පිච්ච මල් සුවඳ

මැදපෙරදිග රැකියාවක නිරත අතරේ මමත් මගේ බිරිඳත් මහල් නිවාසයක පදිංචිව උන්නෙමු. ලංකාවේ පරිසරයෙන් මිදී පැමිණි සිටි ඇගේ මානසික සුවය පුතා පොත පත කියවන්නටත් මල් තෙල් පුදා දෙවියන් වදින්නටත් ඇය පුරුදුව සිටියාය. සැමදාම උදයවරුවටත් හවසටත් පහන් පූජාකොට දෙවියන් වැදි ඈ ටික කලෙකින්ම මැදපෙරදිග පරිසරයට හුරුවූවාය. මාස කිහිපයකට පසු ඇය හදිසියේම මා දුරකතනයෙන් අමතා ඉතාමත් වැදගත් දෙයක් පැවසීමට ගෙදර එන මෙන් කියා සිටියෙන් මම හදිසියේ සියල්ල පසෙක දා ගෙදර ආවෙමි. උඩුමාලයේ නිවසට ඇතුලුවෙද්දීම ප්රිසන්න පිච්ච මල් සුවදක් ආ හෙයින් මම ඒ කිමක්දැයි ඇගෙන් අසද්දී මුව පුරා වූ ගුප්ත හැගීමකින් ඇය මගෙන් විමසුවේ ඒ සුවද මටද දැනෙන්නේ දැයි යනුවෙනි. මේ නම් අප විසින් උදේ හවා යදින දෙවියන් ගේ විශ්මිත වූ දයාවේ සලකුණකැයි අප දෙදෙනාගේම විශ්වාසය වූයේය…
සති කිහිපයක්ම ගතවූයේ මේ ගුප්ත එහෙත් පිච්ච මල් සුවදේ අපූර්ව අත්දැකීම අනුවය…ඉන් පසු දිනෙක හදිසියේ අපේ නිවසට පහල මාලයේ ඉන්දියානුවා සේවා කලය නිමව යලි මව් රට බලා ගිය අතරඅස්පස් කොට බාරදුන් පහත මාලයේ නිවසේ දොරකඩ මා පසුදා යනවිට පොලිතීන් මල්ලක බහාලූ හිස් බොතල් තොගයක්ම වූයේය…අපටද කරදරයක් වන මේ බෝතල් මල්ල කසල බහලුමට හලන අතරේ අපගේ දයාබරිත දෙවියන් ද වැඩම කරනු දැක මගේ සිත දුකින් පිරුණේ උඩුමාලයේ සිට අතවනන මගේ බිරිදගේ මුහුණ දැකීමෙනි..
පිච්ච මල් සුවදැති හිස් විලවුන් බෝතල් අහක බලාගෙනම කසල බදුනට හලා මම හිස් මනසින් ඇවිද ගියෙමි….

by 47

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

One Response to පිච්ච මල් සුවඳ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s