හා .. හා.. බලාගෙනයි..!

පසුගිය අටවනදා පාර්ලිමෙන්තු මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජෙනරාල් සරත් ෆොන්සේකා අපූරු කතාවක් කර තිබුනේය. ඔහුගෙ  කතාවෙ විස්වාස්නීය භාවය පිලිබද ගැටලුවක් නොතිබුනද (ඉංග්‍රිසි හිතා සිංහලෙන් කියූ හැමවෙලාවෙම ජෙනරාල් රට පටලව ගත්තෙය.) ප්‍රවෘත්තිය පල්වූ පුවත්පතේ අවංකභාවය පිලිබදව නම් ගැටලුවක් පවතී.

එම හමුවේදී ජෙනරාල් කිය තිබුනේ “එජාපය රටේ පැවැත්ම පසෙක තබා තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් කටයුතු කරන ගමන්ම ආණ්ඩුව හා එක්ව  එකාධිපතිත්වයක් කරා ගමන් කරමින් සිටින බවද, එය නතර කිරීම සදහා මැතිවරණ වලට එහා ගිය විසදුම් සෙවීමටද ජනතාවට සිදුවන බවයි. දැනට හිරගෙදර සිටින්නේ තමා පමණක් බවද ඉදිරියෙදී රට වෙනුවෙන් කරන සටනෙදී සිය ගනනක් හිරගෙට යෑමට ලැහැස්තියි යනුවෙන්ද පවසා තිබේ.

මේ කතාව අගනේය පංකාදු පහය එහෙත් අපට එහෙම වටපිටාවක් තිබේද !අනෙක ඒකාධිපති ස්වරූපයෙ පාලනයක් සදහා චන්දයෙන් පමණක් නොව පාරවල් දිගේ කිරිබත් උයා කා අනුමැතිය දුන් අපට පෙනෙන වෙනත් ක්‍රියාමාර්ගයක් තිබේද .

බරපතලම කාරණය මැතිවරණ වලට එහා ගිය ක්‍රමවේදයක් තිබේද යන්නයි. එහෙම ක්‍රමෝපායන් කිහිපයක්ම අත් හදා බැලූ අපටත් බහුතර සිංහල ජනතාව ” අප” යැයි නොසිතන තවත් කොටසකටත් අන්තිමට හිමිවූයෙ බලය නොව පරම්පරා කිහිපයකටම ඇතිවන්නට ආපස්සට යන්නටය. එහෙම ඉරනමකට මුහුන දීමට සිදුවූයේ ඒ ඒ අරමුනු වල හොද නරක නිසා නොව පාලක “ආයුධ “වල හොදකම නිසාවෙනි. ඒ පිලිබදව අවුරුදු හතලිහක මිලිටරි “අත්දැකීම්” මෙන්ම දවස් හතලිහක දේශපාලන අත්දැකීම්ද ඇති ජෙනරාල්ට අමුතුවෙන් කියා දිය යුතු නැත. තමන් පත්ව ඇති වියවුලෙන් පවා, (තරු හතරක- තරු පාන්තික ජෙනරාල්ටත්) ගොඩ ඒමට නොහැකිව පවතින යුගයක ” මැතිවරණයකට එහා ගිය ” ක්‍රමවෙදයෙන් ගොඩ එන්නට ජෙනරාල් කල්පනා කරන මාවත කුමක්දැයි ඔහුගෙන්ම පැහැදිලි කරගත් යුතුය.

එසේ නොවුනහොත් අසීමාන්තික බලපරාක්‍රමයෙන් ඔටුනු පලදා සිටින විධායකයේ ගිලටීනයට තවත් මෙ රටෙ සුලු පිරිසක් හෝ බිලිවීම වලක්වා ලිය නොහැක.

සමහර විටක මේ සිතිවිලි ජෙනරාල්ගෙ නොවන්නටත් පුලුවන. සමහරවිටක   “කඩිමුඩි ” විප්ලවකාරීන්ගෙ වන්නටද පුලුවන.

