ගම

හන්වැල්ල අපේ තාත්තාගේ ගම ය. හන්වැල්ල අවිස්සාවේල්ල, පහත්ගම ඊරියගොල්ල තුන්න්නාන, සාලාව මගේ පොඩිම කාලය ගෙවී ගියේය. එහි සොදුරු මතක බොහෝ තිබේ. තනිවූ වෙලාවට මට මේ මතක හී සීරුවේ හිතට එවා ලියා තබාගමි කියා සිතුවත් කිසිම දිනක යලි මතක් නොවන නිසා බොහෝ දේ එක දිගට මතකයට එන්නේ නැත. පහත්ගම තාත්තාගේ මහගෙදර, වේල්ල බැස පන්සල මායිමේ කන්ද නැග පසු වමට දිවෙන ගුරුපාරේ පිහිටියේය. එය තනිකරම ගැමි ගෙයක් වූ නමුදු එකල මා දන්නා තරමට හොද තත්වයේ තිබුනේය. එහි තිබූ පරණ අල්මාරි රවුම් මේස හා කැටයම් පුටු පසු කලෙක කොහේ හෝ අතුරුදන් වී තිබුනේය. ගෙට ඇතුලුවනම තැන සීයාගේ බූරු ඇද තිබූ අතර ගෙයි හා එහි වෙසෙන්නන්ගේ ආධිපත්‍ය සීයා හා බූරු ඇදට සීමා වී තිබුනේය. මා දන්න තරමට සීයාද තමන් සතු සියල්ල වාගේ අපේ තාත්තාට දී තිබුනේ කිසිදු විචිකිච්චාවකින් තොරවය. අප එහි යන හැම වෙලාවේම අපට ලොකු සැලකිල්ලක් ලැබුණේ එවකට තාත්තාගේ නංගිලා දෙදෙනාට ලමයින් සිටි නිසාම නොව සීයාගේ එකම පුතා කෙරෙහි වූ ආදරය වෙන්නට ඇතැයි සිතමි. සීයාගේ බූරු ඇද මා කඩචෝරු කාරයෙකු කලේය. සීයා ලගට වී හුරතල් වීමට ඉඩදෙන්නෙ නම් සීයාගෙන් කාසි කිහිපයක් ලැබේ. මේ කාසි ඇතුලු සියලු කොල සල්ලිද බූරු ඇදේ එක කොනක ගෝනි නැම්මේ සගවා තිබේ. එදා ඒවා සොරකම් කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවූයේ මන්දැයි , සීයා වත්තේ වැඩ කරන්නට ගිය පසු හිමින් අතදා පොඩි කාසියක් ගත් දවසේවත්, අදවත් මට හිතාගන්නට බැරිය. සීයා මහා දරදඩු මිනිහෙකි යැයි අම්මා කියා තිබුනත් මට ඒ හැගීම නම් කවදාවත් එන්නේ නැත. අප මහගෙදර ගිය වේලේ සිට සීයා ගෝරනාඩු පවත්වයි. ඒ අපට කන්න බොන්න දෙන්නටය..නැන්දලා දෙන්නා හනි හනික කුස්සියට දුවයි..දුම් කාගෙන ජාති පහ හයක්ම හදයි. එදවස මෙන් අදද ඔවුන් මගේ තාත්තා වන තම අය්යා මොන කෙන්ගෙඩියක් කලද පන මෙන් ගෞරව කලෝය. අය්යාගේ ලමයින්ට මහත්තුරු නෝනලාට මෙන් සැලකුවේය. ඔවුන් දෙදෙනා පසුව විවාහපත් වූ අතර ගමේ බේබද්දෙකු බවට පත්වූ එක මාමා කෙනෙක්ද පොලේ පිහියා කැති විකුණූ යහපත් මනුෂ්‍ය්යෙකුද ඔවුන් දෙදෙනාගේ සැමියන් විය. මෙයින් පොලේ පිහි කතුරු විකුණූ මාමා අඩුම තරමේ තම පවුල හෝ ගොඩනගනු රිසි නීතියට වැඩ කල අතර අනෙක් මාමා අපේ තාත්තාට දෙවැනි වූයේ නැත. ඒ දෙදෙනාම (අපේ තාත්තා හා බේබදු මාමා)තමන්ගේ මිතුරන්ට හොද මිතුරකු වූ බවද..ගමේ මිනුස්සුන්ගේ ඕනෑම කරදරය පිහිට වූ අවන්ක මිනිසුන් වූ බවද..සොරුන් හා වන්චාකාරයන් නොවූ බවද ලියා තැබිය යුතුමය. අපේ තාත්තාද කිසිකෙනෙකුගෙන් සත පහක දෙයක් වංචා කලේ වත් කිසිවෙකුගෙවත් හිත රිද්දුවේ වත් නැත.. එහෙත් මේ දෙදෙනාටම එක තැනක් අමතක වූයේය. ඒ අමතක වූ තැන මම ද සිටීම මහා අවාසනාවන්තකමක් බව පමනක් මා දනිමි.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

One Response to ගම

  1. //ඒ අමතක වූ තැන මම ද සිටීම මහා අවාසනාවන්තකමක් බව පමනක් මා දනිමි.//

    තාත්තලා කරපු වරද මාත් කරනවද කියල මටත් වෙලාවකට හිතෙනවා

    Rate this:

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s