සර්….

පහේ පන්තියෙන් උඩට යනවිට එකල තෝරාගැනීමට නිර්දේශ කෙරුණු විෂයයන් අතර වඩු වැඩ කෘෂිකර්මය හා චිත්ර කලාව ඇතුලත්ව තිබුණේය. අපේ තෝරාගැනීම අතිශයින්ම විෂය භාර ගුරුවරයාට ආදාලව තිබුනේ ඒ අය එකල- කෘෂි විෂය බරපතල පස් කැපිල්ලකද… චිත්ර ගුරුතුමිය- වේවැලෙන් කලාව කල නිසාද..වඩු කාමරය ඩෙස් බංකුවෙන් භාහිර “ජොලි “ තැනක්ද වීම හේතුවෙනි. අවසනයේ හතලිහක් පමණ පිරිසෙන් හතරදෙනෙකු කෘෂි-කර්මයද..පහක් පමණ වේවැල් කලාවද තෝරාගෙන තිබූ නිසා වඩු කාමරය කොල්ලන්ගෙන් පිරී තිබුනේය.සදුදා දිනක අපි සියලු දෙන මහත් උනන්දුවෙන් වඩුකාමරයේ රැදී සිටින විට අපි හදිසියේ විදුහල්පතිතුමා එහි ආයේය..වෙනදා නම් කොල්ලෙක් දෙන්නෙක් බඩෙන් අල්ලා බිත්තියට හේත්තු කරන එතුමා අද සිනහාමුසු මුහුණෙනි. මොකක්දෝ නොදන්නා අවුලක් නම් බව ස්ථීරය..
හ්ම්ම්…හොද උනන්දුවක් තියනවනේ මේ බොහොමයක් අයට ..ඉතා හොදයි…එහෙමනං කියමු බලන්න වඩුවැඩ ඉගෙනගෙන අනාගතේ වඩු මහත්තුරු වෙන්න ඉන්න අය….අත ඉස්සුවොත් බලාගන්න ලේසියි…
අපි දහයක් විතර අත ඉස්සුවෙමු…
ෂා …දං උඹලා ඔක්කොම පලයල්ලා එලියට..ගිහින් කෘෂිකර්මේ පන්තිය ලග හිටගනිල්ලා…අනික් එවුන් සේරම ඔහොමම ඉදගෙන රචනාවක් ලියපල්ලා වඩුවැඩ මගේ ජීවිතය ගොඩනගන හැටි…පිටු බාගෙක..අනික් ඉතුරු බාගේ වඩුවා ගැන චිත්රයක් ඇදපල්ලා…
අපි තක්බීර් වූයෙමි එලවා දැමූ උන් අතර මගේ හොද මිත්රයෙකුද සිටියේය. කෙසේ වෙතත්අපි දනි පනි ගා ලැබුනු චාන්ස් එක ප්රයෝජනයට ගෙන ලීවෙමු..ඇන්දෙමු…පැයකට පමණ පසු ඔහු නැවත ආයේ වඩුවැඩ භාර ගුරුවරයාද සමගය.
ආ දැන් බලමු වඩුවැඩ හැකියාව..
කොල්ලන් කිහිප දෙනෙකුගේම නම් කියවෙන අතරේ කොටස් දෙකකට බෙදී යන හැඩයකි..සමහරවිට හොදම රචනාවටත් චිත්රයටත් පැසසුමක් ලැබෙන්නට වන්නට හැක කියා කුනුකුනුවකි.
මේ ලමයින් හොද රචනාවක් වගේම චිත්රයත් ඉතා හොදට කරලා තියනවා…මේ නං කියවෙන එවුන් දුවපල්ල වහාම රත්නායක නෝනාගේ චිත්ර පන්තියට..මෙතන උඹලට කලිසං අන්දලා එවලා තියෙන්නෙ වඩ්ඩෙක් වෙන්න නෙමෙයි. ඉස්සෙල්ලා උඹලා ඉගෙන ගනිල්ලා තමන්ගේ හැකියාව..ඊට පස්සෙ ජීව්තේ ඒ අරමුනෙන් පලයල්ලා…මේ විෂයං තුනම ජීවිතේ කවදාහරි ප්රයෝජනයක් එයි..එදාට ඒ දැනුම තියගනිල්ලා…..
කලිසම ගැලවී තට්ටම පැලෙන්න වදින්නට පෙර අපි දීවෙමු…එදා කෘෂිකර්මෙට එලවා දැමූ මගේ මිතුරා අද දොස්තර මහතෙකි පෙර දිනක පරන මිතුරු සමාජයක් සදහා එහි ගිය වෙලේ දොස්තර මිතුරාගේ පර්චස් දහයක වත්තේ ඔහුම වැවූ එළවලු සමග අපි බෝතල් දෙක තුනක්ම හිස් කලෙමු..වඩු පන්තිය සිය පාරක් මතක් කලෙමු…

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

One Response to සර්….

  1. හෙහ් හෙහ් මරු අප්පා

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s