ෆොටෝකොපි ..

පසුගියදාක පැරණි පුවත්පතක පලවූ දේශපාලන කාටූනයක් “ඡයාස්ථිති ” photocopy කරගැනීමට ගිය විටෙක ආයතනය හිමිකරු එය ප්‍රතික්ශේප කලා. කාටූනය මෙ‍යට   කලකට පෙර පලවූ , වත්මන් ජනාධිපතිවරයා සම්බන්ධ කොට නිර්මාණය කල එකක්. (කාටූන් ශිල්පියාගේ නිර්මාණ තවමත් පලවේ.)

හිමිකරු මෙකී කාටූනය  ඡයාස්ථිති කිරීම ප්‍රතික්ශේප කලේ, තමා ව්‍යාපාරය පටන් ගත්තේ මෑතකදී බවද, ජීවත් වීම සදහා සරු අදායමක් ලැබෙන බවද, “කරදරයක් ” නැතුව ජීවත්වීම සදහා මේ කරදර ගෙන නො එන ලෙසද පවසමිනි.

මගේ මුහුනේ පලවූ හැගීම් පිලිබදව හෝ මාගේ අවශ්‍යතාවය පිලිබදව කිසිදු ආකාරයක අදහස් පල නොකල ඔහු

“මම මහත්තයව අදුරන්නෙත් නෑ, කොහොමටත් දැන් කාලේ ආණ්ඩුවට විරුද්දව වචනයකවත් පිට කරන්න බෑ. කවුරු කොහොම කොතන ඉන්නවාද කියල දන්නේ නැහැනේඅද විශ්වාස කලත් හෙට කොහේ ඉදීද දන්නේ නැහැ ” යනුවෙන් අපේ කතාබහටද තිත තැබුයේය.

කෙසේ නමුත් කාටූනය පිලිබදව විස්තර කරදී අදාල වකවානු හා අවශ්‍යතාවය සදහන් කිරීමෙන් පසු ඔහු එම කටයුත්ත හොදින් කරදුන් අතර, කාටූනය කවරයක බහා (පිටතින් නොපෙනෙන ලෙස )දුන්නේ මතු ආරක්ශාව (එතැන සිට නිවස දක්වා) සදහා වන්නට ඇත.

මෙලෙස වන්නේ කෙලෙසද ?

ලංකාවේ බහුතර ජනතාව විසින් චන්දයෙන් පත්කරගනු ලැබුවාවූ ජනධිපතිවරයක්- ආණ්ඩුවක් පවතින රටක හා තමන් නියෝජනය වනු පිනිස පාර්ලිමේන්තුවට එවනු ලැබුවාවූ මන්ත්‍රීවරුන් ගනන තුනෙන් දෙකකටත් වඩා ප්‍රතිශතයකින් පක්ශපාතී  වී ඇති ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායමක් ඇති (ජනසමාජය   අරගල-මතවාද-ගැටුම් වල තෝතැන්නක්ව තිබූ ) රටක ! ඕනෑම, ප්‍රජාතන්ත්‍රීය ගති ලක්ෂණ පෙන්නුම් නොකරන ගැටලුවකදී  ඉදිරියට එන සිවිල් ක්‍රියාකාරීන් සිටි රටක.

ඉතා සුලු දෙශපාලන -සමාජීය කාරනා වෙනුවෙන් නරක බලපෑමක් කල  හැකිද ? එසේ නැත්නම යම් යම් සමාජගත සිද්ධීන් මත පදනම්ව ජනතාවම ස්වයං තීන්දුවලට එලඹ ඇත්ද ?

