පොත…පොත් ගැහිල්ල සහ පොතෙන් ගැහිල්ල….

download

 

පොත…පොත් ගැහිල්ල සහ පොතෙන් ගැහිල්ල….

ජනසන්නිවේදනය හා මාධ්‍ය පිළිබදව යම් හැදෑරීමකින් පසුව අවුරුදු කිහිපයක්ම වෙහෙසී යම් තාක් දුරකට හොද යැයි කිවිය හැකි පර්යේෂණ ග්‍රන්ථයක් ලියා ඉවරකරගැනීමට මට හැකිවිය.

ඊලගට ඇති භාරධූර කටයුත්ත වූයේ මෙය එළිදැක්වීමයි. ඒ සදහා ප්‍රකාශකයෙකු වෙත යාමට මගේ කැමැත්ත තිබුනද මගේ හිතමිතුරන් කිහිප දෙනෙක් එකහෙලාම කියා සිටියේ පොත් ප්‍රකාශකයන් නිර්මාණය ෂයිලොක්ගේ රාත්තලට ඇද දමන නිසාත් මෙහෙව් වැඩක් හොදින් විකුනාගත හැකි නිසාත් මමම කරගන්නා එක හොදය කියාය.

ඉදින් පහුගිය ‘රාවය’ කලාප වල මේ පිළිබද කතිකාවක්ද ඇතිවීතිබෙන නිසා මට ඇතිවී තිබෙන ‘හදිය’ ගැන යමක් ලිවීම යුතුකමක් ලෙස සලකා මේ  කාරනා ටික ලියන්නට සිත්වුනා.

මෙ ඒ මගේ ඇත්ත කතාව..

ඒ වුනත් මා මේ පොත් ලිවීමේ හෝ එළිදැක්විමේ කටයුත්තකට අතගැසූ පළමු අවස්ථාව බැවින් වෙනත් නිර්දේශ- අවවාද- ක්‍රමවේද තිබෙන්නට පුලුවන් කියාද, එවා මහත් වූ කැමැත්තෙන් බාර ගැනීමටද කැමැත්තේ යැයිද අවංකවම කියන්නට කැමැත්තෙමි.

පොත ලිවීම සදහා මගේ මෙන්ම සහයෝගය දැක්වූ අයගේත් ගතවූ කාලය, මහන්සිය හා රස්තියාදුව අමිල බැවින් ඒ නොතකාහැර දමනු ලැබුවත්..

මුද්‍රණය සදහා බාරගන්නා විට සම්පූර්ණයෙන්ම පිටු සකසා අවශ්‍ය කාරනා සම්පූර්ණ කර තිබූ බැවින් පිටපත් 500 සදහා රුපියල් ලක්ෂයක් මුද්‍රණ වියදම් වශයෙන් ගෙවන්නට සිදුවිය. මේ සදහා දෙවාරයකට ගෙවීම් කිරීමට නම් පහසුකම් සලසා තිබිනි. මුද්‍රණයෙන් පසු පොත් තොගය තවත් මිත්‍රයෙකුගේ පිහිටෙන් ගෙදරට ගෙන්වාගැනීම නොමිලයේම සිදුවිය. කලින් සදහන් කරන්නට බැරිවුනු ,ටයිප්සෙටින් සදහා ගාස්තුව දල වශයෙන් රුපියල් 5000ත් 7000 අතර ප්‍රමාණයක් වූයෙ දන්නා අදුනන ලමයෙකුගේ උපකාර නිසාවෙනි. නැත්නම් එයටත් අඩුම තරමේ තව හාරපන්දහක් යනු නොඅනුමානය.

උත්සවය සදහා ආරාධනාවට ඉතා සුලුවෙන් කාඩ්බෝඩ් ආරාධනාවක් තනි පාටකින් මුද්‍රණය කරවාගැනීමට එකකට රුපියල් 8 බැගින් අරාධනා පත් 120ක්ද ඒවා බහාලීමට සුදු පැහැ කවර, එකක් රුපියල් 3 බැගින්ද හමුවී බාර දිය නොහැකි හිතවතුන්ගේ අරාධනාව රුපියල් පහේ මුද්දර ගැසූ තැපෑලෙන් 30කට අධික ප්‍රමානයක්ද යනාදී වශයෙන් ආරාධනා සදහා පමනක් රුපියල්එක්දහස් පන්සීයක් පමනද වියදම් වශයෙන් සැලකිය හැක. තවත් බොහෝ අරාධනා පත් හිතුවතුන්ට අතින්ම ගෙනගොස් දීමට මෝටර් සයිකලය සදහා පොම්ප කල තෙල් වල ගනං හිලව් මට කොහෙත්ම මතක නැත.

