අවන්ක හා ක්‍රියාශීලී විප්ලවවාදී පාක්ෂිකයෙකු වූ මොහු පසුකාලීනව ‍රැකියාව හා අධ්‍යාපන කටයුතු නිසා ” ඉන්ටනෙට්” පාක්ෂිකයෙක් වීය. නමුත් ඉඩ ලැබුණු නොලැබුණු සැමවිටම ඔහු තම පිළිගත් අදහස් හා පක්ෂය වෙනුවෙන් තර්ක විතර්ක හැරපා පක්ෂයද නායකයන්ද බේරාගන්නා තැනකට සැමවිටම තල්ලුවී ගියේ සමහර නායකයන් පිළිබද එළිපිටම පෙනෙන දුර්වලතා ඇතිවිටෙකත් පක්ෂය හා නායකයන් පිළිබද ඇති මහත් වූ භක්තියෙනි. වරෙක තමන්ගේ අසල්වැසි එජාප පාක්ෂිකයා සමග එවන් වාදයක් අතරතුර ඇතිවූ වචන හුවමාරුවක් දුරදිග ගොස් වැටෙන් කඩාගත් ඇල්බීසීයා පොල්ලකින් පහරදී ඔලුව පැලූ අතර පොලීසි නොගොස් සාමදාන කරගන්නටවත් මගේ මිතුරා තම තර්කය වැරදි බව පිළිගත්තේ නැත.

කෙසේ වේතත් මෙවර පසුබිම් කතාව සැකෙවින් මෙසේය,

දිල්ලි නුවර සිට ගුවන් යානයට ගොඩ වුනු මිතුරාට ඉකොනොමි පන්තියේ අසුන පිරී තිබුනෙන් ව්‍යාපාරික  (බිස්නස්) පන්තියේ අසුනක් ලැබීමේ වාසනාවක් උදාවී ඇත. අවසාන මොහොතේ ව්‍යාපාරික පන්තියේ අනෙක්   ආසනයන්ද පිරී ගොස් ඇති අතරවරින් වර පැමිණි මේ මගීන්ගේ මුහුණු අතර තමන්ට ඉතා හුරුපුරුදු අය සිටිම ඔහුටද සතුටක් විය.

මුලින්ම පැමිණ ඇත්තේ ජවිපේ නියෝජනය කරන විපක්ශය විසින් ආණ්ඩුව විවේචනය පිණිස හැමවිටම පෙරමුණට ගෙනෙන මන්ත්‍රීවරයෙකි. ලියකියවිලි මල්ලක්ද ‍රැගෙන ගුවන්යානයට ගොඩවූ හෙතෙම මගේ මිත්‍රයාගේ ආසනයට ඉදිරියෙන් අසුන්ගත්තේය. තමා වරෙක නියෝජනය කල දිවිහිමියෙන් පෙනී සිටි කැපවීමෙන් කැට සහ ලේ සොලවන ලද පක්ශයේ මුල්පෙලේ නියමුවෙකු ලගින්ම දැකගැනීමේත් කතාබහ කිරීමේත් ලබන මේ අවස්තාව අමිල බව ඔහුට තේරුම් ගොස් තිබිණ.

එහෙත් එම මොහෙතේ ගුවන්යානයට පැමිණි තවත් අමුත්තකු නිසා ඔහුගේ අදහස ඒ අකාරයෙන්ම නොවූවත් වෙනස් ආකාරයකට හෝ සඵල වන බව පෙනුණි, ඒ ආණ්ඩුව පෙරට ගෙන අද මේ සුවිසල් තැනට ගෙනා, දැන් එජාපයේ මාධ්‍ය හසුරවන දකුණු පළාතේ පෙරළිකාර මන්ත්‍රීවරයාගේ ආගමනයයි. යම් අතකට මේ දෙදෙනාගේම අතීතයේ නොයෙකුත් සම්භන්දකම් තිබීමත් ඊලග දේශපාලන වැඩමුලුවකට අත්‍යවශ්‍ය නායකත්වයක් උදෙසාත් ඔවුන්ගේ හැකියාවන් මගේ මිත්‍රයා සිතින් ආශ්වාදනය කරන්නට විණ.

මගේ මිත්‍රයා වෙත කෙටි සිනහවකින් සන්ග්‍රහ කල මන්ත්‍රීවරයා තවත් අසුනක ඉදගත් අතර ඔවුන් යම් ආකාරයකට සන්සුන් වන තෙක් කතාබහකට පටලාගැනීමේ අදහස කල් දැමූ මිත්‍රයා දු‍ටුවේ එකවර මහහඩින් කතා කරමින් ගුවන් යානයට පිවිසෙන තවත් ප්‍රසිද්ධ මුහුණු කිහිපයකි.

පෙරමුනේම -

කද කෙසේ වෙතත් බඩ මහත ඇමැතිවරයෙකි.විවිධ අමාත්‍යධූර දරමින් ඒ හැම අමාත්‍යන්ශයක්ම පරිහානියට පත්වන නිලධාරී රොත්තක්ම බෝ කල මේ අමාත්‍යවරයා තම පුද්ගල චරිත ස්වභාවය පිළිබදවද කුප්‍රසිද්ධ අයෙකි. අනෙක් තැනැත්තා සහෝදරයන් අතරින් කොන්ව පැත්තකට   දමා සිටින තම ගම්පළාතේ ‍රැකියා ලබාදීමට මුදල් අයකල පළාතේ කිසිම වැඩකට උපකාරයක් නොවන, ඒ නිසාම ක්‍රියාශීලී දේශපාලනයෙන් ඉවත්කර තැබූ අයෙකි. අනෙක් අය අතුරින් කුරුණෑගල පැත්තේ ඇමැතිමෙකුගේ මන්ත්‍රී පුතෙක්ද, කොළඹ පදනම් කරගත් නියෝජ්‍ය ඇමැතිවරයෙක්ද ඇමැත්තෙකුද මගේ මිතුරා හදුනාගත්තේ ඉතා පහසුවෙනි.

මේ පිරිසේ සන්යුතිය දැකීමෙන්ම මගේ මිතුරාට “දැන් දැන් පැටළෙතැයි” යන හැගීමද එසේම ” තමනගේ ප්‍රශ්න වලට පිලිතුරු නොදී පලායන ආණ්ඩුවේ නියෝජිතයෙකු දු‍ටුතැන ප්‍රශ්න කරමි. ඔවුන් අපෙන් බේරී පලා යනු බොරුය…..” යැයි පපුවට ඇනගන්නා තම විප්ලවවාදී සහෝදරයා පිළිබදවද නිරායාස රතු සිතිවිල්ලක් පැන නැන්ගේය.

සියලූ දෙනාම පාහේ සන්සුන් ලෙස තම ආසනවල ගුලිවෙන අන්දමත් පැය දෙක තුනක ගමනේ සුවපහසුව විදින්නටත් සූදානම් බවත් තව මිනිත්තු කිහිපයකින් සහෝදරයා සහ විපක්ෂ මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ශයේ පිරිස තද ප්‍රශ්න කිරීමකට ලක්කරන බවත් හැගී ගියත්, ගුවන් යානය ගුවන් ගත වී මිනිත්තු කිහිපයක් ගතවූ  පමණින් තමන් වැරදි නිගමනයකට එළඹ ඇති බවක් මිත්‍රයාට පෙනී ගොස් තිබේ.

චැනල් 4, හෙජින් ගිවිසුම්, බාල තෙල් බෙදාහැරීම්, අතුරුදහන්වීම්, දූෂණ වන්චා, පරිපාලන වන්චා  ආදී අ‍තෝරක් නැති ගැටලු හා අර්බුද පිළිබද සාකච්චාවක් හා කතිකාවක් නිර්මාණය වී පෙනි පෙනී දූෂිත අපචාර කරන, කරවන හා කරන්නන් ආරක්ෂා කරන හා ඒවාට පිළිතුරු නොදී එලොවටත් නැති මෙලොවටත් නැති උත්තර සපයන ආණ්ඩුවේ ඇමැත්තා හා පිරිවරට   “බඩ යන්නට”  වදින බව මගේ මිත්‍රයාගේ අවන්ක පිරිසිදු චේතනාව කුඩුපට්ටම් කරමින් දියකර හරිමින් අනර්ඝ “විස්කි රවුමක්” බිස්නස් පන්තිය පුරා ඇදී ගිය අතර, ඊලග රවුම තවත් ඉක්මන් වීම මගේ මිත්‍රයාගේ සියලු බලාපොරොත්තු සුන් කර දමන ලදි.

රටේ සමාජයේ දැවෙන ප්‍රශ්න ගැටලු ඇත්තේ වේදිකාවේ පතුරු ගහන්නටවත් පාක්ෂිකයනට ගිලින්නට දී වමාර වමාරා දේශපාලන පක්ෂ කණුවේ බැදගන්නටවත් මේ වාගේ සැප ගමන් බිමන් යන්නට වැඩ සලසාගන්නටවත් මිස  මේ වගේ තැනක විස්කි උගුරක්වත් නොබී සුවපහසුව නැතිකරගෙන  ගෙදරදොරේ වැඩක්වත් කතානොකරගෙන  ජොලියේ ඉන්නටදැයි නො අසා “සහෝදරයා” විසින් “ඇමැතිතුමාගේ” කරේ අත දමාගැනීමෙන්ම මගේ “මිත්‍රයාට” ඔප්පු කරම පෙන්නුවේය .

විනෝදකාමී කෙළිලොල් ඇමැත්තා හා විහිලුතහලුවෙන් කාලය “කා ” දැමූ සහෝදරයා හා විපක්ෂ මන්ත්‍රීවරයා සැමවිටම ව්‍යාපාරික පන්තිය හා ඉකොනොමි පන්තිය අතර කර්ටනය වසා ඇද්දැයි සෝදිසි වූ බවත් ගුවන් ගමන අවසන ” වන්චාකාරී, දූෂීත, කපටි – බොරුකාරයන් ” සමග මගේ කිසිම සම්භන්ධයක් නැතැයි හැගෙවෙන පරිද්දෙන් මෙතෙක් වේලා පහසුවෙන් හා සැපයෙන් සිටි ඉරියව් වෙනස් කරමින් බරපතල මුහුණක් ආරූඩ කරගෙන කඩිමුඩියේම ගුවන් යානයෙන් බැස ගිය බවත් නිරීක්ෂණය කල මගේ මිතුරා සැම විටම  තමන් ඇල්බීසියා පොල්ලෙන් ගසා ඔලුව පැලූ අල්ලපු ගෙදර යූ ඇන්පීකාරයා තමන්ට ” නක්කල්”සිනාවක් පානා අයුරු සිතේ මැවෙන බව පැවසුවේය.

සහෝදරයා හෝ විපක්ෂ මන්ත්‍රීවරයා සමග වචනයක් හෝ කතා නොකිරීමෙන් තමන්ට අත්විදින්නට ලැබූ මේ අවස්තාව පිළිබදව නම් තමා සතු‍ටු වන බව මගේ මිතුරා උදම් ඇනුයේය.

