” බයිට් “

එල්ටීටී කලාකාරයන්ට සම්මාන දෙන්නේ නැතැයි රොජර් සෙනෙවිරත්න කල ප්‍රකාශයක් අලලා පුවත්පතක සංවාදයක් ගොඩනැගෙන්නේ නම් අගනා, අගය කල යුතු සමාජීය ක්‍රියාදාමයකි. කලාකාරයා කුමන දේශපාලන සමාජ ධාරාවක් නියෝජනය කලද ඔහු හෝ ඇයගේ නිර්මාණ විවේචනය කරනවා විනා ඉන්ග්‍රිසියෙන් කියනවා මෙන් ” ජාතකේ ” හොය හොයා ඉදීම නිර්මාණයටත් නිර්මාපකයාටත් කරනු ලබන සාහසිකත්වයකි.

නමුත්,

අනෙක ප්‍රතිපත්තියක්, ලැජ්ජාවක් (ගුරා හිටගෙන හුලිජ්ජ කරනවිට ගෝලයා දුව දුව කරනවාය) නැති දේශපාලන ධාරාවක් නියෝජනය කරන ඔය කී නලුවාට (ඔහුගේ කලාව ගැන නොව )එවන් ප්‍රකාශයක් කිරීමට උපන් අයිතියක් ඇත්තේය. සරම අදින්නේ තුනටියෙන් පහල වැහෙන්නද ඉහල වැහෙන්නද කියා තීරණයක් නැති කණ්ඩායමට අයත් මේ කට්ටිය වහගන්නේ කුමන කොටසද කියා නොදන්නා නිසා දන්න අපට නම් ප්‍රශ්නයක් නැත.

ඊටත් වඩා සාහසික අපරාධය මෙකී සංවාදය ගොඩනගන පුද්ගලයා නිර්මාණය හෝ සිදුවීම පිලිබද දැනුවත්ව හෝ නොදැනුවත්ව ගොඩනගනු ලබන ප්‍රවෘත්තියේ   අදහස් උදහස් වල සාධාරණ ය හා සත්‍ය තාවය නැතිකමයි. එකී කටයුත්ත සදහා දායක වන පුවත්පත  හෝ වෙනයම් මාධ්‍යයක් මෙවන් සිද්ධීන් මතුකර පෙන්වීම ඉතා අගනා කටයුත්තකි එකී කාරණයම කතුවැකියකින් කතාබහට ලක්කිරීමම,   සිදුවීමේ ඇති වැදගත්කම කියාපාන ලකුණක් බවට පත්වේ.

සිදුවීමට අදාල හඳගමගේ “නැගෙනහිර වෙරලෙන් ඇසෙන ” ටෙලිනාටකය   පසුගිය අවුරුද්දේ ජාතික රූපවාහිනි සම්මාන උලෙලෙදී (2008) සම්මානයට පාත්‍ර වූයේය. ඒ හොදම අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, තිර රචනය, සහ තවත් සම්මාන කිහිපයකින්වශයෙනි.  හඳගම මේ ටෙලිනාටකය අමරිකානු අධාර යටතේ (USAID) නිපදවූ කාලයේ බොහෝ දෙනා කට ඇරියේ නැත. ඒ වෙනුවෙන් පෙනී සිටියානම් “හඳගම” වෙනුවෙන් පෙනී සිටිති යන බයෙන් අකුලා ගත් බැනර් දැන් එලියට එන්නේ ඇයි කියා කෙනෙකු අහන්නටත් බැරි නැත.

එසේම සදහන් කරනු ලැබුවාවූ නිර්මාණ ද්විත්යයෙන් “නැගෙනහිර වෙරලෙන් ඇසෙන ” ටෙලිනාටකය   විකාශනය කරනු ලැබූයේ දෙරණ නාලිකාවේ මිස “රූපවාහිනි සංස්ථා චැනලයක” නොවේ. එසේම එකී නිර්මාණ “එක් වරක් හෝ ” නොව විකාශය වූයේ එක වරක් පමණි. අතුල පීරිස්ගේ “සුදු කපුරු පෙති” ජතික රූපවාහිනියේ විකාශය අරඹා (2006) සති කිහිපයකින් නිව්ටන් ගුණරත්න සභාපතිතුමාගේ “මඝ පෙන්වීමෙන්” නවතා දමන ලදි.(හේතුව යුධ වැදී සිටින සෙබලුන්ට අහිතකරය නිසා බව කියනු ලදී. ) එසේම,එම වර්ෂය සදහා හොදම රූපවාහිනි අධ්‍යාපනික හා සංස්කෘතික වැඩසටහන් සදහා වූ සම්මානය අතුල පීරිස්ට හිමිවිය.

