පොලිශ්‍…පොලිස්..

“ලිව්වද ?”

“ලිව්වනෙ අයිසෙ..!”

” මුන් නං මහා සක්කිලි ජාතියක් ඕයි..”

” ඒකනෙ අය්යා, ඊයෙත් පොඩි සම්තින් එකක් දුන්නනෙ- හවස පාටියක් කියල..”

“වැඩක් නෑ මල්ලි.. ගිය මාසෙ මුලු පොලීසියම අපි ගානෙ තීන්ත ගාලා දුන්නෙ..”

“හරි බලමුකෝ.. හවසට ලියපු එකාටම කියලා ඕක ගෙන්නගන්නෙ නැද්ද කියලා..”

මේ දීර්ඝ ටෙලිනාට්‍යක හෝ වේදිකා නාට්‍යක දෙබසක් නොවේ, අපේ භාශාවෙන් කියතහොත් “කට කපා පටවන ” ලද බස් රථයක සිදුවූ සැබෑ දෙබසකි.

මින් ගම්‍යවන්නේ අද නීතිය ක්‍රියාත්මක කල යුතු එකී සැබෑ නීතීයේ සැමට සාධාරනය ඉෂ්ට කර දීමට මැදිහත්කරු වන පොලීසියේ දුර්වලකම නොවේ. මේ සමස්ත ක්‍රියාවලියම වැටී ඇති නරකාදී අගාධයේ මතුපිට පෙනුමයි.

පොලීසිය දූෂිතය කියා හන්වඩු ගසා පත්තර වල පලකර, පොත් ලියා, සම්ම්න්ත්‍රන පවත්වා, උද්ඝෝෂන පවත්වා පලක් ඇත්ද ? මේ සන්සිද්දිය දැන් අප කාලයක් තිස්සේම ඉතා හොදින් දන්නා ලෙස සමාජයෙ පැල පදියම්  වී, මුල් ඇද ඇත්තේය. එහෙත් මෙ දූෂිත පොලීසිය පිටුපස ඇති වැලක් මෙන් ඇදෙන මේ ක්‍රියාදාමයෙ මුල් පුරුක් ගැන කුමන කතාද !

පොලීසියෙ ඉහල නිලධාරින් ගැන් කෙසෙවෙතත්, (ඉහල නිලධාරින්ගෙ කොදුනාරටි බැද තිබෙන්නෙ මොන “ගස්” වලදැයි දැන්ගැනීමට විමල් වීරවන්සගෙ උද්ඝෝෂනය මතක් කරගන්න ) පහල ශ්‍රේණිවල නිලධාරින්ගෙ සෙවයට ලැබෙන සොච්චම් පඩි පතෙන් කොන්ද කෙලින් තබාගෙන රාජකාරි කල හැකිද. පොලිස් නිල ඇදුම ඇන්දාට පසු තිරිසන් ගති මතු වෙතත්, මේ සෑම නිල ඇදුමකටම පිටුපස මිනිසෙක් ඇත්තේය. ඒ මිනිසාටත් දරු මල්ලන්, අඹුදරුවන්, ලයිට් බිල් වතුර බිල් ගෑස් බිල් ඇත්තේය, ටියුෂන් පන්තිවලට පුදන්නට ඇත්තෙය.  එහෙයින් මෙ මනුස්සයාටත් ඇත්තේ සමාජයෙ අප කාටත් පොදුවෙ බලපාන ප්‍රශ්න හා දුක් දෝමනස්සයන්මය. වරද ඇත්තේ එවන් සමාජමය ගැටලු වලට මුහුන දෙන මෙ මනුස්සයාවම සොච්චම් පඩියකට මේ ජරාජීරන සමාජයට තල්ලු කිරීමයි. මේ නීතිය ක්‍රියාත්මක කරන නිල ඇදුමෙන් වසා මහමගට තල්ලු කරවන මනුස්සයා අවසානයෙ තල්ලුවන්නේ කීයක් හරි හොයාගැනීමෙ ක්‍රමවේදයටයි. මොවුන් “බැරිනං ගෙදර යනවා !” තර්කය ගැන දෙපාරක් තියා එකපාරක්වත් නොහිතන්නේ ගෙදර එවුන්ගෙ ප්‍රශ්න මතක් වීමෙනි.

ගෙයක් දොරක් හදා ගන්නට අම්මා තාත්තාට සලකන්නට විවහායක් කරගන්නට අන්තිම කාලේ නිදහසේ ගෙවාගන්නට හීන මවන මේ මනුස්සයාට ” ගහපියව් ” කිව් ගමන් බැටන් පොල්ල අතට එන්නේ එකී කාරනාව නිසාය.

ගමෙ පන්සලයි පොලීසියයි එකතු කරමු වැනි අභූත කතා නොකියා ගමේ පොලීසියට ස්වාධීනව වැඩ කරන්නට මුල් බිම සකසා දිය යුතුය. ගමේ හොර කසිප්පුකාරයගේ සිට බස් කොන්දොස්තරගෙන්ද උද්ව් අවශ්‍ය නැති තැනක් සකසා දිය යුතුය.

මේ ශ්‍රි ලංකාවේ දේශපාලඥයන්ගෙ අත පෙවීම් තවත් කල්පයකට නොනවතින නිසා අඩුම තරමේ පහල මට්ටමෙ අහින්සක පොදු මිනිසාටවත් සාධාරණයක් ඉටු කරගත යුතුය.

ඒ නිසා නිල ඇදුමෙත් නීතීයෙත් ගෞරවය රැකෙන්නට පගා ගන්නට ඕනෑ නැති පඩියක් දී, නීතියෙ පිලිසරණ පතන අහින්සකයාගෙ පටන් නීතිය බිද දමන තක්කඩින්ගෙන් පවා කීයක් හරි සාක්කුවට ඉල්ලන පොලිස් නිලධාරියා ශක්තිමත් කල යුතුය. එහෙම දවසක් උදා වූ දාට සර්ව සාධාරණ නීතීයක් හෝ පොලීසියක් තබා අඩුම ගනනේ කොන්ද කෙලින් තියා වැඩ කරන පොලිස්කාරයෙකු දෙන්නෙකු බිහිවනු ඇත.

By 47

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s