මහත්තුරු රජවීම….

90 දශකයේ දකුණු දිග තිස්සමහරාමයේ අමදූව සුන්දර වෙරල කොනක යාල හෝටලයේ වැඩ කරන කාලයේ මට හමුවූ ප්‍රසිද්ධ අමුත්තන් අතර මතක් කරන්නටවත් අකමැති කොටසක්ද ඉතා හොද මනුස්ස වර්ගයක්ද වූයේය. ඉන් “මනුස්ස” වර්ගයට පසුකලෙක රටේ ජනපතිවරයා වී, මහා ලොකු ගමනක්, අපත බාලයන් නිසා නැති කරගත් මහින්ද රාජපක්ෂ මහත්තයාද…කවුරු මොනවා කීවද අලි ඇත්තු ගැන මෙන්ම නයි මුගටි ගැනද අනුකම්පාවක් ඇති සජිත් ප්‍රේමදාසද වූයේය. මෙ මිනිසුන් තුල නිසගයෙන් පැන නගින දේශපාලන නුවණ නම් කපටිකම ඇරෙන්නට ඉක්මනින් උණුවන හදවතක්ද තිබිණි.. මහින්ද රාජපක්ෂ මට මතකයේ ඇත්තේම නිල් පැහැති බතික් සරම හා බොහෝවිට පපුව පෙනෙන්නට අදින ලා පැහැති කපු කමිසය නිසාවෙනි. වෙරළ සමීපයේම සුදුවැල්ලෙන් පැමිණ පොකිරිස්සන් අල්ලන ධීවර වාඩියක් තිබූ අතර පොල් අතු වාඩිය හෝටලයයෙන් වෙන්කර දඩුවැටක් ගසා තිබුනද හෝටලයට මනස්කාන්ත දර්ශනයක් එකතු කොටදුන්නේය… හෝටලය පටන් ගත් තැනම වෙරළේ සිට මීටර දහයකට වඩා වැඩි නැති පොල්කොට පුටුවක ඉදගෙන තොරතෝන්චියක් නැතිව ආගිය කතා කරන මහින්ද මහත්තයා නොවරදාවම අඩියක් ගහන්නට පෙර මල්ලිලා එහෙනන් වැඩ ඉවරවෙලා ගන්ටැයි කියා එවන පොල් බාගේ අපේ ගල් බෝතලයක් සමග එකතු වූ විට පහුවෙනිදා සිකුරිටි සරත්ගේ අදෝනාව ඇහෙනතෙක්ම නිදාගන්නට බෙහෙතක් බදුය. උදේ පහේ සිට රෑ එකොළහ දොලහ වනතුරු එකදිගට මැරීගෙන වැඩ කරන අපට සමහර දාට මහින්ද මහත්තයාගේ බාගෙට අමතරව සිගරට් දෙක තුනක්ද එදත් ඔහු වටේ සිටි ඔහුට වඩා ලොකු සීන් දැමූ ගෝලබාලයෙකුගෙන් ලැබේ. මේ කතා බොහෝ දිග දුර යන අතර අපත බාලයෝ එදත් අද මෙන්ම මහින්ද මහත්තයා පොඩිදෙකටත් උසිගැන්වූයේය. මට හොදට මතක ඇති දිනෙක දූව වෙරළේ සුදුවැල්ලේ මාලුවාඩියේ පදම වැඩිවූ හතරපස් දෙනෙකු කියූ කතාවක් මහින්ද මහත්තයාගේ උදහසට ලක්වූ කතාවක් පැතිරී ගොස් තිබුණු අතර ..එදින අනිවාරයෙන් මහින්ද මහත්තයා අපේ හෝටලයට එන බවද ජෝගියක් දැකගන්නටද හැකි බවද කසුකුසුවක් තිබිණ. අපේ ලැහැස්තිය පොල් බාගේද බී..සිගරට් එකක් ඇදගෙන මේ අලුත්ම ජෝගිය නැරඹීමටය.කිව්වා මෙන්ම මහින්ද මහත්තයා ආයේය..ගෝලයෝද ආයේය…ඒ එක්කම අපේ බාගේද ආයේය…තවත් ටිකකින් දූවේ වාඩියේ සිට දෙන්නෙක්ද ආයේය…ටික වෙලාවකින් දෙන්නාම මොන මොනවාදෝ කියව කියවා සිට මහින්ද මහ්ත්තයාට ස්තූතිකොට යන්නට ගියේය. අරුමයකි අප බලාපොරොත්තු වූ කිසිම ගතියක් නැත…වැඩේ කොට උඩය. අන්තිමේ අපේ අවසාන බලාපොරොත්තුව වූ සිගරට් දෙකත් රැගෙන කෙනෙකු ආවේය…

‘මොකෝ උනේ..’

‘මොනා වෙන්ඩද බං..ඌ රස්සාවක් ඉල්ලලා හොයලා දෙන්නං කියද්දි මූ දෙකක් දාගෙන අපේ මහත්තයට බැනලා…අද ආවාම අපිත් හිතුවෙ කනේ පාරක් ගහයි කියල ඒත් අපේ මහත්තයා මුට එන්ඩ කියල ලියුමක් දුන්නනේ ගිහින් කාවද හම්බවෙන්ඩ කියල…’

‘දෙන්ඩ තිබ්බේ කන පැලෙන්ඩ ..අපි චණ්ඩි වූයෙමු..’

‘අපිත් කිව්ව බං..මහත්තයා කියන්නෙ….- ඔහොම තමයි බං දේසපාලනේ කරනකොට ඉවසන්ඩ වෙනවා..උගෙත් හිතේ දුකක් තියෙන්ඩ ඇතිනේ..මැරීගෙන මටමනෙ බං ඔකුව්වො වැඩ කරේ…’

එදා මහින්ද “මහත්තයාව” පහුකලෙක මහින්ද “රජතුමා” විසින් මරාදැමුයේ ඇයි කියා අදත් මට පොල් බාගයක් දුටු විට මතක් වෙයි.
by 47

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

One Response to මහත්තුරු රජවීම….

  1. මහ අපරාදයක් ඒ මනුස්සයට උනේ

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s