ඕගොල්ලොද ? අපිද ? නොහොත් සහතික නැතිවීම සහ ඇඩ්‍රස් නැතිවීම

 

(කිලිනොච්චියේ කනගපුරම් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ යෝගෙස්වරීට යුද්දය නිසා නැතිවුනු අධ්‍යාපන සහතිකය කොළඹින් ගෙනවිත් දෙයි.)

යුද්දය නිසා අපට බොහෝ දේ අහිමි විය. (අප යනු සින්හල බෞද්ධ කොළඹ “ඔබ” පමනක්ම නොවේ) ජීවිත පමනක් නොව ඒ හා බැදුනු සියලුම දේම නැතිවිය. ඇදිවත පමනක් උරුම වූ අපට ඉඩ කඩම් දේපල යානවාහන පමනක් නොව මහපොලව මත මිනිසත් කම පිලිගැනෙන උප්පැන්න සහතික පවා අහිමි විය.  එහෙත් වඩා වටින්නේ ජීවිතය නොව සහතික කොල කැබැලි බව අපට සිතුනේ නැත. එබැවින් සියුලූම දේ අතරමග දමා ආ අපගෙන් යලිත් හිමිකම් පිලිබද සහතික ඉල්ලා සිටින්නේ එබැවිනි. එහෙත් අපට දෙන්නට, යලිත් මස් කදුලක් නැති මේ ඇඟ මිස වෙන කුමක්වත් නැත. අපට මේ ටකරන් මඩුව යට ඇත්තේ අප වැනිම, කුඩු පට්ටම් වෙමින්, දූවිලි වෙමින්, එහෙත් සිසිල් වැලි පොලොව පමණය.

ඒ නිසා යෝගේෂ්වරීගේ අධ්‍යාපන සහතිකය හොයාගෙන මෙහි පැමිණ “සහෝදරත්වයේ දිනය” සැමරූ විප්ලවවාදීන් අමතක කර ඇත්තේ යොගේෂ්වරීලා දහස් ගනනක් සහ යෝගාලා දසදහස් ගනනක් සියලු සකල සබ්බයන් නැති කරගන්නට හේතුව ඔවුන් විසින් පෝෂණය කොට මුවහත් කොට එවූ “යුද්දයම” මිස වෙන කුමක්ද ? ඒ නිසා ඔවුන් පිලිබදව කතා කිරීම හෝ කල්පනාවක්වත් තැබීම නොවටිනේය. (හැකිනම් අපේ අධ්‍යාපන සහතික නොව ඔවුන් විසින් පැහැරගත් ඔබේ හැදුනුම්පත වත් ඉල්ලා සිටින්න. මන්ද මේ සියල්ල අරගලය නොව කපටි දේශපාලනයි. )

(දැන් නැවැත අපේ පැත්තට-)

විනෝදය හා සති අන්තය වෙන්කරගනිමින් අප බලන්නට එන ගැහැනුන් මිනිසුන් හා දරුවන්ගේ සිනා හඩත් විශ්මිත දෑස්, අපව තවත් පාරවන්නේය. ඔබ ඇගිල්ල දිගු කොට ඔබේ දරුවන්ට පෙන්වන “කොළඹ හමුදාවේ” වීර වික්‍රමාන්තයන් හැගීම් දනවන මුදු නමුත්, අපට ඒවායේ වැදී එන වියලි සුලඟ පවා මතක් කර දෙන්නේ කිසිදු වැදගැම්මකට නැතිව ජීවිතය දෙන්නට වුනු අපේ එකාගේ මරණීය කෙදිරියයි, ඔබේ එකාගේ අසීමිත වේදනාවේ කෙදිරියයි. ඒවා ඔබට දැනගන්නට ලැබුනේ නැතැයි සිතෙන තරමටම, ඔබ මෙතෙක් දුර විත්, මේ සොහොන් පලවල් විය යුතු පොලවේ, සතුටු වන අයුරින් දැනෙයි.