මට තවදුරටත් මේ කතාවේ කියන්නට දෙයක් නැත. ඇත්තේ “සහෝදරයන්ටත් – යූඇන්පීකාරයන්ටත් – අපි මහින්දගේ කට්ටියටත්” “සිතන්නට” දෙයක් පමණි. එසේ හැකිනම් අඩුම තරමේ මේවර පැවැත්වෙන මැතිවරණයේදී ඔලු ගෙඩි දෙකතුනක්, අතපය කිහිපයක් සහ අසල්වැසියාගේ ජනේල දුසිමක්වත් බේරාගත හැකිවෙනු ඇත.

by 47

අක්මාව හා මොළය…..
මැදි වයසේ පසුවන උගත් බුද්ධිමත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලත් මගේ මිත්‍රයෙක් ඉන්දියාවේ අධ්‍යාපනය ලබමින් සිට මීට මාසයකට පමණ පෙර ලංකාවට පැමිණියේ කෙටි නිවාඩුවකටයි. සමාජයේ එදිනෙදා කතාබහට ලක්වන පොදු කරුණු පිළිබද වැටහීමකින් සමාජයේ බරපතල ලෙස දැනෙන කතිකාවක් ඇතිකල යුතුය යන හැගීමෙන් කටයුතු කරන මගේ මිත්‍රයා ඒ පිළිබද අවදියෙන් සිටින විවිධ බුද්ධි මට්ටම් වල පුද්ගලයන් සමග කතිකාවටද පිවිසෙන්නෙකි.

නමුත් මා මෙතෙක් ඔහු ගැන කතා කරමින් සිටියේ එවන් වූ කතාබහක හෝ මැදිහත්වීම් පිළිබදව අවධානයක් ලබාගැනීමට නොව ඔහු හා සම්භන්ධ වෙනත් සමාජීය ගැටලුවක් පිළිබද කතා කිරීමටයි.

ඉන්දියාවේ ගතකල අවුරුදු කිහිපයයෙන් පසුව ලංකාවට පැමිණි මුල් සති කිහිපයෙන් පසුව මගේ මිත්‍රයාගේ කකුල් තරමක් ඉදිමෙන්නට වූ අතර තරමක් වෙහෙස මහන්සි වූ පසුව මේ ඉදිමුම වැඩි වෙන්නට විය. වෙනත් රෝග ලක්ෂණ නැතත් මේ පිළිබදව වෛද්‍යවරයෙකුට පෙන්වීම සුදුසු බව කාගේත් තීරණය විය. ඒ අනුව ඔහුව සාමාන්‍ය වෛද්‍යවරයෙකුට යොමු කරනු ලදුව තවදුරටත් පරීක්ෂණ කිහිපයක්ද එම පර්‍රක්ෂණ සමග විශේෂඤ වෛද්‍යවරයෙකුටද පෙන්වන ලෙස දන්වන ලදි.

පරීක්ෂණ කිහිපයක් සදහා පෞද්ගලික ආයතනයකට ගිය මිතුරාට එම පරීක්ෂණ තොගයෙන් එකක් හැර අනෙක් සියල්ලම ඉතා සතුටුදායක විය. අසතුටුදායක  පරීක්ෂණය අක්මාව සම්බන්ධයෙන් කල එකක් වූ අතර සාමාන්‍ය ප්‍රමාණයට වඩා මේද තැන්පත්ව තිබූ බව එම පරීක්ෂණය මෙහෙයවූ නිලධාරියාගේ මතය වූයෙන් එම වාර්තාවට මුල්තැනක් දී විශේෂඤ වෛද්‍යවරයා හමුවීමට සිදුවිය.

වාර්තා කියවා බැලූ අදාල වෛද්‍යවරිය අක්මාවේ යම් ගැටලුවක් ඇති බව තමාට පෙනී යන බැවින් මගේ මිතුරාගෙන් අසා සිටියේ මත්පැන් පානය කරන ප්‍රමාණය කොතෙක්ද යනුයි. මිත්‍රයා ඉතා කලාතුරකින් මත්පැන් තොල ගාන එහෙයින් “කන බොන කල්ලියට” අයත් නොවන  කෙනෙකු වූ නිසා තමන් එසේ මත්පැන් ගන්නා ප්‍රමාණය පිළිබදවත් ඉන්දියානු කෑමබීම වල අධික තෙල් ප්‍රමාණය පිළිබදවත් තමන් හරිහැටි ව්‍යායාම වල නොයෙදෙන බවත් පැවසූයේ වෛද්‍යවරියගේ  “මත්පැන් ගැනීම ” පිළිබද පුන පුනා ප්‍රශ්න කිරීම්වලට අදාල වේ යැයි සිතූ බැවිනි.

නුමුත් අදාල වෛද්‍යවරියගේ නිගමනය වූයේ මෙය මධ්‍යාසාර භාවිතයට අදාලව ඇතිවිය හැකි  “සිරෝසිස්” රෝග තත්වයක් බවයි. අක්මාව අදාල පරීක්ෂණයේදී නිලධාරියා පැවසූ කාරණය යලි ඉස්මතු කලද වි.වෛද්‍යවරිය ඒ පිළිබද තැකීමක් නොකල අතරම, තමන් උපදෙස් “දෙනු” හැරෙන්නට “ගනු” නොලබන බවක් ප්‍රකාශ වූ බව මගේ මිතුරාට හැගී ගොස් තිබේ.

තවත් මසකින් යළි පැමිනෙණ විට අදාල සිරෝසීස් රෝග තත්වය උග්‍රවී ඇත්දැයි නිගමනය කිරීමට පරීක්ෂණයක්ද කරවාගන්නා ලෙස දන්වනු ලදුව බෙහෙත් නියම කරනු නොලැබූ මගේ මිත්‍රයා නැවැත නිවසට පැමිණෙන විට නියත වශයෙන්ම රෝගියෙක් බවට පත්ව සිටියේය. (විශේෂයෙන් ආසියාවේ මිනිසුන් තම රෝගී තත්වයෙන් අඩක්ම මානසික ලෙස විදවන අතර රෝග විනිශ්චයෙන් හා බෙහෙත් දීමෙන් ධනවත් වන බටහිර වෛද්‍යවරුන්  මෙන්ම මානසිකව විදවන ඉතිරි අඩ සදහා ප්‍රතිකාර සපයන එලෝකෝටියක් තරම් වෙද්දුද තොවිල් කාරයෝද මන්තර කාරයෝද වෙති.)

විශේෂයෙන් තමන් ජීවත් වන පරිසරය හා ඥාතී හිතමිතුරන් අතරේ අදාල සිරෝසීස් රෝග තත්වය පැහැදිළි කිරීමේදී තමන් පත්වන  අපහසුතාවය පිළිබද මගේ මිතුරා විශේෂයෙන් ව්‍යාකූල තත්වයකට පත්ව සිටියේය.

“එහෙමනං හොරෙන් හොදට බොන්ඩ ඇති”

” සිරෝසීස් හැදුනා කියන්නේ ඉවරයි “

” දැන් ඉතිං විදවන්ඩ තමා තියෙන්නේ.”

වැනි ඉතා පහසුවෙන් ඇහෙන හා දැනවෙන තත්වයක් උදාවන බව මගේ මිතුරා හොදින්ම දැන සිටියෙන් වෙනදා වඩා ක්‍රියාශීලී හා සමාජ ක්‍රියාකාරකම් වල බැදී සිටි සම්භන්ධතාවන්ගෙන් ටිකින් ටික මිදෙන්නට විය. ඇත්තෙන්ම මේ ගැටලුවට මුහුණ දුන්නේ වෙනත් අයෙකු නම් මගේ මිත්‍රයාගේ ක්‍රියාකලාපය වෙසෙසින්ම මීට වඩා වෙනස් වන්නට තිබිණි. එහෙත් දැන් ඔහු සම්පූර්ණයෙන්ම  සිරෝසීස් රෝගියෙකු වී ගිලන්ව සිටිනු දක්නට ලැබීම සාමාන්‍ය තත්වයක් වීය. වෙනදා සමාජයෙ පොදු ව්‍යාකූලතා පිළිබද කතිකාවක යෙදෙන ඔහුගෙන් දැන් ජීවිතයේ අනියත බව හා මොනවා කලත් අවසන මරණය නියත බව පිළිබද හා බිව්වාද නොබිව්වාද ඉරණම තමන් සොයා එන බව මිස යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නැත.

කෙසේ වෙතත් මෙවන් ඉරණමකට පත්වූවන්ගේ ඊලග ජීවකයා බවට පත්වන සාස්ත්‍රකාරයාද මන්තර කාරයාද, දේවාල-පල්ලි-කෝවිල් හෝ විශ්වශක්තියෙන් ලෙඩ හොද කරන ගුරන් සොයා නොයාමට තරම් මගේ මිතුරා බුද්ධිමත් වීම වාසනාවක් වීය.

තවත් සති කිහිපයකට පසු අප මිතුරා පත්ව ඇති ව්‍යාකූල බාවයෙන් ගලවාගැනීම පිණිස (ඉතා දක්ෂ හා ප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරියගේ නිගමනය පිළිබද කුකුසක් නොතිබුනද.) තවත් ප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවීමට තීරණයක් ගැනුනි.

සියලු වාර්තා නැවැත පරීක්ෂා කරනු ලදුව අදාල නව වි.වෛද්‍යවරයාගේ නිගමනය වූයේ අධික තෙල් සහිත අහාර, ව්‍යායාම මදකම හා වෙනත් ස්වභාවික හේතු මත මගේ මිතුරාගේ අක්මාව තුල යම් මේද ප්‍රමාණයක් තැන්පත්ව තිබීම හේතුවෙන් මේ ව්‍යාකූලතාව ඇතිවී ඇති බවයි.

ඒ බව ඉතාමත් සවිස්තරාත්මකව  සම්පිණ්ඩනය කල වි.වෛද්‍යවරයා “මධ්‍යාසාර”  රෝගී තත්වයට කෙසේවත්ම අදාල විය හැකි තත්වයක් පරීක්ෂණ වාර්තාවලින් තමන්ට නොපෙනේ ‍යැයි පැවසීය.

මේ තත්වය වර්ධනය වීම වලකනු පිණිස සහ එමගින් අක්මාවට සිදුවිය හැකි හානිය අවම කරගනු පිණිස ප්‍රතිකාර සමග විශේෂයෙන් ව්‍යායාම වල යෙදෙන ලෙස ඔහුගේ උපදේශය විය.

මෙම තත්වය උඩ මගේ මිත්‍රයාගේ එදිනෙදා ජිවිතය යලි සාමාන්‍ය තත්වයට පත්වූ අතර මෙකී කාලය තුල තමන්  අත්විදි අත්දැකීම් යලි සිතාබැලීමට හා සමාජයේ පිළිගත් පුද්ගල චරිතයන් අදාල කාරණාවන්හීදී කොතෙක්දුරට නිවැරදි මාවත කරා සාමාන්‍ය පොදු මිනිසාව යොමුකරන්නේදැයි කතිකාවක යෙදීමට තීරණය කොට තිබේ.

අදාල පලමු වාරයේම රෝගී තත්වය නිරීක්ෂණය කලානම් ඒ සදහා සුදුසු ප්‍රතිකාර ලබාගැනීමට යොමු නොකලේ ඇයි..? තමන් විසින් රෝගී තත්වයක් නිගමනය කල පසු සමාජයට පය තබන පුද්ගලයා පිළිබද සැකැස්මක් -වැඩ පිළිවෙලක් නැත්ද.?

මතුපිටින් පෙනෙන ස්වරූපයෙන් පමණක් රෝග විනිස්චය කල හැකිද.? (මගේ මිතුරා අධික අධ්‍යන හා සමාජ ක්‍රියාකාරකම් තුල මහත් වෙහෙසට පත්ව සිටි කාලයකි මෙය.)

