බරක් තමා..

අමරිකානු ජනාධිපති බරක් ඔබාමා පසුගිය දිනෙක ලෝකයේ බලවත් – බවලත් උදවිය පිලිබද වැඩසටහනකට සහභාගී වෙමින් සිටියදී හදිසි කරදරයකට මුහුණ පෑවේය. ඔහු කතා කරමින් සිටියදී මයික්‍රෆෝන් රදවනය ඉදිරිපස සවිකර තිබූ අමරිකානු ජනාධිපතිවරයාගේ නිල  ලාංජනය ගැලවී වැටුනි. කෙසේ නමුත් සුපුරුදු ලෙසින්ම ඉදිරිපස අසුන් ගෙන සිටි පිරිස සමග පොඩි විහිලුවකින් පසුව තම කතාව කරගෙන යාමට ඔබාමාට හැකිවිය. තමාට මින් කිසි බරක් දැනුනේ නැතත් අදාළ කාර්යය පවරා තිබූ අයට නම්  බරක්   ඇතිවෙනු ඇතැයි ඔබාමා “බරක්” නැතුවම පවසා කතාවේ ඉතුරු හරිය කරගෙන ගියෙය.

මේ සිද්ධිය ලොව පුරා සීඝ්‍රයෙන් පැතිර ගිය අතර ලංකාවෙද විවිධ මත පල කෙරුණි.

ඒ පිලිබද වැඩිදුර දැනගැනීමට සෞඛ්‍ය ඇමතිතුමා සම්බන්ධ කරගත් අවස්ථාවේ කියුබාවේ බී.ටී.අයි සහ අමරිකාවේ සී.අයි.ඒ අතර ප්‍රශ්නයක් ඇති බවත් තමන්ට මේ පිලිබදව කිසිවක් පැවසිය නොහැකි බව කියා සිටි අතර රජයේ මාධ්‍ය ප්‍රකාශකගෙන් අසා දැනගන්නා ලෙස පවසන ලදි. රජයේ මාධ්‍ය ප්‍රකාශක  මේ පිලිබදව තමන් මහත් පුදුමයට පත්වූ බවත් මනූෂ,පබා සහ රෙංගා හැරෙන්නට නිව්යෝක් ගිය පිට එකෙකුට සිටියේ වත්තල ජෝනා විතරක් බවත් කෙසේ වෙතත් ඇනේ ගලවපු එකා අල්ලා මාස 30 කට නොඅඩු සිරදඩුවමක් දෙන බවත් පැවසන ගමන් සාකච්චා  මේසේ යට සිටි කැළණියේ කෙනෙකුට පයින් පාරක් ඇන්නේ  ” මොකෝ කියන්නේ මාත් වොයිස් කට් එකක් දෙන්නදැයි” ඇසූ විටය.

ජනාධිපතිතුමා කතාව කරගෙන යද්දී පපුවට එකවරක්ද මේසයට දහ අට වතාවක්ද ගැහීම නිසා ලාංඡන ගැලවී බිම වැටීම පුදුමයක් නොවේ යැයි රෙජී අංකල් මාධ්‍ය සාකච්චාවක් කැදවා ප්‍රකාශ කරන ලදි. එම මාධ්‍ය සාකච්චාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ ඒ මහතා, ඉරාකයේ යුද්දය පැවැති  කාලයේ අති විශාල කොමිස් මුදලක් ලබාගත් බවද ඉරාක ජනතාව තවමත් පුනුරුත්තාපන කදවුරු වල දුක් විදින්නේ යැයිද මේවා ඒවාට හොද පාඩං බවද කියා සිටියේය.වම් කම්මුලේ ලපයක් ඇති කෙනෙකු තමන් මේ වනවිට අති විශාල ජනතා උද්ඝෝෂනයක් කැදවා ඇති බවද ප්‍රකාශ කලේය.

කෙසේ වුවත් මේ සිද්ධිය ජනතා ජයග්‍රණයක පෙර නිමිත්තක් බවද පෙන්වා දුන්ඔහු තමන්ගේ ආණ්ඩුවක් ආ දාක මෙවැනි වැටීම් වලට ඉඩ නොතබන බවද ඒ  වෙනුවට එල්ලෙන සැම දෙයක්ම අල්ලාගෙන සිටීමට ෆුල් ටයිම් මල්ලිලා දෙදෙනෙකු බැගින් යොදවන බවද ඒ මහතා පැවසීය.

