වැටීම ඇදගෙන වැටීම හා වැට්ටවීම සහ වට්ටවා ගොඩ ගැනීම.

ඔනෑම කෙනෙකු ඇදවැටෙන්නට පුලුවන ඒ සදහා ජාතියක් ජන්මයක් ආගමක් දේශයක් නැත්තේ‍ය. නමුත් වැට්ටවිල්ලට ආදේශව “කලාවක්” නම් තිබේ. එය එසේ මෙසේ කලාවක් නොව ඉතා සූක්ෂම කල් යල් බලන හැදෑරිය යුතු අපූරු අරුම සාස්ත්‍රයකි. සමහරුන් තම ජීවිත කාලයෙන් අඩක්ම මේ සදහා ගත කරන අතර තවත් සමහරුන් නොදන්නාකම නිසා හිටි අඩියේ ඇද වැටෙති.

එහෙම හිටි අඩියේ ඇද වැටෙන්නේ මේ වැට්ටව්විමේ කලාව පිලිබදව හාංකවිසියක් නොදන්නා ඒ වෙලාවේ හිටි අඩ්යේ තීරණ ගන්නා අයය. එහෙම අය තමන් ඉස්සරහින් සිටින්නා වැටෙනකං බලා සිටින අතර පස්සෙන් ඉද වැට්ට්වීමට කැස කවන අය ගැන හරි හැටි නොදැන අධික විශ්වාසයෙන් පසුවෙති. ඒ විශ්වාසයම මහපොලව මත ඇද වැටෙන තෙක්ම අන්ධ කර තබන්නේය. සමහරුන් ඉන් පසුවවත් මේ සාස්ත්‍රය පිලිබද දැනීමක් නැතිවීම වැට්ටවූ අයගේ ශූරකම පලකිරීමකි .

චිලී රටේ තඹ ආකරයක සිරවී සිටි පතල් කම්කරුවන් 33 දෙනා ගොඩ ගැනීමේ උත්සාහය නිසා එරට බොහෝදෙනෙකු “ගොඩ” ගියේය. මේ වාගේ තැනක මේ විදියට වැටීම නිසා වෙනදාටනං ගොඩ ඒමක් නැති උනත් මෙවර 33 දෙනාට අමතරව චිලී  ජනාධිපති සෙබෙස්තියන් පිනේරාගේ සිට චිලී පතල් කර්මාන්ත ඇමති දක්වා ගොඩ ආවේය. මේ පතල යට සිර වුනු  බොලීවියානු කම්කරුවෙක්ද සිටීම වැඩේ අන්තරජාතික කලේය. බොලීවියානු ජනාධිපතිවරයා තමන්ගේ රටෙන් එකෙක් පමණක් වැටීම ගැන කම්පා වුනත් එහෙම හරි මේ  වන විට ගොඩ යා තිබීම සිහිකොට සතුටු වන්නට ඇත. එකී බොලීවියානු පතල් කම්කරුවා චිලියේ පතල් කනින්නට ආවේ ජොලියේ වන්නට නොහැක. කෙසේ නමුත් ඔහුත් ගොඩවී බොලිවියානු ආන්ඩුවත් තරමකට හෝ ගොඩදමන්නට ඔහු සමත් වූයෙන් පර්චස් කිහිපයක් ඉඩම් කැබල්ලක් ලබා දීමට “මොරාලෙස්” එකග වී තිබේ.

චිලියානු ජනාධිපති පිනේරා පතල් කම්කරුවන් 33 දෙනාගේ ඤාතීන් රැදී සිටි “hope” (බලාපොරොත්තුව.) කදවුරට යාබදව කදවුරු බැදගත්තේය. කලින් තමන් සතුව තිබූ “චිලිවිෂන්” රූපවාහිනී සේවාවද උපරිම ලෙස යොදාගත් පිනේරා රතු පාටින් කැප් තොප්පි ටී ෂර්ට් තොගයක්ද ගෙන එකී වැටිල්ලෙන් උපරිම ප්‍රයෝජනය ගත්තේය. ඊලග මැතිවරනයෙන් ගොඩ ඒම සදහා ඔහු වැටිල්ල හරියාකාරව හදුනාගෙන තිබේ. ඒ වෙනුවෙන් පතුල යට අය ගැන කදුලු පෙර පෙරා කතා පැවත්වීම, ඒ අයගේ නෝනාවරුන් බදාගැනීම හා සැනසීම  ළමයින් වඩාගැනීම කිති කැවීම, උඩ දැමීම පින්තූර ගැනීම, පනාව දැමීම ආදී  අපට ආවේනික සියලුම දේ චිලියේ ජනාධිපතිතුමාද ලස්සනට කරන්නේය. ඒ නිසාම පතල් කර්මාන්තයේත් එකී පතල් කර්මාන්ත කරුවන් අපාගත කරවමින් ශ්‍රමය සූරාකන පතල් අයිතිකරුවන්වත්,සැන් ජෝස් පතල මෙන් තවත් සිය ගනනක් වන අනාරක්ෂිත පතල් ප්‍රමාණයත් අමතක වී, ජනාධිපතිවරයාගේ පාට පාට සැන් ජෝස් මෙහෙයුමට චිලියේ අවශේෂ ජනතාව වැටී ඇත්තේය. ලොව පුරා අපටද “චිලිය- ජොලියක් ” වී ඇත්තේය.

