සිරකරු. අංක 0/22032 වෙත..

ඔබ විසින් අවුරුදු තිහක යුද්ධයක් ඉතාමත් සාර්ථකව නිමා කල බවත් එහි පූර්ණ ගෞරවය ඔබට නොදී වෙනත් අයෙකු විසින් අයිතිකරගත් බවද එකී කලකිරීම නිසා   2009 ජුනි 18 වන දිනෙන් පසු -දූෂිත, ජරාජීරණ එකාධිපති තත්වයට පත්වූ (නැත්නම් ඔබ මේ තීරනය ගත යුතුව තිබුනේ බොහෝ කලකට පෙරය.) පාලනයකට එරෙහිව ඔබ විසින් “ඔබගේ ජයග්‍රහනය” සදහා තවත් කන්ඩායම් සමග දන්නා පාලනය අතැර නොදන්නා දේශපාලන ක්‍රීඩාවට ආ බව අප අසා තිබේ.

කවමදාවත් නොපෑහෙන පිරිසක් සමගද, කවමදා හෝ බලයට පැමිනීමේ සිහිනයෙන් දශමයක් වත් වෙනස් නොකල අයෙකු සමගද දේශපාලන මඩගොහොරුවට පැමිනි ඔබ එහිම දැන් එරී ඇත්තේය. මේ එරිල්ල නිත්‍ය බව ඔබේ දේශපාලන සඟයන් කලින්ම දැන සිටිය බව ඔබ නොදැන සිටීම හෝ ඔවුන් විසින් ඇතිකල “මනබන්දන බල කිරුලේ” රශ්මියෙන් ඔබ අන්ධව සිටි බව දැන්වත් ඔබට ප්‍රත්‍යක්ෂව ඇතැයි සිතමු.

ඒ දැක්ම අවශ්‍ය වනුයේ සිරගෙදර නිස්කලන්ක ජීවිතයේ ඔබට හිතන්නට බොහෝ දේ ඉතුරු කර ඇති නිසාය. මන්ද කාලයක් තිස්සේ ඔබ පසුපස එල්ලී ආ අයගේ පසුපස එල්ලී යාමට ඔබට සිදුවී ඇති නිසාවෙනි. එම නිසා ඔවුන්ටත් අපටත් අමතක වීමට පෙර ඔබ විසින් තම ඉදිරි ගමන් මග තීරණය කල යුතු වේ.

මීට කලකට පෙර අධිකරණය බාල්දුවට ලක් කලැයි කියමින් එකල අන්ත බාල්දුවට ලක්ව තිබූ අධිකරණයම එස්.බී දිසානායකට දෑවුරුදු සිරදඩුවමක් දුන්නේය. නමුත්,

එස්.බී සිරගත වූ වේලේත්, පිටව ආ වේලෙත් (කැමරා ඉදිරියේ ) හැරෙන්නට ඔහුව බලන්නට පිලිගන්නට කිසිවෙකු සිටියේ නැත. දෑවුරුද්දක් තිස්සේ තනිකර සිටි එස්.බී එලියට එනදා නම් යලිත් කැමරා ඇටවිනි. ඒ ඔහුගේ හිරගෙදරදී නැති එලියේදී ඇති දේශපාලන වටිනාකම් නිසාවෙනි, නැතිනම් කාගේ හෝ න්‍යාය පත්‍රයක -අවශ්‍යතාවක ඔහුගේ නම ලියවී තිබූ නිසාවෙනි. . ඒ නොවන්නට තමරා දිසානායක හැර වෙනදා එස්.බී ගේ දෙපාමුල සිටි කිසිවෙකු දකින්නට සිටියේ නැත.

මේවා ඔබ දැන සිටිය යුතු කරුනුය.

ඔබ විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව පිරවීමට  ගියේ ජරාජීරණ දේශපාලනික රික්තයකි. එය විශේෂයෙන් ඔබෙත් බලය  නිසා අසීමාන්තික ලැජ්ජාවට පත්ව සිටින පරාජිතයන්ගේත්  පැලවත්තේ රෙජී අංකල් ඇතුලු දේශපාලන ගුරුන්ගේත් පවතින පාලනයේ උදහසට ලක්වූවන්ගේත් අසම්පූරණ ඔට්ටු ඇල්ලිල්ලකි.දැන් ඔවුන්ට ඔබ අවශ්‍ය නැත. ඔවුන් දැන් තම ඊලග ඔට්ටුවට අස්සයන් සොයන කාලයකි. ඔබව ඔවුන් විසින් අවුරුදු දෙකහාමාරකට අමතක කර දමනු ඇත. ඒ කාලය තුල ඔබ විසින් තුවාල සුව කරගෙන යලි දිවිල්ලකට සුදුසු නම් ඔබව පිලිගැනීමට වැලිකඩට එනු නොඅනුමානය. සමහර විටෙක ඔබේ පරම හතුරාද මේ පෝලිමේ සිටියහොත් පුදුම නොවන්න. එය  මේ මජර දේශපාලනයේ හැටිය.

කෙසේ වුවත් ඔබ දිනක නිදහස් පුරවැසියෙකුව  සමාජයකට පය තබද්දී නැවතත් මේ මඬ වලට එනු “නැතැයි” කෙනෙකුට සිතෙන්නට පුලුවන. මන්ද මෙයින් අපට වන සෙතක් පිළිබදව –  ඔබ වූවත් මෙතෙක් ඔප්පු කර පෙන්නූයේ නැති නිසාය.

By 47

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

One Response to සිරකරු. අංක 0/22032 වෙත..

  1. පද්දා says:

    “ඔබ විසින් අවුරුදු තිහක යුද්ධයක් ඉතාමත් සාර්ථකව නිමා කල බවත්”
    එයා තනියමද යුද්ධෙ ඉවර කලේ?

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s