දැනුයි තේරුනේ….

ශ්‍රි ලංකා යුධ හමුදාව ආගම දහමට නැඹුරු ආසියාතික සන්කලපය තුල පිහිටා යුද්ධ කල බැවින් බටහිර රටවල මෙන්, සොල්දාදුවන්ට පශ්චාත් යුද මනෝ ප්‍රතිකාර අවශ්‍ය නොවූ බව හමුදා ප්‍රකාශකවරයා ප්‍රකාශ කර තිබේ.

ඒ අතරතුර තව මොනවාදෝ, හමුදා සංයුති, බටහිර ආකල්ප,පූජක බලකා ආදී බොහෝ දේ කියා ඇති ප්‍රකාශක වරයා වැඩේ අනාගෙන ඇති බව පැහැදිලිය. එක අතකින් ප්‍රකාශකයෙකු යනු ඔහේ- දෙන දේ “කියවන්නෙකු” මිස වෙන සුදුසුකමක් අවශ්‍ය නැත්තෙකු බවත් මොනවා කියෙව්වත් “අහන” කෙනෙකුත් නැති බවත් පසුගිය කාලය පුරාම පෙන්නා දී ඇති බැවින් ඒ පිළිබද ඒ තරම් වද විය යුතු නැත..

නමුත් එතුමා කියන්නට ඇත්තේ යුද්ද කල අය ගැන නිසාත් ආසියාතික (බෞද්ධ )සංකල්ප ගැන නිසාත් සමහර විට සිදුවන්නට ඇත්තේ කුමක්දැයි අපට ලාවට ඉගියක් ගත හැක.

ඒ අනුව යුද්ද කරන්නට යන හමුදාවේ පොඩ්ඩන් පාණාතිපාතා වේරමනි සික්කා පදං සමාධියාමි කියා පන්සිල් ගන්නට ඇත. මන්ද ඉදිරියට ගිය විට අනිවාර්යයෙන්ම නොමරා බැරිය. මැරි මැරී ඉස්සරහට යන එවුන් අනේ අපොයි කියා පස්සට අදින්නේ නැත. මන්ද පිල්ලෙ-කරුණා-කේ.පී-දයා මාස්ටර්ලාට “නමට” දයාව-කරුනාව තිබුනාට, දැන් සිල් ගත්තත්  – ඒ දවස්වල සිල් ගත් බවක් දැනගන්නට නැත. අඩුම ගනනේ කේ.පී ටත් සංසාරේ ගැන හැගීමක් ඇතිවුනේ යුද්දෙත් ඉවර වී සෑහෙන දවසකට පසුව, ආරක්ෂක ලේකම් තුමාගේ බුදු- පිලිමය දැකීමෙනි. ඒ නිසා තුවක්කුව පත්තු කරන විට පොඩ්ඩන්ගේ කටින් සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියා කියවෙන්නට ඇත. එහෙම නොකලා නම් “තනි කෑල්ලට” ගෙදර  එනු බොරුය. ඒ නිසා රතන හාමුදුරුවන්ගේ “බුදු” ධර්මයට අනුව -පවුකාරයා- මැරීම පලමු සිල්පදයට අයිති නොවෙයි.

ඊලගට දෙවැනි සිල් පදය රකින්නට පොඩි එවුන් කෙසේ වෙතත් “තරුපහේ”  කට්ටිය සිල් ගන්නට ඇත්තේ අදින්නා දානා වේරමනී සික්කා පදං සමාදියාමි කියා වන්නට ඇත. මන්ද එහෙම නොකලා නම් ටොන් ගානට ලැබුනු රත්තරන් ටික කොළඹ ගේන්නට වෙන්නේ නැත. කොළඹ කට්ටියගේ “රටේ” සංවර්දනයට ඒවා නැතුවම බැරිය. ඒ නිසා කන්ටේනර් වලට පටවන  විට රහසින් හෝ දෙවන සිල් පදය රකින්නට ඇත.

මේ මොන සිල්පද රැක්කත් තුනවන සිල්පදේ ටිකක් අමාරුය. කොළඹ ඉදන් සැටල‍යිට් යුද්දයක් කල අයට නං ඕවාට වෙලා තිබ්බාට දනක් මඩේ එරීගෙන කන්ඩත් නැතිව යුද්ද කල පොඩ්ඩන්ට නං නිතරගයෙන්ම “තුන්වැන්න” ප්‍රවේශම් වී තිබේ. ඒ නිසා සමස්තයක් වශයෙන් ඒකත් සමාධියං වී තිබේ.

මුසාවාදා වේරමනී සික්කා පදං සමාදියාමි සීලය නං සින්හලෙන් කිව්වොත් “අවුට්සෝස්” කර තිබිණි. කොළඹින් යවා තිබුනු මාධ්‍ය “පොරවල්” විසින් හතරවන සීලය අකුරටම රැක්ක අතර දෙවැනි සිලපදය රැකීමට ඉද හිට ලැප්ටොප් පහ හයක් උස්සං ආවාට  මුසාවාදාව කැඩීමට හමුදා සෙබලුන්ට ඉඩ තිබ්බේ නැත. කොටින්ම කියනවානම් ඒ දවස්වල ප්‍රභාකරන් ඇතුලු කට්ටිය නිවන් ඇරීමට නන්දිකඩාල් කලපුවේ උන්ඩයක් තබා සද්දෙට වාතයක්වත් පහකෙලේ  නැති බව අප කොළඹ ඉදන් රූපවාහිනියෙන් දැනගත්තෙමු.

අන්තිම සික්කා පදය නං යුද්දෙට අදාලව කැඩුනේ කොළඹ පැත්තේ  “———-“ මිස වෙන කොහේවත් වන්නට බැරිය. මන්ද ඒ වන විට කොටි හිතවාදී බටහිර ගැත්තෙක් කොහෙන් හරි හොම්ඹ දා අන්තිම සටනටත් කෙලවා තමන්ටත් කෙලවාවි යැයි භීතියකින් පසුවූ නිසා වන්නට ඇත.

එම නිසා පන්සිල් කඩ නොකොට ධර්මයෙන් යුධ කල පොඩ්ඩන්ට නම් මනෝ වෛද්‍ය සේවා අවශ්‍ය නැත. නමුත් යුද්දය මෙහෙයවූ හා අණ දුන් අයට නම් මනෝ වෛද්‍ය සේවා තිබුනාට කම් නැත. මන්ද ඒ අය  ඉද තිබෙන්නේ “මනෝ” ලෝකවල බව පෙනී යන නිසාය.

By 47

 

 

 

 

 

This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to දැනුයි තේරුනේ….

  1. ```Outsider``` says:

    “නමුත් යුද්දය මෙහෙයවූ හා අණ දුන් අයට නම් මනෝ වෛද්‍ය සේවා තිබුනාට කම් නැත. මන්ද ඒ අය ඉද තිබෙන්නේ “මනෝ” ලෝකවල බව පෙනී යන නිසාය.”

    සහතික ඇත්ත.

    Like

Leave a comment