නලින්ද ? සිල්වා ද?


නලින් ද සිල්වා ගණිතය පිළිබද උගෙතෙකි. ඒ පිළිබදව කිසිවෙකුටත් විවාදයක් තිබිය නොහැකිය. නමුත් නලින් ආචාර්යතුමා ගනිත පොතේ සංකීර්ණම කොටස් ඈදාගෙන කලක පටන් කෝකටත් තෛලය වන සින්හල තෙල් ගුජමක්ද කලවං කරගෙන චින්තන පළහිලව්වක් අටවාගෙන සිටී. මේ සිංහල චින්තනය ආදා පටන් කිසිවෙකුත් එය එලිපිටම කරේ තබාගත්තේ නැත. නමුත් අවස්ථානුකූලව ඔනෑ ඕනෑ තැන්වල තවරාගත්තේය. තවත් විටෙක පැත්ත පලාතක ට ගත්තේ නැත. කෙසේ නමුත් ඒ වෙනුවෙන් නලින් බොහෝ වද වින්දේය. වරෙක  ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින්  ඔහුව විශ්වවිද්‍යාල පස් පාගන්නට නොදී අවුරුදු දහයක්ම සේවය අත් හිටුවා තැබුයේය. නුමුත් එකල නලින්ගේ ප්‍රශ්නය කාටවත් ප්‍රශ්නයක් නොවීය. අඩුම ගනනේ ශිෂ්‍යනට තබා සමකාලීන වි.විද්‍යාල ඇදුරන්ටත් ප්‍රශ්නයක් නොවීය. එකල කොළඹ නගර ශාලාවේ පැවැති නලින් වෙනුවෙන් වූ සහයෝගිතා රැස්වීමකට සහබාගී වී කුමන පරස්පරයන් තිබුනද නලින් ඇදුරෙකු වශයෙන් මෙසේ වි.විද්‍යාල වලින් ඈත් කර නොතිබිය යුතුයැයි කීමට කොන්ද පන තිබුනේ එකම එක ඇදුරෙකුට පමණි. එකල අවශේෂ සියලුම වි.විද්‍යාල ප්‍රජාවම   ජනාධිපතිවරයාගේ හෙවනැල්ලෙන් වැසී තිබිනි. නලින් තමාම උස් මහත් කරගත් සින්හල සෙවනැල්ලෙන්ම වැසී ගියේය. ශිෂ්‍යයෝ හා ඇදුරිදුවෝ නලින් ද සිල්වා අඩුම ගනනේ නිහාල් සිල්වාගේ තරමටවත් නොසලකා හැරියෝය. අඩුපාඩුව නලින්ට එක තීරනයක ඉදිය හැකි චින්තනයක් තිබීමයි.

ඒ සිල්වා ලා සිතා සිටින්නේ සේවා දිගු ලබුයේ මේ නලින් ද සිල්වා පමනක් බවය.(කොහොමටත් ඒ සිල්වා ලාට අතීතයෙන් ඉගෙනගන්නා පාඩමක් නැත.) වගකීමක් ඇති ළමයෙකුට හොයාබලනවානම් එක්කෙනෙක් දෙන්නෙක් නොව හතර පස් දෙනෙක්ම තම සේවා කාල දිගු කරගත් හැටි  සරසවි ඉතිහාසයේ ඇත.

පසුකාලීනව වෙනත් සිල්වා ලා මෙරට කුදුමහත් ජනතාව විසින් තීරණය කල යුතු බොහෝ දෑ තම අයිතියනට පවරා ගත්තෝය. දුම්මැස්සේ සිට ඇද විට්ටම දක්වාද සූප්පුවේ සිට ආචාර්ය උපාධිය දක්වාද මේ සිල්වා ලා තීරණය  කරන ලදි. නැතිනම් තීන්දු කර දෙනු ලැබිනි. දැන් එම සිල්වා ලා  අති සීඝ්‍රයෙන් වදවී යමින් පැවතුනද, අවසන් ශේෂ යලිත් වැඩට බැස තිබේ. ඒ අනුව නලින් ද සිල්වාට සේවා දිගුවක් ලැබීම නිකං සිල්වලාට අනුව “ජඩ කමකි”. මෙතෙක් වි.විද්‍යාල පටිපාටිය අනුව “සාන්ත -දාන්ත- සුනිමල -උදාර ප්‍රතිපත්ති” පාවා දීමකි. අති උත්තම  පීටය කෙළෙසීමකි. කොටින්ම කියතොත් “නලින් විසින් එස්.බී. ගේ *** කටේ දා ” ගැනීමකි. එස්.බී ඇතුලු අධ්‍යාපනයට වින කරන ආණ්ඩුවේ සූක්ෂම වැඩ පිළිවෙලකි. වි.විද්‍යාල පටි පාටියන් අමු අමුවේ කෙලසීමකි. (සින්හලෙන් නම් රේප් කිරිල්ලකි.)

මේ කොයි කිරිල්ලත් පසු පස ඇත්තේ කුහක, වෙනත් අදහස් විවාද නොසලන තනි දේශපාලන අරමුනු මිස වෙන කුමක්වත් නොවේය. නමුත් ඒ බව මොන සිල්වාලවත් කශේරුකා ඇද ඇරගෙන නොකියයි. නලින් තව අවුරුද්දක් දෙකක් ඒම පිටුපස, නලින් විසින් ප්‍රතික්ෂේප කරනු ලබන දේශපාලන ව්‍යාපාරයේ පැවැත්ම තවත් ටික දවසකට පස්සට යයි. සතියකට ලිපි තුන හතරක් ලියන වෙනත් සිල්ව-ලාගේ දේශපාලනය විවේචනය කරන නලින් ද සිල්වාගේ පැවතීම වෙනත් සිල්වලාට ගැටලුවකි. ඒ නිසා පෝස්ටර ඇලවීම යුතුය. පත්තර පිටු පිරවීම යුතුය. උද්ඝෝෂණ පැවැත්වීම යුතුය.

අනෙක් පැත්තෙන් බැලූ විට (ටිකක් උඩින්) නලින්ගේ පැවැත්ම දැන් වාසි ගෙන දෙන්නක් වෙයි. වි.විද්‍යාල දේශපාලන මතවාද වලට පහර දෙන නිශේදනය කරන, පත්තර පිටු ගනනින් ආණ්ඩුවේ මතවාද පෝෂණය කරන, මේ වාගේ අය වැඩදායකය. (රටට-අපට-සරසවියට නොව.)

ඒ නිසා සිල්වා ලා දෙවර්ගයම කොලේ වහගෙන සෙල්ලං කරයි. මේ දෙවර්ගයම ඇරෙන්නට කට ඇරිය යුතු අනෙක් කට්ටිය වන ඇදුරුතුමාලා පරණ පුරුද්දට මෙන් කට දෙපැත්තම වසාගෙන සිටී.

එවිට ඇලවූ පෝස්ටර ගැලවෙන්නේය – උත්තර දීමක්ද නැත. සිල්වා ලා දෙවගම ගොඩය. උඩ අයත් ගොඩය.

by 47

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to නලින්ද ? සිල්වා ද?

  1. Anonymous says:

    Ochchara sinhala kama gana kiyona manussaya, thaama thamange wasagama Silva kiyala tiyaganne aida kiyana ekai mata prashne

    Like

  2. පද්දා says:

    ටැබූ සබ්ජෙක්ට්ස් ලියන සිල්වා කොලූ මේ ගැන මොකක් කියයිද මන්දා?

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s