නොදන්න මගුලක්

දන්න මගුලක් කරගෙන ” රිටායමන්ට් ” එක සැපපහසුවෙන්, කොළඹ බැරිනං ගුවන් හමුදාවට කියා හෝර්ටන් තැන්නෙන් හෝ නාවික හමුදාවට කියා තලෛයිමන්නාරම පැත්තෙන් ගේ පොඩ්ඩක් හදාගෙන කාගෙ හරි ඔලුවක බිත්තර ආප්පයක් දාගෙන ” චූන් ” එකෙ සිටීමෙ කලාව හිටපු හමුදාපතිවරයා දැන සිටියේ නැත.

ඒ නොදැනුවත්කම පෙනුනේ 1965 ඉදන්ම කැපවීමෙන් ආණ්ඩු පිහිටවන කෝට්ටෙගොඩ රෝහන පුතාගෙ කට්ටිය අන්තිමට හවුල අතහැර කැලේ පනින ඉතිහාසය හදාරා නොහිටි හමුදාපතිතුමා සිරිමාවෝ, ප්‍රේමදාස චන්ද්‍රිකා, මහින්ද ආදී තෙම්පරාදු දෙශපාලක්යන්ගෙ කීම නාසා “දවස් හතලිහෙ” යුද්දෙ කරන්නට යාමෙනි.

අන්තිමේ ගහක් ගලක් ගානෙ, බෝක්කු කඩපිල්වල එකට ලැග සිටි දෙන්නාට ගැලවී යන්නට සිදුවිය. එක්කෙනෙක්නම් බෝක්කු, හතරමන් හන්දී ගැන දැන සිටි නිසා පටිය රෝල් කරමින් සිටින අතර අනෙකාට අන්තිමෙ ඉනට බදින්නට වත් පටියක් නැතිගානට පත්විය. තොප්පියෙ” තරු ” කෙසේ වෙතත් අහසෙ තරු වත් දකින්නට බැරි තත්වයකට පත්විය.

(මැතිවරන දවස්වල, ” මුන් මේ පාර ” එකෙක් ” දක්කං යන එක හොදයි ..නැත්නං දෙපාරක්ම අපේ කොල්ලො ටිකට්යි කෙලවුනේ ” කීවෙ කට හැකරයෙකි )

කොහොම උනත් අන්තිමට වෙනදා වගේම වටේ හිටපු කට්ටිය ධූරිම්භූත වූ අතර, ෆොන්සෙකා වාසගම ඇති කට්ටියක් ජාතික හැදුනුම්පත් කාර්යාලය අසල පෝලිමෙ හිටියේ, නම වෙනස්කරගැනීමට වෙන්ඩ බැරිය.

අන්තිමෙ කියන්ඩ ආපු දේ  අමතක උනෙන් යලි මාතෘකාවට,

මේ සිද්දිවලින් පසු ජනාධිපතිතුමා බොහෝ පරිස්සම් වූ අතර එකට හිටපු එකාගෙ නමවත් නොපෙනෙන්නට වග බලාගත්තේ කේ.පී ව විස්වාස කලත් මූ ෂුවර් නැති සේය.

එහෙත් කවුරුන් හෝ ඇතුලෙන්ම එකෙක් බදුල්ලේ ක්‍රිකට් පිච් එක විවෘත කිරීමේ උත්සවයෙදී  ” කෝට් මාෂල් ” යැවිය යුතු ක්‍රියාවක් කොට ඇත. විවෘත කිරීම් එලෝ කෝටියකට ගිහින් ඇති ජනාධිපතිතුමා 2010 චන්දෙන් පසු සිංහල හෝඩියෙන් “ස” සහ “ෆො” යනු ඉවත් කිරිමට ජැකාටත් ඉංග්‍රීසියේ  S, F අක්ෂර මකා දැමීම  සුද්දෙකුට නොදී රවින්ද්‍රටත්  දී කිව්වේ අයෙමත් ඔය අකුරු දෙක නං ” මේ දෑසට නොපෑ යුතු ” බවය. ඒ වැඩෙට  කෝටි දෙක තුනක් පාස් කරගත් දෙන්නාටත් මේ වැඩේ පත්තු වූයෙ නැත.

කොහොමින් හරි අන්තිමේ මාධ්‍යකාරයෝ ලයිට් අල්ලාගෙන බොත්තම එබුවා පමණි… සිකුරුටි කොල්ලෙක් බඩ අල්ලගෙන කෑ ගැහැව්වෙ ” අනේ බුදු සර් බැට් එක ගෙනාවෙ අර්ජුන සර්ගෙ ගෙදරින් උනාට ස්ටිකර් ගැහැව්වෙ මං නෙවේ ” කියාය.

කවුරු කවුරුත් බැට් එක දැක්කෙ ඉට පස්සෙය.

ජනාධිපතිතුමාගෙ සිකුරිටි එකෙ හැමෝගෙම බෝල අල්ලා බලා පිටියට යැවූ එකාට බැට් එක චෙක් කරන්නට අමතක  වී ඇත.

by 47

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s