රෝග විනිශ්චයේදී හා නිගමනයේදී කොයි තරම් දුරට එදිනෙදා සමාජගත පිළිගැනීම් ඉවහල් වේද ? (නැත්නම් එවා පිළිබද රෝගියාට යම් තරමක හෝ උපදෙසක් ලැබේද?)

රෝගීන්ගේ මානසික සමබරතාවය පිළිබද වෛද්‍යවරයා කොයි තරම් දැනුවත්ද..?

සමහර රෝග නිගමනයන් වලදී (රෝගියා මානසිකව  බිදවැටිය හැකි.) ඊලගට ගත හැකි පිළිගත් පියවරයන් මොනවාද?

වැනි බොහෝ කාරණා පිළිබදව සිතන්නටත් අසන්නටත් නිවැරදි කරගන්නටත් සිදුව තිබේ.

By 47

පෙරලන්නෙ නැතුව ටිකක් හොල්ලන්ඩ බැරිද …!
ලංකාවේ සරල සමාජ පසුබිම් සියල්ල ගරා වැටෙමින් පවතින බවත්  දේශපාලන සබදතා වල හයිය විසින්  මුදල්, මැරබලය වැනි සම්ප්‍රදායික සමාජපීඩක අවයව පාලනයට ගෙන ප්‍රසිද්ධියේම “ඩෙගා නටන්නට” පටන් ගෙන ඇති බවත්, දූපතෙන්  අවට ලෝකය දූපත පිළිබද කණසල්ලෙන් හා නියමිත මොහොතේ බලය මුදාහැර තවත් අවාසනාවන්ත රටක් බවට පත්කරන්නට සැරසෙන බවක් පෙනී යයි.

රටක අනාගතය පිළිබද තීරනාත්මක ආයතන කඩා වැටෙමින් පවතින බවත්, විශේෂයෙන් විශ්වවිද්‍යාල සම්භන්ධ ගැටලු සම්භන්ධයෙන් තවමත් ප්‍රතිචාරයක් නැති බවක්ද  පාසල් අධ්‍යාපනය පිරිහෙනවාට අමතරව විශමාචාර විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇති බවක්ද ඇස් පනාපිටම දකින්නට තිබේ.. මැතිවරණ සමයේ ආණ්ඩුවේ වේදිකාවේ ඉදිරියෙන්ම සිටි අයටත් තම තමන්ගේ කාරණා සම්භන්ධයෙන් මැදිහත් වීමටවත් අවස්ථාවක් නැතිවීමත් බරපතල ලෙස ඔවුන් හෑල්ලුවකට ලක්කිරීමකි..

ලංකාව කොයි අතට ගමන් කරන්නේදැයි කල්පනා කරබලන කෙනෙකුට දැන් පැටළැවිලි  තොගයකට මුහුණ දෙන්නට සිදුව තිබේ.විශ්‍රාම වැටුප් යෝජනාවලිය පසෙකට විසික් කරලීමට (තාවකාලිකව ) තරුණ බිල්ලක් දෙන්නට සිදුවින. සරසවි සිසුන්ගේ වෙළද කලාප කම්කරුවන්ගේ වතුකරයේ, උතුරු නැගෙනහිර අවතැන්වූවන්ගේ, සන්නද්ධ කල්ලිවල පීඩාවට පත්වන්නන්ගේ, ජනමාධ්‍යයේ එකී මෙකී නොකී සියලුම පාර්ශවයන්ගේ ගැටලු බන්කී මූන්, දරුස්මාන් වාර්තා, ජයලිලිතාගේ ව්‍යාපෘති, නායකත්ව පුහුණු වැඩමුලු අස්සේ හේදී යන්නට  වීය. කිසිදු කාරණයක් කිසිම ආකාරයකින් ජනතාවාදී ආකල්පයකින් බැලෙන්නේ නැත. ඕනෑම ගැටලුවකට විසදුමද අයිතියද තීරනයද ඉතා අල්ප පිරිසක් අතර දෝලනය වෙයි. කිසිම ආකාරයක වෙනත් අදහස් යෝජනා වලට ඉඩක් ඇති බවක් පෙනෙන්නටවත් නැත.

සෑම ආකාරයකම විරෝධයන් ප්‍රතිචාර පිළිබදව අවධානයක් ලැබෙන පාටක්වත් නැත. එජාපය ඉදහිට හන්දියක් මැද සරම් උස්සන විසිල් ගහන දේශපාලන නපුංසකයන් බවට පත්ව ඇත්තේය. ජවිපෙ අල්ලන අල්ලන අතු කඩා වැටී, අවසන එල්ලිය හැකි සියලුම දේශපාලන පිදුරුගස් වල එල්ලී හමාරය. ආණ්ඩුපාක්ෂිකයන් ඒ සියල්ලටම ඉහලින් හා ප්‍රදර්ශනකාරීව රාජ්‍යානුග්‍රහයෙන්  අඩුවැඩි වශයෙන් මැරකම හා දූෂණය ව්‍යාප්තකරමින් සිටින්නේය. කිසිවෙකුටත් ඉලක්කයක් නැති අභූත අතිධාවනකාරී විනාශ මාවතට පිවිස ඇත්තේය. සරසවි අචාරයවරුන් හිමින් සීරුවේ සරසවි හැර යන මගකට පිවිස ඇත්තේය. සරසවිය හා අදාල අධ්‍යාපන ආයතන විද්‍යාර්ථීන් බිහිකරනු වෙනුවට විශ්වවිද්‍යාල අරගල දියවී නායකත්වයන් මුල් පිටින් ඉදිරී  තම තමන්ට අවශ්‍ය තාලයේ අච්චු වලට හරියන එහෙයියන් බිහිකරන මගකට ඇද දමා ඇත්තේය. මාධ්‍ය ඔස්තාර්ලා ඉතිහාසයටත් උප්පැන්න සහතික ලියමින් වන්දිභට්ටයන්ව රාජසභාව පිනවති.

අඩුම තරමෙ තමන්ගේ ව්‍යාපෘතීන් අවුලට පත් කරන අදාල ඇමැතිවරුන්ගේ විහිලුකාර අමනෝඥ කටවල් වැසීමටවත් රට පාලනය කරන තුන් හතර දෙනාට ඕනෑකමක් නැත්තේය. රටේ ඕනෑම දූෂිතයෙකු මැරයෙකු වන්චාකාරයෙකු පිළිබද වෙබ් අඩවියකින් හෝ බ්ලොග් අඩවවියකින් හෝ කටකතාවකින් දැන “.ඔන්න වැඩ!” කියනව ඇරෙන්නට වෙන කිසිම අකාරයක හැගීමක් පිටකරන්නට බැරි ගොළු -බීරී ජාතියක් බවට පත්ව ඇත්තේය.

එහෙම ජාතියක් බවට පත්වීමේ මුල් අඩිතාලම දමා දුන් විපක්ෂ දේශපාලන පක්ෂ හා ක්‍රමවේදයන් තවදුරටත් වලන්ගු නැති බව හොදින්ම පෙනී යන නිසාවෙන් ලන්කාවේ තවදුරටත් පවතින සිවිල් සංවිධාන හා පුරවැසි නායකත්වයන් පෙරට ආ යුතු කාලයක් බව මගේ හැගීමයි.

එහෙම විපක්ෂයක් නැති- නමට පමනක් විරුද්ධ පක්ෂ තිබුනු – ඈලි මෑලි යුග කිහිපයකම සිවිල් ආයතන සමාජ කණ්ඩායම් වශයෙන් ඉදිරිපත්වී රටක බොහෝ වෙනස්කම් කල යුගයක් අපට මතකය. එහෙම ඉතා ප්‍රාණවත් වැඩ පිළිවෙලක සිටි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැනි කණ්ඩායම් ඉතා බරපතල ලෙස මැදිහත් වීම්වල යෙදුනු හැටි මතක අපට තිබේ.දැන් ඒ ව්‍යාපාරයටත් නිදහසක් නැතත් එවන් සමාජ සංවිධානවල අවශ්‍යතාවය දැන් දැන් හොදටම දැනේ .

මේ වේලාවේ ආණ්ඩුවේ තරම තේරුම් ගත හැකි එහෙයින්ම “පෙරළීමට නොව හෙල්ලීමට” සමත් පදනමක් ඔනෑ බව මගේ හැගීමයි.

ජනතාව විසින් තෝරාගැනීම් කල යුතු කාලය එළඹ තිබේ. ඒ කොයි අතට ඇස් කන් හරවන්නේදැයි තෝරාගැනීමයි. එවිට මොල‍යට තීරණයක් ගත හැක.

By 47

First they came for the Communists,

and I didn’t speak up,

because I wasn’t a Communist.

Then they came for the Jews,

and I didn’t speak up,

because I wasn’t a Jew.

Then they came for the Catholics,

and I didn’t speak up,

because I was a Protestant.

Then they came for me,

and by that time there was no one

left to speak up for me.

by Rev. Martin Niemoller, 1945

(ප්‍රසිද්ධ මිත්‍රයාගේ පුතා කියන්නට ඇතැයි කියා හිතෙන මට හිතෙන කවක්….)
තුනේ පන්තියට මට ලැබුනු

ලොකුම ලොකු තාරකාවට

දිලිසෙන ඇස් දෙකින් බලන

පුංචිම පුංචි තාත්තෙක් ඕනෑ මට..

තාත්තා ගැන හිත හිතා – මං ඇදපු චිත්‍රයේ

සිහින් පාට ඇද – ඉරි හදන

ජීවිතේ ලොකු සිතුවමක් වුනු

තාත්තා ඕනෑය මට..

මගේ පොඩි හිත කියපු – පුංචි කවි පන්තියට

බිත්තියේ තනිවෙන්න නොතියන්න

නලලත උණුසුමට සිඹින

තාත්තෙක් ඕනෑය මට..

මුලු ලෝකෙටම-

මහා ලොකු කතාවක් කියන

මහා ලොකු හිනාවක් තියෙන

මහා ලොකු කෙනෙක් වුනු..

එත්…

මගේ පුංචි ලෝකය – වටින්නේ නැති..

තාත්තෙක් නොව..

පුංචි මිනිහෙක් වුනත් – ලොකු හදවතක් තියෙන

තාත්තෙක් ඕනෑය මට

(මට වඩා නංගිගෙ හිතට..)

By 47

නැවතුමක ඇරඹුම…..
පලාත්පාලන මැතිවරනය අවසන් වීමෙන් පසු (මැතිවරණය නොපැවැත්වූ ආයතන හැරෙන්නට.)  සියලුම දේශපාලන කණ්ඩායම් නැවැතත් සුපුරුදු නිද්‍රාගත තත්වයට පත්ව ඇත්තේය. පත්තර පිටුවකට හෝ දියාරු ටෙලිවිශන් සංවාදයකදී යන්තමට ශේප් වෙනු ඇරෙන්නට නැවැතත් හැරි බැලීමක් නැති ගානට නායකයන්ද පොඩි නිදහසක් අපේක්ෂාකරනු පෙනේ.

අනෙක් අතට ගෙදර දොරක මකුලුදැල් කැඩිල්ලක්, ක්‍රිකට් මැච් එකක්, අඩියකට සෙට් විල්ලක් වැනි වැදගත් වැඩක් නොතිබූ අය වන මෙවර චන්දදායකයන් විසින් පාලක පක්ෂයට බලය පවරාදී වෙනත් සියලුම දේශපාලන ආයතන හා පුද්ගලයන් හට නැවැත සිතන්නට ඉඩක් වෙන්කර ඇත්තේය. එළවලු පිටි සීනී තෙල් මිරිස් මත නොව මල ගෙදරකදි මගුල් ගෙදරකදී කඩපිළේ මාළු ලෑල්ලේදී පිටට තට්ටුවකට, පොඩි හිනාවකට චන්දය පාවිච්චි කල චන්දදායකයා ජනාධිපතිවරයාගේත් පවුලේ අයගේත් හිනාවකට, අත වැනිල්ලකට, ලොකුම බැනර‍යට – කටවුටයට, වැඩිම පෝස්ටර ප්‍රමාණයටත් තම කැමැත්ත ප්‍රකාශ කර ඇත්තේය.

