” ඔන්දා මෝයි ! “

18 වන ව්‍යස්ථාව ගෙන ඒමට තමා පැහැදිලිවම විරුද්ධ බවත්, ජනතා පරමාධිපත්‍ය, ස්වාධීනත්වය, කෙලෙසෙන බවත් සමාජීය දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් කෙලෙසෙන දුර්දාන්ත පාලනයක ආරම්භය මෙය බවත් දිවුරා කියමින් ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා පසුගියදා ඉරිදා පුවත්පතකට  අදහස් පලකර තිබුනි.

පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු හා නායකයාගෙ කෙරුවාව පිලිබදව කලකිරීමකට පත්ව ඇති සජිත් පක්ෂය දිනන මාර්ගයකට ගතහොත් පක්ෂය හැරදා යන පිරිස නවතාලිය හැකි බවද, එහෙම කරන්නට “ගම් මට්ටම- බිම් මට්ටම ” සකස් කල යුතුව ඇති බව කියාද තිබේ.

කතාව හොදය – එහෙත් තවමත් නැති “කෙරුවාව”  දැන්වත් පටන් ගත යුතුය. ඒ හම්බන්තොට, රන්න, තිස්සමහාරාම,කතරගම පැත්තේ පෙර පාසල්, බෝක්කු පාලං ගැනවත් ගල් ගැල්වී ඇති අඩි පාරකවත්, සිතියං, පීත්ත පටි,හා ගනුදෙනු උත්තරීතර පාර්ලිමේන්තුවට ගෙනෙවිත් (උත්තරීතර පාර්ලිමේන්තුව  කියපු හැටියෙන් ඔබේ හිතට නැගෙන මර්වින් සිල්වාගේ චිත්‍රය කරුනාකර අමතක කරන්න ) ” කෝ මෙව්වට උත්තර” ජාතියේ ආතල් ගැනීමෙන් නොවේ.

ඒවාට ලැබෙන උත්තර ගැන පවා අපත් දන්නා නිසා සජිත්ට ඒ පිලිබදව අමුතුවෙන් කියා දිය යුතුද නැත. නොදන්නා අයට නං මහාමාර්ග නියෝජ්‍ය ඇමැතිතුමාගෙන් අහගත හැක.

ඕනෑම දේශපාලන පක්ෂයක නායකයන් නියෝජ්‍ය නායකයන් හා නායකත්වයට සුදුසු කණ්ඩායමක් නිතැතින්ම බිහිවන අතර එකී කණ්ඩායමේ කොටස්කරුවන් තම හැකියාව පිලිබදව ස්වයං තක්සෙරුවක සිටිය යුතු වේ.

එය සජිත් හොදින්ම දන්නා මොන්ටිසෝරියටද පොදුය. මොනිටර් කමක් ලැබෙන විට පන්තියටම උගන්නන්න යන්නෙ නැත, එසෙම මුරණ්ඩු කොල්ලෙක් මෙන් රණ්ඩු සරුවල් කරගන්නේද නැත.

තම පක්ෂය හෝ කණ්ඩායම බිද වැටෙමින් පවතින්නෙ නම් පලමු ඒ පිලිබද තක්සේරුවකට පැමිණ, බිද වැටීම වැලක්වනු විනා වටෙන් වටෙන් ගල් ගැහිල්ල සුදුසු නැත.  සුදුසු වන්නේ ගල් ගහන ගල් කොල්ලෝද, ගල් වැදෙයි කියා සිතන මල් වගේ එවුන්ද අල්ලගෙන කෝච්චියක් යාමයි.(සජිත්ට තේරුම් ගන්නට පහසු වනු පිනිස මොන්ටිසෝරි බාසාවෙනි. අනෙක පොඩි එවුන්ට කෝච්චි සෙල්ලමෙන් කියා දෙන්නේ සාමූහික කමේ හා සම්මුතියේ වැදගත් කමයි.)

නායකත්වය යනු පක්ෂ සමාජිකයනගෙ හිතූමනාපෙටවත්, තමාගෙ හිතූ මනාපයට පක්ෂ සමාජිකයන්ටත් වැඩ පෙන්නන හෝ වැඩ පෙන්නිය  හැකි ජාතියෙ මෙවලමක් නොවේ. එය ඉතා හොදින් අධ්‍යනය කොට දෙපැත්තම මුවහත් කරගත යුතු, පාවිච්චියෙදී පරෙස්සම් විය යුතු එකකි.

