ගන්ඩ එන අය ගැන…(දෙන්නේ කාටද ? 2)

ලංකාව සමාජීය වශයෙන් මහා අර්බුදයකට ගොස් ඇති බවත් යලි ගොඩ ඒමට බැරි තත්වයේ අතපය හයිය ඇති එහෙත් මොල කළදක් අවශ්‍ය නැති හින්දි චිත්‍රපට වල දුෂ්ඨයා පාලනය කරනු ලබන නගරයක් බවට පත්ව ඇති බව පෙනේ. කාලයක් තිස්සේ සිතා සිටි අයුරින් “සල්ලි ඇත්නම් ඕන දෙයක්” නොව දැන් “අය්යා කෙනෙකු හෝ අය්යලාව පාලනය කරනු ලබන “දේශපාලන බලවතෙකු” සිටීම සෑහේ යැයි සිතන සමාජක්‍රමයක් බිහිවීම සිදුවී තිබේ. මෙකී රස්තියාදු ක්‍රමවේදය දැන් පටන්ගෙන තිබෙන්නේ ඉතාම කුඩා දේශපාලන විවරයන් තුල වන අතර ඉහලට යන්නට යන්නට මැරකම් දූෂන ක්‍රියාවලිය උත්සන්නතැනකට පත්ව තිබේ.

එදිනෙදා සමාජයේ සාමාන්‍ය මිනිස් වර්ගයා තුල අසාධාරණයට විරුද්ධ වීමේ ප්‍රවනතාවය ගිලිහී ගොස් තිබේ. බස් රථයක ත්‍රීවීලරයක මහමග සිදුවන අසාධාරණයක් වුව දැක දැක අහක බලාගෙන යන්නට “සිදුවී” තිබේ. නැත්නම් කොයි මොහොතක හෝ දැලි පිහියක් අත්බෝම්බයක් හෝ වෙඩි උණ්ඩයක් තමන් සොයා එන බව නිසැක  නිසාවෙනි. ඒ බව රූපවාහිනියට ගොඩවැදුනු ඇමැතිතුමාගේ සිද්ධියෙන් පසු දිගඇරුනු දැලිපිහියේ සිට සිට ජාතික ගීය සිංහලෙන් ගයා පුරුදු නැති බව දැක්වූ අධ්‍යාපන නිලධාරියා දක්වා සනාත කර තිබේ. එදෙනෙදා ජීවිතයේ අනක්විධ ගැටලු වලට මුහුනපා සිටින මිනිසුන් හට “අහක බැලීම” හැරෙන්නට වෙනත් ගත හැකි ක්‍රියා මාර්ගයක් නැත.

එය සමාජයේ කොටස් දෙකක් ( බලය ඇති මැර බලය යොදා සිදුවීම් තීරනය කලහැකි සහ බලය නැති සිදුවීම් තීරණය කල නොහැකි.) නියත වශයෙන්ම ගොඩනැගෙමින් දියුනු වීමේ පිළිවෙතකට හැරෙමින් තිබේ. මින් පලමු කොටසට පාරේ ඔනෑම දිශාවක ඕනෑම වේගයකින් වාහන හැසිර්ව්ය හැකි මුත් දෙවන කොටසට ඒ වාහනයට යටවෙන තමන්ගේම කෙනෙකු වෙනුවෙන් ක්‍රියාකිරීමේ අයිතියක් නැත.

මෙවන් අකල් ක්‍රියාදාම සමාජයකට ලාංකික සමාජයට මුහුණ දෙන්නට සිදුවී තිබෙන්නේ වෙන කුමක් නිසාවත් නිසා නොව බලය පිළිබද අධික තන්හාකාරී පාලනයක් සහිත ආණ්ඩුවක් විසින් ඇතිකර තිබෙන පවතින සෑම ක්‍රියාකාරී ආයතනයකම බලය තමන් පමනක් සතු කර ගැනීමේ දේශපාලනික නොවන ක්‍රියාමාර්ග නිසාවෙනි. ඒ සදහා මුදල්, මැර බලය, මිනීමැරුම්, වංචා, බලපෑම් සිට අතුරුදහන් කිරීම දක්වා පැතිර ගොස් තිබේ. එවිට අවශ්‍ය වන්නේ වගකීම් රහිත මොලයක් රහිත අතපය ඇති සතුන් කොට්ටාසයක් පමනි.

