අරයා, එතුමා, මෙතුමා, සහ එතුමාගේ එයාලා සමග තුන්කල් දැක්ම…

හැම තිස්සේම “තුන් කල් නොකල්” ගැන ලියන්නේ මොකදැයි “මට හිතෙන හැටි” කියවන අයට සිතී ඇතැයි සිතුනත්, (පනු කැසිල්ලට පු* මිස වෙන කොහෙවත් කසා පලක් නැතැයි අපේ අම්මා කියා දී තිබේ. ඒ නිසා වටෙන් වටෙන් කසා පල නැත.) මේකා ඕනැම තැනක ලැජ්ජා බයක් නැතුව වසුරු ලන නිසාවෙන් මුකුත්ම නොකියා බැරිය. අදත් අතපසුවීමකින් ජාතික රූපවාහිනිය දැමූ වෙලාවේ සිටම ගිරිය පුප්පාගෙන කැළණියේ “අරයා” මෙන් කාටදෝ බැන අඩ ගසනු දකින්නට ලැබිනි.

“තුන් කල්” කියන්නේ ෆොන්සේකා බේරා ගැනීමට නම් කිසිම කෙනෙක් ඉදිරිපත් වූවාට ප්‍රතිපලයක් නැති බවය. ඒ අනුව හිරේ යන්නට බලන් සිටින සෝභිත හාමුදුරුවන්ගේ සියනමටත්, දේවාලයක් පන්සලක් කෝවිලක් අත නෑර යන රනිල්ටත් වටරවුමක් බස් නැවතුමක් ගානේ උද්ඝෝෂණ පවත්වන විජිත හෙරත්ටත් පලක් වන්නේ නැත. අඩුම තරමේ මිනී පෙට්ටි කරේ තියන් අලුත්කඩේ උසාවිය ලග පිකට් කෙරූ නීතීඤ මහත්වරුන්ටත් ලැබෙන සත පහක දෙයක් නැත.

මෙයා කියන විදියට චන්ද්‍රිකාට විජය ගෙදරගෙන්නා ගැනීමට ඕනෑ වූ නිසා ජේ.ආර් හමුවී හඩා වැලපුනාය. අන්තිමේ නැක්සලයිට් කාරයා සන්ලයිට් ලෙවල් එකට බැස ගෙදර ආ බව පෙනී යයි. ඒ නිසා රට ජාතිය ගැනවත් කොදු නාරටිය ගැනවත් අරයා මෙයා ගැනවත් නොහිතා වහාම වැලිකඩට ගොස් ෆොන්සේකාට කියා ලියුමක් ලියවාගෙන “එතුමා” හමුවෙන ලෙස මෙයා අඬ අඬා ඉල්ලයි. දැන් පවතින තත්වයට අනුව ෆොන්සෙකා මහත්මියට අවශ්‍ය පෙළපාලි දෙකතුනක්, පිකටින් හත අටක් හා මාධ්‍ය සාකච්චා දුසිමක් සමග ඉතාලි සංචාර මිස තම සැමියා ගෙදර ඒම නොවන බව මෙයා විසින් සොයාගෙන තිබේ. (තමන් එදිනෙදා මුහුනපාන ගැටලු උග්‍ර වූ විට, අනෙක් අයද එකී තත්වයේම ලා සැලකීම Socialphobia වන රෝගී තත්වයකි.)

අනෙක් අතට මෙයා කියන්නේ ඔය කාටවත් රැවටී සැමියා තවත් අමාරුවේ නොදමා “එතුමා” හමුවන ලෙසය, ඒ අනුව සියල්ල රදා පවතින්නේ එයා අතය.

