ගුරුන්ටත් බැරිනං..

සරසවි ආචාර්යතොමෝ මෙ හිගන පඩිපතෙන් මොන කෙහෙල්මලක්වත් කරන්න බැරියැයි කියා මේ ලගදී පොඩි සද්දයක් දැම්මෙය. කතාව ඇත්තය ලාවට කා, තියෙන තුට්ටු දෙකෙන් පොතක් පතක් ගෙන මොලේ පාදවා එලියට එවන ගෝලයා එලියට බැස්ස ගමන් ගුරා මෙන් හත් අට ගුනයකට හම්බ කල හැකි රස්සාවක් හොයා ගනී. ගුරාට යනෙන මගතොට ගෝලයා මුන ගැහුනු විට “සැප කාර් ” එකේ වීදුරුව පාත් කොට “යන්නං සර්” කියයි.

කතාව එහෙම උනත්, වැටුප් වැඩිකල යුතු උනත්, සංකේත- දිවා පැය වර්ජන – වරු වැඩවැරීම් -හා ස්ට්‍රයික් වැනි ක්‍රියාදාම වලට යන්නට සැරසෙන්නේ ඇයිදැයි යන්න හුදීජනයාට ගැටලුවක් නැත්තෙම නැත.

අපේ ලංකාවේ මිනුසුන්ට කිසිම දෙයක් සුමානයකට වඩා මතක නැති රොගයක් ඇතත් ටික දවසක් හරි මතක අයට ” මතක” ඇති 2010  ජනාධිපතිවරන “විද්වත් හමු” වලදී හම යනකන් තර්ක කල සරසවි ඇදුරන් අමතක විය නොහැක.  එසේ හම යනකන් දර දිය ඇදි සරසවි ඇදුරෝ සෙස්සන්ට කීවේ, ” ඉඩී අමීන්ට වඩා මේ අමීන් උපාසක” කියාය. එයා ආවොත් වැඩේ කෙල වෙන බවය, මෙයා ආවොත් නං සරසවි ප්‍රශ්න තියා මොන්ටිසොරි ප්‍රශ්නත් ගොඩ බවය.  නමුත් මහින්ද චින්තනයෙත් ඒ තරම් දෙයක් සරසවි වැටුප් පිලිබද දක්වා නැත

එහෙව් කට්ටිය දැන් පේන්ඩවත් නැත්තේ තම තමන්ගෙ වැඩ “ගොඩ” දා ගත් නිසා වෙන්නට ඇත. ඒ වගේ “ධර්ම” කාරයෝ දැන් සද්දෙ නැතුවම අකුලන් සිටිති.  කොහොම උනත් දවසක් ස්ට්‍රයික් කල පසු දැන් වැඩේ හේදී ගොස් ඇත්තේය. 14 වැනිදා 31ට පල්ලම් බැස්සෙය, කෑම පැයටත් බැහැලා ගොස් අන්තිමේ හොයාගන්ටත් බැරි විය.

එස්.බී. ලක්ශ ගනන් දෙන්ඩ පොරොන්දු උනත් වැඩෙ නිලධාරින් පිට පටවා ශේප් උනේය. ඇදුරෝද අනුමත කලත් දෙන්නේ නැත්තේ නිලධාරීන් කියා නගුට හන්ගා ගත්තාට, “අපි දුන්න දිවිල්ලට – දැන්වත් පොඩ්ඩක් බලනවාකෝ” කියා උත්තමයාට කියන්නේ නැත.  අන්තිමෙ සද්ද බද්දයක් නැතුවම වෙන්නේ ඉදිරි පරම්පරාවේ සරසවි වලට අඩු පඩියට ඇදුරන් සොයාගත නොහැකිව තියෙන ඒවා ” ප්‍රයිවටයිස්” කරන්නටය.

ඕනෑම නම් කොළඹ ගෝටාටත්, බදුල්ල සිරිපාලටත්, සබරගමුව පවිත්‍රාටත්, රුහුන  බේබිටත්, කැළණිය මර්වින්ටත් කීයකට හරි විකිණිය හැක.

එතකොට වැඩේ කම්මුතුය. මොකකට වද වෙනවාද මෙවා ගැන……

by 47

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s