එසේ වන්නට හේතුව ප්‍රශ්න නැතිකම හෝ අඩුකමද? නැතිනම් ඊට සාපෙක්ශව විශ්වාසනීයත්වයක් ඇති දේශපාලන ප්‍රවාහයක් නැතිකමද ! ලැබුණු පරාජයයන් හරහා මෙවා කිරා මැන ගැනීමේ හොදම අවස්ථාව දැන් ලැබී ඇත්තේය. ඊට විකල්පයන් සොයාගැනීමේ අවස්ථාවන් පැමිණ ඇත්තේය.

දැන් අති විශාල ලෙස පදනම බිදෙමින්, පවතින දේශපාලන විශ්වාසනීයත්වය කෙමෙන් ඈත්වන බවක් හැගෙන සියලුම දේශපාලන පක්ශ වලට අලුතෙන්ම පටන් ගැනීමේ අවස්ථාවක් උදාවී ඇත්තේය. ජවිපයට වේවා එජාපයට වේවා වෙනත් කුඩා කණ්ඩායම්වලට හෝ වේවා මේ තත්වය තමතමන් කිරා මැන ගැනීමට  හොදම අවස්ථාවක් උදාකර දී තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ

විශේෂයෙන්ම ඉතා සීග්‍රයෙන් බිද වැටෙමින් පවතින ජවිපේ ඉලක්කයන් කොතැනින් කෙලෙස නැවැත පටන් ගත යුතුද යන්න දීර්ඝ වශයෙන් සලකා බලා කඩිනමින් ක්‍රියාවට නැන්විය යුතුය යන්න මගේ සිතිවිල්ලයි.

ඒ සදහා වන පලමු පියවර ඉතිරිව සිටින සමාජිකයන් පිරිස ක්‍රමවත් කරගැනීම හා ශක්තිමත් කිරීම බවත්, දෙවනුව  එකතුකරගන්නට හා ශක්තිමත් කරගන්නට ඕනෑ, ආධාරකරුවන් බවත් පක්ෂයට තේරුම් ගිය යුතුය  .

ජවිපේ යනු පුරුදු පොතේගුරු කඨෝර සංවාද නොව මහපොලව මත ජීවත්වන සරල සංවේදී තැනකට තම සමාජියා ගෙන යන එයින්ම යහපත් සමාජයකට මුල පිරෙන සමාජශීලී දේශපාලන පදනමක් මත තම ඉලක්කයන් කරා යන කණ්ඩායමක් විය යුතු බව මගේ හැගීමයි.

දැනට ඉතුරු වී සිටින අවංක හැගීමෙන් එහෙත් බොහෝ දුෂ්කරතා මත ජීවිතය ගෙනයන තවමත් ජවිපේ මත යම්කිසි පසන් බලාපොරොත්තුවක් තබාගෙන සිටින තමාගේම සමාජිකයා “දිනා ගැනීමේ” යහපත් ප්‍රතිචාරයක් අත්‍යාවශ‍යම වේ. ජවිපේ දේශපාලනය යනු සාමාන‍ය්‍ය සමාජ වටපිටාව අමතක කර තමන් වටා ගලෙන් බැදගන්නා බලකොටුවක් නොවන, එහෙත් යහපත් ප්‍රගතිශීලී බලාපොරොත්තු ඇති වේදිකාවක් බවට පත්විය යුතු තැනකට ගෙන ඒමේ ප්‍රමුඛ වගකීම ඇති වැඩකරන සමාජිකයා තේරුම් ගන්නා ඒ වෙනුවෙන් නායකත්වය සැපැයිය හැකි තැනක් විය යුතුය.

විකල්ප අදහස් ප්‍රකාශ කල හැකි, ප්‍රශ්න කල හැකි අධ්‍යනය කල හැකි අවශ්‍ය නම් උකහා ගත හැකි කණ්ඩායමකට පොදු ගැටලු වලට වඩාත් සාධාරණ විසදුම් සැපැයිය හැකි බව කාටත් දැනෙන සත්‍යයකි. එසේ නොමැතිව විකල්ප පුවත්පත් කියවන්නට නොදෙන, තමන් අනුමත නොවන  පොතක් පතක්  විචාරයට අසුකරගන්නට නොදෙන, තම මග නොවන වෙනත් පුද්ගලයන්ගේ ඇසුර අනුමත නොකරන “වැඩ” පමනක් කරන  සමාජියන් බලාපොරොත්තුවන, පක්ෂයක නායකකාරකාදීන් එකම කොටුවක සිරවී සිටීමෙන් හා තමන් පසුපස එන ලෙස බලකිරීමෙන් පලක් නැත.

පෞද්ගලිකත්වය, සමාජ වටපිටාව සමග ඇති බැදීම්, පවුල සමග ඇති බැදීම ශක්තිමත් කරවන ඒ තුලින්ම උකහා ගන්නා දේශපාලන ඉලක්කයන් ඇති ප්‍රගතිශීලී පිරිසක් පක්ෂයට අවශ්‍ය වනු මිස අන්ධභක්තික “ජේවීපීකාරයෙකු” ජවිපයට දැන් නම් අවශ්‍ය නැත. එවන් කණ්ඩායමක් හරහා ජනතාව අතරට යනවා මිස වෙනත් මගක සලකුණු නොපෙනේ නම්..

අනුන්ගේ “නැවැතුමක ඇරඹුම” ඇත්තේය. එහෙමත් නැත්නම් මේ තමන්ගේම “නැවතුමක ඇරඹුම” වන්නේය.

By 47

රතු කොටුවෙන් ඔබ්බට….(දෙන්නේ කාටද ? 5)
ජවිපේ විසින් සැම විටම න්‍යායාත්මකව ඔප්පුකල දේශපාලන ක්‍රමයන් ප්‍රායෝගික භාවිතාවේදී සහමුලින් අමතක කරන හා පසුව තෝරාගන්නා සෑම දේශපාලනික ක්‍රියාවලියක්ම සාධාරිණීකරනය කරන තැනකට තල්ලු වී ගියේය. එකී තීරන ගැනීමේ ක්‍රියාවලියේදී ප්‍රමුක පෙලේ නායකයන් සැමවිටම පක්ෂයට හෝ පක්ෂයේ පසුපෙලේ නායකයන්ට මුහුණ දීමට සිදුවන සමාජ ප්‍රතිවිරෝධයයන් හෝ විවේචන අමතක කල අතර බොහෝ අවන්ක, කැපවිමෙන් කටයුතු කල පිරිස් පක්ෂය හැරදමා යන තත්වයකට පත්කලේය.

එසේම තමන්ගේ වැරදි පිළිබද අවංක විචාරයක් යෙදෙනු වෙනුවට එකී ක්‍රියාවලිය සාධාරණය කිරීමේ හා විවේචනයට පෙරලා පහර දීමේ පිළිවෙතක් අනුගමනය කලේය.

මෙකී වැරදීම් ඇස් පනාපිටම ඔප්පු වෙන පසුබිම තුල පීඩනය දරාගත නොහැකිව පක්ෂය හැර යන සමාජියන් මත වැරද්ද පටවන හා වැරද්දේ පසුබිම සැකසූ පිරිස බේරාගන්නා තැනකට තල්ලු  වීම ජවිපෙ ඉතිහාසය පුරාම දකින්නට ලැබේ. මෙකී උදහසට ලක්වන කිහිපදෙනෙකු ජීවිතයෙන් වන්දි ගෙවූ අතර අනෙක් අයට මතවාදී දීර්ඝ අරගල වල යෙදෙමින් තම වීවේචනයේ නිරතව ඉන්නට සිදුවී තිබේ. ඒ නොනවත්වා එල්ලකෙරෙන “පාවාදීමේ” චෝදනාවෙන් ගැලවෙනු පිනිසය.

චන්ද්‍රිකා කුමාරතුන්ගගේ පරිවාස ආණ්ඩුවේ ඇමැතිධූර කිහිපය, වගකීමකින් ඉටුකල හැකි, ජනතාව තුල මහජන නියෝජිතයන් කෙරෙහි පවත්නා විවේචනයන් වෙනස් කල හැකි, පසුබිමක් ගොඩනගනු වෙනුවට, උදේ පාන්දරින් පැමිණ ලයිට් දාන හා හවසට ලයිට් නිවා ගෙදර යන, රෙදි හැට්ට අන්දන ලද ගෑනුන්ගෙන් නෙලුම් කොලේ රතු බත් කා වැව් හදන්නට ගිය අභව්‍ය පරිසරයක් තනාගත්තේය. වියදම් හා අදායම් ශිර්ෂ රැගෙන විපක්ෂය බරපතල චෝදනා එල්ලකරද්දීත් පිළිතුරු වෙනුවට යලි චෝදනා වලින්ම පහරදීමේ පිළිවෙතක් අනුගමනය කරමින් තමන් “ජවිපේ” බව ඔප්පු කලේය.

මේ තත්වයත් පසුකාලීන දේශපාලන තීන්දුත් නිසා “සහෝදර නායකයන්” විසින් මෙහෙයවනු ලබන දරුණු පීඩනයකට ලක්ව තම නිදහස් අදහස් හා විවෙචන එලිදැක්වීමට නොහැකි අලුත් ලෝකය සමග ගනුදෙනු කිරීමට ඉඩක් නොලැබෙන අයුරින් මතවාදී කොටුවක සිරව ඇති “සහෝදර සාමාජිකයන්” දිනෙන් දිනම පක්ෂය හැර යන තැනකට පත්ව තිබේ.

අහම්බයක් ලෙස පසුගිය පලාත් පාලන මැතිවරනයේදී තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව දිනාගත් ජවිපේ ඒ තුල ගොඩනගා ඇති සුබවාදී ආකල්පයද අමතක කල යුතුව නැතත් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව ගොඩනගනු වෙනුවට “තිස්ස රතු බලකොටුව” ගොඩ නැගීම තවදුරටත් ජවිපේ න්‍යායවාදී ගොඩනැගීම්වල පිළිඹිඹුවක් මිස ප්‍රජාතන්ත්‍රවාදී නැඹුරුවක් නොවේ. ලංකාව පුරාම සිටින ජවිපේ සමාජිකයන්ගේ ශ්‍රමය හා කැපවීම සමග අධාර සමග ගොඩනැගෙන තිස්ස ප්‍රාදේශීය සභාව (තම මන්ත්‍රී වැටුපද වැය කරමින්, ජවිපේ විසින් කොළඹින් එකතුකර එවන අධාරද සමග.) ලංකාවේ හොදම ප්‍රාදේශීය සභාව වන විට කොටස් කිහිපයක බල අරගල මැද්දේ දූෂණ වංචාවලින් ගහන, තනි බල ප්‍රදේශයක, කැපවීම හා සම්පත් සමග අරගල කරන වෙනත් ප්‍රාදේශීය සභාවක් දෙවන තැනට පත්වීම දෙවරක් සිතා බැලිය යුතුය.

