පෝදා බොරු..

අද සංඝමින්තා තෙරණියන් ලංකාවට පැමිණීමේත්, ගස් ගල් වන්දනාවේ යෙදෙමින් වනචාරී ජීවිත ගතකල අපට, (විශේෂයෙන්ම කාන්තා නියෝජනය ශ්‍රම -නිෂ්පාදන දායකත්ව මට්ටමෙන් ඉතා ඉහල අගයකත් පාලන – නීතී හා සංවර්ධනිය මට්ටමෙන් ඉතා පහල අගයකත් තිබීමට) ජීවිතය පිළිබද කොයි දීපංකරේකින් හෝ වැදගත් අදහසක් ගෙන ආ නිසාවෙනුත් වැදගත් දවසක් වෙයි. ඒ පිළිබදව අද වැඩකරන දවසක වුවත් පෝය නිවාඩුවක් දී නැවැත නැවතත් නිවී සැනසිල්ලේ සිතා බලන්නට නොදැනුවත්වම හෝ මග පාදා දී ඇත්තේය. පෝදා බනදේසනා, පිරිත් පිංකම්, දාන මාන සීල ව්‍යාපාර ආදිය අපේ   ආර්ථික සමාජ පරිහානියේ දුර්වලම අවදියක මිනිස් සිතිවිලි වෙනස් කරලීමේ අදහසින් හා මානසික හා සමාජ එකමුතුවක් දියුණුවක් සදහා අතිශයින් වැදගත්මකමක් උසුලයි.

එකී සමාජයට ඇවැසි විචාරාත්මකව බැලිය හැකි විවේචනාතමකව සිතිය හැකි බොදු සමාජයක “පදනම්” විය යුතු බුද්ධිමත් හාමුදුරුවන් වෙනුවට,

අපේ රටේ සාසන‍යට දැන් ටික කලක සිටි කඩාපාත්වී ඇති “පින් පාට හාමුදුරුවන්” නිසා වෙනදාට පන්සලක් තියා කපුටු බෝධියක් වත් දැක නැති නමුත් ඉතා සීග්‍රයෙන් වර්ධනය වන කල්ලිවාදී- අසපුවාදී-නමට, “සැදැහැවත් – බෞද්ධ” සමාජයක් බිහිව ඇත්තේය. “ලස්සන” බනක් ඇසීමට අසපුවට යාමට පෙර අල්මාරී කාමර දොර ජනෙල් වසා දමා වයසක අම්මා තාත්තා නැද්දම්මා එලියේ තබා යන මේ සුපින්වත් පිරිවරට එකී මාර්ගයේ නිට්ඨාවටම එලොව මෙලොව තුන්ලොවම සැප ලැබෙන්නේය. පෘතග්ජන මනුසතාගේ බලාපොරොත්තුවල හැටි එහෙමය.

 

එහෙත් ගැටලුව ඇත්තේ එතැන නොව දේසනාවේය. පෝදා උදේ හතරේ සිත  “ඩිජිටල් -ඇනලොග් පිරිත්” වලින් පටන් ගන්නා දවස ඉවරවෙන්නේ පරම්පරා හත අටකට ඇතිවෙන්නට පින් රැස්කර දීමෙනී.

දන්නා නොදන්නා,  දැනත් මහත් පරෙස්සෙමෙන් විචාරයට ලක් කල යුතු බොහෝ මාතෘකා අද දේසනාවට පාත්‍ර වී ඇත්තේය. විවාහ, මරණ, කොටහළු, උප්පැන්න සිට එළෝකොටියක දේ ගැන මේ හාමුදුරුවන්ට ඇත්තේ පුදුමාකාර දැනීමකී. මොන්ටිසෝරියේ දරුවාට බන වෙනම චැනලයකය, ඊලගට තරුණ ජෝඩුවලටය, ඊලගට “ඔන්න මෙන්න” ඉන්න අයටය. හිටපු ගමන් කන බොන තාත්තලා ගැනය, නැත්නං ඩෙනිම් අදින හෝ කොටට අදින අම්මලා ගැනය එහෙමත්ම නැත්නං ටියුෂන් යන කෙල්ලෝ කොල්ලෝ ගැනය.