ඇත්තටම මෙහි ඔබෙ දරුවකු පියෙකු සහෝදරයෙකු සැමියෙකු පපුව පලා යන වෙඩි උන්ඩයකින් පරාජය වී නැද්ද, ඔවුන් අවසාන හුස්ම හෙලන මොහොත දක්වාම ශාප කලේ කාටදැයි ඔබ අසා නැද්ද. එහෙත්  අපට නම් මේ සියල්ල මැවී පෙනේ. අප ඉදිරිපිටම තෙත්වුනු ඇස් ඇතිව ජීවිත බිලිගත් තුවක්කු කදටවත් හැරවිය නොහැකි ලෙස අවසන් සුසුම යදිද්දී,  ජීවීතය පුරාවටම “ජීවිතය” අත්නොවිදි අපේ එවුන් පවා සාප කලේ කාටදැයි අප දැක ඇත.  සමහර විටෙක ඔබ මේ සියල්ල පුරුද්දකට මෙන් අමතක කර දමා ඇති වන්නට පුලුවන. එහෙත් සාරි පොටකින් වසා දමා ඇති අපේ ටකරන් මඩුවට අමුතු සතුන් දකින පොඩි එවුන් සේ බලන ඔබ දෙස අප බලන්නේ අනුකම්පාව මුසු හැගීමෙනි. ඒ ඔබට පුරුදු කරවා ඇති “විජයග්‍රහණයේ” ඇස් අපට හොදින්ම දැනෙන නිසාවෙනි.

එහෙත් ඔබද අපද සහතික වශයෙන්ම පරාජය වී ඇත්තේය.

ඔබ කෙරෙහිද අප තුල ඇත්තේ අනුකම්පාවකි. දකුණේ නුවුමනා අරගල දෙකකට මැදිව දෙමාපියන් දරුවන් සැමියන් නැති කරගත් පරම්පරාවක පුරුක් වන ඔබ, මරණයේ අති වේදනාකාරී හැගීම අත්විද ඇත්තේය. දේශපාලනමය වෙනෙකෙකු වීමේ වරදට, වෙනස් වූ සමාජයීය හැගීමක් තිබූ වරදට ඔවුන් වන්දි ගෙවා ඇත්තේය. ඔබේම සැමියාගේ දරුවාගේ සහෝදරයාගේ දිලිසෙන ඇස් කෙවෙනි සහිත හිස වෙන්කොට කෝටුවක අමුනා දඩුවම් දුන් අය, ‘බලයේ’ මැදිහත්වීමකින් යලිත් ටයර සෑයක ගිනිබත් වීම ඔබ එකල අනුමත කලා වෙන්නට බැරිය. මහරෑක ගෙයි දොරට තට්ටු කරන විප්ලවවාදියාගේත්,බූට් සපත්තුවෙන් දොරට පයින් ගහන නොහදුනන එහෙත් ඔබේම කෙනෙකුගේ වෙනස අත් දැක ඇතැයි අප සිතමු.

නමුත් ඔබට ඒ වෙනුවෙන් යලි යලිත් ඕනෑනම් හඩා වැටෙන්නට සැමියන් සහෝදරයන්  දරුවන් පිඟන් ගඩොලක හෝ සිතුවම් කොට ඔබට හඩා වැටෙන්නට හෝ ඒ රුදුරු බව අමතක කරන්නට “තැනක්” සකසාගෙන හෝඅ සකසා දී තිබේ.

ඒ අතින් පවා ඔබ වාසනාවන්තයන් යැයි ඔබ සිතනවාද ? අප නම් සිතන්නේ ඔබ අප තරම් වාසනාවන්ත නැත යනුවෙනි. අපට යලි මතකයට ගන්නට අපේ දරුවන් සහෝදරයන් සැමියන් වෙනුවෙන් මෙහි කිසිවක් ඉතිරිව ඇත්තේ නැත. ඉතිරිව ඇති කුඩු පට්ටම් වූ අපේ ජීවිත පමණි. ඒ නිසා ඔබට නොතේරෙන ඔබට නොදැනෙන මහා ගින්නක් අපේ හදවත් තුල කැකෑරෙමින් පවතී. ඒවා කොළඹින් එවනු ලබන කොන්ක්‍රීට් පදාසයකට වැසී ඇතැයි ඔබ සිතනවානම් මේ මොහොතේ අප වාසනාවන්තය.

එහෙත් අප ඔබට එක දෙයක් ඇරෙන්නට කිසිවක් නොකියමු. කරුණාකර හැකිනම් අප දෙස ඔය ඇස් වලින් නොබලා ඉන්නට උත්සාහ කරන්න. මන්ද අපේ හදවත් තුල ඇවිලෙන ගින්න එයින් තවත් දලුලන නිසාවෙනි.

By 47

 

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to ඕගොල්ලොද ? අපිද ? නොහොත් සහතික නැතිවීම සහ ඇඩ්‍රස් නැතිවීම

  1. aruna says:

    medawas wala mukuthma hithenne nadda
    wessa nisawath.
    pau ban

    Like

  2. aruna says:

    mokada silent bayada?
    monawa hari liyapan machan

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s