කතුවැකියෙන් සදහන් කරන ආකාරයට ” මෙවර රූපවාහිනි සම්මාන උලෙලෙදී හැලුනේ ඇයිද යන්න පිලිබදව  සංවිධායකයන් හෝ විනිශ්චය මණ්ඩලය උත්තර බැදි යුතුව” තිබුනත්, අඩුම ගානේ හඳගමගෙන්  ගියවර සමරු කලාපය ඉල්ලා ගත්තානම් කතුවැකිය ලියූ අයට උත්තර නැතිවෙනවා ඇත.

සමහර විටෙක මා කියවූයේ පාකිස්ථානයේ කතු වැකියක්ද යන්න පිලිබද ගැටලුවක් ඇතිවූයේ එහිම “පසුගිය කාලයේ ෆේස් බුක් තහනමක්ද ක්‍රියාත්මක කරන්නට  කටයුතු කලේය ” යනුවෙන් සටහනක්ද තිබූ නිසාවෙනි.

2009 වර්ෂයේදී ෆේස් බුක් භාවිතා කරන්නෙකු   මහම්මද්තුමාගේ රුව සිතුවමට නැගීම සදහා තරගයක් සංවිධානය කල අවස්ථාවේ පාකිස්ථාන මූලධර්මවාදීන්ගේ බරපතල විවෙචනයන්ට ලක්ව එම අඩවියේ පාකිස්ථාන එළඹුම තාවකාලිකව තහනමකට ලකවූ අතර අඩවි හිමිකරුවන් විසින්ම පසුව එකී සිතුවම හා  තරගය ඉවත්කර සමාව ගැනීමෙන් පසු සමතයකට පත්වීය. මේ පිලිබදව ලංකාවේද ජනමාධ්‍ය තුල කතිකාවක් ඇතිවූ අතර බොහෝ දෙනාගේ මතය වූයේ ආගමික විස්වාසයනට මැදිහත් නොවිය යුතු බවයි. නමුත් ලංකාව තුල නිල නොනිල වාරණයන් කොතෙක් ඇතත් ෆේස් බුක් අඩවියට අත තිබූ බවක් දැනගන්නට නැත.

(50 දෙනෙකුගෙන් යුත් පිරිසක් තම දූ දරුවන් ෆේස්බුක් ඇබ්බැහියෙන් අගතියට යන බව පවසමින් විදුලි සංදේශන නියාමන කොමිසම වෙත පෙත්සමක් ඉදිරිපත් කල නමුත් එයද දියවී ගියේය.)

කෙසේ නමුත් සමස්ත ලාංකික ජනතාවම මේ මොහොතේ අදහස් ප්‍රකාශනය, මාධ්‍ය භාවිතාව හා කලාවේ අයිතිකාර පොල්මඃකාරයන්  පිලිබද කිසියම් ගැටලුවකට මුහුන පා සිටින බව පැහැදිලි කාරණයකි. එනමුත් පදනමක් ඇත්තක් නැතිව එදාවේලට ” බයිට් “හදන මාධ්‍යකරණය  නම් නවතාලිය යුතුය. නැතිනම් අවසානයේ සිය හදවතින්ම කැප වී  සමාජ දේශපාලන  වෙනස්කමක් බලාපොරොත්තුවෙන් තවමත් පෙල ගැසී සිටින කොටසේ විශ්වාසය බිද වැටෙනු නියතය.

ලංකාවේ බොහොමයක් ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාර පිලිබදව විශ්වාසයන් බිදවැටෙමින්  පවතින යුගයක එකී ධාරාවන් නියෝජනය කරන පුවත්පත් ද මෙලෙස “ආවාට -ගියා” මොඩලයේ ක්‍රියාමාර්ග නියෝජනය කරන්නේ නම් මීට පෙර වාර්තා කල සිදුවීම් පිලිබදවද තවත් වතාවක් සිතා බලන්නට වෙනවා නොඅනුමානය. මාධ්‍යකරුවා සතු වගකීම පැහැර හරින්නේ නම් බලා පොරොත්තු තබා ඇති ජනතා මාධ්‍යයන්ගේ විශ්වාසය බිද වැටීම වලක්වාලිය නොහැක.

මේ මට හිතෙන හැටිය.

By 47

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s