ඒක තමා….

ෆොන්සේකාට දුන් දඩුවම මදි…

පෙළපාලි යන්නෙත්, පුවත්පත් හෑලි ලියන්නෙත් මහා සංඝරත්නය කතා කරන්නෙත් තරු පහේ කෙනෙකු සිරගත වූ විට පමණක්දැයි කැළණිය පැත්තේ ඇමැතියෙකු කී බව අද (ඔක් 04) දිනපතා පත්‍රයක සදහන් කොට තිබිණි.

හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා ලංකාවේ නම විනාශ කලේ නැද්ද ? සුද්දන්ගේ ඔඩොක්කුවේ වැටී සුරතල් වූයේ නැද්ද ? යනුවෙන් ඇසූ ඔහු ෆොන්සේකාට දුන් දඩුවම මදි බවත් මෙවැනි ළිහිල් දඩුවම් වලින් රටේ විනය පිරිහෙන බවත් පවසා ඇත.

ඒක තමා…

කලකට පස්සෙ ඩිංගක් කට ඇරියාම

දුගදක් හමනවා – ඒ කුනු කරවල ඟදට

එහෙම තමයි මෙතුවක් කල යුතුකමට

බෙට්ටක් උනත් ගත යුතු හිස් මුදුනටම

පෙලපාලියත් අද සිට තහනං කරනූ

සංඝරත්නයේ උනත් කට බැද දමනූ

පත්තර උනත් මොකකට හෙට – ගිනි තබනූ

විසි අවුරුද්දකට මේකා හිරගෙට යවනූ

හොදම වැඩේ නං තරු පටි සෙල්ලමට

නොදී ඉන්න එක ඉහලින් ඉන්නා අයට

බයක් දැනෙනවානං උඩ ඉන්නා අයට

තහනං කරමු තරුපැලදීම හමුදාවේ අයට

සංඝරත්නයෙන් දෝසා බස් එනවානං

පන්සල් වහමු එතකොට ඔය කෙළි වානං

සිවුරත් ගලවමු ඒකත් හරි අවදානං

හෙලුවෙන් ඉන්න නං අපි දැං සූදානං

ඇමතිතුමා කී දේ හරියට හරිය

මෙහෙම දඩුවමක් නං හොදටම මදිය

විනය කමිටුවටවත් දාලා බැරිය

ගහක බැදලවත් ගනිමුද පලිය

කූඤ්ඤයක් වාගේ ඇලිලා හරහට මේකා

රතිඤ්ඤයක් වත් හබරල පදුරක හංගා

ගඤ්ඤට යං පුතේ කියමින් ඈතට දක්කා

සංඤක වෙන්න තියමුද පස්සට කක්කා

By 47

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to ඒක තමා….

  1. ```Outsider``` says:

    ඔව් ඉතින් හරි හමන් විනයක් දඞුවම් ක්‍රමයක් තිබුණනම් අද ඔය කතාව කියන්නෙ ඇමැති මර්වින් නෙවෙයි. අවුරුදු 20 කට විතර හිරේ ගිහින් ඉන්න මර්විනුයි.

    Like

  2. Charmi says:

    “ගහක බැදලවත් ගනිමුද පලිය”

    පළිය සහ ජොලිය දෙකම.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s