චැනල්

මවු කෙනෙකු දස මාසයක් බඩේ තබාගෙන, අනෙකවාරයක් දුක් වෙදනා විදින්නෙ ජීවිතය නැමැති අනර්ඝ ඵලය අත්විදින්නටය. රටේ ලෝකයේ මොනතරම් දුක්ක දෝමනස්සයන් තිබුනද අම්මාවරු දරුවන්ගෙ ලෝකය විදිති.

කෙසේ වෙතත් ලංකාවේ සෞඛ්ය සේවය දැන් මහා පරිමාන ව්යාපාරයකි. දරුවන් හැදිල්ල එ මහා ව්යාපාරයෙ එක් අත්තකි. පැනඩෝල් පෙත්තේ සිට ශල්යාගාරය දක්වාම එය අතු විහිද ඇත්තේය.එය ඔබටත් මටත් පාලනය කල හැක්කක් නොවේ.මේ සියල්ල රදා පවත්නෙ මුදල් මතය. ඒ නිසා සෘජුවම සම්බන්ද මධ්‍ය්ම පාන්තිකයන්ගේ සිට ඉහල පාන්ථිකයන්ටත් වක්‍රාකාරව අහින්සක දුප්පතාටත් බලපා ඇත්තේය.

ඉස්පිරිතාලෙකට ඇතුල්වන්නට දුප්පතා පොලිමෙ බලා සිටින විට “චැනල් දොස්තරගේ” රෝගියාට ඇදක්ද ලැබී අවසානය. “අහවල් දොස්තර’ මහතාගේ “පේෂන්ට් ” කෙනෙකු නිසා අවධානයද ලැබේ.

අන්තිමේ දුප්පත් අම්මා තමන්ට දරුවෙක් ලබුන සතුටින්ද, චැනල් අම්මා සියල්ල පහසුවෙන්ම කෙලවරවීමෙ සතුටින්ද ගෙදර යති. අඩුපාඩු ගැන කතා කර තවත් දුක් විදින්නට අකැමති තාත්තලාද ලැබුනු එකා දහස් වටී ” සිතමින් ගෙදර යති.

ඒත් මේවා මෙහෙම කෙලවර වෙනවානම් කොයිතරම් හොදද..?

“මෙව්වා සිස්ටම් එකෙ වැරදි” කියා හවසකට බයිට් එකකටත් ගත හැක. එහෙත් මාතර රොහලේ පසුගියදා සිදුවූ සිද්ධියට අදාලව  නම් තනිකරම අධික තන්හාව නිසාම චැනල් දොස්තර “මහත්තයකුගෙ අත්වැරදීමකි”.තමන්ට උහුලාගන්නට බැරි තරමේ ලෙඩුන් කන්දරාවක් චැනල් කරනා දොස්තර කෙනෙකුන් විසින් අවසානයේ අතැරදමූ ජීවිත දෙකක අත්වරදීමකි. ඔහුට මේ ජීවිත දෙකම තවත් එක් චැනල් තුන්ඩුවක් පමනක් වූවත් ඒ පිටුපස තුන්ඩුවකින් තබා හෙන්ඩුවකින්වත් නවතා ලිය නොහැකි ජීවිත වැලක් ඇත්තේය.

කොතෙක් කතා කලත්,ලියූවත් මේ නැතුවුනු ජීවිත නැවත නො එන්නේය, එහෙත් අද ජීවත් වන මිනුසුන්ට මේ “කෙරුවාවල්” නිසා අහිමිවන සතුට නැවත ලබා දිය යුත්තේය. එය එකී දොස්තරව සොයා ගොස් “කනට දෙකක් දීමට ” යන තාත්තා අල්ලා හතරහන්දි කැඩීමෙන් නොව-  මේ ක්‍රමයේ “අයිතිකරුවන් සොයා ගොස්” හරිමග යන්නට ” පාර” කියාදීමෙනි.

 by 47

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s