ඒ අයටත් එහෙම අල්ප මාත්‍රයක හෝ හැගීමක්  තිබේ නම් ඊටත් පලමුව සුදුසු තමතමන් ගැනම, තමතමන්ගේම නායක කාරකාදීන් ගැන අවංක විග්‍රහයක යෙදී බැලීමයි. එහෙම හරිහමන් නායකයන් (සිරිකොත අරලිය ගහ මන්දිරය පැත්තේ පිලිකණු වලත්) ඉන්නවදැයි සොයා බලා අන්තිමෙ තීරනයක් ගත හැකිය.

(වරෙක මධ්‍යම පන්තිකයන් සමග විජ්ජාවක් කෙරුමට නැෂනල් අන්දවා, ජෙල් අතුල්ලා සෙල් ෆෝනයක් අතට දී හදාවැඩූ ගොබිලා නතරවූ තැන තවම මතක ඇතැයි සිතමි )

මෙසේ ලියන්නේත් එහෙම සිතුවිල්ලක හිටියොත්  කියන බයටය,  (සමහර විට පැලවත්තෙන්  ඇහැව්වොත්) ඇත්තටම බය මැරෙන්නට නොව ජීවත් වෙමින්ම මැරි මැරී ඉන්නා කලක “මැරුම්” කන්නටය.

ඔහුටම (ජෙනරාල්ට)  තේරී ගොස් ඇත්තේ “මේ කපේදී නං ගොඩ ඒමක් නැති” බවය. තමාට දැනටමත් අවුරුදු 15 ක් නියමකර ඇති බවත්, එජාපයත් කරඇරි බවත්, ආයෙත් මැතිවරන සුම්මා, බවත් (පෝස්ටර්,පෙලපාලී,පිකටින්,සත්‍යග්‍රහ,පොල් ගැහිලි වලින් වෙන සුගතියක් නැති බවත්) ඔහු  කර ඇති ප්‍රකාශ වලින් පැහැදිලිය.  (එහෙම වෙලාවකය ජෙනරාල් මෙවන් ප්‍රකාශයක් කර තිබෙන්නේ. )

හිට්ලර්, මුසොලනී, ස්ටාලින්, පරපුරෙ සිට සියා උල් හක්, දක්වා ඒකාධිපතිත්වය සදාතනික වූයෙ නැත, එසේම තාන් ශ්වෙ, මුගාබේ දක්වා වන ජනතා විරෝදය නතර වීත් නැත, තුවක්කුවෙන් හා සපත්තුවෙන් යට කර ඇත්තෙය පමනකි. එහෙව් වෙලාවක තදියං වුනොත් වැඩේ හමාරය.

ඒ නිසා වඩාත් හොද, වඩාත් ගැලපෙන, සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට ගැලපෙන ජනතා පෙලගැස්මක් අවශ්‍යය. එය අද හෙට හෝ අනිද්දා එලිවෙන්නට හරියන, “ක්ෂණික නූඩ්ල්ස්” වට්ටෝරුවෙන් මිදී, මුල පාදාගෙන ප්‍රවෙශමෙන් ඇතිදැඩිකල යුතු සංවේදී වැඩපිලිවෙලකි.

ජෙනරාල් තුමනි තව ටිකක් ඉවසන්න… (ඔබතුමාටත් පැලවත්තෙ අයටත් අමාරුම කාරණයත් ඕකය.)