අපේ ලංකාවේද දන්න ඉතිහාසයේ සිටම හැමෝම වැටි තිබේ, රජවරුන්ගේ යුගයෙ නම් බලෙන් වට්ටවා රජකම ගත්තද ( සැම විටම පාහේ පිය රජතුමා වට්ටවා කුමාරයා රජ වූයේ බලහත්කාරයෙනි. දැන් මෙන් කුමාරයා රජ කරනු පිණිස පියා හත් ගව්වක් තියා අමුඩ ගැහැව්වේ නැත.) පසුකාලීනව වැට්ටවීම පිණිස කූට උපා යොදාගත් අපි බොහෝ විටම ගොඩ නාවත් වැට්ටවීමෙන් නම් සාරථක වීමු. පෘතිගීසීන් වට්ටවා ලන්දේසීන්ට බලය ලබාදීමටත් ඔවුන් වට්ටවා ඉංග්‍රීසින්ට තැන දීමටත් අපට හැකිවිය. නමුත් ඉංග්‍රීසින් වැට්ටවීම ලේසි පහසු නොවීය. ඔවුන් අන්තිමේ  අපව වට්ටවා ගොඩ ගියේය. ඩී.ඇස් සිතුවේ දැන් ඉතින් අප ගොඩ ගියා කියාය. නමුත් ඩඩ්ලි ගොඩ දමා ඩී.ඇස් පරලොව ගිය විට කොතලාවල ඇද වැටුනේය. ඒ පමණක් නොව ඩඩ්ලි ඇතුලු තමන්ගේම වුන් ඇද දමන්නට කැස කැව්වේය. එදා පටන් අපේ ඉතිහාසයම වැට්ටවීම- ගොඩ ඒම මත  රදා පවතින්නේය. කෙසේ නමුත් (අ.)වාසනාවකට මේ ශූර කලාවේ කෙල පැමිණියා වූ ජේ.ආර් වැටි වැටී ගොඩ එන ක්‍රමය ඉතා හොදින්ම දැන සිටියේය. එසේම ගොඩ ආ පසු අනෙක් එවුන් සදහටම වට්ටවා සමතලා කරන මග දැන සිටියේය. ඒ කලාව “ව්‍යවස්ථාවකින්ම” සම්මත කොට, ගොඩ එන එකා නැවැත නොවැටෙන ක්‍රමයකට සාදා දුන්නේය. දැන් මොකා වැටුනද ලොක්කා වැටෙන්නේ නැත. ඒ නිසා තමන් අකැමති හෝ තමන්ට   අකැමති එවුන් වැට්ටවීමට පුලුවන. කැමති නම් වැටිච්ච වුන් ගොඩ දාගැනීමටද පුලුවන. ඒ බව තවත් තහවුරු කරමින් සදාකාලිකවම ගොඩ වී – තමන්ගේ එවුනුත් ගොඩදාගන්නට අපේ නං 18 වන සංසෝදනයක්ද ගෙනායේය.

කෙසේ වුවත් අන්තිමේ චිලී ජනපති පතල් කම්කරුවන් ගොඩ ගත් සිදුර වසා දා අත පිහිදාගත්තේ, මේ සිදුරේ වටිනාකම නොදැනය. ඒ   ඇමරිකාවෙන් හරි වෙන රටකින් හෝ උපදේශ නොගෙන අපෙන් ගත්තා නම් පිනේරා සදහටම ගොඩ වී ඉතුරු එවුන් (එඩුවාර්දෝ ෆ්‍රෙරෙයි- චිලී ජනපතිවරන අපේක්ෂක.) වලට දමා හිල වහන්නට තිබිණි. 18 ජාතියේ සංසෝදනයක්  ගෙනවිත් නැවත නැවත තරග කිරීමේ අයිතිය ලබාගන්නට තිබිණි.

ඒ නිසා මෙවර චිලියේ පතල යට සිට ගොඩ ඒමට බලා අයද උඩ සිට ගොඩ දා ගැනීමට බලා සිටි අයද ලංකාවෙන් පාඩමක් ඉගෙනගත යුතුය. ඔය 33 දෙනෙක් ගොඩ ආවාට මෙහේ කෝටි දෙකක් විතර වැටී සිටින වලෙන් අපි හැමදාම ගොඩ වන්නෙමු- යලි ඇද වැටෙන්නෙමු. ඒ නිසා චිලියට වඩා අපට හොද පුහුණුවක් තිබේ. අපට ඊටත් වඩා හොද දේශපාලක “වට්ටන්” සිටී.

By 47

 

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to වැටීම ඇදගෙන වැටීම හා වැට්ටවීම සහ වට්ටවා ගොඩ ගැනීම.

  1. aruna says:

    niyamai.thawa liyanna

    Like

  2. Charmi says:

    මරු….!!!!!!!

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s