අක්මාව හා මොළය…..

මැදි වයසේ පසුවන උගත් බුද්ධිමත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලත් මගේ මිත්‍රයෙක් ඉන්දියාවේ අධ්‍යාපනය ලබමින් සිට මීට මාසයකට පමණ පෙර ලංකාවට පැමිණියේ කෙටි නිවාඩුවකටයි. සමාජයේ එදිනෙදා කතාබහට ලක්වන පොදු කරුණු පිළිබද වැටහීමකින් සමාජයේ බරපතල ලෙස දැනෙන කතිකාවක් ඇතිකල යුතුය යන හැගීමෙන් කටයුතු කරන මගේ මිත්‍රයා ඒ පිළිබද අවදියෙන් සිටින විවිධ බුද්ධි මට්ටම් වල පුද්ගලයන් සමග කතිකාවටද පිවිසෙන්නෙකි.

නමුත් මා මෙතෙක් ඔහු ගැන කතා කරමින් සිටියේ එවන් වූ කතාබහක හෝ මැදිහත්වීම් පිළිබදව අවධානයක් ලබාගැනීමට නොව ඔහු හා සම්භන්ධ වෙනත් සමාජීය ගැටලුවක් පිළිබද කතා කිරීමටයි.

ඉන්දියාවේ ගතකල අවුරුදු කිහිපයයෙන් පසුව ලංකාවට පැමිණි මුල් සති කිහිපයෙන් පසුව මගේ මිත්‍රයාගේ කකුල් තරමක් ඉදිමෙන්නට වූ අතර තරමක් වෙහෙස මහන්සි වූ පසුව මේ ඉදිමුම වැඩි වෙන්නට විය. වෙනත් රෝග ලක්ෂණ නැතත් මේ පිළිබදව වෛද්‍යවරයෙකුට පෙන්වීම සුදුසු බව කාගේත් තීරණය විය. ඒ අනුව ඔහුව සාමාන්‍ය වෛද්‍යවරයෙකුට යොමු කරනු ලදුව තවදුරටත් පරීක්ෂණ කිහිපයක්ද එම පර්‍රක්ෂණ සමග විශේෂඤ වෛද්‍යවරයෙකුටද පෙන්වන ලෙස දන්වන ලදි.

පරීක්ෂණ කිහිපයක් සදහා පෞද්ගලික ආයතනයකට ගිය මිතුරාට එම පරීක්ෂණ තොගයෙන් එකක් හැර අනෙක් සියල්ලම ඉතා සතුටුදායක විය. අසතුටුදායක  පරීක්ෂණය අක්මාව සම්බන්ධයෙන් කල එකක් වූ අතර සාමාන්‍ය ප්‍රමාණයට වඩා මේද තැන්පත්ව තිබූ බව එම පරීක්ෂණය මෙහෙයවූ නිලධාරියාගේ මතය වූයෙන් එම වාර්තාවට මුල්තැනක් දී විශේෂඤ වෛද්‍යවරයා හමුවීමට සිදුවිය.

වාර්තා කියවා බැලූ අදාල වෛද්‍යවරිය අක්මාවේ යම් ගැටලුවක් ඇති බව තමාට පෙනී යන බැවින් මගේ මිතුරාගෙන් අසා සිටියේ මත්පැන් පානය කරන ප්‍රමාණය කොතෙක්ද යනුයි. මිත්‍රයා ඉතා කලාතුරකින් මත්පැන් තොල ගාන එහෙයින් “කන බොන කල්ලියට” අයත් නොවන  කෙනෙකු වූ නිසා තමන් එසේ මත්පැන් ගන්නා ප්‍රමාණය පිළිබදවත් ඉන්දියානු කෑමබීම වල අධික තෙල් ප්‍රමාණය පිළිබදවත් තමන් හරිහැටි ව්‍යායාම වල නොයෙදෙන බවත් පැවසූයේ වෛද්‍යවරියගේ  “මත්පැන් ගැනීම ” පිළිබද පුන පුනා ප්‍රශ්න කිරීම්වලට අදාල වේ යැයි සිතූ බැවිනි.

නුමුත් අදාල වෛද්‍යවරියගේ නිගමනය වූයේ මෙය මධ්‍යාසාර භාවිතයට අදාලව ඇතිවිය හැකි  “සිරෝසිස්” රෝග තත්වයක් බවයි. අක්මාව අදාල පරීක්ෂණයේදී නිලධාරියා පැවසූ කාරණය යලි ඉස්මතු කලද වි.වෛද්‍යවරිය ඒ පිළිබද තැකීමක් නොකල අතරම, තමන් උපදෙස් “දෙනු” හැරෙන්නට “ගනු” නොලබන බවක් ප්‍රකාශ වූ බව මගේ මිතුරාට හැගී ගොස් තිබේ.

