අපේ ආච්චී

අපේ ආච්චී පිළිබද මට ඇත්තේ මහා හැගීමකි..එ මහා හැගීම ඇතිවන්නට නම් ඇය ගැන කෝටියක් දේ ලිවිය යුතුය. එහෙත් මේ ටයිප් කිරිල්ල මට මහා වදයකි. අඩුවක් තිබුනොත් කමා වෙත්වා…අපේ ආච්චි ඇත්තටම අපේ ආච්චිම වූවාය. ඇයට වැඩිමහල් ගැහැණු දරුවෙකුද මගේ අම්මාට බාල පිරිමි දරුවෙකු වූවත්, ඒ කිසිවෙකුගේ දරුවන් කෙරෙහී ඈ ලෙන්ගතු කමක් නොදැක්වූවාය. “උන්ට තියනවනේ ඇතිවෙන්න..මේ කෙල්ල ලමයි හතකුත් හදාගෙන අර බේබද්දත් එක්ක ජීවත් වෙන අමාරුව දන්නේ මංනේ..” කියමින් ඈ අප මත්තේම නැහුනාය. රජයේ කර්මාන්තශාලාවේ ෆෝමන් කෙනෙකු වූ සීයාගේ පැන්ෂන් පඩිය අප මත්තේම නැති කලාය…ඇගේ පැත්තේ පොහොසත් නෑදෑ පරපුර විටින් විට ඈ බලන්නට විත් අත මිට ගුලි කල සියල්ල අප වෙනුවෙන්ම වියදම් කලාය..අර කී බේබද්දාටද කිසිම තරහක් නැතිව ඉන් කීයක් හෝ දුන්නාය. “අම්මා තමයි විනේ..ඇයි අර මනුස්සයට තියන සොච්චමෙනුත් දුන්නේ..” කියා බැන වදින වාරයක් පාසා ආච්චීද පරල වෙයි. ” දැන් මමයි වැරදිකාරයා…ඔය මිනිහව පෙන්නලා ඕකවම ඕනේ කිව්වා..ලමයි හදන එකම නොකර ඒ මිනිහව හදා ගත්තනං අද උඹලා මෙතන දුක්විදින්නේ නෑනේ..”ඒ කෙසේ වෙතත් අම්මාද ආච්චීද අයෙත් එකතුවෙති. “අම්මා කෑවාද” කියා අපේ අම්මා ආච්චිගෙන් අසයි..උත්තරය එකය…”කොල්ලො ටික කෑවනං ඇති බං”. ඉන් පස්සේ ඒ දෙන්නා බඩේ මොකවත් නැතත් අතීත මතක ස්මරණය කරමින් “තොදොල්” වෙන හැටි මා කොතෙකුත් දැක තිබේ..සීයා පන පිටින් ගෙනා කකුලුවන් ගෙයි හතර පැත්තේ ගිය හැටි..ආනමාලු කැන ගෙනා පසු හතරවට ගෑනු ටික ගෙයි පිරෙන හැටි..කර්තකොලොම්බන් අඹ කූඩ පිටින් ගෙනා හැටි හා ආච්චිගේ මහගෙවල් තිබූ නුවර අස්ගිරියේ පෙලපත ගැන ඇස් ලොකුකරමින් කතා කරන හැටි මගේ එදා කුතුහලයට හේතු නොවූවත්..අද ඒ දෙන්නා ඒවා ගැන කතා කලේ බඩේ හිස්කම වසාගන්නට බව අද මට සිතේ…

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

One Response to අපේ ආච්චී

  1. අපේ ටල් අම්මා මතක් උනා

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s