ආරාධනාව සති අන්ත ප්‍රසිද්ධ පුවත්පත් ගනනාවකටම යැවූ අතර දන්නා හදුනන කිසිවෙක් නොසිටියෙන් එකදු පුවත්පතක්වත් එළිදැක්වීමේ උත්සවය පිළිබද කිසිදු සටහනක් තැබුයේ නැත. උත්සවයෙන් පසුව පුවත්පත් ආයතන සියල්ලටම පොත් ලියාපදිංචි තැපෑලෙන් යැවූ අතර ඒ සමග යම් මාධ්‍ය ආවරණයක් බාලපොරොත්තු වන බැව් දන්වා යැව් අතර එක් පාර්සලයක් සදහා රුපියල් 140 ගනනේ  රුපියල් 1260ක මුදලක් වියදම් වීම වලක්වනු බැරි වූයේ යම් අසනීප තත්වයක් නිසා මෝටර් බයිසිකලය පැදීමට බැරි තත්වයක් තිබූ හෙයිනි.

පුස්තකාල සේවා මණ්ඩලයේ දේශනාගාරය සදහා රුපියල් 4500ක වියදමක් දරන්නට සිදුවූ අතර උත්සවය පැවැති දින ශාලාවේ බැනරයට රුපියල් 800ක්ද කුඩා තේපැන් සංග්‍රහයක් සදහා එක් අයෙකුට රුපියල් 50 අවමය වශයෙන් සියදෙනෙකුට රුපියල් 5000 පමනද වැයකරන්නට සිදුවූ අතර මෙ සියල්ල සිදුවූයේ අතොරක් නැතුව කඩාපාත්වන වෙනත් කුඩා වියදම් පිළිබදව කිසිදු සටහනක් තබා නොසිටියදීය.

පළමු දිනයේම රුපියල් තුන්සියය ගනනේ පොත් 60 කට වඩා විකිණීගිය අතර ඉතිරිය පොත්සාප්පුවලට දැමීමේ අරමුනෙන් සිත හදා ගත්තෙමි. කොළඹ (බොරැල්ල, මරදාන,පිටකොටුව.)කේන්ද්‍ර කොටගත් පොත්සාප්පු 10කට පමණ පොත් දහය පහළොව බැගින් පොත් එකසියපනහක් පමන විකිණීම සදහා බෙදාදුන් අතර නුගේගොඩ හා තලවතුගොඩ පොත් සාප්පු කිහිපයක් සදහා තවත් පොත් 50ක පමන ඉඩක් ලැබිනි. මේ සියල්ල මාස 6ක කාලසීමාවකට යටත්ව විකුණා මුදල් ලබාගනීමේ පදනම පිට විකුණුම් මිලෙන් සියයට 35 ත් 40ත් අතර කොමිස් මුදලකට යටත්ව දෙන්නට සිදුවිය.

මහ දවාලේ පොත් දහයක් පහලොවක් උස්සාගෙන තැනින් තැන කට්ට කෑ මට මරදානේ ප්‍රසිද්ධ පොත් සමාගමක වැදගත් අයිතිකාර මහත්තයෙකුගේ නෝනා කෙනෙකුගෙන් පොඩි ‘පාට්’ එකක්ද මරදානේම ‘රත්න පොත් ප්‍රකාශක’ මහත්මයාගෙන් අත්පිට මුදලට පොත් පහක්ම ගැනීමත් අමුතුම අත්දැකීමක් වීය.

මා මෙහිදී නිරීක්ෂණය කල තවත් කරුනක් වූයේ සමස්තයක් වශයෙන් හැමදෙනාම පාහේ කවරයත් වර්ණ සංයෝජනයත් පිටු ප්‍රමාණයත් පිළිබදව සැළකිලිමත්වූවා මිස අන්තර්ගතය ගැන ඒ තරම් නොව කොහෙත්ම උනන්දුවක් නොදැක්වූ බවයි.

මේ පොත් බෙදාහැරීමේ කටයුත්ත සදහා දන්නා හදුනන මගේ ත්‍රීවීලර් මිතුරෙකුගේ සේවය සදහා දින දෙකක්ම වෙහෙසී ඔහු මගෙන් ගත්තේ රුපියල් 1200ක් පමණි. (තේ බීමටත් සිගරට් වලටත් හවස ඇඟපත මහන්සි‍යටත් පොඩි වියදමක් ගියනමුත් එවා මෙයට අදාලකොට නැත.)

අවසානයේ මගේ පොතෙන් යම් තරමක හෝ ප්‍රයෝජනයක් ඇති දේශපාලන පක්ෂයේ සංවිධායකවරුන් එකසිය හය දෙනෙකුට මේ පිළිබදව ලිපියක් සකසා රුපියල් පහේ මුද්දරයක් අලවා යැවීමට රුපියල් 900කට ලග මුදලක් වියදම් විණි. ආයතනික හා රජයේ පුස්තකාල සදහා මෙවැනිම ලිපියක් සකස් කොට ඇතත් තවම යවනවාදෝ නැද්දෝ යන දෙගිඩියාවෙන් පසුවෙමි.

