වීදුරු බෝල සහ නිකං බෝල….

ජනපතිතුමා මේ දවස්වල ඉන්නේ ඉතා කනගාටුවෙන් බව දැනවෙන බෝල කතාවක් ලංකාවේ අගනුවර වන හම්බන්තොට ලගපාත නගරයක පැවැති උත්සවයකදී කියා තිබෙනු දකින්නට ලැබිණ. ඇත්තටම මේ තරං වැඩ කන්දරාවක් ඇමැති මණ්ඩලයේ හැටක් වැනි සුලු ගානක් සමග, තනියෙන්ම කරන එකත් ලේසිපාසු වැඩක් නොවේය. අනෙක හදිසියේ එලි පහලියකට  බැස්සත් ටෝච් අල්ලන ලගම ආශ්‍රය ඇති ඇමැති කුට්ටම නිසා ඉස්සර වාගේ ඒකත් ලේසි නැත. තවත් අතකට මේ කතාව අහන් ඉදගෙන  ගොඩනැගිලි ඇමැතිතුමා මොකක් හරො සුදු හම තියෙන තනාපති කෙනෙක් ඇති කාර්යාලයක් ඉස්සරහා මොන විගඩමක් නටයි දැයි ජනපතිතුමාට සාධාරණ සැකයක් ඇතිවන්නටද පුලුවන.

අනෙක ඒ කතාවේ හැටියට “කන කෑම ටිකත් වෙන කෙනෙකු කා බලාදෙන්නේ” යැයි කීම නං මේ දවස්වල හිරගෙදර උපන්දිනේ සැමරූ අයෙකුට නං හොද නැත. ඔය කියන්නේ පහුගිය දවස්වල තමන් නිදහසේ කාගෙන ආ එකට විරුද්දව පැලවත්තේ කට්ටියත්   කිසිදා බුදුනොවන දේවදත්තයා මෙන් එහෙත් උත්සාහය අත් නොහරින අලි පාටියේ ලොක්කාත් සමග එකට කෑ පිගානට බැල්ම හෙලූ  වග මතක් වී වෙන්නට ඕනෑය.

“ගමනක් බිමනක් යන්නටත් බැරි” කතාවක් කියා තිබෙනුයේ යන යන තැනකඇත්තටම ජනාධිපතිතුමා වීදුරු බෝල ගැන මතක් වී තිබුනේ හැමදාමත් පරිස්සම් කරගත් බෝල තව කොයි කාලයක් පරිස්සං කරගන්නට හැකිවේදැයි ඇති වූ සැකය නිසා වන්නට ඕනෑය. එහෙම කියන විටම සාටක දාගත් හතරපස් දෙනෙක්ම මීක් නොගා පත පනාවක් දැම්මේ “අපිට නෙවේ ඕං” කියන්නාක් මෙනි.

රැස්වීමට අනර්-පබා-හෙල නිලි රැජින ඇතුලු එකෙකුවත් ඇවිත් නැති එකත් එක අතකට හොදයි කියා ජනාධිපතිතුමාට හිතුනේ මුන් බෝල කථාව වැරදියට තේරුං අරගෙන වෙන මොකක් හරි කැරකිවිල්ලක් දැම්මොත් වීදුරු වලින් නොව චීනචට්ටි වලින් හැදුවත් බේරාගනු සුම්මා කියාය.

“බස් එකේ යන්ඩත් බෑ” කියන විටම ප්‍රවාහන ඇමැතිතුමා කාල්ටන් සිට අරලිය ගහ මන්දිරයට හෙටම ලංගම බස් 24 පැය විසිහතර පුරාම දාන්නට පොරොන්දුවක් දෙන්නට අත් දෙකම ඉස්සුවත් ජනාධිපතිතුමාට මේ වෙන මොකක් හරි ජංජාලයක් වී ඇතැයි සිතුනේ”ප්ලේන් එකේවත් යන්නට බෑ” යැයි කියූ විටය. එහෙම කියන විටම කලින් මිහින්ලංකා මිහිතලයටම සමතලා කල වාස් පුතා සපත්තුව ගලවා මේස් එක පිටින්ම මහපටගිල්ලෙන් බිම හාර හාරා  ” පරණ කතා නං දැන් මොන මන්ගල්ලෙකටදැයි” කියන්නාක් මෙන් මූණ හතරැස් කරගත්තේය.

එහෙත් ජනපතිතුමාගේ කථාව නැවතුනේ නැත. මොනවා කලත් කිසි හොදක් නැති බවත් මෙච්චර කල මට නිදහසේ ඉන්නට දෙන්නේ නැතැයි එතුමා පස්චත්තාප විය. හැටකට විතර මේ තුන්ලෝකේවත් නැති ජාතියේ ඇමැතිකම් දුන්නත් මේ එකෙකුටවවත් කෙලෙහිගුනයක් නැතැයි සිතෙන තරමේ සුසුමක් පිට කරන විටම හෙට අනින්දාට බයිපාස් හත අටක්වත් නොකොට මිස බේරාගත නොහැකි තරමට වයසට ගිය “ජේෂ්ඨ” ඇමතිවරයෙක් පොඩි පනාවක් දැම්මේ මේ මංගල්ලෙන් කිසි සුගතියක් නැති බව සිහියට නැගීමෙනී.

දකින දකින එකාගේ මූණත්තහඩු නිකං මලානික වී ඇති සෙය්යාවක් තිබුනද ජනපතිතුමාද අතහැරියේ නැත. අන්තිමේදී, “එංගලන්තේ ගියාමත් වරෙන්තු දෙන්න හදනවා” කියන විටම චට පට ගා අත්පුඩි පාරක් වැදුනෙන් අමාත්‍යන්සයක් තිබුනාට ගෙවල් කුලී පාලක මණ්ඩලයකටවත් තරමේ බලතල නැති ඇමතිකෙනෙක් මෙන් කනාටු බැල්මක් දා බලන විට දුටුවේ ඉදිරිපෙලම ඉදගෙන සිටි ජේෂ්ඨ ඇමැතිවරුන් දහ දෙනා උඩ පැන පැන අත්පුඩි ගහන හැටිය.

by 47

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

One Response to වීදුරු බෝල සහ නිකං බෝල….

  1. Charmi says:

    බෝලත් දැක්කා…. මෙහෙම බෝලයක්!

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s