තවත් මසකින් යළි පැමිනෙණ විට අදාල සිරෝසීස් රෝග තත්වය උග්‍රවී ඇත්දැයි නිගමනය කිරීමට පරීක්ෂණයක්ද කරවාගන්නා ලෙස දන්වනු ලදුව බෙහෙත් නියම කරනු නොලැබූ මගේ මිත්‍රයා නැවැත නිවසට පැමිණෙන විට නියත වශයෙන්ම රෝගියෙක් බවට පත්ව සිටියේය. (විශේෂයෙන් ආසියාවේ මිනිසුන් තම රෝගී තත්වයෙන් අඩක්ම මානසික ලෙස විදවන අතර රෝග විනිශ්චයෙන් හා බෙහෙත් දීමෙන් ධනවත් වන බටහිර වෛද්‍යවරුන්  මෙන්ම මානසිකව විදවන ඉතිරි අඩ සදහා ප්‍රතිකාර සපයන එලෝකෝටියක් තරම් වෙද්දුද තොවිල් කාරයෝද මන්තර කාරයෝද වෙති.)

විශේෂයෙන් තමන් ජීවත් වන පරිසරය හා ඥාතී හිතමිතුරන් අතරේ අදාල සිරෝසීස් රෝග තත්වය පැහැදිළි කිරීමේදී තමන් පත්වන  අපහසුතාවය පිළිබද මගේ මිතුරා විශේෂයෙන් ව්‍යාකූල තත්වයකට පත්ව සිටියේය.

“එහෙමනං හොරෙන් හොදට බොන්ඩ ඇති”

” සිරෝසීස් හැදුනා කියන්නේ ඉවරයි ”

” දැන් ඉතිං විදවන්ඩ තමා තියෙන්නේ.”

වැනි ඉතා පහසුවෙන් ඇහෙන හා දැනවෙන තත්වයක් උදාවන බව මගේ මිතුරා හොදින්ම දැන සිටියෙන් වෙනදා වඩා ක්‍රියාශීලී හා සමාජ ක්‍රියාකාරකම් වල බැදී සිටි සම්භන්ධතාවන්ගෙන් ටිකින් ටික මිදෙන්නට විය. ඇත්තෙන්ම මේ ගැටලුවට මුහුණ දුන්නේ වෙනත් අයෙකු නම් මගේ මිත්‍රයාගේ ක්‍රියාකලාපය වෙසෙසින්ම මීට වඩා වෙනස් වන්නට තිබිණි. එහෙත් දැන් ඔහු සම්පූර්ණයෙන්ම  සිරෝසීස් රෝගියෙකු වී ගිලන්ව සිටිනු දක්නට ලැබීම සාමාන්‍ය තත්වයක් වීය. වෙනදා සමාජයෙ පොදු ව්‍යාකූලතා පිළිබද කතිකාවක යෙදෙන ඔහුගෙන් දැන් ජීවිතයේ අනියත බව හා මොනවා කලත් අවසන මරණය නියත බව පිළිබද හා බිව්වාද නොබිව්වාද ඉරණම තමන් සොයා එන බව මිස යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නැත.

කෙසේ වෙතත් මෙවන් ඉරණමකට පත්වූවන්ගේ ඊලග ජීවකයා බවට පත්වන සාස්ත්‍රකාරයාද මන්තර කාරයාද, දේවාල-පල්ලි-කෝවිල් හෝ විශ්වශක්තියෙන් ලෙඩ හොද කරන ගුරන් සොයා නොයාමට තරම් මගේ මිතුරා බුද්ධිමත් වීම වාසනාවක් වීය.

තවත් සති කිහිපයකට පසු අප මිතුරා පත්ව ඇති ව්‍යාකූල බාවයෙන් ගලවාගැනීම පිණිස (ඉතා දක්ෂ හා ප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරියගේ නිගමනය පිළිබද කුකුසක් නොතිබුනද.) තවත් ප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවීමට තීරණයක් ගැනුනි.

සියලු වාර්තා නැවැත පරීක්ෂා කරනු ලදුව අදාල නව වි.වෛද්‍යවරයාගේ නිගමනය වූයේ අධික තෙල් සහිත අහාර, ව්‍යායාම මදකම හා වෙනත් ස්වභාවික හේතු මත මගේ මිතුරාගේ අක්මාව තුල යම් මේද ප්‍රමාණයක් තැන්පත්ව තිබීම හේතුවෙන් මේ ව්‍යාකූලතාව ඇතිවී ඇති බවයි.

