කළුම…”කළු දෝංකාරය”

සාහිත්‍ය මාසයේ ලාභයක් නැතත් (පොත්වල ලාබ පාඩු ඇත්තේ ප්‍රකාශකයාට මිස අපට නොවේ) සුලබව පොත්පත්, (එලිදැක්වීම්, නැවත මුද්‍රණ ආදී නොයෙකුත් සෙල්ලං නිසා)දකින්නට ලැබීම අගනේය. සමහරුන් අවුරුද්ද පුරාම පඩි සොච්චමෙන් කීයක් හරි ඉතිරිකරගෙන සැප්තැම්බරයෙ පොතක් දෙකක් ගනිති. පොත්පත්වල ගනන්ද දැන් එසේ මෙසේ නොවේ, රුපියල් දෙතුන් සීයක් යනු සාමාන්‍ය මනුස්සයෙකුගෙ දවසක වැටුපට සමානය.

එසේ තිබියදී හරිහමන් පොතක් තෝරාගැනීමද වෙනමම යුද්ධයකි. එ නිසා කුමක් හෝ සම්මානයකට හෝ එවන් ඇගයුමකට පාත්‍ර පොතක් තෝරාගැනීම වැඩේ ලෙහෙසි කිරීමකි. මේ ඔස්සේ යන අයට මාධ්‍යයෙන් “ස්වර්ණ පුස්තක” සම්මාන්යේ නිර්දෙශිත පොත් කිහිපයක් පිලිබද නිරතුරු දකින්නට ලැබෙයි.  එ අතරිනුත් අවසාන පොත් පහට නිර්දෙශ වූ පොත් අතරින් “කලු දෝන්කාරය” පිලිබදව මට හිතෙන හැටි ලිහා දැමීමෙන් කාටවත් අවැඩක් වේ යැයි නොසිතමි.

කතාව මුල සිට අගට කියවූවත් අග සිට මුලට කියවූවත්, හැම අස්සක් මුල්ලකම පහුගිය යුද්ධයෙ අසික්කිත මාධ‍ය වැමෑරීමක සුන්බුන් මිස වෙනදෙයක් නම් නැත්තේය. පොතේ එන සෑම චරිතයකටම පාහෙ  “කොටියා” නම්, සින්හල සමාජයෙත් ද්‍රවිඩ සමාජයෙත් සුන්න්ත්දූලි කරවිය යුතු බවටත් එහෙම දෙයක් ගැන හිතන්නටවත් දෙමලුන්ට ඉඩ නොතැබිය යුතු බවත් පුන පුනා කියවන්නෙය.  සින්හල මනුස්සයාගෙ මනුස්සකම ” රත්නම්” මහත්තයාගෙ කටට ඔබන්නෙ  රත්නම් මහත්තයාගෙ මුලු ජීවිතකාලයම හදාවඩා ගැනෙන සින්හල සමාජයෙ කදුලු වැගිරෙන අනුකම්පා සහගත ස්වරයෙනි.

“සින්හල මිනිස්සු හොදද”

“ලක්ෂ්මි, සින්හල මිනිස්සු හොද  හින්දනෙ මම මානි මාමිව බැන්දෙ ” පි.25

“මේ දවස්වල යන්ඩ බයයිනෙ.. ඒ වුනාට ඉතින් යුනිවර්සිටියට පාස් උනොත් යනඩ වෙනවනෙ… එක්කො පේරාදෙනියට … එක්කො කොළඹ මෙඩිකල් කොලීජියට..”

“එහෙම බයක් වෙන්ඩ  ඕන නෑ දුවේ” පි.26

—-

“මහත්තයා සිංහලද.?”

” නෑ මං මනුස්සයෙක්”

“සිංහලකම පැත්තකට දාලා මනුස්සයෙක් වෙන්ඩ පුලුවන්ද?”

” මනුස්සකම පැත්තකට දාලා සිංහලයෙක් වෙන්ඩ පුලුවන්ද?” පි.48

මෙවන් කතන්දර රාශියකට පසුව අන්තිමෙ රත්නම් මහත්තයාගෙ බිරිද සමග ඕමන්තයෙන් එහා සින්හල ලෝකයට “රශ්මි” (දෙමල පවුලේ පුතා) ගෙනගොස් “නිදහස” ලබාදෙන්නේ ද සිංහල කාන්තාව වන රත්නම් මහතාගෙ බිරිදය. එසෙම ඔවුන් පිටව  යාමෙන් පසු මවගෙ සිත තුල ඇතිවන මනොස්මිතිය කතුවරයා පිටකරන්නෙත් සිංහල අපට ඔනෑ විදියටමය.

“මං දැන් ගරාජ් වැඩ ඉගෙනගන්නවා.”

” මං දැන් සිල්ලර කඩෙක අත් උදව් කාරයෙක් හැටියට වැඩකරනවා.”

“මන් දැන් හවසට ඉන්ග්‍රීසි පන්ති යනවා”

“නෝනා මාමි මට අම්මා කෙනෙක් වෙලා”

මල්ලිගෙන් එහෙම ලියුන් කෑල්ලක් එයි කියලා අම්මා මග බලාගෙන හිටියා.

