අපිට අඩු අත්දිග කමිස විතරද ?

අත්කොට කමිසයක් ඇදගෙන ඇමැති මණ්ඩල රැස්වීමකට පැමිණි සිටි ඇමැතිවරයෙකු නැවැත හරවා යැවූ බව ප්‍රවුත්තියක සදහනව තිබිණි. මෙ නම් ඉතා අගය කල යුතු පුන පුනා කිව යුතු පුවතක් නොවේද ?

අප ශිෂ්ඨ ජාතියක් වන්නෙමු. සභ්‍ය සදාචාර අවංක මානුෂීය ජාතියක් වන්නෙමු. කලගුන සලකන යුතුකම් අමතක නොකරන අතීතය අමතක නැති උදාර ජාතියක් වන්නෙමු.

ඒ නිසා කොට අත් සහිත කමිස හැදගෙන රැස්වීම වලට ඒම නැවැත හරවා යැවීමෙන් පමනක් නොව සපුරා තහනම් කල යුතුද වේ. මේ පිළිබදව ගැටලුවක් ඇතිවිය නොහැක.

මන්ද දැනටමත් හැටකටැ වඩා නොඅඩු ඇමැති මණ්ඩලයේද තම ජීවිත කාලය පුරාම නූල් පොටක වරදක් කොට නැති ලැජ්ජා බය ඇතිව හැදුනු වැඩුනු ලංකා පුත්‍රයෝ වෙත්. උදාහරණයකට විදේශ  රැකියා ඇමති තුමා තම ලගම දේශපාලන මිතුරා එවක ආණ්ඩුවේ දේශපාලන විරුද්ද වාදී අපේක්ෂකයෙකු විසින් ඝාතනය කරද්දීත් චන්දයෙන් පසු පාර්ලිමේන්තුවට ආ දා පටන් සතුරාට ප්‍රෙම කලේය. වැරදි කරන්නේත් සමාව දෙන්නේත් මනුසතාමය කියා මිතුරාගේ කර වට අත දමාගෙන අදත් හොදින් දේශපාලනය කරත් අත්කොට කමිස ඇන්දේ නැත.

තවත් ගෙවල් හදන ඇමැතිවරයෙක් විප්ලව දෙකකටම “බඩු” සප්ලයි කරමින් පරම්පරා දෙකකටම වග කියූ පෙරමුණක් පස්සේ ගොහින් යන්තමට තුන්වැනි විප්ලවයට ඉඩ නොතබාම කුණු රෙදි අපුල්ලන්නට පටන් ගත්තේ අනාගත තරුණ පරම්පරාවේ හිත සුව පිණිසය. පරණ යාලුවන් මතක් වෙන්නට ඉදහිට දිනපතා වාගේ “වොඩ්කා” වීදුරුවක් බිව්වාට,ඇහැට කනට පේන ගෑණු පරාණ වලට කෙටි පණිවිඩ යැව්වාට රැස්වීමට කවදාවත් අත්කොට කමිස ඇදගෙන ආවේ නැත.

තමන් පාර්ලිමේන්තු යවනු පිණිස දරදිය ඇදි පාක්ෂිකයන් බල්ලට දමා ආණ්ඩු පක්ෂයට බලු ගමනක් ගියද එහා පැත්තෙන් මෙහාට ආ අයද කවදාවත් අත්කොට කමිස ඇන්දේ නැත. එහෙම කොට තමන් පත් කල අවංක පාක්ෂිකයන්ට අවමන් කලේ නැත. කටට එන දේ ඔහේ කියවා දමා විහිලුවකට ලක්වෙමින් නිකම්ම නිකං “ලවුඩ්ස්පීකර” බවට පත්වුවද අත් කොට කමිස ඇන්දේ නැත.

යුද්ද කරද්දී කරට අත දමාගෙන අය්යා මල්ලිලා මෙන් සිට, දේශපාලනය කරද්දී තමන් අතින්ම තරු පලන්දා සිංහයෙකු කොට පසුව “කර අඹා” නිහඩ කරන්නට බැරිම තැන මොල නැති ඔලු රත්වී, බෙල්ල කරකවා බලු නගුට්ටන මෙන් “ලකප්” කොට හිරේ ලැග්ගුවේ මුත් කිසිම දාක අත කොත කමිස ඇන්දේ නැත.

සිනමාවේද වේදිකාවේද රූපවාහිනියේද ජනතාවාදී කලා අම්බරුවන්ව සිට කීයක් හරි හොයාගනු පිණිස රජුන් දන නමා වන්දනාකරන පනික්කියන් බවට පත්වුවද කිසිදා අත්කොට කමිස ඇන්දේ නැත. පනින රිලව් මෙන් “විද්වත් හමු” තියා පශ්චාත් භාගය කසකසා වාහන පර්මිට් එකකට ආසාවෙන් සිටි විස්වවිද්‍යාල ඇදුරන් පවා මොන තර්ක දැමුවද අත්කොට කමිස ඇන්දේ නැත.

ජන්දදායකයන් විසින් පුකට පයින් ගසා එලවා දමද්දීත්, නෝනාගේ චිට් එකේ පිහිටෙන් පාර්ලිමේන්තු ආ මුත්, අහින්සක රජයේ නිලධාරීන් ගස් බැද කැලෑ නීතිය  ක්‍රියාත්මක කලා මුත් තමන්ගේම පුතන්ඩියා හදා ගන්නට බැරිවූ මුත් අත්කොට ඇන්දේ නැති අහින්සක ඇමැතිවරුන් සිටින රටක ඇත්තෙන්ම මේ සිද්දිය රටට අවමානයකි. එහෙව් අතීතයක් ඇති අපට අත්කොට කමිස කොහොමටවත් හරියන්නේ නැත.

මන්ද මේ සියලූම වැදගත් අවන්ක අහිංසක මහත්තුරු මේ වෙනතක් අත්කොට කමිස තියා යටට ් නූල්පොටක් නැතිව සිටියත් අත්කොට කමිස නොඅදින නිසාවෙනි. .

by 47

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

3 Responses to අපිට අඩු අත්දිග කමිස විතරද ?

  1. aruna says:

    Ela malli
    thawa liyapan.

    Like

  2. Anonymous says:

    maxa!!!

    Like

  3. Charmi says:

    ඔය සීන් එකෙන් තමා මං දැනගත්තේ ඔය රැස්වීම තියන්නේ රෙදි ඇඳගෙන කියලා. පුහ්… නිකං නෙමේ අත් දිගගගගගගගගගගගගගග එව්වා.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s