ආචාරියාගෙ කනප්පුව

ප්‍රශ්නය: ලංකාවේ ආචාරියන් අතර වෙනසක් තිබේද ?

එහෙම   අහන කෙනෙකුට මේ දවස්වල ප්‍රවෘත්ති වලට සවන් දීමෙන් (රූපවාහිනි ප්‍රවෘත්ති නරඹන කෙනෙකුට නම් රූපත් සමග පණිවිඩය ලැබෙන නිසා වැඩේ ලේසිය. ) දැනගත  හැකිය.

ක්‍රියාව-

පමුණුගම පැත්තේ   නිල- ලත් කට්ටියක් පහුගියදාක “සහශ්‍රකයට ” ගැලපෙන්නට අලුත් තාලේ පරණ කෙමක් හොයාගත්තේය.

හැතැක්ම බාගයක් විතර ඈතින් අල්මාරියක නැතිවුනු රත්තරන් බඩු වගයක් ගැන හොයාදෙන්නට කිසිම ක්‍රමයක් නැතිවුන කල කලබල වූ “දෙපා” රාලලාගේ පිහිටට ආයේ වෙනදා පුරුදු “සිව්පා” නොව ” තෙපා” කනප්පුවකි. (බේරුවලදී ” මිෂන් චකබ්ලාස්ට්” හින්දි චිත්‍රපටය පෙන්නූ අයම කරදියනාරුවලදී “චයිනීස් බ්ලාස්ට්” වාගේ ඇමෙරිකන් ක්‍රියාදාම චිත්‍රපටකින් පසු   පමුණුගමට ගෙනා  “ඔපරේෂන් කනප්පු ” ටීටර් නාටකයකි.)

කනප්පුවට කතා කරන්නට බැරි බව නොදත් කට්ටිය අල්ලා අඩු කැරකෙව්වද මීක් නොගෑ නිසා පහුගිය කාලේ ” හන්ගපු බඩු ” හොයන්නට  අයියලා අරන් ගියා මෙන් ජීප් එකේ දමාගෙන ගියේ බඩුත් සමග හොරු අල්ලන්නටය.

හන්දියේදී දෙකක් දාගෙන බර වෙලා හිටි කොල්ලෝ දෙන්නෙක් අල්ලාගෙන කනප්පුවක් අතට දී දුවපං කියද්දී කනප්පුවත් කරේ තියා ගත් කොල්ලෝ දෙන්නා නතරවුනේ පාරේ කෙලවරේම මේසන් බාස් කෙනෙකුගේ ගෙදරය.

දැන් වැඩේ හරිය. ඉතුරු තෙල් කුප්පියත් ගා හන්දිපත් තවන්නට යමං කියා බාසුන්නැහේ වත් නග්ගා ගත් කට්ටිය දනි පනි ගා ලෑස්තිවුනේ, “බ්‍රේකින්ග් නිව්ස් ” එකකට ටෙලිවිෂන් චැනල් එකකටත් කතා කරන ගමන්ය.

කතාව-

මේ පංකාදු නිව්ස් එක කන වැකුන හැටියේ  මාධ්‍ය සාකච්චාවක කිරා වැටෙමින් හිටි ලොක්කා මෙච්චර දවසක් ආපු අප්සට් නිව්ස් වල හැටියට මේක නං නිවන් ගියා සේ සලකා ඉද්ද ගැහැව්වා සේ කෙලින් වීය.

බුදුන්ට දේවදත්තයා සේ හැමදාම ප්‍රශ්න අහන මාධ්‍යකාරයෙක් අර මේ දවස්වල හොයන්ඩ ගියාම බඩු (ඔලුවටම ) හම්බවෙන විදිය ගැන අහන විට  ” අපිට ඔනෙනං තිබ්බනේ මල්ලි නොපෙනෙන්ඩ දෙන්ඩ. ඒ වුනත් ප්‍රජාතන්ත්‍රවාදෙට අනුව එහෙම බෑනේ මල්ලී. ඒ ඉස්සර දැන් දෙන්නේ එලිපිට ”  කියා පනාවක් දැම්මේ නිකං කින්ඩියට මෙන් එලියේ සුදු වෑන් එකක් දිහා බලාගෙනය.

කරදියනාරු බ්ලාස්ට් එක වෙලාවේ චීනෙක් ඩයනමයිට් කරල අතට අරගෙන සර්කස් දාන්ඩ ගිහින් පත්තුකරගත් බව පුපුරපු වෙලාවේ එතැන හිටපු හාදයෙක් තමාට නාගදීපයේදී මුනගැහී කියූ බවද ලොක්කා මතක් කලේ කොහොමටවත්  එතැන කිසිම කඩාකප්පල් වැඩක් (ඩයිනමයිට් හැරෙන්නට ) නොවූ බවත්, පිපුරුම ඒ තරං දරුණු බවත්, මතක් කර දෙන්නටය.

ප්‍රතිඵලය-

හැබැයි අන්තිමේදී පමුණුගම නිව්ස් එක “වනලා දෙන්ඩ” හදනකොටම හදිසියේම නිව්යෝක් සිට ආ දුරකථන ඇමතුමක් ” රටම බලාගන්ඩ දිපූ වෙලාවේ ගම කන්නැතුව මං එනකං ඉන්නවා අයිසෙ” කියා කියූ ගමන් ලොක්කා ආයේ නිදන්ට වන්හ.

පිලිතුර-

ඔව්  ලංකාවේ ආචාරියෝ අතරෙන් උප්පැන්න සහතිකයෙන් ආචාරි වුනු අය හා කීයක් හරි දී ආචාරි වුනු අයත් අතර වෙනස පලමුව කී ආචාරීන්ගේ තාත්තා කවුදැයි උප්පැන්න සහතිකයේ ලියා තිබීමයි.

by 47

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s