මේවර පිළිගත් දේශපාලන පක්ෂ වල නාමයෝජනා ප්‍රතික්ෂේප වීම හේතුවෙන් ජවිපේ යම් ආයතන ප්‍රමාණයක් ජයග්‍රහනය කිරීම පිළිගත හැකි වුවත්, තිස්ස ප්‍රාදේශීය සභාව වෙත ගොනුකල හැකිවූ කැපවීම් හා ශ්‍රමයත් මූල්‍ය පහසුකමුත්, ආයතන කිහිපයක් අතරේ බෙදී ගිය විට තිස්ස මෙන් “අධිෂ්ඨානයේ පුරවර” කරවීමට හැකිවේදැයි සැකයක් තිබේ.

By 47

වමෙන් දකුනට… (දෙන්නේ කාටද 4)
වමේ දේශපාලනය තරම් කතාබහට ලක්වූ විවිධ සමාජ ධාරාවන් තුල අවධානයට ලක්වූ දේශපාලන රටාවක් ලංකාවේ නොතිබුනේ තරම්ය. දැන් ප්‍රධාන පෙලේ දේශපාලන චරිතයන් බොහොමයක්ම පාහේ තම මුල් සටන් බිම් තනිකරම පාහේ සමාජගත කරගත්තේත් ඒ තුලින් තම පෞදගලික ජයග්‍රහනයන් නිසැක බව තේරුම් ගත් නිසාවෙන් බව මතයකි. මේ බව වාසුදේව නානායක්කාරගේ සිට කශේරුකාව පිළිබද හැගීමක් නැති විමල් වීරවන්ශ දක්වා ඔප්පු කොට තිබේ.

පලාත් පාලන මැතිවරණයට අදාලව මෙවර සමසමාජ පක්ෂයේ බෙදීම සලකුණු කරවන (බොහෝ විට තවදුරටත් දියවී යන බවට ප්‍රත්‍යක්ෂ කරවන.) සන්ධානගත නොවී තනිවම තරග කිරීමේ තීන්දුවකට එලබ ඇත. රැඩිකල් මාදිලියේ මොඩලයක් බව පෙනුමට තිබුනද  ජයග්‍රහනයක් තබා ප්‍රතිශතයක් ලෙස ගත්තද පරාජිත ලැයිස්තුවෙන් මෙහාට නො එන බව සම සමාජය මෙයින් සහතික කර තිබේ.

(සමසමාජයේ පලාත්පාලන අපේක්ෂකයන් ජයග්‍රහනය කරවීම සදහා සන්ධාන විරෝධී සටන්පාඨ සමග සන්ධාන රජයේ සමසමාජ ඇමතිවරයෙකු සමසමාජ වේදිකාවට ගොඩවීම විහිලුවක් හෝ විකට ඇදුම් තරගයක් වන්නට නොපුලුවන. )

වමේ කණ්ඩායම් අතර ඊලගට, කැපී පෙනෙන වික්‍රමබාහු කරුණාරත්නගේ සහ වෙනත් (බාහු මෙන් අඩුමතරමේ වෘත්තීය සමිති සමාජික මුදලින්වත් යැපීමක් නැති.) වෙනත් වමේ පක්ෂ එකමුතුව,  පුරුද්දට රතු ෂර්ට් අදින සමාජිකයන්ගේ චන්දයෙන් මෙවරත් සෑහිමකට පත්වනු (පත්වන්නට සිදුවනු.) නොඅනුමානය.

වමේ කොටස් කෙරෙහි ජනතා විශ්වාසයක් ඇතිකරගත හැකිද යනු නොව  මෙවන් දේශපාලන පක්ෂ තවමත් පවතීද යන ගැටලුවෙන් ගලවා ගත නොහැකි සාමාන්‍ය මහජන මතය කෙසේ වෙනස් කරගන්නේදැයි වමේ නායකයන් කල්පනා කරනු ඇතැයි සිතීම මේ අනුව වරදක් නොවේ.

ඒ අනුව තම චන්දය අවලංගු කිරීම පිණිස චන්ද මධ්‍යස්ථානයට පැමිණෙන චන්දදායකයාට ඊට වඩා වැදගත් තීරනයක් ලෙස මෙකී වමේ පක්ෂ පෙනී යනු ඇතැයි නොසිතමි.

By 47

දෙන්නේ කාටද  1

දෙන්නේ කාටද  2              (ගන්ඩ එන අය ගැන..)

දෙන්නේ කාටද  3             (අලි.! කියන තරං ලොකුද ?)

දෙන්නේ කාටද  4              (වමෙන් දකුණට..)

අලි -! කියන තරං ලොකුද ? (දෙන්නේ කාටද 3 )
සජිත් ප්‍රේමදාස නායකත්වයට තල්ලු කරවන “මාධ්‍ය” ක්‍රමවේදයක් ඇතත් ඒ වෙනුවෙන් ප්‍රේමදාසට ඉදිරි දැක්මක් තිබෙන බවක් පෙනෙන්නට නැත. මෙවන් අනගි අවස්ථාවක් වෙනත් පාර්ශවයක් විසින් විශේෂයෙන්ම ප්‍රධානපෙලේ මාධ්‍ය ජාලයක් විසින් පිරිනමනු ලැබීමත් ඒ හා කරට කර යා හැකි දේශපාලකයෙකු වීමෙ පරිනත බවක් ප්‍රේමදාස පියාට තිබුනද පුත්‍රයාට පිහිටා නැත.

ඒ අර්ථයෙන්ම ගතහොත් දයාසිරි ජයසේකර තමන්ට නොලැබෙන මාධ්‍ය උපකාර වෙනුවෙන්, තම දේශපාලනයේ පරම හතුරා වන (ජනතාවටත් විශේෂයෙන් තම පාක්ෂිකයන්ටත්) ඒත්තු යන පරිදිවත් ඇසුරු නොකල යුතු )(සාමාන්‍ය ලාංකික දේශපාලනය.) මර්වින් සිල්වා ඇමැතිවරයා ඉදිරියේ දනින් නැමුනේය. නායකත්වය පිළිබද අනාගත බලාපොරොත්තු ඇති ඒ සදහා කැපවීමක්ද කරන දේශපාලකයෙකු විසින් ගත් නුවුමනා වැදගත් නැති දෙමුහුන් ක්‍රියාවලියකි. ඒ ක්‍රියාවලියේ දෙවන කොටස “නිදහසේ විලාපය” ට මැරයන් පහරදුන් අවස්ථාවේ තමන්ට එලව එලවා පහරදුන්නේ ඇමැතිවරයාගේ මැරයන් බව කීමට සිදුවීමෙන්ම ජයසේකර මන්ත්‍රීවරයා ඔප්පුකොට තිබේ.

රටටම හිරු – කරු වූ එහෙත් දැන් ඉතා වැදගත් දේශපාලන අවස්ථාවල නොවැදගත් චරිතයක් බවට පත්ව ඇති කරු ජයසූරිය පක්ෂ මාරු කිරීමේ කපටි තරගයේ පරාජිතයෙකි. එජාපයේ නායකත්වය සදහා “පෙනුමට” සුදුසු කරූ ප්‍රායෝගික දේශපාලනයේ නොහැකියාව හොදින්ම ප්‍රදර්ශනය කර ඇතත් දේශපාලන පක්ෂයක් ඉදිරියට ඇදගෙන යාමේ හැකියාවක් ඇත්තෙකු බව කලක් (දැන් නැතත්.) මහජන මතය වී තිබිනි.

දේශපාලන වශයෙන් කොතනැකවත් ස්ථාවරයක් ගොඩනගාගෙන නැති (ලැබෙන හොදම අවස්ථා හොදින්ම ප්‍රයෝජන‍යට නොගෙන හැම තැනකටම ඔලුව ඔබා ගැනීමේ පිලිවෙතක් අනුහමනය කරන.) රවී කරුණානායක  රනිල් වික්‍රමසිංහගේ පිහිටෙන් නායකත්වයට එන අදහසක තබා ක්‍රියාකලද ශූර දේශපාලකයෙකුද වන වික්‍රමසින්හ විසින් එවන් අවස්ථාවක් උදාකර දේදැයි සැකයක් පවතීම සාමාන්‍යයය.

එජාපයේ වෙනත් දේශපාලන චරිත හා මෙකී චරිතත් ඔවුන්ගේ දේශපාලනයත් දැන් “තමන්ගේ පාඩුවේ තියෙන දෙයක් කරගෙන ලැබෙන දෙයක් අරගෙන” ජීවත් වීමේ මාර්ගයට වැටී තිබේ. ප්‍රාදේශීය දේශපාලනය එහෙම් පිටින්ම ප්‍රධාන දේශපාලක හා දේශපාලන තලයෙන් ඈත්ව තිබේ. ඔවුනට ප්‍රධාන ප්‍රවාහය හා එකතු වීමේ අනගි අවස්ථාව වූ “ප්‍රතිසංස්කරණ” යෝජනා පවා පෙනෙන තෙක් මානයක නොවීමේත්, පක්ෂයේ ඉහල තලයේ ගැටලු පවා තවමත් ළිහා ගැනීමට නොහැකිවීමෙන්මත් මෙවර පලාත් පාලන මැතිවරණයේ චන්දය ලබාගැනිමට පොදු චන්දදායකනට ගෙනියනු ලබන “පණිවිඩය” කුමක්දැයි අපේක්ෂකයනටද ගැටලුවක් බව නොඅනුමානය.

අනෙක බරපතල ලෙස මැර දේශපාලනය පතුරවා ඇති ආණ්ඩුවක් සමග ප්‍රසිද්ධියේ සබදතා පවත්වන නායක පෙලක් විසින් මේ අවස්ථාවේ ඇවැසි මැරකමට මුහුණදීමේ නායකත්ව නොහැකියාව ප්‍රදර්ශනය කර ඇති බැවින් ප්‍රාදේශීය දේශපාලකයනට දේශපාලන හයියක් ඇත්දැයි තවත් ගැටලුවකි.

එවන් පසුබිමක චන්දදායකයන් තම තමන්ගේ ප්‍රාදේශීය වැඩකටයුතු සදහා බලය පවරාදීමේ කටයුත්තේදී එජාප අපේක්ෂකයන් පිළිබද දෙවරක් සිතනු ඇතැයි මගේ හැගීමයි.

By 47

ගන්ඩ එන අය ගැන…(දෙන්නේ කාටද ? 2)
ලංකාව සමාජීය වශයෙන් මහා අර්බුදයකට ගොස් ඇති බවත් යලි ගොඩ ඒමට බැරි තත්වයේ අතපය හයිය ඇති එහෙත් මොල කළදක් අවශ්‍ය නැති හින්දි චිත්‍රපට වල දුෂ්ඨයා පාලනය කරනු ලබන නගරයක් බවට පත්ව ඇති බව පෙනේ. කාලයක් තිස්සේ සිතා සිටි අයුරින් “සල්ලි ඇත්නම් ඕන දෙයක්” නොව දැන් “අය්යා කෙනෙකු හෝ අය්යලාව පාලනය කරනු ලබන “දේශපාලන බලවතෙකු” සිටීම සෑහේ යැයි සිතන සමාජක්‍රමයක් බිහිවීම සිදුවී තිබේ. මෙකී රස්තියාදු ක්‍රමවේදය දැන් පටන්ගෙන තිබෙන්නේ ඉතාම කුඩා දේශපාලන විවරයන් තුල වන අතර ඉහලට යන්නට යන්නට මැරකම් දූෂන ක්‍රියාවලිය උත්සන්නතැනකට පත්ව තිබේ.