සමජගත සිද්ධීන් යනුවෙන් මට පෙනෙන ආකාරයට,

මාධ්‍යවේදීන්ට පහරදීම,

මාධ්‍ය ආයතන ගිනි තැබීම

හිරිහැර – හා අඩංගුවට ගැනීම වැනි දහසකුත් කාරනා හා

සිවිල් මිනිසුන් ගස් බැදීම

අත් අඩංගුවෙන් පැන යාම නිසා වෙඩි තබන්නට සිදුවීම

සරත් ෆොන්සේකා නඩුවිභාගය

එක් මතවාදයක් නියෝජනය කරමින් සිට හිටි අඩියේ පිල් මාරු කර මතයද එසැනින් මාරු කරන දේශපාලකයන්-ගුරුවරුන්-සිවිල් චරිතයන්-

වැනි කාරනා සාමාන්‍ය ජනජීවිතය තුල චකිතයක් ඇති කරන්නට සමත්ව ඇත්තේය. එකී සියලුම සිද්ධීන් තුල පවතින ආණ්ඩුවේ වක්‍ර හෝ සෘජු සබදතාවයක් ඇත්තේය යන්න ඉතා බලවත් ලෙස සමාජගතව ඇතත් ඒ පිලිබදව ක්‍රියාකල (කතාකල ) හැක්කේ -පවතින ආණ්ඩුවට පක්ෂපාතී -සිවිල් වටිනාකමක් ඇති ආයතන හා පුද්ගලයනට (චරිතයනට )පමනක් බව ( හෝ ඇති කරගත් පසුව බව ) ‍යැයි ඊටත් ඉහලින්, සමාජයේ නිදන්ගතව ඇත්තෙය.

මේ පසුබෑමම පසුගිය අතීත වකවානු වල තිබී ඇත්තේ වෙනස් ආකාරයකට. එකී තත්වයක් උදා වී ඇත්නම් එම සමාජයේ ක්‍රියාකාරී ආයතන හා පුද්ගලයන්, සිවිල් සමාජය පෙරටුගාමී කරවීම සදහා  මැදිගත්ව ඇත්තේය.එම මැදිහත්වීම් සිවිල් සමාජයේ විවිධ ස්ථර වල නැවත ප්‍රශ්න කිරීමේ අවකාශය ලබාදුන් අතර අර්බුදකාරී සෑම අවස්ථාවකම පාහේ වෙනත් (එවකට පවතින පාලනය හැර ) දේශපාලන වුවමනාවන්ද සපුරා ගත්තේය. නුමුත් සැමවිටම වේදිකාවෙන් පහල ජනතාව ශක්තිමත් වූයේය.

නමුත් මේ වන විට එවන් ක්‍රියාදාම සදහා වෙනදා මැදිහත්වන කණ්ඩායම් වෙනත් අන්තයන් තෝරාගෙන ඇති අතර එය පවතින පාලනයේ ක්‍රියාවලියනට  වඩාත් උචිත වන ලෙස පවත්වාගෙන යාමටද පරිස්සම් වී තිබේ.

උදාහරණයක් ලෙස විශ්ව විද්‍යාල පද්ධතිය මූලික වශයෙන්ම පසුගාමී අන්තයන් බහුලව නියෝජනය කරනු ලබන අතර (ශිෂ්‍ය එළඹුම  මේ වන විට වැටී ඇත්තේ අරමුනක් නැති අයාලේ යන තැනකය )  ආචාර්යවරුන්ද වැටී ඇත්තේ ” ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටීම හෝ නැතිනම් නිහඩවීමේ ප්‍රතිපත්තියක වේ.

වෙනදා නමට හෝ ජනතාව අතර හිදිමින් යම් යම් මැදිහත්වීම් වල නියමුවන් වූවන් මෙවර තෝරාගෙන ඇත්තේ අනාගතය සදහා වන අතිශය ලැජ්ජාකාරී මාර්ගයයි. ඔවුන් තුල අතීතය විසින් එකතු කර දෙනු ලැබුවා වූ කිසිදු ආත්මාභිමානයක් ඉතුරු කරගෙන නැති බව පෙන්වා දී ඇත්තේය.

(වඩාත් හාස්‍යජනක කාරණය නම් ඔවුන් තවමත් පෙනී සිටින්නේ අප වෙනුවෙන් බව දක්වා සිටියත් ඒ බව පිලිගන්නා කෙනෙකු අප අතර නොසිටිමයි.)