ඒ බව ඉතාමත් සවිස්තරාත්මකව  සම්පිණ්ඩනය කල වි.වෛද්‍යවරයා “මධ්‍යාසාර”  රෝගී තත්වයට කෙසේවත්ම අදාල විය හැකි තත්වයක් පරීක්ෂණ වාර්තාවලින් තමන්ට නොපෙනේ ‍යැයි පැවසීය.

මේ තත්වය වර්ධනය වීම වලකනු පිණිස සහ එමගින් අක්මාවට සිදුවිය හැකි හානිය අවම කරගනු පිණිස ප්‍රතිකාර සමග විශේෂයෙන් ව්‍යායාම වල යෙදෙන ලෙස ඔහුගේ උපදේශය විය.

මෙම තත්වය උඩ මගේ මිත්‍රයාගේ එදිනෙදා ජිවිතය යලි සාමාන්‍ය තත්වයට පත්වූ අතර මෙකී කාලය තුල තමන්  අත්විදි අත්දැකීම් යලි සිතාබැලීමට හා සමාජයේ පිළිගත් පුද්ගල චරිතයන් අදාල කාරණාවන්හීදී කොතෙක්දුරට නිවැරදි මාවත කරා සාමාන්‍ය පොදු මිනිසාව යොමුකරන්නේදැයි කතිකාවක යෙදීමට තීරණය කොට තිබේ.

අදාල පලමු වාරයේම රෝගී තත්වය නිරීක්ෂණය කලානම් ඒ සදහා සුදුසු ප්‍රතිකාර ලබාගැනීමට යොමු නොකලේ ඇයි..? තමන් විසින් රෝගී තත්වයක් නිගමනය කල පසු සමාජයට පය තබන පුද්ගලයා පිළිබද සැකැස්මක් -වැඩ පිළිවෙලක් නැත්ද.?

මතුපිටින් පෙනෙන ස්වරූපයෙන් පමණක් රෝග විනිස්චය කල හැකිද.? (මගේ මිතුරා අධික අධ්‍යන හා සමාජ ක්‍රියාකාරකම් තුල මහත් වෙහෙසට පත්ව සිටි කාලයකි මෙය.)

රෝග විනිශ්චයේදී හා නිගමනයේදී කොයි තරම් දුරට එදිනෙදා සමාජගත පිළිගැනීම් ඉවහල් වේද ? (නැත්නම් එවා පිළිබද රෝගියාට යම් තරමක හෝ උපදෙසක් ලැබේද?)

රෝගීන්ගේ මානසික සමබරතාවය පිළිබද වෛද්‍යවරයා කොයි තරම් දැනුවත්ද..?

සමහර රෝග නිගමනයන් වලදී (රෝගියා මානසිකව  බිදවැටිය හැකි.) ඊලගට ගත හැකි පිළිගත් පියවරයන් මොනවාද?

වැනි බොහෝ කාරණා පිළිබදව සිතන්නටත් අසන්නටත් නිවැරදි කරගන්නටත් සිදුව තිබේ.

By 47

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

5 Responses to අක්මාව හා මොළය…..

  1. DOC says:

    පෙනෙන දේ පමනක් තම මතය කර නොගන්න.
    ඔබේ ලිපියේ ඇති කරුණු කියවීමෙන් පසුව වෛද්‍යවෘත්තීයට අදාල මටද යම් කාරණා සම්භන්ධ්යෙන් “මට හිතෙන හැටි” දන්වන්නට සිතුනා.

    *මූලිකව ප්‍රතිකාර කල වෛද්‍යවරිය අදාල වාර්තා නිරීක්ෂණය කිරීමෙන් පසු අක්මාව සම්බන්ධයෙන් පල කල අදහස නිවැරදි වන්නට තිබිනි. අක්මාවේ මේද තැන්පත් වීම හරහා එහි සෛල විනාශ වන්නටත් ඒ මගින් සිරෝසීස් රෝග ලක්ෂණ මතුවන්නටත් තිබිණි. මාසයක කාලයක් තුල නැවැත නිරීකෂණය කිරීම තුලින් නිවැරදිවම රෝගය අදුනාගන්නට තිබූ බැවින් එම කාරණ්යේදී ඇය නිවැරදිව කටයුතු කලා ‍යැයි කියන්නට පුලුවන.