දේශපාලන නායකත්වය යනුද එසේම ඉතා සූක්ෂමව සිතිය හැකි, හැකි හෑම අවස්ථාවකදීම වඩාත් ප්‍රශස්තව පාවිච්චිකල හැකි ඔලුවක් සහිත කෙනෙකුට ලැබිය යුතු කඩුවකි. කැපෙන්නට හා කපන්නට පුලුවන් තැන් හා වෙලාව පිලිබද දැනීමක් සියුම් දැනීමක්ද තමන් අල්ලා ගෙන සිටින කඩුවෙ මුවහතද පිලිබද හැගීමක්ද ඇති “කාගෙන යන” ජාතියේ කෙනෙකු විය යුතුය.

එහෙම නැතුව “මේක ලක්ෂ 50 ක් විතර සමාජිකයෝ ඉන්න පක්ෂයක් ! ඒගොල්ලො කිව්වොත් උඩට යන්න-මං යනවා.. මෙතනම හිටපන් කිව්වොත් එහෙමයි.. ගෙදර පලයන් කිව්වොත් යන්ඩ යනවා..” වර්ගයේ ලදරු පාසල් උත්තර දී “එයාට කෙලවුනු පසු මං අරන් කරන්නෙමි” ගනයට වැටීම සුදුසු නැත.

එහෙම නැතුව ප්‍රතිසන්විධාන, පක්ෂ කමිටු, චන්ද විමසීම් වලට එන්නේ නැතුව, වගකීම් තනතුරු බාරගන්නේ නැතුව, ගමක් ගමක් ගානෙ පාරවල් බෝක්කු වලින් පක්ෂයවත්  රටවත් අඩුම ගානේ ගමවත් හැදෙන්නේ නැත. ඒ තලයේ ක්‍රියාමාර්ග වලට ප්‍රාදේශීය දෙශපාලකයන් සිටින්නේ ය, එකී දෙශ්පාලකයන් හා ක්‍රමවේදයන් වඩා සුරක්ෂිත කිරීම උදෙසා පාර්ලිමේන්තුවට යැවෙන දේශපාලකයාගෙ යුතුකමය. තමා නියෝජනය කරන කණ්ඩායම හෝ පුද්ගලයා හෝ පක්ෂයට නායකත්වය දීමත් කන්ඩායමෙ තවත් කෙනෙකුගෙ දුර්වලතාවයනට පිලියම් සෙවීමත් මූලිකත්වයේ තබාගෙන ක්‍රියාකල යුතුය.

සජිත් යනු දයාසිරිටත් රෝසිටත් බුද්ධිකටත් රන්ජන්ටත් වඩා පරන නායකයෙකි. පරන වෙන්නට වෙන්නට පරිනත කමක්ද ඉබේම පසුපසින් එයි. එවිට බෝක්කුවෙන් ලයිට් කනුවෙන් බැස ජාතික තලයේ දේශපාලනයට ආ යුතුය. පක්ෂයට රටට නායකත්වය දෙමින් “දිනවෙන” වැඩ පිලිවෙලකට යා යුතුය. එහෙම වැඩපිලිවෙලක් නැත්නම් එහෙම දෙයක් හදාගෙන, එකී වැඩපිලිවෙල තල්ලුකරගෙන ඉදිරියටම යා හැකි, අයත් එකතුකරගෙන වැඩ පටන් ගත යුතුය.

රටේ ජනතාව නායකයන් හා ගෝලයන් හදුනාගන්නේ එවිටය, තමන් සතුව ඇති බලවත්ම ආයුධය වන චන්දය පාවිච්චි කරමින් නායකයන් බිහිකරදෙන්නේ එවිටය.

එසේ නැතුව ඔටෝමැටික් නායකයන් බිහිවන්නේ නැත. එහෙම අය පවතින්නේද නැත.

ප.ලි.

සජිත් ඔයතරම් ලදරු පාසල් විවෘත කරනුයේ අනාගතේ උන් ලොකුවී ” ආන් අර මාමා තමයි අපිට මොන්ටිසෝරි දාලා දුන්නේ ” කියා යුතුකමට චන්දය දෙනු ඇතැයි සිතාබව මොන්ටිසෝරි ලමයෙක් කීවෙය.

By 47

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to ” ඔන්දා මෝයි ! “

  1. arugeadaviya says:

    daala thiyena photo eka, liyala thiyena dewal walata hondata galapenawa.

    Like

  2. arugeadaviya says:

    bohoma honda adahas ekathuwak.good luck.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s