එදිනෙදා සමාජයේ සාමාන්‍ය මිනිස් වර්ගයා තුල අසාධාරණයට විරුද්ධ වීමේ ප්‍රවනතාවය ගිලිහී ගොස් තිබේ. බස් රථයක ත්‍රීවීලරයක මහමග සිදුවන අසාධාරණයක් වුව දැක දැක අහක බලාගෙන යන්නට “සිදුවී” තිබේ. නැත්නම් කොයි මොහොතක හෝ දැලි පිහියක් අත්බෝම්බයක් හෝ වෙඩි උණ්ඩයක් තමන් සොයා එන බව නිසැක  නිසාවෙනි. ඒ බව රූපවාහිනියට ගොඩවැදුනු ඇමැතිතුමාගේ සිද්ධියෙන් පසු දිගඇරුනු දැලිපිහියේ සිට සිට ජාතික ගීය සිංහලෙන් ගයා පුරුදු නැති බව දැක්වූ අධ්‍යාපන නිලධාරියා දක්වා සනාත කර තිබේ. එදෙනෙදා ජීවිතයේ අනක්විධ ගැටලු වලට මුහුනපා සිටින මිනිසුන් හට “අහක බැලීම” හැරෙන්නට වෙනත් ගත හැකි ක්‍රියා මාර්ගයක් නැත.

එය සමාජයේ කොටස් දෙකක් ( බලය ඇති මැර බලය යොදා සිදුවීම් තීරනය කලහැකි සහ බලය නැති සිදුවීම් තීරණය කල නොහැකි.) නියත වශයෙන්ම ගොඩනැගෙමින් දියුනු වීමේ පිළිවෙතකට හැරෙමින් තිබේ. මින් පලමු කොටසට පාරේ ඔනෑම දිශාවක ඕනෑම වේගයකින් වාහන හැසිර්ව්ය හැකි මුත් දෙවන කොටසට ඒ වාහනයට යටවෙන තමන්ගේම කෙනෙකු වෙනුවෙන් ක්‍රියාකිරීමේ අයිතියක් නැත.

මෙවන් අකල් ක්‍රියාදාම සමාජයකට ලාංකික සමාජයට මුහුණ දෙන්නට සිදුවී තිබෙන්නේ වෙන කුමක් නිසාවත් නිසා නොව බලය පිළිබද අධික තන්හාකාරී පාලනයක් සහිත ආණ්ඩුවක් විසින් ඇතිකර තිබෙන පවතින සෑම ක්‍රියාකාරී ආයතනයකම බලය තමන් පමනක් සතු කර ගැනීමේ දේශපාලනික නොවන ක්‍රියාමාර්ග නිසාවෙනි. ඒ සදහා මුදල්, මැර බලය, මිනීමැරුම්, වංචා, බලපෑම් සිට අතුරුදහන් කිරීම දක්වා පැතිර ගොස් තිබේ. එවිට අවශ්‍ය වන්නේ වගකීම් රහිත මොලයක් රහිත අතපය ඇති සතුන් කොට්ටාසයක් පමනි.

එවිට යම්කිසි දේශපාලනමය මාර්ග තෝරාගෙන ඒ තුලින් මතුකරන දේශපාලනමය ප්‍රතිපත්තීන් හා ක්‍රියාමාර්ග වලටත් අනුමත නියෝජිතයන් මහජන ආයතන වලට පත්කරගැනීම සදහා වෙහෙස මහන්සි වන්නට සිදුවන්නේ නැත. පලාතේ අයි ආර් සී කාරයන් වැඩි පිරිසක් ආශ්‍රය කරනු ලබන හොදින් කෙසේ වෙතත් නරකින් හෝ “වැඩේ කරගත හැකි” පුද්ගලයන් මාර්ගයෙන් මහජන ආයතන පාලනය කිරීම තුලින් තමන්ගේ බලය පවත්වාගෙන යෑම පමනක් සෑහේ.

ඒ බව ලංකාවේ මහජන ආයතන හෝ එදිනෙදා සිදුවීම් දෙස විමසිලිමත්ව සිටන අයෙකුට නිතැතින්ම පෙනී යයි.

මෙවන් වාතාවරනයක් මතුවන ඕනෑම පරිසරයකට වෙනත් කාලවාකවානු වල නම් මේ තත්වය යම් තරමකට හෝ අඩපන කල හැකි “විපක්ෂ” කණ්ඩායම් සිටි අතර අඩුම තරමේ මහජන ආයතනයක් ඇතුලේ වරප්‍රසාද වලට මුවා වී හෝ විරුද්ධ වීමේ හැකියාවක් තිබිණි.

ඒ තත්වයෙන් දැන් සලකා බැලුවහොත් ලංකාවේ පලමු තැනට එන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස එක්සත් ජාතික පක්ෂය ගතහොත් විරුද්ධ වීම තබා එකග වීමෙවත් දැනෙන තරමේ ” පණක්” ඇත්දැයි සිතාගැනීමට නුපුලුවන.

නායකත්වයේ සිට නායකත්වයට පොරබදින සියලුම චරිතයන් දියවී, බිදී, ශුන්‍ය වී ගොස් ඇති අතර හුදෙක් බලයේ ඊලග තුරුම්පුව විනා පිළිගත හැකි ප්‍රායෝගික දේශපාලන ගතියක් නැති පක්ෂයක් බවට පත්ව තිබේ. එකී දෙවන බලවේගය වීමෙන් “පමණක්ම” මහජන ආයතන වලට පත්වීමට හැකි අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට එහි සමාජිකයන්ට සිදුව තිබේ. ජනතාව ඉදිරියට ගොස් තමන්ගේ පක්ෂය හා නායකයන් පිළිබදව හෝ ප්‍රතිපත්තීන් පිළිබදව විශ්වාසය තහවුරු කරගැනීමට හෝ ජනතාව  දිනාගැනීමට බැරි දුබල තත්වයකට පත්ව ඇති අපේක්ෂකයනට කුමක් හෝ නොවටිනා කතන්දරයක එල්ලී චන්දය අයදින්නට සිදුව තිබේ. තාත්තාගේ පිළිකාව, පුතාගේ ගෑණු පැටලවිලි, බාප්පාගේ කුණුහරුප ඇරෙන්නට ඔවුනට ජනතාව අතරට යන්නට කාරනා නැත.(මෙවන් කාරනා වුව දේශපාලන්යේදී ප්‍රයොජන‍යට ගත්තද පළමුව ඊටත් වඩා වැදගත් වන දේශපාලනික කාරනා අත්‍යාවශ්‍යය.)

By 47

මේ අයත් අනෙක් අයත් ගැන තව ටිකක් ඊලග ලිපියට…

දෙන්නේ කාටද ? 1
පලාත් පාලන මැතිවරණය ඇරඹී ඇත්තේය. ගමට වැඩ අයද – අවංකම අයද -විශ්වාසවන්තම අයද – පරණ අයද – අලුත් අයද – කොල්ලන්ද – බල්ලන්ද ඇතුලුව සියලුම දෙනාම තරගයට වැටී ඇත්තේය. අපේක්ෂකයන් විවිධාකාර මුහුනත්තහඩු ඕෆ්සෙට් කර තාප්ප වසා ඇත්තේ තරගයට මෙනි. සංධානයෙ අය අතර මිස වෙනත් පක්ෂ සමග තරගයක් ඇත්තෙම නැති තරම්ය. එහෙත් මේ කිසිදු අපේක්ෂකයෙකු තුලින් අඩුම තරමේ වැදගත් කමක් – පරිනත කමක් – විශ්වාසනීය බවක් දකින්නට නැත. බොහෝ තැන්වල පලාතේ මන්ත්‍රීතුමාගේ ගෝලයා වීමෙන්- විරුද්දකාරයෙකුගෙ ඇට දෙකතුනක් කැඩෙන්නට ගැහීමෙන් මිස හෝ තැබෑරුමක් – කසිප්පු ගුදමක් පවත්වාගෙන යාම හෝ හන්දියේ අයි ආර් සී කාරයා වීම හැරෙන්නට වෙනත් සුදුසුකමක් පෙනෙන්නට නැත.

(ඇහැට පෙනෙන ඒවා මෙහෙමනම් අධ්‍යාපන – ජීවන කුසලතා  (මුද්‍රිත) සුදුසුකම් පිළිබදව කුමන කතාද.)

රටේ දැන් එන්න එන්නම ප්‍රශ්න වැඩිවෙන්නට පටන් ගෙන තිබේ. කොයිතරම් කොන්ක්‍රීට් කලද කාපට් කලද උමං මාර්ග හැදුනද අධිවේගී මාර්ග සැදුනද ඒවා බඩට දැනෙනේ නැත. එහෙම දෙපැත්තම එකට සමානුපාතිකව වැඩෙනවා මිසක රටේ මිනුසුන් කවදාවත් බඩ හයමාසයකට අමතක කර පාර කොන්ක්‍රීට් කරන හැටි බලා සතුටුවෙන්නේ නැත. එහෙම පටි තදකරගත් කාලයක් ප්‍රභාකරන්ට පින්සිද්ද වෙන්නට තිබුනාට දැන්නම් බැරිය. රටේ එක ප්‍රශ්නයක් විතරක් තිබේ නම් ජනතාවට ඕනෑතරම් කාලයක් වෙලාවක් බලන් ඉන්නට තිබිණි. අඩුම තරමේ “යුද ඩ්‍රාමාවෙන් “ වැසී ගොස්  අනෙක් ප්‍රශ්න සියල්ල අමතක කොට පාරේ කිරිබත් කෑ යුගයෙත් මේ තරම් ගැටලු වලට ජනතාව මුහුන පෑවේ නැත.

වෙළදපලේ බඩු ගිනිගණන් උසට ගොස් ඇත්තේය. පොල් ගෙඩියක් පොල් ගහටත් වඩා උඩ ගොසිනි. මිරිස් කරලක්, වේලිලා නොව අමුවෙන්ම සැර ගානකට ගොසිනි. එළවලු නොකා සිටීමේ හාල් විතරක් තම්බා කෑමේ යුගයක් පැමිණ ඇත්තේය. බිත්තරය කුකුළ් මස් අඩුවේ සිට සබ්බ සකල මනාවම නැවෙන් ගෙන්නන්නට සිදුව තිබේ. ඉස්පිරිතාලේ බෙහෙත් වර්ග තිහ හතලිහක් නැත්තේය. පාන් කොහේ කොයි ගානට විකිනෙනවාදැයි දන්නේ දෙවියන් විතරය.

හිරගෙවල් වල එවුන්වත් පාලනය කරගන්නට බැරිවෙන පොලීසියෙන් බන්ධනාගාරයෙන් එල්ලවෙන ගිනිඋන්ඩ පැන යන චන්ඩිපුතාලාගේ නොව පාරේ ඉන්නා අහින්සකයන්ගේ පපු මත පාත් වෙති. ඇස් පනාපිට මිනීමැරූ එවුන් ලොක්කෙකුට බෝධිපූජාවක් පිංකමක් කිරීමෙන් නීතී පොතට නොව නීතීපතිටත් කොකා පෙන්වා ගෙදර යති. ඉදිරි පරම්පරාවකට රකින්නට ඉතුරු කරමු යැයි පොතේ ලියන එවුන්ම මහා වනාන්තර එළිකරති. ස්වභාවික වනපෙත් කඩඉමේ නිවාඩුවට ජොළියට ඉන්න ගෙවල් හදති. ඒවා එලිකරන එවුන් අල්ලා අඩු කඩති නැත්නම් නඩු දමති.

