Monthly Archives: October 2016

ඉස්කෝලේ නිවාඩුව

      අද නිවාඩු දවසේ ගෙදරදී මගේ දෙවැනියා මෙහෙම ප්‍රශ්නයක් ඇසුවේය. ‘තාත්තේ අපි මේ පාර ඉස්කෝලේ නිවාඩුවට කොහෙද යන්නේ..?’ ඒ ප්‍රශ්නයට පිළිතුරක් දීම පැත්තක තබා මම මගේ සුපුරුදු මතක ලෝකයේ සැරිසැරුවෙමි. මටත් ඒ කාලයේ නිවාඩුවක් තිබුනේය කියා මට හොදටම … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment

පුත්තලං මිස් vs බඩා නිමල්

උපන් දින තෑග්ගක් කියා මට මතක මුල්ම කාලේ හම්බ වුනේ ජයසින්හෙ මගෙ යාලුවෙකුගෙනි. මේ යාලුවා මම වැනිම දුප්පත් එකෙක් වුනේය. මා මේ කියන නිමල්ගේ හිත දුප්පත් නැත. එහෙම අය මට මගේ ජීවිත කාලය පුරාම මුන ගැසී තිබේ. යමක් කරන්නට උදව් … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment

ඉස්කෝල හාමිනේ..

උඩහමුල්ල හරස් පාර පටන් ගෙන පරණ පාරට වැටෙන තෙක් දිවෙන ඉඩමේ අයිතිකරුවන් වූයේ ‘ඉස්කෝල මහත්තයෙකු හා හාමිනේ ‘ කෙනෙකි. මේ ඉස්කෝල මහත්තයා රජයේ පාසලක විදුහල්පති කෙනෙක් විය. ගෙදරට සරම හැදි  ‘ ඉස්කෝලේ මහත්තයා’ ගානට ඉතුරු කෙරූ වැඩි වියදමක් නැති කෙනෙකි. … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment

බයිසිකල්

හයිලෙවල් පාරෙන් එහා පැත්තේ ඉරිදාපොලටඇතුලුවන තැන් දෙකක්  තිබිනි. එකක් එදිනෙදා හාල් පරිප්පු සීනී තිබු සිල්ලර කඩය හා ඒ කඩේම අය්යාගේ නෝනාගේ මල්ලිට හා නෝනාට අයිති වූ හෝටලයට හා අලි බඩක් සහිත අය්යා සහ කෙට්ටු මල්ලීගේ ‘ඩයස් හෝටලේද, ටයර් කඩයක්ද, මගේ … Continue reading

Rate this:

Posted in Uncategorized | 4 Comments

මට හිතෙන හැටි බ්ලොගර්

  මට හිතෙනහැටි නැවැතී බොහෝ කල් යාමෙන් පසු දවසක මගේ හිතේඇතිවූ අතීතකාමාසාව නිසා යලි ලිවීම පටන් ගත්තෙමි. කවුරු බැලුවා නොබැලුවා කම් නැත මගේ හිතට එනදේ ලියමි කියා පටන් ගත්තාට මගේ ජීවිතය නැමැති චිත්‍රපට කතාව කියවන හා ඒ ගැන කමෙන්ටු දාන … Continue reading

Rate this:

Posted in Uncategorized | 2 Comments

කුඩු

ඩග්ලස් අය්යාගේ කඩේ සුළු සුළු වැඩ සදහා හිටපු ගමන් මා ගෙන්නා ගනී. විශේෂයෙන් ඉරිදා පොල දවසට සෙනග වැඩි නිසා අමතර උදව්වක් මගෙන් ලැබේ. එහෙම දවසට ඩග්ලස් අය්යාගේ බිරිද විත් මා කූද්දාගෙන යයි. මා කවරදාවත් උදෑසන අවදි වුනු කෙනෙකු නොවේ. මා … Continue reading

Rate this:

Posted in Uncategorized | 5 Comments

ඩග්ලස්

වෙහෙසකර ගුවන් ගමනකින්පසු ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නුවර කුඩා හෝටල් කාමරයක, පැය ගනනක සුව නින්දකින් පසු අද හවස හතරට විතර  නැගිට්ටේ බඩගින්නේ පෙලෙමිනි. බොහෝ වෙලාවට මා නින්දෙන් නැගිටෙනුයේ අධික ලෙස බඩගිනි වීමෙනි. ඒ හැම මොහොතකම වාගෙ මට හීනෙන් එක එක ජාතියේ කෑමවර්ග … Continue reading

Rate this:

Posted in Uncategorized | 3 Comments