මේ අතරතුර සිද්ධිය සම්භන්ධව ” කේම්බ්‍රිජයේද ” මාධ්‍ය සාකච්චාවක් පැවතුනු අතර මේ සියල්ලටම මුල එල්ලපු එවුන්  අල්ලා ඇනයක් ගැසීමට සමත් එකෙකු නැතිවීම බව කියූ ප්‍රකාශකයෙක්  අපෙන් ඇහුවා නං “පරාල ඇන” එක්ස්පර්ට්  කෙනෙකු එවා වැඩේ ක්ලෝස් කරන්නට තිබුනා කියා කීවේය.

මේ වනවිට සිරිකොත පැත්තේ තාප්පයක් අයිනේ සාකච්චාවක් පවත්වමින් සිටි “මෙගා ස්ටාර්” කෙනෙකු පැවසූයේ මේ ගැලවීම නවත්තන්නට නම් පක්ෂය ප්‍රතිසංවිධානය කල යුතු බවත් මන්ත්‍රීවරුන් වශයෙන් ස්වාධීන විය යුතු බවත්   එහෙමත් බැරිනං නගර සබා චන්දයක් හෝ අල්ලගෙන ජනාධිපතිතුමා හමුවිය යුතු බවත්ය.

හම්බන්තොට පැත්තේ තාර පාරක ගැලවුනු ගල් අල්ලමින් සිටි   බඩ මහත කෙනෙක් අදහස් දක්වමින් තමා ලග මේවාට අදාල විසදුම ඇති නමුත් ජනාධිපතිවරයා ඉල්ලා අස්වී තමාට පුටුව දෙන්නේ නම් පමණක් ඒවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල හැකි බව පැවසීය.

මේ සිද්ධිය පිලිබදව “වරක්” මුලු රටම නැත්තටම නැති කරන්නට ට්‍රයි එකක් දී  මේ වෙනකොට ගමයි නගරයයි  දෙකටම වැඩක් දෙන්නට ට්‍රයි කරන ජාතිහිතේශියෙකු අදහස් දක්වමින් ” ගෝලීයකරණ අර්බුදයේ විජාතික මූලාශ්‍ර පිලිබදව මේ අතිගරු ජනාධිපතිතුමාගේ ආශ්චර්යමත් වැඩසටහන පිලිබදව නෝර්වීජියානු සුදු ඒජන්තයන් විසින් දියත්කල කුමන්ත්‍රණයක කොටස් බවත් තමා මේ වන විටත් මාරාන්තික උපවාසයක් සදහා අවසර ගැනීමට බිරිදට ඇමතුමක් දුන් බවද මතක් කලේය.

කෙසේ නමුත් අවසානයේ ජාතික පුවත්පතක් වාර්තාකර තිබුනේ අමරිකානු ජනාධිපතිවරයාගේ නිල ලාංඡනය ඇතුලු තවත් ලාංඡන 24 පමණ සොරකම් කල පුද්ගලයෙකු ලාංඡනය පෙන්වීමට කියා පොලීසිය සමග හොරොව්පතාන ප්‍රදේශයේ වැවක් අසලට ගෙනගිය වෙලාවේ සරම උස්සා මෙන්න සර් “බඩු” යැයි පෙන්නා වැවට පැන ඇති හෙයින් ඒ අවට විශාල සෝදිසි මෙහෙයුමක් ආරම්භ කොට ඇති බවත්ය. ඒ වෙනුවෙන් අවුරුදු 18 ට වැඩි සියලුම පිරිමින් සෝදිසියට ලක්කරමින් සිටින බවද සදහන් කොට තිබුනි.

By 47

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

3 Responses to බරක් තමා..

  1. aruna says:

    1. lankawenam ellapu ekata mokada wenne?
    2. Janadipathige lanchane wath ellanna bari ewun loketam part dankota thami iwasannabari

    Like

  2. Charmi says:

    අපරාදෙ. වැවට පැන්න එකා ලාංඡන පෙන්නන්ඩ ගිහින් ලාංඡනෙන් වෙඩි තියන්ඩ ගියා කියලා අපූරුවට සම්බුව දෙන්ඩ තිබුනා.

    Like

  3. ```Outsider``` says:

    අපි ළඟටත් ලාංඡන චෙක් කරන්න පොලිසිය එයි එහෙනම්..

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s