ඔරිජිනල් කොපිය…

පහේ ශිෂ්යත්ව විභාගයට කලින් දවසක සිංහල පන්තිය බාර ගුරුතුමිය මගේ සුන්දර ලංකාව මාතෘකා කොට රචනාවක් ලියන ලෙස “අණ “ කළාය. (අදටත් මගේ සිංහලේ ගතයුත්තක් නැත) එදාද ඇය වෙනදා මෙන් නොව නව තාලයේ රචනාවක් ලියන ලෙස අණ කලේ අද මෙන් පාඩම් වැඩ කරවාගන්නට වදින්නට සිදුව තිබෙන කාලයක් එදා නොතිබුණු නිසා බව සිතමි. ඒ කාලයේ ඉස්කෝලයෙන් පස්සා පැලෙන්නට ගුටිකා හිතේ අමාරුව ගෙදර අවුත් අම්මාට කීවද ..හිස අතගා- ආදරෙන් වැරද්ද කියා දී – බඩ පිරෙන්නට බතුත් කවා හැරෙන තැපෑලෙන් තාත්තගේ වේවැලට කෙලම කියූ පසු දෙපාරක් එකම පස්සට ගුටිකන්නට වෙන එක අතිශය සාමාන්ය සිදුවීමකි. කෙසේ වෙතත් ඒ බයටත් ලිවීමට පොඩ්ඩක් වෙන්න තිබූ ආසාව නිසාත් නිදිමරාගෙන අලුත් වචන සොයාගෙන රචනාව සම්පූර්ණ කරගත්තත් පොත බැලූ සැණින් සිංහල පොත මා වෙතටම උඩින්ම පාවී ආවේය..
“ අලුත් දෙයක් කරගෙන එන්නට කිව්වා විතරයි කොහෙන් හරි කාගේ හරි රචනාවක් කොපි කරගෙන ආවා නේද…මේ වයසෙදිම ඔහොම නං මුං ලොකු වෙනකොට කොහෙන් නතරවෙයිද…”
.ඝෝරනාඩුවට අමතරව රචනාවටද බින්දුවකි. හිතේ දුක බින්දු බින්දු කඩාහැලෙන්නේ කම්මුල් පොගවාගෙනය..
“.වහාම හෙට තමන්ගේ රචනාවක් ලියාගෙන එනවා…”
කුමක් කරන්නද පන්තියේ සියලුම දෙනා පිළිගත්තද එතුමියට වගක් නැත. පහුවෙනිදා මිහිර පත්තරේ පලකොට තිබූ මට වඩා උසස් පන්තියක ලමයෙකුගේ රචනාවක් එයාකාරයෙන්ම කොපි කලෙමි.
“බලන්න පුතේ කොයි තරන් ලස්සනද…තමන් දන්න විදියට ලිව්වාම…මේකෙත් අඩුපාඩු තියෙනවා එත් වැරද්ද පිළිඅරගෙන වැරද්ද හදාගත්ත එකට ඔයාට මම ලකුණු ඔක්කොම දෙනවා…”
ඇය මගේ හිස අතගෑවාය..
පහුවෙනි සතියක මගේ “ඔරිජිනල්” රචනාව මිහිරේ “හයිලයිට්” වී පලවී තිබුනේ ඒ මගේ පුවත්පතක පලවූ ප්රථම ලියැවිල්ල වී සිතට “මිහිරක්” ගෙන එමිනි….

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

One Response to ඔරිජිනල් කොපිය…

  1. මම ලියපු කවි පන්තියක් මගේ නෙමෙයි කියල . මාව චාටර් කරල දැම්මනේ දවසක්

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s