මැරිච්ච එවුන්…..

අම්මලා ආසාවට ලමයි හදන්නෙ නැත, වැරදීමක්වත් උනත් මෙකා එපා කියන්නෙ නැත. දස මාසයක් බඩෙ තියාගෙන ඉද වදා, තවත් අවුරුදු දෙක තුනක් ලේත් කිරිකර දී බඩේ හන්ගා තියෙන දේත් දී ලොකු මහත් කරති. අම්මලා තාත්තලා එහෙමය.

මහරාජාගෙ දෙමාපියනුත් එහෙමය, සිරිපාලගේ දෙමාපියනුත් එහෙමය (ඇත්ත මහරාජාගෙත් සිරිපාලගෙත් සමහරවිට කොහෙ හෝ වැරද්දක් තිබෙන්න්නට ඇතැයි කෙනෙකුට සිතෙන්නත් පුලුවන.) තරු හෝටලේ විස්කි බී ගෙදර එන පුතාත් ගුබ්බෑයමෙ කසිප්පු බී එන පුතාත් අම්මලාට එකය. දරුවෝ වටින්නේ දෙමාපියනටය, හිටි අඩියෙ කුලප්පු වී මිනිසුන් ගස් බදින මර්වින්ටත් දරු කැක්කුමක් ඇතිය,  එහෙම තිබූ නිසාම රාත්‍රී සමාජ ශාලාවල ” පච “වෙමින් තිබූ පුතන්ඩියාව පිටරට පැටෙව්වේ මොලෙන් බැරිනං සල්ලි වලින් හරි ඉගෙනගෙන එන්ටය. (රට බාරගන්ඩත් එපැය!)

එහෙව් හපන්කම් බැරි අහින්සක දෙමාපියන් කකුල් කැඩෙන තුරු ඇවිද, තියෙන සොච්චමත් ටියුශන් කාරයෙකුට දී නොදන්නා දෙවියන්ට කියන්නේ විබාගේ පාස් කරදී දරුවාව විශ්වවිද්යාල්යට යවා දෙන ලෙසය. එහෙම ගිය එකා මහා ගැල්වුම්කාරයානන් වී ඉතිරි හත්මුතු පරම්පරාවම ගොඩදාවී යන අහින්සක බලාපොරොත්තු ඇතිවය.

පහුගියදාක පොලීසියෙන් හෝ ” බස්සාගෙන්” හෝ පිපුරුන නහරයක ආනුභාවයෙන් තවත් අහින්සක අම්මා කෙනෙකුගෙ බලාපොරොත්තු නැතිකල ” සුසන්ත බණ්ඩාර ” දෙශපාලන අධමයන්ගේ බලාපොරොත්තු නම් ඉටුකර දුන්නේය. සුසන්ත බණ්ඩාරව පට්ට ගැසූ දේශපාලන අම්බරුවන් අද අහලකවත් නැත, එදා සුසන්තගෙ අම්මා හෙලූ කදුලු බින්දුවක් ගානේ ප්‍රකාශ, විරෝධතා පෙලපාලි ගිය අය දකින්නටවත් නැත.

කොටින්ම ලොක්කාගෙන් අහලා මිස නිවෙදනයක්වත් නිකුත් නොකල පොලිස්පතිතුමාගේ සිට, පාරක් පාරක් ගානෙ කෙල්ලො කොල්ලො දැක්කවූ ටිල්වින් විජිත සුනිල් නඩයද දකින්නට නැත.(එහෙව් කල එස්. බී. රනිල් ගැන නං හිත්ලාවත් වැඩක් නැත.) හැමදාම කලා මෙන් මේ කට්ටිය සාධාරණය ඉෂ්ට නොවුනොත් මරාගෙන මැරෙනවා යයි කීවත් අද සුසන්තගෙ අම්මාට හදිසියකට නගුට වනන්නට බලු පැටියෙක්වත් නැත. ඒ අයට මේ වනවිට ඊට වඩා ලොකු “ව්යවස්ථා සංශෝදන” කටුවක් ලැබී ඇත්තෙය.

මේවා දැන් ලංකාවේ ” සිම්පල්” වී ඇත්තේය. ඕනෑම දෙයක් දවස් තුනකට වඩා “හපන්නට ” බැරිය. ඒ තරං ” කටු ” ගොඩගැහී ඇත්තේය. දේශපාලන කබරයන්ට මීට වඩා මොනවාද………

By 47

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s