බෙල්ලෙන් අල්ලා මරණ බවට තර්ජනය කර බැරිම තැනක් ආවොත් “ස්වයං අතුරුදහන් කිරීමකට” වැඩ සලස්වන අන්තිමට මාධ්‍ය ආයතන වලට ගිනි තියන්නට ඉන්ධන බදු අඩු කරති. අන්තිමට පාන් කියාගන්නට බැරි කුඩ්ඩෙකුට උදේ හවා දන්සලකට මෙන් කුඩු පැකට් දී ” ගිනි තැබීමෙ වගකීම” බාරදෙති. තවත් ඕනෑනම් යට ජංගි, හිස් බෝතල්, උපත් පාලන උපකරණ ටිකක් තිබුනා කියා කටින් කරනදේ අහවල් තැනින්ද අහවල් තැනින් කතාකිරීමේද අතිදක්ෂ “මාධ්‍ය ප්‍රවීනයන්” ඉත සිතින් බාරගනිති.කඩිනම් හා අපක්ෂපාතී විමර්ශන අවුරුදු දහයක් පහලවක් ඇදී ඉබේම පාෂණිබූත වෙති. (අදාල නීති සුරකින ආයතනයේ ලොක්කා ඕනෑම වැදගත් තැනක නිදිකිරා වැටුනත්..!)

ලක්ෂගනනින් උන්හිටිතැන් අහිමිවී කන්නබොන්නට දෙයක් නැතිව අනාතවී සිටින රටපුරාම මිනිස්සුන්ට ඔලොක්කුවට මෙන් කෝටි ගනනක් වියදං කර “දැයට කිරුළ” පෙන්වති. චීවරේ ආනුභාවයෙන්ද සීගිරියේ පිහිටෙන්ද පාර්ලිමේන්තු ගිය එවුන් කීයක් හරි හොයාගන්නවාට අමතරව  ජාතික ගීයෙන් පටන්ගෙන ජාති දෙක තුනකටම කෙළවන්නට වලිකති. කාගේ හරි සාක්කුවකට ගානක් හොයාගන්නට “හෙජින්” ගිවිසුම් අත්සන් කල අය තවත් මගඩි කිරීමට ආණ්ඩුවේ තනතුරු ලබද්දී, විදේශ සමාගම් තවත් රුපියල් පහකින් හෝ ජනතාවගේ දුප්පත් පොකට්ටුවට විදිති.

එල්ලේ ගහන්ඩවත් තැනක් නැතත් වැඩ පෙන්නීමේ රජ වැඩකාරයන් කෝටි ප්‍රකෝටි ගනනින් වියදම් කර ලෝක කුසලානයේ සිට කොමන්වෙලත් බැරිනං  අගහරු ලෝකයේ කුසලාන දක්වා වුව මෙහි පැවැත්වීමට පසුබට නොවෙති. මැර ඇමැතිවරු තම බලප්‍රදේශ ඕනෑ ඕනෑ විදියට පාලනය කරන්නට පටන්ගෙන ඇතත් ආන්ඩුව මුලු රටම තැනින් තැන කුට්ටි කර විදේශිකයන්ට විකුණා ඇතත් පාරම්පරික වටිනා ඉඩකඩම්වලින්   මුල් උරුමකරුවන් එලවා දමා වෙන්දේසී කලත් මීක් කියන්නට කවුරුවත් නැත.

මෙහෙම බලද්දී මේ සියල්ලටම බලපාන හා අත්‍යාවශ්‍යම එහෙත් අප්‍රසන්න විනාශකාරී  “බලය” ඇත්තේ කා ලගද?.

අප විසින් බදු ගෙවා ගත් පාන් රාත්තල රුපියල් හැටක පොල්ගෙඩියෙන් හදාගත් සම්බෝලයක් සමග බඩට දාගෙන, අයි ඕ සී කාරයා වැඩිකරන පරක්කුවෙන් වැඩිවෙන බස් ගාස්තුවත් ගෙවාගෙන, අපම ගොස් කතිරය ගහන, ඒ කතිරයෙන් බලයට එන ” මහජන නියෝජිතයා” ලගය.

මෙකී සියල්ල හා නොකී බොහෝ දේ තිබුනත් අපේක්ෂකයෝ නිහතමානී, අවන්ක, රහසිවත් පවු කර නොමැති බබාලා ටිකකි. ඉල්ලන්නේ ගම හදන්නටය.(හදිල්ල කෙසේ වෙතත් ගමෙන් පටන් ගෙන රටටම වැඩේ දීමටය.)

මෙහෙම වෙලා තියෙද්දී කාට දෙමුද ? (ඊලග ලිපියෙන් )

by 47

කෝකටත් තෛලෙ…
අවුරුදු තිහක් තිස්සේ ඔනෑම කෙන්ගෙඩියකට ” යුද්ද තෛලයෙන්” සුද්දෙ දුන් ලංකාවේ අපට, ඒ තෛල රාජයා අවසන් වූ පසු දැන්ඔනෑම අවස්ථාවකට පාවිච්චිය සදහා විවිධාකාර තෛල සොයාගෙන තිබේ.

උදාහරනයකට ,ඩෙන්ගු සන්නිපාතයට “කියුබා තෛලය” පාවිච්චි කරන ලදි. හෙනගෙඩි වදින්නා මෙන්  මාධ්‍යයෙන්ද සාමාන්‍ය මිනිස්සුද කොච්චර කෑ ගැහැවුත් “කියුබා තෛලය” ටික දවසක් අතුල්ලන විට අසාමාන්‍ය ලෙස ප්‍රශ්නය විසදුනේය. දැන් පැයට එකා ගානේ මැරුනත් අවුලක් ඇති බවක් පෙනෙන්නට නැත.

වී ටික විකුණාගන්නට බැරි උන දා නයටගත් වස කුප්පියේ පිහිටෙන් ගත් නය “ගෙවූ” ගොය්යන්ට ” ගබඩා තෛලයෙන්” හා ” වී මිළදී ගැනීම සදහා වූ විශේෂ ප්‍රතිපාදන තෛලයෙන්” වැඩේ දුන්නේය.

අපි විසින්ම පත්කරගනු ලදුව අපටම තෛල බෙදන් ආන්ඩුව විතරක් නොව, විපක්ෂයේද මෙවැනිම නායක ධූර  කුෂ්ඨයක් පැන නැගුනු විට විශේෂයෙන්ම මාධ්‍ය හරහා ” ප්‍රතිසන්විධාන තෛලය” පිහිටට ආයේය. දවස ගානේ අතුල්ල අතුල්ල ඉන්නා විට නිකම්ම තුවාලයක් බවට පත්වූවා මිස කුෂ්ඨය ආගිය අතක් නැති වීය.

මාධ්‍ය කාරයන්ට “සුදු වෑන්” තෛලයෙන්ද, ගස් බැදපු එවුන්ට “දිවුරුම් ප්‍රකාශ” තෛලයෙන්ද, වයසක- තවදුරටත් කඩේ යා නොහැකි අයට “ජේෂ්ඨ ඇමැතිධූර” තෛලයෙන්ද, ආදී වශයෙන් ඇති පදමට බෙදාදුන්නෙන් එකෙක් කට ඇරියේ නැත. (කට ඇරියොත් අඩුම ගානේ බ්‍රසීලයටවත් යා හැකි බව ජේෂ්ඨ ඇමතිතුමෙක් සොයාගන්නා තුරු.)

එහෙත් අවාසනාව,

හැමදාමත් මෙන් මේ තෛල කෙරුවාවට අහුවෙන, අවුරුදු තිහක් තිස්සෙ අනේක විද දුෂ්කරතා මැද යුද්ද කල අපේ සොල්දාදුවන් යලිත් මේ තෛල කෙරුවාවට අසුවී තිබේ. උපවාස අපවාස උද්ඝෝෂණ බලාගන්නට වෙන, හන්දියක් හන්දියක් ගානේ ට්‍රැෆික් බලාගන්නට වෙන, අට සමත් ඇමැතිවරුන් පස්සේ ආරක්ෂාවට දුවන්නට වෙන, නියගයටද ගංවතුරටද කුනාටුවටද ඇමැති පුතාගේ අධෝමුකයෙන් පිටවෙන වාතයකටද ආරක්ෂාව සපයන්නට වෙන , ඩෙන්ගු මදුරුවා උත්සන්න වූ විට කාණු, ඇලවල්, බෝක්කු සුද්ද කරන්නට වෙන ඔවුන්ට හන්දියක් හන්දියක් ගානේ දැන් එලවලු බක්කිවල අල බෝන්චි විකිණීමට වී තිබේ. නාට්ටාමිගේ සිට බඩුකිරන කොල්ලා දක්වා සරදමට ලක්වී ඇත්තේ සාමාන්‍ය සෙබලුන් නොව, කිලෝව දෙසියපනහ දක්වා සිල්ලර ගනන් හදන තරු ඇති නිළධරයෝත්ය.

සරදමට නොව වරදකට යටත් කල යුතුව තිබෙන, දඩුවමක් දෙන්නට බැරිනම් “සාමාන්‍ය පෙළ” වත් සමත් කරගෙන වරෝ කිය යුතු, මේවා බලාගන්නට- අප විසින්ම අමුඩ ගසාගෙන දියවන්නාවට පිටත් කල ඇමැත්තෝ පේන්නටවත් නැත.  ඒකටත් පටලවාගෙන සිටින්නේ මේ සිල්ලර වැඩ වලට කඩේ නොයැවිය යුතු, අප්‍රමාණ මානසික දුෂ්කරතා වලට මුහුන පා ඇති හමුදාවමය.

හෙට අනිද්දාට පතෝල වැටකොලු ගානට වැටෙන හමුදාවට හන්දියක් හන්දියක් ගානේ කොල්ලො කුරුට්ටෝ විහිලු නොකොලොත් පුදුමය. ඒ අවු අස්සේ මොලේ ගිනි වැට්ච්චි එකෙක් අතේ තියෙන තුවක්කුව විහිලු කරන කොල්ලන්ට පත්තු නොකොලොත් ඒකත් විහිලුවක් වන්නත බැරි නැත.

එහෙත් පුදුම වැඩේ කවුරුත් මේ “තෛල” ගැන කතා කර කර කාලේ ගෙවන එක මිස නිට්ටාවට සුව වෙන වෙදා මාරුකිරීමෙ හෝ වෙදාට මොලේ පෑදෙන්නට ටොක්කක් අනින එක ගැන කල්පනාවට නොගැනීමය.

ඒ නිසා තෛල බෙදිල්ල නතර වන්නේත් “ගා” ගැනිල්ල නතර වන්නේත්, ලෙඩේ හොද වන්නේත් වෙදා හැදෙන්නේවත් නැත.

By 47

චූ…විහිලු..
ලංකාවේ සමාජය , විශේෂයෙන් දේශපාලනය (ලංකාවේ දේශපාලනය යනු තවත් බිස්නස් එකක් “රන්” කිරීම පමනක්ම බව මතක තබා ගන්න.)දැන් දැන් විහිලුවක් බවට පත්ව තිබේ. ඔවුන් අපට විහිලු කරන්නේය. අප ඔවුනට පෙරලා ඒ සදහා හොද ගෙවීමක් කරන්නෙමු. 2 ශ්‍රී මයිනර්  කාරයෙන් බැරිනං ගොන් කරත්තයෙන් හෝ ගොස් අපි ඔවුන්ටත් දරු පරම්පරාවටත් හරි ගෑනිගේ සිට හොර ගෑනී දක්වාත් මොන්ටෙරෝ ලබාදී ඇත්තෙමු. තහඩු දෙක තුනක් බැරිනං පොල් අත්තෙන් හෝ හිසට සෙවන සාදාගෙන ඔවුන්ට තට්ටු තුන හතරක බැරිනං සුපිරි තට්ටු නිවාසයක් හෝඅ ලබාගැනීමටැ වැඩ සලසා දෙන්නෙනෙමු.

