Monthly Archives: November 2016

පොකුටු හිසට වැටුනු කළු ගල…

අසූ තුනේ ජුලි මාසයේ දවසක ජයසින්හයේ අපව, බිස්කට් බෙදන්නටත් පෙර උදළු සීනුව හඩවා රැස්වීමක් කැදවා ගෙදර යවන ලදි. මා මේ විදුහල්පතිතුමා මතක් කරගැනීමට ලොකු වෙහෙසක් දැරුවද මට තවම ඔහු මතකයට එන්නේ නැත. එහෙත් එකක් මතකය. ඔහු සතිස්චන්ද්‍ර එදිරිසින්හ රඟපෑ ‘අධිෂ්ඨානය’ … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment

මනුස්සකම සහ ආනන්දසිරිය 02 (දොර පලුව )

එදා රෑ මහා වැස්සක් වැස්සාද, ග්‍රීස්මේ හැදි ඉහ මුණින් දහදිය දමන්නට පෑයුවාදැයි, මා නොදනිමි. ඉරිදාපොළ ඉස්සරහාම ගෙදරත්, ඊට ගෙවල් හතරකට මෙහායින් අඹ ගහ තිබූ වලේ ගෙදරත් අය, කෑවා බිව්වාදැයි මා නොදනිමි. මේ ගෙවල් දෙක ඇරෙන්නට ඉන් අවට ගෙවල් හත අටක … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment

මනුස්සකම සහ ආනන්දසිරිය..- 01

දෙල්කද ඉරිදාපොල ඉස්සරහින්ම කොට තාප්පේ පුංචි මිනිහෙක් වාඩිවී හිටියා මට මතකය. හීන් දිගැටි පැහැපත් මුහුණ වසාගෙන හිටි හැටියේකඩා වැටෙන අවුල් වුණු අකීකරු කෙස් කළඹ මේ පුංචි මිනිහාට නිරතුරු වද දුන්නේය. ඒ කෙස් රොදක් අතින් එහා මෙහා කොට කෙනෙක් වෙත මහා … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment

මිහිර සිත්තර සහ ලන්කට්

මිහිර බැද තිබුනේ පිළිවෙලටය. සති පනස්දෙකක් කොටස් හතරකට බැද ඒවා කඩදාසි බෑග්වල දමා අපූරුවට තිබුනා මට දනුත් සිතින් මවා ගන්නට පුළුවන. හංවැල්ලේ සිට ආ විගස මා කරකවා අතහැරියා මෙන් නිසා ලොකු අම්මා ඇයගේ දියණියට ‘ඕං ඕකෙන් පත්තරයක්වත් දීපං කොල්ලට බලන්නට’ … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment

සද රවුම සහ උස ළමයා.

    මම ඇබ්බැහියෙකි. ඒ ඇබ්බැහියට කාලයක් දෙයක් කියා සීමාවක් නැත. මම කලකට සිංදු වලට ඇබ්බැහි වන අතර කලකට චිත්‍රපට බලමි. කලකට ක්‍රිකට් ගහන්නට යන අතර කලකට උදේ හවා අවේලාවේ යාලුවන් සමග ‘මචං’ එකේ බියර් බොන්නෙමි. කලෙක පත්තර වලට ලියන … Continue reading

Rate this:

Posted in Uncategorized | 2 Comments

දෙමලා සමග ලයිව් ෂෝ

    ඉරිදා පොල පැත්තේ සිට අටේ කනුවට යන පාරේ වම් පැත්තේ ‘8’ ලකුණු කල ලොකු සිමෙන්ති කණුවක් තිබේ. මේ කණුව ඉන්ග්‍රීසි වී හැඩයේ නිසා කනුව පිටුපස්සේ විවරයක් තිබේ. ඒ විවරයේ සත පහේ දහයේ කාසි හංගන පිස්සු හැදුණු මනුස්සයෙක් සිටියේය. … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment

ඉරිදා පොල

    කාලය ගලා යන්නේ හෙමිනි. සතිය පුරාම නිසොල්මනේ ගලා යන අපේ ගෙවල් හා අවට සෙනසුරාදාට කලබල වෙන්නට පටන් ගනී. සෙනසුරාදා හවස වන විට පරන ලොරිබාග වලින් එළවලු පළතුරු පටවාගෙන ගමේ සිට එන ගෑණු පිරිමි කඩි මුඩියේ වැඩය. තමන්ටය කියා … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment