හුජ්ජ කොල්ලෙකු

“මල්ලි… ඔය ලියන දෙයක් පරිස්සමෙන් ලියන්න.. දන්නෙ නැද්ද ඉතිං ..මේ කාලෙ පරිස්සමෙන් ” (රට ඉන්න අක්කා කෙනෙක්)

” මේ ඔය සාහිත්‍ය, කලාව ගැන මොනවා හරි ලියපන්කො.. රටේ ප්‍රශ්න ගැන නං මොකටද බං ..” (කාර්යාලයෙ මිතුරෙක්)

” කවියක් නිසැදසක් වගේ නං කමක් නෑ…. මොනවා ලිව්වත් නං ගං නැතුව” (උගත් යාලුවෙක්)

හිතට එන දෙයක්, හිතේ කුරොලු කරගන්නෙ නැතුව කොහෙ හෝ ලියා සන්සුං වෙන එක හොද දෙයක්ය හිතාගෙන ලිවීම පටන් ගත්තෙමි. එ වුනත් ලිවීමෙ දක්ෂයෙකු නොවන මට මොනවා හරි පටලවාගන්නට නං හැකියාවක් ඇති බව තෙරී තිබේ.

එක්තරා විදියකින් මේ ලියවිල්ලද මරු වැඩකි. ” මරු ” යනුවෙන් අදහස් කලේ මරණීය නොව සුන්දර බවක් ඇත කියන්නටය. පහුගිය වකවානුවෙ ලියූ බොහෝ දෙවල් ” තාක්ෂනික හේතු” මත ( සිංහලෙන් ටයිප් කරන්නට බැරිකමම )හාෆ්ෂීට් කොලවල ගොඩ ගැහී, ෆයිල් කවර වලට යටව ඇත්තේය. මේවා ඉඩං නඩු මෙන් ගුල්ලන්ට වේයන්ට සින්න වී ඇති අතර, අහම්බයෙන් මෙන් ලියුම් කවරයක බහා පත්තර කන්තෝරුවකට යැවෙයි. මේවායේ නිර්මාණාත්මක අගය ” වැඩි ” නිසා පලනොවුනද අඩුම ගනනේ පානලුවටවත් යනු ඇතැයි සිතා (නැවත කඩදාසි හැදීමට )සතුටු විය හැක.

කොහොම වෙතත් හදිසියෙම මට හැමදාම ගෙදර උන්දෑගෙන් බැනුම් අහන ජාතියෙ කොන්ත්‍රාත් ගෙන එන මිත්‍රයෙක් “සිංහලෙන් බ්ලොග් ” ලියන ක්‍රමයක් ගැන දැනුම් දීමක්ද කලෙන් මේ අපූර්ව ලිවිල්ලට එකතු වුනෙමි. දැන් දින කිහිපයක සිට පෑනටත් කොලකෑලිවලට නිවාඩුවක් දී ” ටුක්කි කෙටීමට ” (තනි ඇගිල්ලෙන් ටයිප් කිරිල්ලට ගෙදර එක්කෙනා කියන්නෙ එහෙමය )පටන් ගෙන සිටිමි.එහෙම යන අතරය අර වාගෙ උපදේස ආයේ. මේ හැමොම මගෙ “හොදට” කියන අය බව මා හොදින් දනිමි. එහෙම නැත්නං ” දන්න කෙහෙල්මලක් කරනවා ඕයි ” කියනවා ෂුවර්මය.

මට උපදේසයන් දුන්  අය රට තොට ගැන හොද විමසිල්ලකින් ඉන්නේ යැයි මට හිතෙයි. මන්ද පහුගිය කාලේ ලියන එවුන් කියවන එවුන්ට වඩා බලවත් බව ” බලවත් ” අයට තේරුම් ගිය නිසාවෙනි, එහෙම හිතපු අයට තමතමන්ගෙ වැඩ ගැන බලාගන්නට නම්, යුරෝපා රටවල එම්බසියකට ගිහින් අපේ අයගෙ ඉල්ලුම්පත්‍ර දෙක තුනක් බැලුවානම් හරිය.

මගෙ එහෙම රට යන ආසාවකුත් නැති නිසා කොහොමටවත් “ඒ අයගෙන් ” ප්‍රශ්නයක් නැති බවද විස්වාසය.

කවුරු මොනවා කිව්වත්, පොලිස් නිලධාරින් පන්සීයක් විතර එක පෙලට තබා කොස් ඇට වලින් වෙඩි තියූ කරුනා අම්මාන්ටත්, ගමෙන් ගමට පැන බාල මහලු භේදයක් නැතුවම කෙහෙල්ගස්  වලට කෙටූ පිල්ලෙයාන්ටද, සතෙන් සතේ එකතුකර ඉතිරිකිරීමෙ ගිනුමකට දා වන්නියෙ කොල්ලන්ට “ටෝයිස් ” ටිකක් ගත් පලියට, ජේ.වී.පී. කාරයන් විසින් එල්ලන්ඩැයි කියන කේ.පී ටත්  “නහී වේරෙන වේරානි ” කියා සමාව දුන් “අයට” මං වාගෙ ” හුජ්ජ කොල්ලෙකුටත් ” සමාව දෙනු ඇත.?

By 47

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s