මෙ සියල්ල සලකා බලන විට රුපියල් 400කට මිළ නියම කොට ඇති මගේ පොතේ පිටපත් පන්සීයම -පොත් සාප්පුවලම- විකිණී ගියත් මට ලැබෙන ලාභය සෘන 1440 කි.

පොත ලිව්වේ වත් මුද්‍රණය කලේවත් ලාභ ගන්නා අටියෙන් නොවුනත්.. එහෙම තිබියදී ඊලග පොත ගැන සිහින මවමින් ඉන්නා මට සිහින දැකීම හමාර කරන්නට සිතෙයි. මේ සියල්ල බලා සිටි මගේ බිරිද පවසන ලෙසම දැන් නින්දෙන් අවදී වන්නට හොදම කාලයයි. එහෙත් මට අවදියෙන් හෝ ඊලග සිහිනය දැකීමටත් අසාවක් ඇතිව තිබේ.

ඒකට ප්‍රකාශකයෙක් හොයාගෙන නිවිසැනසිල්ලේ පොතත් ‘ගහගෙන’ සියයට දහයක් වත් අරන් පැත්තකට වෙනවාද නැත්නං මේ ‘කට්ට’ ආයෙමත් කනවාදැයි හිතන එකනං සිහිනයක් නොවේය.

මට හිතෙන හැටි.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

8 Responses to පොත…පොත් ගැහිල්ල සහ පොතෙන් ගැහිල්ල….

  1. මද්ද says:

    අටං පෙන්නපු පාරෙ ආවෙ නියමයි.

    Like

  2. අටමා පාර කියලා තිබුනේ මෙතනට එන්න කියලා. මේ වගේ පොත් ලියනකොට මාකට් එකගැන පොඩ්ඩක් බලන්න. උදාහරණයක් විදිහට ජනසන්නිවේදනය නම් ඒ ගැන බාහිර උපාධි විෂය නිර්දේශය බලලා එයට අදාලව ලිව්වා නම් බාහිර උපාධි පන්ති ටිකක් ලඟට ගෙනිච්චාම අමාරුවක් නැතිව විකුණන්න පුලුවන්. නැත්නම් කැම්පස් එකකට උනත් කමක් නෑ. කොහොම උනත් ලියන වැඩේ නතර කරන්න එපා. පොත් ලියන සහ කියවන මිනිස්සු අඩු උනත් ඒ ටික දෙනා නිසා තමයි මේ සමාජේ පොඩ්ඩක් හරි ඉස්සරහට යන්නේ.

    Like

  3. cyber Heart says:

    ලංකාවේ ලිවිමේ හා කියවීමේ හැකියාව ප්‍රතිශතයක් හැටියටමත් තාමත් හොඳයි. ඒත් ඒකෙන් කරන්න ඕන වගේ ම පුළුවන් දේ ගැනත් අවබෝධය අන්තිමයි නේ ද ?

    Like

  4. Anonymous says:

    happooo

    Like

  5. Anonymous says:

    අටං තුමානෝ පාර පෙන්නලා වයිබර් එකෙන් මැසේජ් එකක් දලා තිබුනා. ඔන්න අපිත් ආවා.

    මගේ පොතටත්වුනේ තවම ප‍්‍රකාශකයාගෙන් මුදල් ලැබුනේ නැති එකයි. මෙවර පොත කතෟ ප‍්‍රකාෂණයක් ලෙදින් එළිදක්වන්නට හදලා පි‍්‍රන්ට් කරන්නට යන වියදම එක්කයි පොත් සාප්පු ගානේ රස්තියාදු වෙන්න බැරි කමයි කිසා ආයෙත් ප‍්‍රකාශකයාට දිලා දැම්මා. මහන්සියෙන් ලියපු එකාට සියයට දහය විතරයි. පොත් ලියලා වැඩක් තියේනවාද? ඔයාට පි‍්‍රන්ට් එකට ගිය ගනන අඩු කරගන්න තිබුනා පොත් 1000 ක් ගැහැව්වා නම්. සාමාන්‍යයෙන් පොත් 1000ක් ගහනවානේ. කවි පොත් තමයි 500ක් ගහන්නේ.

    Like

  6. අප්පච්චියේ මගේ ආසාව ලත්තැනමලොප් උනා

    Like

  7. magenama says:

    ඔයා පොත එළිදක්වන්න විශ්ව විද්‍යාලයක් වගේ තැනක.එතැනදි වියදමත් අඩුයි,අනික පොත් වැඩි ගාණක් විකුණ ගන්නත් පුළුවන්.පොත් ටිකක් අරං ඔය පොත් කඩ නැතිව කැම්පස්වල ඇතුලේ ලයිබ්‍රි හරි කැන්ටිමේ හරි බුක් ශොප් හරි තිබ්බා නම් වැඩේ අමාරුවකින් තොරවම ගොඩ යන්න තිබ්බා.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s