අන්තිමට අද සංඝමිත්තා තෙරණියගෙ පිහිටෙන්, පිටරට යන කාන්තාව ගැන මහා විචාරයකි. ඒ අනුව පිටරට මෙහෙකාරකමට යන කාන්තාව ලාංකීය සමාජය අවුලෙන් අවුලට ඇද දමයි. සැමියා කසිප්පු බීමෙන් හෝ වෙනත් සෙල්ලමක් පටන් ගැනීමෙන් පවුල් නැති බංගස්තාන වෙයි. ළමයි කුඩු ගහන්නටත් ගංජා ගහන්නටත් පටන් ගනී.

ගානක් කතාකරන්නේ නැතිව බනකට දානෙකට වඩින්නේ නැති, බෙන්ස් එකෙන් මිස පිණ්ඩපාතේ වඩින්නේ නැතිඅපේ “පොපියුලර්” හාමුදුරුවන්ට මේවා ගැන වැටහීමක් ඇත්ද?

ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන් මැදපෙරදිග යන්නේත් සොච්චං පඩියක් වෙනුවෙන් ජීවිතයේ හොදම කාලය කැපකරන්නේත් ලංකාවේ “ඇති පදං තියාගෙන” තව ඩිංගක් වැඩි කර ගැනීමේ ආසාවෙන් නොවේ. බෙන්ස් එකක් හෝ අක්කර හත අටක පොල්-රබර් වතු ගැනීමේ ආසාවෙන් නොවේ. සෙරෙප්පු දෙකක්වත් නැතිව එකම කමිසය දවස් පහම අදින වේල් තුනෙන් දෙකක් අනිවාර්යයෙන්ම වරදින පොඩි එවුන්ට වේල් තුනටම බත් වේලක් දීමේ ආසාවෙනි. පොලතු වහලෙන් පෙනෙන අහසට ටකරං දෙක තුනක් දා ගැනීමේ ආසාවෙනි. එහෙම නැතුව ඇස්ටන් මාර්ටින් හෝ හැව්ලොක් ටවර්ස් හී ගෙයක් ගැනීමේ ආසාවෙන් නොවේ. හාමුදුරුවන්ට අනුව මේ තුච්ජ වැඩේ ඉක්මනටම නැවැත්විය යුතුය. එහෙම නොවුනොත් අපේ සමාජය අනතුරේය. දරුවන් මහමගය.

අනේ හාමුදුරුවනේ පුලුවන් නං (උදේ හවස පිරිත්නූල් යාර ගානට බදින අපේ හමුදුරුවන්ට බැරි කමක් නැත.)ඔය කාරණාව උදේ පාන්දරින් නැගිට ශ්‍රද්ධාවෙන් බන ටිකක් අහන්නට එන සැලෝලයිට් සමාජයට නොකියා අරල්ය ගහ මන්දිරයට හෝ දියවන්නව පැත්තට ගිහින් කිව්වොත් නරකද ? ඒගොල්ලන් යැපෙන්නේත් ඔය කඹුර කඹුරා එවන කීයෙන් හරි නේද ? එහෙම ඕනෑකමක් තියෙනවානම් හරිහමන් වැඩ පිළිවෙලක් හදන්නට පුලුවන් නේද ?

පුලුවන්නං ඔය රට යන සහ ගිය ගෑනූ ගැන තියෙන අනුකම්පාව ( පැය මිනිත්තු ගානට අයකරන බන දේසනාවෙන් හරි ) ක්‍රියාවලට පෙරළමුද

?

 

මයික් එකටත් කැමරාවටත් බන කියන එක පලක් ඇත්දැයි දෙපාරක් හිතමුද

by 47

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s