මෙවන් “හොද- සින්හල ” මානසිකත්වයක අප සිරකර තබන කතුවරයා අනෙක් පැත්තෙන් දෙමල සටන්කාමී තරුණයන්ගෙ අරගලය දකින්නේ දෙමල මිනිහාගෙම සරීරයට එබ්බවූ සිංහල ඇස් වලිනි.

“එක තමයි හිතාගන්ඩත් බෑ තමයි, එත් හිතාගන්ඩ බැරි දෙවල් ගොඩක් සිද්ද වෙනවා. අමිර්තලිංගම් මහත්තයා මරලා දැම්මයි කියලා හිතාගන්ඩ පුලුවන්.. එයා මන්ත්‍රි කෙනෙක්.. දෙශපාලනය කරපු කෙනෙක්.. එත් නඩරාජා මුදලාලිව මැරුවා කියලා හිතාගන්ඩත් බෑනේ.. ”

” සල්ලි පොළියට දීලා දුප්පත් පවුල් කීපයක්ම අමාරුවෙ දැම්මා කියන කතාව  නම් ගමේ පැතිරිලා තිබුනා. ”

“ඔය වෙඩි තියලා තියෙන්නෙත් එහෙම පවුලක කොල්ලෙක් කියල තමයි සැක. ඌ ඊත පස්සෙ පැනලා ගිහිල්ලා. නිච්චිය්ටම පොඩියල්ලට එකතු වෙන්ඩ ඇති. එහෙම නැත්නං ඒ වෙනකොටත් පොඩියෙල්ලට එකතු වෙලා ඉන්න ඇති. උන් ගාව තුවක්කු තියෙනවා. උන්ට හිතුන හිතුන දේ උන් කරනවා.” පි.33

——-

“ආන්ඩුව කියලා මොනවා කරන්නද ? පොලිස්කාරයෙකුට එන්ඩ බෑ. ආන්ඩුවෙ ඔෆිසර කෙනෙකුට එන්ඩ බෑ. බලාගෙන ගියාම අපි අතරමං වෙලා.” පි.64

——

“එදා මල්ලිගෙ බයිසිකලේ හප්පගෙන ගිහින් පොඩියල්ලගෙ ට්‍රැක්ටරයක්. බයිසිකලෙත් ඇදවෙලා .. කෙහෙල් ඇවරි ඔක්කොම පොඩිවෙලා .. ” පි.102

උතුරේ අරගලයෙදී හෝ යුද්දයෙදී දෙපාර්ශවයම අත්විදින්නට වූ කාරනා හා අමානුෂිකත්වය දශක තුනක් තිස්සේම අප අත්විද ඇත්තෙමු. එහෙත් මෙහිදී අඩුවෙන් හිරිහැරයට  හෝ කරදරයට පත්වූයේ කුමන කන්ඩායමද යන්න තීරනය කිරීමෙ සාධක, නිර්නායක තිබේද! කොල්ලුපිටියේ පාලම යටින් තබා ගිය බෝම්බයටත් කිලිනොච්චියෙ උඩින් දමා ගිය බෝම්බයටත් ජාතියක් වර්ගයක් වයස් භේදයක් තිබුනෙද ! එහෙත් මේ කතාකාරයන්ගෙ හද කකියන්නෙ, කදුලු කඩා වැටෙන්නේ එක ජාතියකට වර්ගයකට වන්නේ ඇයි..

අපේ යුතුකම මේ අරගලය නිර්මානය කල හෝ නිර්මානයට උරදුන් සමස්ත කාරනය අතහැර උඩින්පල්ලෙන් අත ගා.. “තොපිත් බේරුනෙ අපි නිසා” පට්ටගැහීමද නැත්නම් මේ සියලු කාරනා වලට මූලබීජය වන ” අපේ ජාතිය පමණක් ” සංකල්පය අතහැරීමද.

මේ සියුම් වෛරීය සිතුවිලි පොලොන්නරුවෙන් එහාට මුල් අදින්නට දී මෙහෙ ඉදන් ” ආතල් ” ගැනීමේ කලාවට තිත තිබීමේ කාලය පැමින තිබේ.

එහෙත් මෙහේ අය්යලාට එහෙම ඔනෑ නැත,

සමහර විට ආයෙත් පාරක් ” මානුශික මෙහෙයුමක් ” රස විදින්නට තලු මරන්නට ආසාවක් වෙන්නට ඇත.

පොතේම එක තැනක දක්වා ඇති පරිදි,

‘ඉතිහාසය කියන්නෙ වැරදි සිදුකරන  හා වැරදි නිවැරදි කරන බලවේගයක්’ පි.101

එහෙත් කලු දෝංකාරයෙන් නම් එහෙම වැරදි නිවැරදි කරන දිශානතියක ලකුනු පේන්නෙ නැත.

(පොත කියවූ මගෙ මිත්‍රයෙක් කීවේ, ” ශහ් අපරාදෙ මේක යුද්ධෙ දවස්වල තිබුනානන් ලක්සයක් විතර ප්‍රින්ට් කරලා, උඩින් කිලිනොච්චියට    දාන්න තිබුනා” කියාය.)

By  47

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s