ඕනෑ වන්නේ ෆොන්සෙකා මහත්මිය සුදු සාරියකින් සැරසී කදුලු පෙරමින් ජනාධිපති මන්දිරයේ කනුවක් ලග වරුවක් වාත වෙවී සිට එතුමා යන ඒන වෙලාවක් අල්ලා වැද වැටී ෆොන්සේකා දුන් ලියුම බාරදී සරත් වෙනුවෙන් සමාව ඉල්ලීමය. එවිට සංවේදී හිත කුලප්පු වෙන එතුමා බල්ලා කනපිට ගැහැව්වා වගේ මෙතෙක් කල් අසා තිබූ නඩු ෆයිල් පිටින් ගිනිතබන්නට අනකර, විබාග කල එවුන් කූඩුවට දමා ෆොන්සේකා නිදහස් කර සුදත් සිල්වාට එන්ඩ කියා ඇලපතට කිචිකවන ෆොටෝ එකකුත් අරගෙන ෆොන්සේකාව අනෝමාට බාරදෙන්නේය.

(අපි ආයෙත් ලංකාව පුරාම පාරවල් මැද්දේ කිරිබත් කා කිඹුලාපිටියේ රතිඤ්ඤා පත්තුකර “එතුමාට” තුති පුදන්නෙමු.)

මේ සියලුම කාරනා සලකා බලන කල අප බොහෝදුර ඇවිත් ඇත්තේ වැරදීමෙන් හෝ වරද්දාගැනීමෙනි. කරුණා අම්මාන්. පිල්ලෙයාන් සහ කේ.පී පවා සියල්ල “සරි” කරගෙන ඇත්තේ ලොක්කාට “සොරි” කීමෙනි. පිරුබාහරන් පමනක් කෙලවගෙන ඇත්තේ ෆොන්සේකා මෙන් කන ගාවින් බුලට් යද්දීත් ”  වේඩා” කීමෙනි. එයාගේ පවුල් පිටින් එලොව ගියේ මේ තරං සංවේදී නායකයෙකුත් වටේට හැටක් විතර ” සමා-දාන බ්‍රෝකර්ලා ” ඉදිද්දීය. ඒ නිසා මාමා බෑනා ඇතුලු සියලු දෙනාගේ හැටහුටාමාරක් අපල වලට විසදුම සමාව ගැනීමය.

මේ බව හැමෝටම දැන් ටික ටික තේරුම් යමින් සිටින බව පෙනේ. විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාටද ඒ බව හොදටම තේරුම් ගොස් ඇති බව ” මාගෙත් කල්පනාව හා දැනීම අනුව එතුමාට උණුවෙන පපුවක් ඇති නිසා ඉල්ලුවොත් නොදී ඉන්න එකක් නෑ ” කීමෙන්ම පෙනේ. චාමෙට හිමීට ලතාවට කතා කල මෙතුමා පැවසූයේ තමා අවුරුදු 35 විතර එයාව “දන්නා” නිසා සමාව ඉල්ලීම හොද බවය. ඒ බව නම් අපට තේරුනේ 2005 නොවැම්බර විතර සිටය. නීතිය පිළිබද විශාරදයෙක් වන එතුමාටත් දැන් අලුත්කඩේ ගැන විස්වාසයක් නැති පාටය.  ඊට වඩා අරලිය ගහ මන්දිරය බලවත් පාටය.

තම සැමියන් බේරා ගැනීම පිනිස ලියුමක් ලියාගෙන උපදෙස් ගන්නට,  කෙලකෝටියක් දෙය්යන්ටත් බේරා ගනු බැරි වූ -දේවාලයේ බස්නායක නිලමේගේ සිට ගංජා පැකට් එකටත් හිරේ ගිය එවුන්ගේ ගෑණු පවා දැන් “තුන් කල්” ගේ පක්ෂ කාර්යාලය ඉදිරිපිට පෝලිං ගැහී කරදර නොකර විජේදාස මංත්‍රීතුමාගේ මහරගම කාරයාලයටත් දැන් ගියාට ගැටලුවක් නැත. අනෙක කුඩු පැකට් එකක් දෙකක් ලග තබාගත්තාට, කාගේ හරි බෙල්ලක දැලිපිහි පාරක් ඇද්දාට ෆොන්සේකා ජාතියේ දේශද්‍රෝහී වැඩ වලට සම්බන්ධයක් නැති නිසා සමාව දීම ලේසි වන්නට පුලුවන.