එවිට යම්කිසි දේශපාලනමය මාර්ග තෝරාගෙන ඒ තුලින් මතුකරන දේශපාලනමය ප්‍රතිපත්තීන් හා ක්‍රියාමාර්ග වලටත් අනුමත නියෝජිතයන් මහජන ආයතන වලට පත්කරගැනීම සදහා වෙහෙස මහන්සි වන්නට සිදුවන්නේ නැත. පලාතේ අයි ආර් සී කාරයන් වැඩි පිරිසක් ආශ්‍රය කරනු ලබන හොදින් කෙසේ වෙතත් නරකින් හෝ “වැඩේ කරගත හැකි” පුද්ගලයන් මාර්ගයෙන් මහජන ආයතන පාලනය කිරීම තුලින් තමන්ගේ බලය පවත්වාගෙන යෑම පමනක් සෑහේ.

ඒ බව ලංකාවේ මහජන ආයතන හෝ එදිනෙදා සිදුවීම් දෙස විමසිලිමත්ව සිටන අයෙකුට නිතැතින්ම පෙනී යයි.

මෙවන් වාතාවරනයක් මතුවන ඕනෑම පරිසරයකට වෙනත් කාලවාකවානු වල නම් මේ තත්වය යම් තරමකට හෝ අඩපන කල හැකි “විපක්ෂ” කණ්ඩායම් සිටි අතර අඩුම තරමේ මහජන ආයතනයක් ඇතුලේ වරප්‍රසාද වලට මුවා වී හෝ විරුද්ධ වීමේ හැකියාවක් තිබිණි.

ඒ තත්වයෙන් දැන් සලකා බැලුවහොත් ලංකාවේ පලමු තැනට එන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස එක්සත් ජාතික පක්ෂය ගතහොත් විරුද්ධ වීම තබා එකග වීමෙවත් දැනෙන තරමේ ” පණක්” ඇත්දැයි සිතාගැනීමට නුපුලුවන.

නායකත්වයේ සිට නායකත්වයට පොරබදින සියලුම චරිතයන් දියවී, බිදී, ශුන්‍ය වී ගොස් ඇති අතර හුදෙක් බලයේ ඊලග තුරුම්පුව විනා පිළිගත හැකි ප්‍රායෝගික දේශපාලන ගතියක් නැති පක්ෂයක් බවට පත්ව තිබේ. එකී දෙවන බලවේගය වීමෙන් “පමණක්ම” මහජන ආයතන වලට පත්වීමට හැකි අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට එහි සමාජිකයන්ට සිදුව තිබේ. ජනතාව ඉදිරියට ගොස් තමන්ගේ පක්ෂය හා නායකයන් පිළිබදව හෝ ප්‍රතිපත්තීන් පිළිබදව විශ්වාසය තහවුරු කරගැනීමට හෝ ජනතාව  දිනාගැනීමට බැරි දුබල තත්වයකට පත්ව ඇති අපේක්ෂකයනට කුමක් හෝ නොවටිනා කතන්දරයක එල්ලී චන්දය අයදින්නට සිදුව තිබේ. තාත්තාගේ පිළිකාව, පුතාගේ ගෑණු පැටලවිලි, බාප්පාගේ කුණුහරුප ඇරෙන්නට ඔවුනට ජනතාව අතරට යන්නට කාරනා නැත.(මෙවන් කාරනා වුව දේශපාලන්යේදී ප්‍රයොජන‍යට ගත්තද පළමුව ඊටත් වඩා වැදගත් වන දේශපාලනික කාරනා අත්‍යාවශ්‍යය.)

By 47

මේ අයත් අනෙක් අයත් ගැන තව ටිකක් ඊලග ලිපියට…

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s