    * දෙවැනිව ප්‍රතිකාර කල වෛද්‍යවරයා අතින් සමහර විටෙක මූලික රෝග නිශ්චය තුලින් පමණක් (අක්මාවේ මේද තැන්පත් වීම.) ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් දීර්ඝ කාලීනව ප්‍රතිකාර ලබාගත යුතුව ඇති රෝගී තත්වයක් මගහැරී ගියා වන්නට පුලුවන.

    *වෛද්‍යවරුන්ගෙන් බලාපොරොත්තුවන්නේ රෝග නිරීක්ෂණය – ප්‍රතිකාර – පසුවිපරම (ලංකාව වැනි රටක නැවැත නැවැතත් වෛද්‍යවරයා වෙත රෝගියා කැදවීම .)ආදී වෘත්තික ලක්ෂණ මිස (විශේෂයෙන් දකුණු ආසියාතික රටවල.)සමාජයේ මෙතෙක් පවත්වාගෙන යන බැදීම් වලින් මුදවාලන භෞතිකවාදී ලක්ෂණද ?

    *ඔබ බලාපොරොත්තු වන්නේ නිශ්චයටම අදාල කාරණය නිවැරදිව වටහාගන්නා තුරු ප්‍රතිකාර -මිල අධික බෙහෙත්- නිරීක්ෂණ වාර්තා තොගයක් නිර්දේශ නොකරණ වෛද්‍ය -වෘත්තීකයන්ද නැතිනම් රෝගියෙකුට රෝගයේ බරපතල කම නොපෙන්වා තදබදයේ ප්‍රතිකාර කර “සන්තෝස ” කරවන වෛද්‍ය මුදලාලිලාද ?

    Like

  2. Charmi says:

    හප්පා……. ලියා ඇති විස්තරේ අනුව ඔබ මිතුරා උක්ත දෙවන වෛද්‍යවරයා හමු නොවූයේ නම් ඔහු සිරෝසිස් රෝගයෙන් මියයන්නටත් තිබුනා. රෝගය සිරෝසිස්ම බව මරණ පරීක්ෂණයේදීත් තහවුරු වන්නට තිබුනා. මේ ලංකාව නොවැ….

    Like

  3. අපි වෛද්‍යවරයෙක්/වරියක් වෙත යන්නේ පූර්ණ විශ්වාසයකින් යුතුව. ඔහු/ඇය ඉතා වගකීමෙන් තම රාජකාරිය ඉ‍ටු කරාවිය යන විශ්වාසයෙන්. ඒත් ඔබ දක්වා ඇති ආකාරයේ සිද්ධි එය දැඩි ලෙස ප්‍රශ්න කිරීමට ලක් කරනවා.
    මම හිතන විදිහට ඕනෑම වගකීමක් දරන පුද්ගලයෙකු තම ‘වෘත්තීයභාවය’ ගැන දැඩිව සිතිය යුතුයි. එවැනි තම ‘වෘත්තීයභාවය’ ගැන අවබෝධයක් තිබුණා නම් අදාල වෛද්‍යවරිය අඩු සාධක ප්‍රමාණයක් මත පිහිටා නිගමනයකට එළඹෙමින් තමා වෙත පැමිණි පුද්ගලයෙකුව මේ ආකාරයට අපහසුවට පත් කරන්නේ නෑ. ඒ වගේම මාසයක් පුරා මානසිකව විඳවමින් ඉන්නට කටයුතු සලස්සන්නේත් නෑ.

    ඔබ ඉදිරිපත්කරන කතාව ඉතාම පහල ‘වෘත්තීයභාවයක්’ ප්‍රදර්ශනය කළ අවස්ථාවකට හොඳ උදාහරණයක්. ‘වෘත්තීයභාවය’ පිළිබඳ නොදැන්ම වෛද්‍ය වෘත්තියට සුවිශේෂ වූ එකක් නෙවෙයි. ඒත් ඒය වෛද්‍ය වෘත්තියේ කෙනෙකු අතින් බිඳවැටෙනවිට ඇතිවන ප්‍රතිඵලය භයානකයි.

    Like

  4. indika27 says:

    අපේ අම්මට තිබුනෙත් අක්මාවෙ පිලිකාවක් අක්මාව කිව්ව හැටියෙ හිටපු වෛද්‍ය ශිෂ්‍යයොත් අහන්නෙම බොනවද කියන ගොන් ප්‍රස්නෙ ..
    තාත්ත කෙනෙක්ගෙන් නම් ඇහුවත් කමක් නෑ උන් හිතන්නෙ නෑ මේ ලංකාව කියල…

    Like

  5. දොස්තරලාත් මිනිස්සු ලෙඩ්ඩු කරන හැටි……………

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s