By 47

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

6 Responses to හා .. හා.. බලාගෙනයි..!

  1. Anonymous says:

    මූලාශ්‍ර පරිශීලනය කරන හෝ මූලාශ්‍ර වලින් පාඩමක් ඉගෙනගන්නා එකත් ගෙඩි පිටින් ගෙන කරේ තියන් යාමත් දෙකකි. එකෙන් හොදම එක තෝරාගැනීම ඔබ සතුය. (එහෙම ගෙඩි පිටින් කරේ තියන් ගිය අය ගැනත් ඔනෑම නම් වෙනමම ලියමු.)
    ප්‍රන්සකාරයා, අමරිකන්කාරයා ඇෆ්‍රිකාව කාපු හැටියෙන් පටන් ගෙන මගේ සිතිවිල්ලට (හා.. හා.. බලාගෙනයි ලියවිල්ලට )එන්නට විදියක් නැත. ජනතාව පෙලගැස්වීම පිලිබදව “ඉවසීමෙන්” කටයුතු කල යුතු බවත්, කාගෙවත් ප්‍රයිවට් ගේම් වලට හා අධිතක්සේරු අඩව් වලට නම් රැවටෙනු එපා කියාය මා කීවේ.
    එහෙම පුලුවන් බව සිම්බාබ්වෙ ජනතාව ඔප්පු කර ඇති බැවින් අපටද එයින් පණිවිඩයක් ලැබෙන බව ප්‍රන්ස අමරිකන් කතා නැතත් “විනෝදයා-ට ” හිතුවත් තේරෙනවාය.
    by 47

    Like

  2. ඔව්.. ලෝකයේ බිහිකරනු ලැබුවාවූ සියලූම ඒකාධිපතින්ට ජනතාව නැමැති බලවේගය විසින් නිසි පරිදි උත්තර සපයා ඇත. තවම නැති සිම්බාබ්වෙ සියලුම සරු ඉඩම්, සම්පත්, පවුලේ අයටත් විරොධතා මැඩ පවත්වන හෙන්චයියාලටත් දී ඇති මුගාබේට එරට ජනතාව පිලිතුරු දී ඇත්තේ අන්ත දූෂිත මැතිවරන වලදී පවා විපක්ෂය ශක්තිමත් කිරීමෙනි. එහෙම නැතුව “පාන් ” කියගන්ට බැරිව ඉදිද්දී ඇල්බීසියා පොල්ලක් දී ලංකාවෙ මෙන් ” අතීත චූන්” වලට දැක්කවීමෙන් නොවේ.
    මං කියන්නේ පලමුව වටපිටාව බලන් ලෙසයි..
    රනිල් මෙන් “අනාථකාමයෙන්ද” අනෙක් අය මෙන් “අතීතකාමයෙන්ද ” නොපෙලෙන ලෙසයි.

    ජනතාව විසින්, දියාරු එකාධිපතියෙක් වනවාට වඩා, යන්තමට හරි එල්ලී සිටීමේ අන්තයට තල්ලුකරදැමූ මුගාබෙගේ විස්තර “නම්-ගම්” දේශපාලනයේ එල්ලී සිටින අයටත් ජංගි අදින අයටත් මේ ලින්ක් එකෙන් බලාගත හැක.
    http://www.fas.org/sgp/crs/row/RL32723.pdf

    by 47

    Like

    • vinodaya says:

      kunu american mulashra aragena zimbabwe gana igena ganna kiyanna epa.owa horunge ammagen pena ahanawawege wada.
      ingirisi kara yo pransa karayo apricawa kapu hati katha nokara mugabeta dos kiyanna epa.

      therum ganna onema dekata pathi dekak nemei keepayak thiyenna puluwan

      Like

  3. JANGIYA says:

    MATAHITHENA HATITA MATHAKA NA.EKA THANAKA LIYALA THIBUNA ,MUGABE DAKWA JANATHA VIRODAYA IWARA NATHA KIYALA.APAHU LIYANAWA GENERAL THUMA TIKAK IWASANNA KIYALA.JANGI ADINA PODI LAMAYI HINDA AHANNE KOYI KATHAWADA HARI.

    Like

  4. aruna says:

    kohen patang arang kohen iwara karanawada kiyala nam therenne na.liyala thiyena de MP ranga[minnal]wage.inna thana pahadili naha.oya wage kattiya ambaanaka dakala thiyenawa.nawathinne sirimal wijesinghe gawada,nathnam janaranjana gawada,awasan karanne sudharshan,brito,siritunga,bahu,stalin,nimalka,gawada kiyala pahadili madi.anthime nawathinne niwasa sanwardana adikariye da kiyala sure na

    [

    Like

  5. Anonymous says:

    genaral must left in peace…

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s