අපට පොල් බෑයක් ගන්නට පෝලිමේ ඉදින්නට සිදුවුනත් ඔවුනට පරම්පරා හත අටකට ඇතිවෙන්නට “කා ගන්නට” අපි ඉඩ ලබාදෙන්නෙමු. ඒ අපේ හැටිය. අපි ඒ තරං හොද ජාතියක් වන්නෙමු. කාටවත් කරදරයක් නැතත් අපට මහා කරදර, “විහිලු සපයන්නන්ට” අපි කිසිදා එරෙහි නොවෙමු.

එහෙම විහිලු ටිකක් දුරදිග ගියත් බෙල්ල ගාවට හිර උනත්, ඒ වෙනුවෙන් කතා කරන එවුන් අල්ලා වැළිකඩ බැරිනං ඇෆ්ඝනිස්ථානයට දැම්මත් අපි “හ්ම්” නොකියමු. හිමීහිට ගොස් ඉරිදෙකේ කතිරයෙන් මේ විහිලුකාරයන්ව තවත් උස්සා තබමු.

එහෙම විහිලු කාරයෝ කිහිපදෙනෙක් මේ දවස්වල වේදිකාවේ සිටිති. අපි පහල කට ඇරෙගෙන බලා සිටිමු.

උසස් අධ්‍යාපන විහිලුව.. (හුප්..)

මේ ලගම දවසක උසස් අධ්‍යාපන ඇමතිතුමාඅපූරු කථාවක් කලේය. ඒ තම අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණයේ යෙදෙන සරසවි සිසුන් ( අනවසරයෙන් නේවාසිකාගාර-”වල” ඉන්නා කෙල්ලෝ කොල්ලෝ ) එලවපු හැටි තලු මර මර කීමෙනී. (තලු මරන එකත් වමාරා කන එකත් සතෙකුගේ ක්‍රියාවක් බව පොඩිකාලේ අසා තිබේ.)

කතාව කිව්වේ අහන් හිටි හාමුදුරුවන්ගේ විනෝදය පිණිස වන්නට බැරිය. එහෙම කුණුහරුප අසා සිටින්නට අපේ හාමුදුරුවන් කැමැති නැත.(අහන් හිටියත් නැගිට විනෝදය (හික්… විරෝධය.) පල කරනවා නිසැකය. ඒ නිසා එතුමා “හාමුදුරුවනේ “ කියා කිව්වේ මැදමුලන වලව්වේ කවුරුහරි ලගපාත හිටියාට වෙන්නට ඇත.

හෙලුවැලි කතාවක්ද කියා තිබේ. (කොහොමත් එයා  ජීවිතේ වැඩි දවසක් ඇදුං ඇදන් හිටියේ නැත.) කියන කියන වෙලාවට ගලවන්නටත් ඇදගන්නටත් හපන් එතුමාට කැම්පස් කොල්ලන්ගේ ඇදුම් ගැලවිල්ලෙන් ලැබූ ප්‍රීතිය කොල්ලන් කරගත් මහා පිනකි. ඇත්තටම මේ වාගේ කට්ටිය අධ්‍යාපනය පාලනය කරන්නට ආ විට අපේ අම්මලා තාත්තලා සරසවි එවිය යූත්තේ ළමයි නොව පොල්ගහේ බැද සිටි එවුන්වය.

මේතුමා විසින් පාරම්බාන්නේ (උඩුබුරලන්නේ) කුමක්ද?  චින්තනයේ අතුරු කොටස්ද ? මෙසේ කලිසං ජංගි ගලවා මහපාරේ එලවන්නේ කවුරුන්ද. උසස් අධ්‍යාපනයක් දෙමිය, ඔවුන්ගේ ප්‍රාර්ථනා මල්ඵල ගන්වා මුලු ලෝකයේම උසස්ම අධ්‍යාපනය කකුල් දෙක ලගට ගෙනත් දෙමි යැයි කී චින්තනයට සමගාමීවද?

සංස්කෘතික හා කලා විහිලුව..

ලංකාවේ එක ඇමැතිවරයෙක් ඇදුං ගලවන විට තවත් කෙනෙක් ඇදුං අන්දවන්නට ට්‍රයි කරති. කලා ඇමැතිතුමා ඒ අතින් ඉතා කලාකාමීය, කකුලක් හරි කිහිල්ලක් හරි පෙන්නන්ඩ බැරිය. ලගදීම දිනයක් පොලිස් දඩපොතේ “අනවසර ඇදුං දඩය” කියා පිටුවක් එන්නට බැරි නැත. එතකොට පොලිස් රාලහාමි කෙනෙක් දුටු ලයිසන් නැති බයිසිකල් කාරයෙකු මෙන් , ගවුම දෙපරැන්ද අස්සේ ගහගෙන කොණ්ඩේ කරලට ගොතාගෙන, අරාබියෙ මෙන් මූනටත් මොකක් හරි කර වහගෙන යන්ඩ සිද්ද වෙනවා සිකුරුය.

එක්කෝ කෙල්ලන්ට ගෑනුන්ට එලි-යට බහින එක (එලිබහින එකටත් දවසක නීතියක් ගේනවා සිකුරුය.)නතර කල යුතුය. ඕනෙම නං ඇෆ්ගනිස්ථානයෙන් මුල්ලා කෙනෙකු “උපදේසකවරයෙක්”  වසයෙන් පත්කර ගත හැක.

ලෝක උරුම විහිලු..

දැන් එලිපහලියේ චූ කරන එක තහනම්ය. විශේෂයෙන් ලෝක උරුමයන් ඇති ස්ථානවල එලියට ගැනීම සපුරා තහනම්ය. ඒකට ගෙදරින් එනවිට එලි පහලි බැස එන ලෙස දන්වා තිබේ. ලෝක උරුමයන් රැක්කාට අපට අපේ උරුමයන් නැත. මේ රටේ හැටි එහෙමය. දවසක චූ කරන එක පමනක් නොව කරන තැනත් තහනං කලොත් පුදුම නොවන්න. ඒක අපේ උරුම කරුමයය.

පොලිස් විහිලු..

පහුගිය දාක නිරුවත් දර්ශන වලට පෙනී හිටි තිස් හතලිස් දෙනෙකුගේ ඡායාරූප මාධ්‍යට නිකුත් කල පොලීසිය මේවර එකී වීඩියෝපටය රටට පෙන්වන්නට තීරනය කර තිබේ. එය ගමේ රටේ කොල්ලන්ගේ ප්‍රීතියට හේතුවකි. මන්ද උන්ට හදිසියකට “එලියට ගෙන” මුත්‍රා කරන්නටවත් නොදෙන රටේ එහෙම පබ්ලික් ෂෝ එකක් තිබීම පොලීසියට පින් සිදුවෙන නිසාය. කෙසේ වෙතත් තීරණය වී ඇත්තේ පොලීසියට විත් මේ දර්ශන නැරඹීමය. අන්තිමේ ගමේ රටේ කොල්ලෝ කුරුට්ටෝ විතරක් නොව හැරමිටි කාරයෝද සුලු සුලු දඩ ලබෙන දවසක් දෙකක් රිමාන්ඩ් හිටිය හැකි වැරද්දක් කර “ලකප්” වෙති.

කන්ඩත් දී නිදාගන්ඩත් දී නීත්‍යානුකූල ලෙස අහවල් ඒවාටත් උත්තේජනයක් දෙන එකට පොලීසියට ස්තූතිකල යුතුය. හැබැයි අහින්සක කොස්තාපල් මහත්තුරු ටික පරෙස්සං කරගත්තොත් හොදය. නැත්නං අපට හදිසියකට හොරෙක් ගෙට පැන්නත් (තුන්මාසෙකට පසුව හරි.) ඇන්ට්‍රියක් දාගන්න කෙනෙක් නැතිවෙනවාය.

පොල් සංවර්ධන විහිලු..

ඇමැතිතුමාට අනුව පොල් මිල ඉහල යාමට හේතුව ජේ.වී.පී කාරයන්ය. පැත්තක් අල්ලගෙන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරගෙන ෂේප් සුවයෙන් ඉන්නා ජේ.වී.පියට මෙහෙම හරි තල්ලුවක් දෙන එක එක අතකින් හොද උනත්, මේ වාගේ වැඩ වලින් ඇමැතිතුමාගේ අවශේස අවයව කෙසේ වෙතත් මස්තිස්කය වැඩ නොකරන බව හෙලිවේ. එහෙම කාගේ හරි එකවුන්ට් එකකට බැර කර පොල් ප්‍රශ්නේ උනත් විසදෙනවානම් හොදය. ඒත් මණ්ඩලේ පොල් ලොරිය ලග තිත්ත කුණුහරුපෙන් ඇමැතිතුමා මතක් කිරීමෙන් ඒකවත් කෙරී නැති බව පෙනී යයි.

එතුමාම කියන පරිදි පොල් ගෙඩියක් හැදෙන්නට මාස 42 විතර යන බවත් එහෙම එලියට එන්නත් කලලයක් විදියට අවුරුද්දක් විතර යන බවත් කියා තිබුනත් මොලේ වැඩෙන්න නං ඇමැතිවරයෙක් වීමටත් වඩා කල් යන බව එතුමා ක්‍රියාවෙන්ම ඔප්පු කර දී තිබේ.

අධ්‍යාපන විහිලු,

ඒ අව් අස්සේ අධ්‍යාපන ඇමැතිතුමාද පණීභාරත අමරදේව වැනි එතුමා මෙන් කටින් විතරක්ම නැතත් මොලෙන්ද වැඩ ගත් අය ගැන මොනවාදෝ කුණුහරුපයක් කියා තිබේ. ඒ අයගෙන් ගණං පාස්ද කියා අහන්නේ නැති බව කියන එතුමා ගණං බැරි අයට ඉදිරියට එන්නට ගණං ආනිවාර්ය කල යුතු නැති බව කියා තිබේ. කලක් වෙලද ඇමැතිව හිටි මෙතුමාට ගණං තියා ඉලක්කංවත් බැරි බව ඔප්පු කර තිබුනත්, නව වෙළද ඇමැතිතුමා ලැජ්ජාවෙන් බේරා ගනු පිණිස කිව්වා වෙන්නට බැරි නැත. අනෙක එතුමාට ගණං තියා නමය වසරවත් පාස් කර ගන්නට බැරිඋනු එකේ එක්කෝ ගණං විතරක් නොව මුන්ගේ විජ්ජා දැනගැනීම වැලැක්වීම පිණිස විද්‍යාවත් “ගනං” නොගත යුතුය.

මේ වාගේ රටේ විහිලු නැතහොත් පෘතුගීසියේත් නැති විහිලු ඕනෑ තරං ඇත, එහෙත් නැත්තේ මේවා ගැන කතාකරන්නට පුලුවන් නැගී සිට පෙන්වා දෙන්නට පුලුවන් හරි හමන් සමාජ වටපිටාවකි. නැතිනම් අවසානය විහිලුවල නොව විහිලු කරන්නන්ගේ බව මතක් කර දෙන්නට හරි හමන් සමාජයක් නැතිකමය.

By 47