පරණ අපි තාම පරණමය….

පහුගිය දාක දෙවැනි පුතාගේ නව නිමයුම්කරුවන්ගේ ප්රනදර්ශනයක් පාසලේ පැවැත්වුනා. මමත් කුඩා කාලයේ මෙවැනි බොහෝ දෙවල් සදහා දායක වී ඇති බැවින් මටද ඔහුට වඩා ආසාවක් ඇතිවුනා. නිර්මාණකරනය කොයිතරම් සුන්දරද…මමද ඔහුට මගේ කාලයේ බොහෝ දේ කියාදුන්නා. අවසානයේ ඔහුගේ බලපොරොත්තුව වූයේ ඉහල නගින කුඩා ගුවන් යානයක් සැදීමයි. මටද ඔහුගේ ප්රවයත්නය ඉතා සතුටට හේතු වුනා. එහෙත් මෙය එවැනි වයසේ කුඩා දරුවෙකුට අසීරු ප්රුයත්නයක් නිසා මගෙන් සිදුවිය යුතු කුමක්දැයි මම ප්රාශ්න කලා..ඔහුට එය් ඒ තරම් බැරෑරුම්වූ බවක් පෙනෙන්නට තිබුනේ නෑ. මේ ලැයිස්තුවේ ඇති සියල්ලම මිලදී ගත හැකි තැනක් නගරයේ අසවල් ස්ථානයේ ඇති බවත් සියල්ල මිලදී ගත් පසු එකලස් කිරීම සදහා යූ ටියුබයේ වීඩියෝ උපකාරක ඇති බවත් ඔහු කියා සිටියා. මගේ සිතිවිළි බිදීගියත් දරුවාගේ බලපොරොත්තු කඩකල නොහැකි නිසා මම වරුවක නිවාඩුවක් ගෙන සියල්ල මිළදී ගත්තා. ඔහු සතුටෙන් ඉපල ගිය බවක් මට දැනුනත් මගේ හද තුල ඇතිවූයේ දුකක්…කෙසේ නමුත් සියල්ල අවසානයේ ඔහු මහත් ආඩම්බරයෙන් ඔහුගේ නිර්මාණය මට පෙන්වන විට හවස් වී තිබුනෙන් එය ගුවන් ගත වනවාදැයි දැනගැනීමට තිබුනේ පසුදා උදය වරුවේ. නව නිමයුම් ප්ර දර්ශනය සදහා තව කල් තිබූ නිසා අප නින්දට වැටුනා. කෙසෙ වෙතත් පසුදා උදේ ඔහු කෑ ගසා හඩන බව ඇසී පොත් කාමර‍යට යන විට සිය ගුවන්යානය ක්රිායා නොකරන බව ඔහු කියා සිටියා. මමද කොතෙක් උත්සාහ කලත් එය පනගැන්වුනේ නැහැ. කෙසේ හෝ අවසානයේ අපි වෙනත් යමක් නිර්මාණය කරමු යැයි යෝජනා කලෙන් ඔහු සිය වැඩිමහල් සහෝදරයාද ඊට එක්කරගත්තා. අපේ උත්සාහය වූයේ පොල්තෙල් බලෙන් දුවන කුඩා බෝට්ටුවක්….. එය පසු පසටද ගමන්කල හැකි අකාරයෙන් සකසා ගැනීමට ගෙදර අහක දමා තිබූ කුඩා තහඩු කැබැළි හා මගේ යකඩ ඇණ මුරිච්චි එකතුව මෙන්ම අපි කලින් මිලදී ගත් ගුවන් යානා උපකරණ කොටස්ද ප්ර යෝජනවත් උනා. මහන්සියේ ප්රමතිඵල ඉතා සාර්ථක වූ බව අප හැමටම දැනුනා. දෙවැනි පුතාගේ මුහුණ අමුතුම මිහිරියාවකින් ඇලළී තිබුනා. පසුදා සිය නිමයුමද රැගෙන පාසල් ගිය ආඩම්බරකාරයා දුටු මගේ සිතට පෙරදින් මහරෑ නැගිට එකලස් කොට තිබූ ගුවන්යානයේ වයර් කිහිපයක් කපා දැමූ දුක පහව තිබුණා….

Advertisements
Image | This entry was posted in Uncategorized. Bookmark the permalink.

One Response to පරණ අපි තාම පරණමය….

  1. හෙහ් හෙහ් මරු තාත්ත . නියමයි …එක අතකට පවුත් තමා

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s