පබා – බබා

උපේඛ්ෂා ස්වර්ණමාලි 18 වන සංශෝදනයට සහය පල කොට ඇති බව දැනගත් මගේ මිත්‍රයෙක් මට ” හූ ” කියා කෙටි පණිවිඩයක් එවා තිබිනි. එහෙම පණිවිඩයක් එවීම ගැන මට තරමක දුකක් ඇතිවුනත් කෙල්ල කරපු වැඩේ හරිය කියා මට සිතුනෙන් කරබා සිටියෙමි. (කරබා සිටියාය කියන්නෙ “කර අඹා” සිටීම නොව වෙන තේරුමකි )

පබා කෙල්ල අනං මනං ටෙලිනාට්ටි කෑලි වල පෙනී නොපෙනී ඉන්නා කාලේ සිටම මම දන්නා නිසා කවදාවත් හිතලා යමක් කරපු කියපු ලමයෙක් නොවෙය. බොහෝ වෙලාවට කාගෙ හරි තිරනාටකයකට ඔහෙ දෙබස් ටිකක් කිව්වා විතරමය. පබා දෙරණ නාලිකාවෙ 360 ටෙලිනාට්ටියෙ රගපාපු එකම ඇතිය මුන් ඉරිසියා කරන්නට.

ඉන්දියාවෙ IPL ක්‍රිකට් ගහන කොල්ලන්ට අනුග්‍රහය දක්වන “මෝදක ” කොම්පැනියෙ සංචාරයට ගිහින් ඉන්න රනිල් අංකල් පබාට කියා ඇත්තේ, “ඕන්නං ඔයත් යන්ඩ බබා” කියාය. ඒ නිසා පබා මට නං කීවෙ, ඕක ජනාධිපතිතුමාත් රනිලුත් ගෙන යන කූට කුමන්ත්‍රනයක් කියාය. ඔක්කොම යූ.ඇන්.පී කාරයො ටික සංධානයට තල්ලු කර යූ.ඇන්පිය හිස් වූ පසු අලුත් “ටොය්යො “කොල්ලො ටිකක් බන්දගෙන අලුත් ව්‍යවස්තාවක් හදාගෙන යාවජීව නායකයා වීමෙ කූට වැඩපිලිවෙලක් බවය.

පබා කියන විදියට එයාට යූඇන්පියෙ සිට ගම්පහ ජනතාවට කෙලෙහිගුන සලකන්ඩත්  බැරි නිසා සංධානෙට එකතු වී ඇත. කතාව ඇත්තය ගම්පහ ඇගෙ උත්සාහයෙන් පටන්ගත් “පුනක්කු” කම්හලද දැන් හොදට කරගෙන යන්නත් පුලුවන්ය. එ මගින් මුලු ගම්පහ ද්‍රිස්ත්‍රික්කයටම පුනක්කු නොව රස්සාවල්ය  දෙන්නට ඇගෙ අහින්සක බලාපොරොත්තුවක් තිබිනි.(කොහොමත් ඒ පැත්තෙ අය බත් කනවාට වඩා කෑවෙ එවා බව පබා දනී)

කවුරු මොනවා කිව්වත් පබාට දුරකතන්යෙන් පවා තර්ජන කර ඇති අතර, කැළණිය පැත්තෙ එක්කෙනෙක් ” තොපි ඔක්කොම මෙහෙට අවාම මට ලැබෙන්ඩ තියෙන ඇමතිකමටත් කෙලවෙනවා නේදැයි” අසා ඇත. (අහින්සක පබා කුනුහරුප නොදන්නා නිසා පැය බාගයක්ම කියපු දෙව්ල් වලින් ඇහී තියෙන්නෙ ඒ ටික විතරය.)

ජනාධිපතිවරනයෙදී සාමාන්‍ය  සෙබලෙකුට සහයොගය දී පස්සෙ මහ මැතිවරනයෙදී රනිල්ට සහය දුන්නෙත් දැන් මෙහාට පැන්නෙත් ඇයි කිය මන් ඇසූ විට හිත හොදටම පෑරුන කෙල්ල කීවෙ, ඉස්සෙල්ලා එක්කෙනාගෙ ලොකු එකක් (නිළයක්)තිබුනත් පස්සෙ එක්කෙනාගෙ ” චූටි” අඩුපාඩුවක් (ඇටිටියුඩ්) නිසා එපාවී දැන් එක ජාතියෙන් පරම්පරාවකටම ඇතිවෙන්න තියෙන නිසා ආ බවය.

අන්තිමට පබා කීවේ, ජනතාවට මේ වෙලාවේ “ඩෙංගු”, “ජීඑස්පී”, හා “බැක්බෝන්” එක ආශ්‍රිත ප්‍රශ්න වලට 18 වන “ඇමන්ඩ්මන්ට්” එක ප්‍රත්‍යක්ෂ බව කුවේට් “කොන්ස්ටිටියුෂන්” එකෙත් තිබූ බවය. ඒ රටවල් “ඩිවලොප්” උනේ එහෙම එකකින් බවත්, “කින්ග්ස්ලා” “කුවීන්ස්ලා” හා ” ප්‍රින්ස්” ලා හිට්යට වරදක් නැති බවත්ය.

එහෙත් අරලියගහ මන්දිරයෙදී කවුද කෙනෙක් ඇවිත් “අන්තඃපුරයට” ඇප්ලිකේෂන් එකක් දුන් බවත් කී ඇය මගෙන් “වට් ඉස් දිස් අන්තඃපුර  අංකල්” කියා අහද්දී මම මාරු උයෙන් ඇගෙ ඉතුරු කතාව අසාගැනීමට නොහැකි වීය.

ප.ලි.

තව ටික දවසකින් සෝමවන්සත් 18 ට පක්ෂයි කීවොත් මුන් මාව හලා ඉතුරු ටිකත් නන්නත්තාර කරන බව දැනගත් අර නාවික හමුදා බිලට් එකක සිටින හාදයා   ඔනෙම සංසෝදනයකට මාත් එකගයි කියා බලන්ඩ ආපු නිකටෙ රැවුලක් තියෙන   කෙට්ටු හාදයෙක් අත පනිවිඩයක් යවා ඇත.

by 47

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s