කෙසේ වෙතත් මට හිතෙන හැටියට මේ කට්ටියගේම අදහස  නම් පලමුවෙන්ම ෆොන්සෙකා විසින් සමාව ගත යුත්තේ එම පවුලටත් ජාතියටත් ව්‍යාපාරයටත් කල වැරදි වෙනුවෙන් ප්‍රබාකරන්ගෙනි. ඊලගට පතුරං,තුවක්කු,ඩයිනමයිට්, කාලතුවක්කු, බුල්ඩෝසර් සිට බැටරි කෑලී දක්වා ඉම්පෝට් කිරිමෙන් මහත් වූ ආනිසංශ අත්පත් කරගන්නට නොහැකි වූ මුදලාලිලාගෙනුත්, ජනපතිවරණ තියා මරණාධාර සමිතියක ජන්දයකටවත් ඉදිරිපත් නොවන බවත් මින් පසු යලිත් එවැනි වැරද්දක් වීමට ඉඩ නොතිබීමට වග බලාගන්නා බවට ” එතුමාගෙනුත්, එතුමාගේ එයාලාගෙනුත් ” සමාව ගත යුතුය. තෙවනුව පැලවත්තට ගොස් රෙජී අංකල්ටද කේම්බ්‍රිජ් ටෙරසයට ගොස් විපක්ෂ නායකතුමාටත්  “තුන් කල් මතක් කරනකං – මේ වාගේ ෆ්‍රී ඇන්ඩ් ඊසි ක්‍රමයක් තියෙද්දිත් බලං හිටියේ ඇයි” කියා අසා දෙවනි පාරටත් කම්මුලට ගසා ගෙදර (අමරිකාවේ) යා යුතුය.

වෙන නං විසදුමක් මේ ත්‍රෛයිලෝකෙ කොහෙවත් නැත. හැබැයි අනෙක් අතට, ඔහොම නාහෙට නාහන විදියට නොහිට එහෙම කරොත් වැලේ වැල් නැති වෙලාවේ මේකේ එල්ලී සිටින පැලවත්තෙ අයටත්, තව ටිකක් අල්ලං හිටියොත් හම්බන්තොට හාදයාට කෙසේ වෙතත් මාතර බුද්ධික ලමයාටවත් පුටුව  දී ගෙදර යන්නට වෙන වි.නායක තුමාටත් කෙලවෙනවා ෂුවර්මය. එතකොට “මාව කුජීත කලේ උඹලා කියා දුක් වෙනවා වෙනුවට – උඹලාව කුජීත කලේ මං ” යැයි සිතමින් පෙන්ෂන් ගත හැක.

(මං හිතන්නේ තුන් කල්ටත්, මහරගම රාජපක්ෂටත්, අරහේ  “එයාටත්” ඒකම හිතෙනවා ඇතිය. ඒකය ඔච්චර “සමාව ” දෙන්නට ට්‍රයි ඒක.)

By 47

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

3 Responses to අරයා, එතුමා, මෙතුමා, සහ එතුමාගේ එයාලා සමග තුන්කල් දැක්ම…

  1. darmasena says:

    එළ

    Like

  2. Sella paapa says:

    Atamassa …!
    Anna ingay waarungal…
    kadhei solli thanga. naan ariththiran ille.

    sellap paapa

    Like

  3. ඔය තේරෙන්නෙ අපූරුවට!අන්න නියම ශ්‍රී ලාංකේය චින්තන රටාව!!!!!
    හවස් අතේ මන්දිරේ පැත්තෙ එන්නකො, හැලපයක් කාල කෝපි කෝප්පයක් බීල යන්න.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s