පාන්කඩ …..

වෙනදාට ලස්සනට පියරු දා, ජෙල් තලියක්ම ගා දන්තාලේප හිනාවකුත් දාගෙන මෙගාස්ටාර් ගිහින් එනගමන් වගේ ප්‍රවෘත්ති සාකච්චා පැවැත්වූ දයාසිරි අද පක්ෂ කාර්යාලයෙ මයික් තොගයකට වැහී පාන්කඩ ස්වරයෙන් කීවෙ

” දැන් අපි මොනවා කරන්නද ? පාර්ලිමෙන්තුවෙ 160 ක් විතර අයුතු විදියට අරගෙන අපිව යටපත් කරගෙන, අපේ හඩ නැතිකරලා දාලා තියෙනකොට ? දැන් ඉතින් වෙන්නෙ නිකං බලන් ඉන්න, නැත්නං පාර්ලිමේන්තුවෙ  ගිහිල්ලා ඔහෙ ට්කක් කතා කරලා එන්ඩ. කොටින්ම දැන් අපිට කරන්ඩ දෙයක් නෑ ” කියාය.

එහෙම කියා ගෙඩි පිටින් පරාජය බාරගෙන ජපනෙක් වාගෙ හරා-කිරි කරගත්තේ බලන් ඉන්න කුරුණෑගල යූඇන්පීකාරයොත් මං වාගෙම පාන්කඩ රැලක් කියා හිතාගෙනය.

මෙහෙම ජය පරාජය හෝ එවායෙ අනාගත ප්‍රතිපල පිලිබදව කිසිදු තැකීමක් නොකර කියවන්නං වාලේ ගොබිලන් ඉස්සර නං හිටියෙ නැත. එහෙමත් නැත්නම් මේ වාගේ කඩං වැටෙන පියර බබාලා පක්ෂ මාධ්‍ය හමුවකට තබා නගරසභා රැස්වීමකටවත් වද්දා නොගත් යූඇන්පියක් පහුගිය ඉතිහාසයෙ නොතිබින. ඒ බව පරණ රෙකෝඩ් ටිකක් බැලුවොත් දයාසිරිට, ඉමිතියාස්, අතුකෝරාල, සේනාරත්න,ජයසූරිය (කරු නොවේ), වාගෙ කටයි කොන්දයි දෙකම පන තියෙන නම් දෙක තුනක් හමුවනු ඇත. එත් ඒ යූඇන්පීකරයන්ගෙන්  ගත යුතු පාඩම් ගන්නවා හැරෙන්නට දැන් ඉන්නේ අර පැත්තේ-මේ පැත්තේ කියා දෙපරැන්ද අස්සේ නැට්ට ගහගෙන ෂේප් වීම නම්  අනුමත කල නොහැක.

එහෙමත් බැරිනං ඉතිහාසයෙ දුෂ්කරම කාලවකවානුවලත්, පාලක පන්තියේ මෙන්ම තමන්ගේම නායකකාරකාදීන්ගෙන් පවා සහයොගයක් නැතුව, අනෙක් සියලුම නායකයන් බෙලහීනව් ඉදිද්දී තනි අතෙන් පක්ෂය ඇදගෙන ගිය, අතුරුදහන් වූවන්ගෙ පෙරමුනු, මානව හිමිකම්, කම්කරු අරගල, පාදයාත්‍රා, මිනිස් දම්වැල් සංවිධානය කරමින් “අරමුණ” කුමක් හෝ වෙවා ඒ අපෙක්ෂාව වෙනුවෙන් නැගී සිටිමින් පක්ෂය ගොඩ දමා තමනුත් ගොඩ ගිය මහින්ද රාජපක්ෂගෙන් පාඩමක් ගත යුතුය. සාර්ථක දේශපාලකයෝ එහෙමය.

(එහෙම තියෙද්දී, හැමදාම පරාද වෙමින් “අපිටත් දවසක හද පායන්නා” කියා සැනසෙන රනිල් වික්‍රමසිංහ ජාතියේ අඩුම ගනනේ පරාජයන්ට හේතුවවත් නොදකින දේශපාලකයෙකු වීමෙන් නම් වැඩක් නැත.)

පක්ෂ ගොඩනැගෙන්නේ එහෙමය. පාක්ෂිකයන් රැදෙන්නේ එහෙම නායකයන් බිහිවන විටය. එහෙම නායකයකු නොවී “දැන් කරන්ඩ දෙයක් නෑ” කියන තුට්ටු දෙකේ දේශපාලකයන්ට කුරුණෑගල මිනිස්සු තියා තුම්පනේ බයියලාද කැමැති නැත.

දැන් වෙච්ච දේ වුනාය,

ප්‍රෙමදාස ජනාධිපතිවරනයෙන් දින්නේ, සිරිමාවෝ ලංකාවෙ මිනිස්සුන්ට එපා වීමෙන් නොවේ, ජෙ.ආර්ගෙ ඉන්දුලංකා ගිවිසුමත්- ජවිපෙ දියත්කර තිබූ භීෂණ වටපිටාවත් නිසාවෙනි. ඉන් උපරිම ප්‍රයොජන ගැනීමට ශූර ප්‍රේමදාස සමත් වීය. චන්ද්‍රිකා බලය ලබාගත්තේ ප්‍රේමදාසගේ මමංකාර හිතුවක්කාරකමෙන් පමනක්ම නොවේ. ඩී.බී ගේ මෝඩකමෙන්ද නොවේ, තමන් වටා ගොඩනැගෙන වෙනත් බලවේග වෙත විදුලි වේගයෙන් හඹා යාමෙනි. එකී බලවේග ” අනේ මට දැන් බෑ ” කියා අතරමන් කිරීමෙන් නොව. (පසුව එහෙම කලත් )

මහින්දද බලයට උඩින් පාත්වූයෙ නැත ඔහු ඒ සදහා ගතහැකි සෑම මාවතක්ම දැන සිටියේය. ඒ මාවතේ කොතැනදී කොයි වෙලාවක කවුරුන් “හලා” දමා ගිය යුතුද යන්න දැන සිටියේය. (එතැන්දී ලංකාවේ -අන්තවාදී කණ්ඩායම් දෙකක්ම වල පල්ලට ගිය බව සැබවි.) නමුත් ඔහු “තමා ඇතුලත් කණ්ඩායමට” සාධාරනය ඉෂ්ට කලේය.

අවශ්ය වන්නේ එවන්, තම “මඟ ” අද දකින දේශපාලකයන්ගෙ පරම්පරාවකි. එහෙම නැති කාටත් (එහාට මෙහාට පනින අයත් ඇතුලුව )ජනතාව හැමදාම පාර පෙන්වා දී ඇත.

දයාසිරි අද දවසේ තේරුම් ගත යුත්තේ එයයි. ගෙදර ගිහින් හෙට තවත් විකට “ස්ටාර්” වැඩසටහනකට ඇදුම් ලෑස්ති කරනවාද, නැත්නම් අදම දවසින් දවස වලපල්ලට යන යූඇන්පිය ගොඩදාගැනීමෙ දුෂ්කර කාරියට කර ගහනවාද යන්න අදම තීරනය කල යුතු වේ.

(මෙ මොකක්වත් බැරි උනත් හෙට “ඒ” පැත්තෙත් ඉඩ නැති බව සලකන්න.)

By 47

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s