“බොඩි බිල්ඩිං”


ජාතික කායවර්ධන ශූරතාව පසුගියදා මඩකලපු ඇමතිතුමාගෙ ප්රඑධානත්වයෙන් හා කොලොන්නාවේ ඇඟ විතරක් ඇති සංවිධායක තුමාගේ සහභාගිත්වයෙන් පැවත්විනි.
අවුරුදු 25 ක් විතර කැලේ පැනලා හිටපු මෙයා අන්තිමට නතරවුනේ, ආයෙත් නං මේ “සම්මජ්ජාතියෙ පැනිලි බොරු” හාදයෙක් ගාවය. රනිල් වික්‍රමසින්හ විසින් නෝර්වේකාරයන්ට කියා ටයි පටියකුත් බැද කෝට් අන්දවා, අන්දපු ඇන්දිල්ල මෙහෙදි නං ගලවනු බොරුය. එයත් එක්ක කොලොන්නාවේ සුදු මල්ලිත් පපුව පුම්බං හිටපු විදියට කාය වර්ධන ශූරයා වූ යුධහමුදාවෙ සරත් මල්ලිත් ෆුල් හොල්මං වී ගියේය. තව බොත්තමක් ගැලවුන්නානං සරත් මල්ලිට සෙකන්ඩ් ප්ලේස් ෂුවර්ම තමාය.
කායවර්ධන යනු සිංහලෙන් නම් “බොඩි බිල්ඩිං” (සමාවන්න ලංකාවේ නම් “බිල්ඩිං බොඩි” ) කියා කියනු ලැබේ. මේ ක්රිඩාව කාලාන්තරයක් පුරාම ලංකාවේ යන්නං වාලේ ගියාට, මෑත අවුරුදු කිහිපයක සිට ලංකාවේ ජාතික ක්රිඩාව බවට පත්ව ඇත්තේය. ඒ අනුව සුදුසුකම් ඇතත් නැතත් දිවත් කොන්දත් පරීක්ෂා කොට තරග කරවීමට බාර ගනු ලැබේ.
තරගකරුවන් සදහා සම්පූරණ බොඩියටම ආරක්ෂාව සමග සමත මංඩල, ඉඩං නඩු සිට මිනීමැරුම් නඩු දක්වාද පවුල් ආරවුල්, ගුටිකෙලි සිට හූනියං කොඩිවින දක්වාද රාජ්යඅ අනුග්රමහය සපයනු ලැබේ. ඕනෑ කරන්නේ දිවෙන් කොන්දෙන් බැරිනන් පශ්චාත්භාගයෙන් හෝ “එහෙයි” කීමේ ක්රුමයක් හොයාගෙන අසුවල් බොඩිය “බිල්ඩිං” කරනු ..!කී හැටියේ අත ඉස්සීම පමණි.
වේදිකාවෙ හිටි දෙදෙන්නටම ඒ සදහා ෆුල්ටයිම් පුහුනුවක් දී ඇත්තේය.
පහුගිය කාලේ එහෙම ට්රේවන් වෙච්ච බොහෝ අය සංගමයේ හොද තනතුරු වලට පත්වූ අතර සමහර අය මහා පරිමාන ව්යා පාර (ජනතා) පවා අතහැර බොඩිය බිල්ඩිං කිරීමට සහය ලබාදුනි. ඒ වාගෙ කැපවීමක් කිරීම “සීගිරි” ගලේ සයිස් එකට කදුලු වැටෙන වැඩක් වුනත් දැන් නං එහෙම ප්ර ශ්න නැතිය. අන්තිම තප්පරේ දක්වා නිකං “නෑ” වගේ ඉද පොඩි මාධ්යැ හමුවක් දුන්නාම ඇතිය. කොටින්ම එක දවසෙන්, එහෙන් මෙහෙට ගියාද මෙහෙන් එහෙට ගියාද කියා දෙපැත්තටම අමතක වෙන නිසා ගැටලු පැනනගින්නේ නැත.

මේ බොඩි බිල්ඩිං දැන් සාමාන්යද ජනතාවටත් පුරුදුය, චියර් දැමීමට හා වෙන වෙන විකල්ප සද්ද අඩුකරන්නට බයිට් ඇල්ලීම සදහා “විද්වත් හමු” ඇති බැවින් පත්තරයක්, ටෙලිවිශනයක් බලනවා ඇරෙන්නට වෙන දෙයක් නැති ඒ කට්ටිය ඒවායෙන් සැනසෙනවා ඇත.

(තිබිච්ච “තුනෙනුත්” දෙකක් අපිම හදලා යවපු කට්ටිය පුදපු වෙලාවෙ ඔවා මොනවාද.. )
මීට ඉස්සර නං මෙව්වා ලේසි වැඩ නොවුනත්..( ඒ දවස්වල මේ ක්රීඩාවට සෙනග ආවේ ලැජ්ජා බයෙන් වගෙය.අනෙක ඇවිත් කීවෙ දෑත් විතරක් ශක්තිමත් කරමුය කියාය..) එකපාර 17 ක්ම ඇවිත් පෙන්නලා දුන් ආදර්ශයෙන් දැන් කට්ටිය එන්ඩද කියලා අහලා යති.
මේ පාරත් පාට බේදයක් නැතුවම තව තොගයක්ම අවේය. දැන් ඉඩකඩ ප්රුශ්න නිසා ඔනේ නම් නෑවිත්ම බොඩිය බිල්ඩිං කල හැක. ඒ සදහාද පෙරකී පහසුකම්ම ලැබෙනු ඇත.
හැබැයි එකම දේ බොඩිය බිල්ඩිං කරාට, ඔය කාටවත් බොඩිය වෙන්ඩ බැරි එකය. එහෙම තුන් හිතකවත් ඇත්නම් එන්ඩ කලින් හිතා බලන එක තමන්ගේ බොඩියට හොදය.

By 47

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s