යලිත් මා මතුකල කාරනයට පිවිසෙන්නේ ඒ පිලිබදව ඉහත මතුකල කරුනු ආදර්ශයට ගනිමිනි.

දැන් අපට නැති වී ඇත්තේ එවන් වූ වටපිටාව පිලිබද දැනුමෙන් පෝෂිත සමාජයකි. සාමාන්‍ය ජනතා සිත්සතන් තුල ආරක්ෂාව වෙනුවට බය ජනිත වී ඇත්තේ එහෙයිනි. තමන්ගේ විශ්වාසයන් තුල පිහිටමින් මතුකරවනු ලබන දේශපාලන චරිත වෙනස් වීමට යන්නේ සුලු මොහොතකි. එසේ අංගචේදනයට ලක්වන අය පෙනී සිටින්නේ ප්‍රගතිශීලී ලෙස නොව ප්‍රතිගාමී -“නොහැක්කන්” ලෙසය. ඒ බව පසුගිය වකවානුවේ ආණ්ඩුවේ- වේදිකාවේ මතුවූ විපක්ශ ක්‍රියාකාරීන් පෙන්නුම් කර දුන්නේ යලිත් තමන්ට ” තමන්” විය  නොහැකි බවද ඔප්පු කරදීමෙන් පමනක් නොව තමන් ආණ්ඩුවේ “හඩ” ද බව මතක් කරදීමෙනි.

(කලක් ” අති සංවේදී සත්‍යවාදියෙකු ” වූ අප විසින් අප්‍රමාණ භක්ත්‍යාදරයෙන් වැලදගත්ත් පුද්ගලයා පවා බලය වැලදගත්තේ  දීර්ඝ කාලයක් තිස්සේ අප විසින් ඔහු වෙනුවෙන් තනා දුන් වේදිකාව හා අපද තඹ සතයකට මායිම් කරමිනි. ඒ වෙලාවේ අප තුල ඇතිවූ විශ්මිතය ” සංවේදී” ඔහුට කෙසේ බලපෑවාදැයි නොදනිමු.)

නමුත් අපට මෙවන් ” මාරුවන්නන් ” විසින් ඇතිකරදී තිබෙන හිඩැස දැන් මාගේ “ෆොටොකොපි ” සිද්ධිය දක්වා පැතිර ගොස් ඇත්තේය. සමාජයේ දැනුවත්භාවය නැතිවී  විශ්වාසය අවුල්ව ඇති සමාජයේ කොටස් දැන් තවදුරටත් බිද වැටෙමින් පවතී.

මෙසේ පුද්ගලික ලාභාලාබ ගිනුමෙන් තෘප්තියට පත්වී ඇති සමාජ-අ-ක්‍රියාකාරීන් දවසක අනිවාර්යයෙන්ම නැවතත් තම වේදිකාව තනා ඉල්ලනවා ඇත. එවිට ඔවුන් “අමතක” (නො )කිරීම අපේ පරම යුතුකමයි.

නැත්නම් අප තවත් ” ෆොටෝකොපියක්ම ” මිස වෙනෙකෙක් නොවනවා ඇත.

By 47

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to ෆොටෝකොපි ..

  1. arugeadaviya says:

    aththa.hamoma nihada samaajayaka,ballanta,narinta,udu buranna deela balagena innawa.thawa godak dewal issarahata weyi.photocopy kohoma wunath pen ekak pencil ekak gannath awasara ona weyi.

    Like

  2. Charmi says:

    කදිම නිරීක්ෂණයක්.
    සමාජයක් වශයෙන් අප ඇදී යමින් පවතින ආගාධය කෙතරම් ගැඹුරු දැයි මේ සුළු සිදුවීමෙන් වුනත් මනාව පැහැදිලියි.
    අද කළුවරයි. හෙට කට්ට කළුවරයි.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s